දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති නොනවතින ලේ වැගිරීම්වලින් පසු, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවන් කොටි ගරිල්ලන්ට එරෙහිව ඓතිහාසික මිලිටරි ජයග්‍රහණයක් අත්පත් කර ගත් අතර, ඒ සමගම රටේ දරුණුතම බෙදුම්වාදී යුද්ධය අවසන් විය. මෙම ගැටුම ආර්ථිකය බිඳ දැමුවා පමණක් නොව, ලොව පුරා කුරිරු උපක්‍රම සඳහා කුප්‍රකට කණ්ඩායමකට එරෙහි සටනක් ද අවසන් කළේය.
ආපසු හැරී බලන විට, ඉන් පසුව සැලකිය යුතු අංශ කිහිපයක් ඉස්මතුව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග්‍රහණය කළ නමුත් සාමය අහිමි විය. නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ තරු පහේ ජෙනරාල්වරුන්ට සහ ඔවුන්ට සමාන අයට දේපළ, ප්‍රශංසා සහ පදක්කම් ලැබුණු අතර, සටනේ බර දරාගත් පාබල සෙබළුන් තවමත් සිටින්නේ අමතක වූ වීරයන් ලෙසිනි. බොහෝ දෙනෙක් මිය ගිය අතර, තවත් සමහරු ආබාධිත වූහ, එහෙත් අනුප්‍රාප්තික රජයන් ඔවුන් වෙනුවෙන් කළේ ඉතා සුළු දෙයකි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම ව්‍යාපාරික ආයතනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා විධිමත් පිළිගැනීමක් පවා ලබා දුන්නේ නැත.
ලොව පුරා පිහිටි හමුදා විද්‍යාපීඨ තවමත් 1976 වසරේදී සටන්කාමී සංවිධානයක් ලෙස මතුවූ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ භූමිකාව සාකච්ඡා කරති. මරාගෙන මැරෙන ප්‍රහාර හඳුන්වා දීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. ය වාර්තාවක් තබා ඇති අතර, එතැන් සිට ලොව පුරා විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් මෙම උපක්‍රමය අනුගමනය කර ඇත. ඔවුහු 1922 සිට ක්‍රියාකාරීව පවතින අයර්ලන්ත ජනරජ හමුදාවෙන් (IRA) ආභාසය ලබා ගනිමින් ඝාතන සහ බෝම්බ ප්‍රහාර ඇතුළු ගරිල්ලා උපක්‍රම සංවර්ධනය කළහ.
යුද්ධය පැවැති කාලය පුරාම, දැඩි සටන් සමඟ ඒකාබද්ධ සටන් විරාම කාල පරිච්ඡේද තිබුණි. විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරණ ව්‍යාපාරය මුලින් දුර්වල ආරම්භයක් ගත්තද, පසුකාලීන අවස්ථාවලදී වඩාත් ආක්‍රමණශීලී ප්‍රවේශයක් දක්වා එය පරිණාමය විය. සතුරු වෙඩි තැබීම් මඟහරිමින් දක්ෂ ලෙස පියාසර කරන හෙලිකොප්ටර්වලින් බිමට පනින පැරෂුට් භටයන්, මුහුදු සටන්වලට සම්බන්ධ වන වේගවත් ප්‍රහාරක යාත්‍රා මෙන්ම යුධ ටැංකිවල නැගී සතුරු බිමට යන භට පිරිස් වැනි අලංකාර දර්ශනවලින් ඒවා හැඩ වී තිබුණි.
මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය වූයේ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවන්හි භට පිරිස් ශක්තිමත් කිරීමයි. ඉදිරියට යන භට පිරිස් විවිධ ආකාරයේ යුද ක්‍රියාකාරකම්වල නියැළෙන අතරතුර, අල්ලා ගත් භූමිය රඳවාගැනීම සඳහා පිරිස් බලය ශක්තිමත් කිරීම් අවශ්‍ය විය. ත්‍රාසජනක හා වීරත්වයෙන් යුතු ආකර්ණෂණීය දර්ශන හේතුවෙන් දහස් ගණනක්, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තරුණයන් බොහෝ පිරිසක් ඊට ආකර්ෂණය විය. තරුණයෝ වීරත්වයෙන් ආභාසය ලැබුවා පමණක් නොව, කීර්තිමත් වීරයන් අතරට පැමිණීමට ද ආශා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, බඳවා ගැනීම් වාර්තාගත ඉහළම මට්ටමට ළඟා විය.
කෙසේ වෙතත්, කොටි ගරිල්ලන්ගේ පරාජයෙන් පසු මාස සහ අවුරුදු කිහිපය තුළ හමුදා ජීවිතයේ ආකර්ෂණය මැකී යාමට පටන් ගත්තේය. මූල්‍ය දිරිගැන්වීම් අවම විය. කලකිරීම ඇති විය. නිවසට ගෙන යන වැටුප තවදුරටත් ආකර්ෂණීය නොවූ අතර, එය හමුදා සේවයෙන් පලා යන රැල්ලකට හේතු විය. මෙයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, රජය වරින් වර සමා කාලයන් ලබා දුන් අතර, පලා ගිය අයට ගෞරවනීය ලෙස හමුදාවෙන් ඉවත් වීමට ඉඩ සැලසීය. බොහෝ දෙනෙකුට විවිධ ක්ෂේත්‍රවල ලාභදායී රැකියා හමු වූ අතර, ස්වල්ප දෙනෙක් අපරාධකාරී පාතාලයට සම්බන්ධ වීමෙන් වඩාත් ලාභදායී අවස්ථා සොයමින් සිටියහ. ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ඔවුන්ට ලැබුණු විනයගරුක පුහුණුව දැන් වැඩි මූල්‍ය ලාභයක් සඳහා පාතාල ලෝකය පුහුණු කිරීමට යොදා ගැනේ. නීත්‍යානුකූල සොල්දාදුවන් විසින් වෙඩි තැබීමේ ආකාරය පමණක් නොව අපරාධ ක්‍රියාකාරකම් සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීමේ සියුම් කලාව ද ඉගැන්වීමෙන් නීති විරෝධී “භට පිරිස්” පුහුණු කරමින් සිටියහ.
මෙය සිදුවන්නේ බටහිර ආණ්ඩු ශ්‍රී ලංකාවට හමුදාව අඩු කරන ලෙසත් එමඟින් ආරක්ෂක වියදම් කපා හරින ලෙසත් බල කරමින් සිටින පසුබිමක ය. පෙර පරිපාලනය තුළ, හමුදා ශක්තිය 100,000 දක්වා ගෙන ඒමේ ඉලක්කයක් තබා තිබුණි. හමුදා හැර යාම හරහා සිදුවන සංඛ්‍යාවේ ඛාදනය, ශක්තිය අඩු කරනු ඇතැයි එවකට අපේක්ෂා කරන ලදී.
ඔවුන්ගේ භූමිකාව රට පුරා අවධානයට ලක් වූයේ රටේ යුක්තියේ බලකොටුව වන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයක් තුළ පෙබරවාරි 19 වැනි දින සිදු වූ වෙඩි තැබීමෙන් පසුවය. ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් ඇති අපරාධකරුවකු ලෙස හැඳින්වෙන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ චෝදනාව මත යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයෙකු වන සමිත් දිල්ෂාන් පියුමංග කඳනආරච්චි දැන් අත්අඩංගුවේ පසුවේ. ඔහුගේ අපරාධ හවුල්කාරිය යැයි කියන දේවගේ ඉෂාරා සෙව්වන්දි තවමත් පලා යමින් සිටී. මෙම තැනැත්තිය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් එකොළහක් පත්කර ඇත.
සිද්ධියෙන් දින පහකට පසු, හමුදා සේවයෙන් ඉවත් වූවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා නියෝග කළේය. බෙදුම්වාදී යුද්ධයේදී බොහෝ ජයග්‍රහණ හිමිකරගත් ප්‍රවීණ සටන් නියමුවා මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එකඟතාවයෙනි. පාතාලයට සම්බන්ධ අය පුනරුත්ථාපනය කිරීමේ සැලසුම්ද එයට ඇතුළත් වේ. එය පහසු කාර්යයක් නොවේ. අලුත්කඩේ වෙඩි තැබීම ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන බව ජනාධිපති දිසානායක ප්‍රකාශ කළද, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු ආරම්භ කළ පියවරවලින් පෙනී යන්නේ තත්වය ස්ථාවරව පවතින බව සහතික කිරීමට ඔහු තුළ ඇති අධිෂ්ඨානයයි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන හේතු දෙකක් වැදගත් වේ. එකක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයයි. කොළඹ සහ නවදිල්ලිය අතර දැන් පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික උපදේශනවලට අනුව, ඔහු ජාතික අවුරුදු නිවාඩුවට දින කිහිපයකට පෙර කොළඹට පැමිණෙනු ඇත. කොළඹදී රාත්‍රියක් රැඳී සිටීමත් ඇතුළුව දින දෙකක සංචාරයක් සැලසුම් කර ඇත. ජවිපෙ-ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ලෝක නායකයා ඔහු වනු ඇත. අනෙක නම්, සංචාරකයන්ගේ පැමිණීම වේගවත් වීම නිසා වර්ධනය වන සංචාරක ක්ෂේත්‍රය අස්ථාවර කළ හැකි ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයකට මුහුණ නොදෙන බව සහතික කිරීමයි.
මේ අරමුණින් ජනාධිපති දිසානායක මහතා පසුගිය අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 15 දෙනෙකු සමඟ රැස්වීමක් පැවැත්වීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සමඟ ද එවැනිම රැස්වීම් පැවැත්විණි. මෙම රැස්වීම්වලදී, සිදුවීම් පිළිබඳව හුරුපුරුදු මූලාශ්‍රයක් පැවසුවේ ජනාධිපතිවරයා පලාගිය අය අත්අඩංගුවට ගැනීමට රජය ගත් තීරණය ගැන කතා කළ බවයි. ඔහු පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පාතාලයට උදව් කරන පලාගිය අය හඳුනා ගැනීමට ඔහු නීත්‍යනුකූල රැකියා සොයාගෙන ඇති අයගෙන් සහාය ඉල්ලා සිටියේය. පාතාල කල්ලිවලට උදව් කරන පලාගිය අයගේ නිවාස සහ සැඟවුණු ස්ථාන ආයුධ සොයා ගැනීම සඳහා පරීක්ෂා කිරීමට නියමිතය.
මෙම අභ්‍යාසය ආරක්ෂක හමුදාවන්ට සහ පොලිසියට දැවැන්ත කාර්යයක් වනු ඇත. පළමුව, හමුදාව සඳහා පමණක් වැඩිම බඳවා ගැනීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ, අනුපිළිවෙලින්, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුනෙන් වීම සැලකිය යුතු කරුණකි. මෙම දිස්ත්‍රික්ක තුනෙන්, පලාගිය අයද ඇතුළුව, ඔවුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මැතිවරණයේදී සහාය දැක්වූයේ ජාතික ජන බලවේගය - ජවිපෙ රජයටය.
කාලයක් පුරා හමුදාවෙන් පලාගිය සෙබළුන්ගේ එකතුව දැන් 50,000 කට වඩා වැඩිය. මෙම සංඛ්‍යාවෙන්, රටේ විවිධ ප්‍රදේශවල පාතාල ලෝකය සමඟ සම්බන්ධතා ඇති අය දහසකට වඩා අඩු සංඛ්‍යාවක් සිටින බව හමුදාවේ ජ්‍යෙෂ්ඨ, හොඳින් දැනුවත් නිලධාරීන් විශ්වාස කරති. නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සංඛ්‍යාව බෙහෙවින් අඩුය. අනෙක් අය ත්‍රිරෝද රථ රියැදුරන්, කුඩා කඩ හිමියන් ලෙස ස්වයං රැකියාලාභීන් බවට පත්ව ඇත, නැතහොත් පෞද්ගලික අංශයේ රැකියා සොයාගෙන ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට අනුව, ප්‍රධාන අපරාධ කණ්ඩායම් 58 ක් හඳුනාගෙන ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වූ පුද්ගලයෝ 1400 ක් පමණ සිටිති. මේ අනුව, පාතාල සංවිධානවලට සහාය වන සෙබළුන් අත්අඩංගුවට ගැනීමට බල කිරීම රජයට දේශපාලනික වශයෙන් අප්‍රසන්න ප්‍රතිවිපාක ඇති කළ හැකිය. විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමේ සැපයුම් කටයුතුවලට අමතරව, ඔවුන්ගේ ආහාර සහ නවාතැන් සැපයීම අතිමහත් විය හැකිය.
මීට හාත්පසින්ම වෙනස් අංගයක් වන්නේ රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයට සම්බන්ධව සිටින පලාගිය සෙබළුන් ය. විදේශ අමාත්‍ය විජිත හේරත් වරක් පාර්ලිමේන්තුවට පැවසුවේ ශ්‍රී ලංකා සොල්දාදුවන් 554 දෙනකු රුසියානු හමුදාවට එක්ව සිටින බවයි. මෙම සංඛ්‍යාවෙන් 59 දෙනෙකු මිය ගොස් තිබුණි. කෙසේ වෙතත්, අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර පැවසුවේ රුසියානු පාර්ශ්වයට එක්ව ඇති සොල්දාදුවන් ගණන දහසකට වඩා වැඩි බවයි. කෙසේ වෙතත්, යුක්රේන හමුදාවට එක්ව ඇති පිරිස කුඩාය. ඔවුන්ගේ මැදිහත්වීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ආදායම ඉහළ දමා ගැනීමයි.
අනෙක් අතට, පාතාල කල්ලි ශක්තිමත් වීම වැළැක්වීම සඳහා පලාගිය අය අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අනිවාර්ය වුවමනාවක් වන්නේ ඔවුන් සතුව ස්වයංක්‍රීය අවි වැඩි ප්‍රමාණයක් තිබීමයි. මෙය මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අඩු කිරීමට ද හේතු වනු ඇත. පසුගිය සතියේ මෙම තීරුවට වාර්තා වූ පරිදි, 2018 සහ 2019 අතර කාලය තුළ, මින්නේරියේ හමුදා අවි ගබඩාවෙන් අවම වශයෙන් ටී-56 රයිෆල් 72 ක් අතුරුදන් වී ඇත. මේවා කොටි ගරිල්ලන්ගෙන් අත්අඩංගුවට ගත් නිෂ්පාදන අංක මකා ඇති ආයුධ බව කියනු ලැබේ. මීට අමතරව, “දීර්ඝ කාලයක් තිස්සේ ආයුධ දහසක් පමණ අතුරුදන් වී ඇතැයි” හමුදා ආරංචි මාර්ග පවසයි. ප්‍රශ්නය වන්නේ ඒවායෙන් කොපමණ සංඛ්‍යාවක් පාතාල කල්ලිවලට ලැබී ඇතිද යන්නයි.
2022 වසරේදී රජය පොදු සමා කාලයක් ලබා දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පලාගිය සෙබළුන් 18,000 කට ආසන්න සංඛ්‍යාවක් යටත් වූහ. ඒ හා සමානව, 2024 අප්‍රේල් සහ මැයි අතර කාලය තුළ පලාගිය සෙබළුන් සඳහා පොදු සමාවක් පිරිනමන ලද අතර, ඒ කාලය තුළ සොල්දාදුවන් 19,000 කට වඩා වැඩි පිරිසක් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සේවයෙන් නිදහස් කිරීම් ලබා ගත් බව නිල මූලාශ්‍රයකට අනුව වාර්තා වේ. පොදු සමාව තිබියදීත්, පලාගිය සෙබළු 50,000 කට අධික සංඛ්‍යාවක් තවමත් ඉතිරිව සිටිති.
පාතාලයේ අවි භාවිතය වර්ධනය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද? මෙම අංගය තේරුම් ගැනීමට නම්, පාතාල කල්ලිවල මෙහෙයුම් රටාව පරීක්ෂා කළ යුතුය. බොහෝ කල්ලි නායකයින් මෙම කල්ලි ක්‍රියාත්මක කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිට බව කවුරුත් දන්නා කරුණකි. ඔවුන් එහි නීතියට අවනත වන බැවින්, නීතිය හා සාමය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල නොවේ. මෙම කල්ලි නායකයින් ස්ථානගත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලින් වැළකී සිටීමට පමණක් බවට ඇති ජනප්‍රිය විශ්වාසය සම්පූර්ණයෙන්ම නිවරැදි නොවේ.
ඩුබායි රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට මෙහෙයුම් පහසුව වැඩිය. වැඩිපුරම භාවිත වන මත්ද්‍රව්‍යය වන හෙරොයින් වලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සැපයුම්කරුවන්ගෙනි. ඩුබායි හි පෞද්ගලික ජාල හරහා ඇණවුම් කිරීම සහ ගෙවීම් කිරීම පහසුය. ශ්‍රී ලංකාවේ වෙරළට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ පියවර ද එසේමය. මේ අනුව, ඔවුන් යාත්‍රා සමූහයක් සේවයේ යොදවා ඇත. කෘත්‍රිම මත්ද්‍රව්‍ය අඩු ප්‍රමාණයක් පමණක් පැමිණෙන්නේ තායිලන්තය, ලාඕසය සහ බුරුමය ඇතුළත් වන රන් ත්‍රිකෝණයෙනි.
මාස කිහිපයකට පෙර, රටේ ජාතික බුද්ධි ජාලය වන රාජ්‍ය බුද්ධි සේවය (SIS) කනස්සල්ලට තුඩු දෙන කරුණක් සොයා ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් විශාල තොගයක් සොයා ගැනීමෙන් පසුව මෙය සිදු විය. ඔවුන්ගේ පරීක්ෂණවලින් හෙළි වූයේ නැව්ගත කළ තොගය සමග සංඛ්‍යාව නොදන්නා ආයුධ තොගයක්ද පැමිණ ඇති බවයි, මේවායින් කිහිපයක් සොයා ගෙන ඇත. හෙරොයින් කිලෝ 200 ක ඇණවුමක් සාමාන්‍යයෙන් පැමිණෙන්නේ ප්‍රහාරක අවි කට්ටලයක් සමඟ බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික ජාවාරම් කල්ලි බොහෝ දුරට අවධානය යොමු කරන්නේ හෙරොයින්වලට මිස ආයුධවලට නොවන බව ඔවුන්ට පෙනී ගොස් ඇත. ඔවුන් “පහසුව ගැන සිතන අතර, මහ මුහුදේ දී කැපීපෙනෙන අවදානමකට ලක්වීමට අකමැති” බව මූලාශ්‍රයක් පැවසීය.
පසුගිය වසරවලදී, ප්‍රමුඛතා අංක එක වූයේ වෙනම රාජ්‍යයක් සඳහා උතුරු නැගෙනහිර සටන් කරන සන්නද්ධ ගරිල්ලා කණ්ඩායම්වල තර්ජනයයි. ඔවුන්ගේ ප්‍රහාරක හැකියාව මෙම ප්‍රදේශවලින් පිටත ද ව්‍යාප්ත විය. ඔවුන්ගේ මිලිටරි පරාජයත් සමඟ, තර්ජන මට්ටම අඩු විය. ඊළඟට පැමිණියේ ආගමික අන්තවාදයයි. අනතුරු ඇඟවීම් කර තිබියදීත් සිදු වූ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ඊට එරෙහිව පියවර ගැනුණි. එතැන් සිට, අතීත සහ වර්තමාන රජයන්ගේ පාලන සමයේදී, ආරක්ෂක අංශවල ඉහළම ආයතනය වන ජාතික ආරක්ෂක කවුන්සිලය (NSC) එහි ප්‍රධාන ජාතික ආරක්ෂක ප්‍රමුඛතාව ලෙස අවධානය යොමු කළේ සයිබර් අපරාධ ඇතුළු පාතාල අපරාධ ක්‍රියාකාරකම් වර්ධනය කිරීම කෙරෙහිය.
ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ලෙස මත්ද්‍රව්‍ය උවදුර වර්ධනය වූ රටවල් තුනක් ලොව ඇත. ඒවා නම්,
මෙක්සිකෝව: අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය කල්ලිවල ප්‍රචණ්ඩත්වය ජාතික ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කර ඇත. මෙම කල්ලි රජයේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ විවිධ මට්ටම්වලට රිංගා ඇති අතර, එය පුළුල් දූෂණයට හා ප්‍රචණ්ඩත්වයට හේතු වෙයි.
ඉතාලිය: මාෆියා සංවිධානය ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් ලෙස දිගටම පවතී. “එන්ඩ්‍රැන්ගෙටා සහ කෝසා නොස්ට්‍රා” වැනි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මත්ද්‍රව්‍ය ජාවාරම, මුදල් විශුද්ධිකරණය සහ දේශපාලන දූෂණයට සම්බන්ධ වී ඇත.
කොලොම්බියාව: මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමට උත්සාහ කළද, අපරාධ සංවිධාන ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් සිටී. මෙම කණ්ඩායම් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම කලාපයේ ප්‍රචණ්ඩත්වයට සහ අස්ථාවරත්වයට හේතු වී තිබේ.
(***)
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති නොනවතින ලේ වැගිරීම්වලින් පසු, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවන් කොටි ගරිල්ලන්ට එරෙහිව ඓතිහාසික මිලිටරි ජයග්‍රහණය
මේ ගීතය එදා පමණක් නොව අද ද ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවලත් දළදා මාලිගය අභියසත් සුවහසක් රසික ජනයාගේ මුවගෙහිත් කොපමණ වාර ගණනක් ගායනා වන්නට ඇතිදැයි ගණ
අයවැය යනු රටක වාර්ෂිකව ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් ඉදිරිපත් කරන නීත්‍යනුකූල ලියවිල්ලකි. රජයේ අදායම් සහ වියදම් සම්බන්ධයෙන් විස්තරාත්
කුමරතුඟු මුනිදස් මහ සුබැසියාණන්ගේ ඊයේට (2) යෙදුණු 81 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි
පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට ම
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පාතාලය මැඬීමේ යුද්ධය
Kabir Tuesday, 04 March 2025 03:52 PM
තව ආමි, නේවි, ගුවන් හමුදා එකේ සංඛ්‍යාව ලක්ෂයකට අඩු කරන්න. එතකොට ඉතිරි ටිකත් හරි.