(ජයතිලක ද සිල්වා)
රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය නොකරන බව රජය දස අතේ දිවුරා කියයි. නිදහස් අධ්‍යාපනය රකින බවද එබඳුම පොරොන්දුවකි. ඒ අතර නව ආර්ථික අංගයක් ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හඳුන්වා දෙයි.
නැතහොත් පෞද්ගලික රෝහල් සේවාව ගන්න. පෞද්ගලික අංශය ද්‍රව්‍යමය ප‍්‍රාග්ධනය සපයයි. ඊට ද රජයේ මූල්‍ය සහ වෙනත් පිහිටාධාර ලැබෙයි. ඒ අතර මානව ප‍්‍රාග්ධනය සියයට 95ක් හෝ ඊටත් වැඩියෙන් හෝ සපයන්නේ රජය විසින් නැතහොත් රාජ්‍ය රෝහල් පද්ධතිය විසිනි. රාජ්‍ය සුව සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන් පෞද්ගලික රෝහල් සේවාවෙහි නොයෙදුනහොත් එම සේවාව මුළුමනින්ම කඩා වැටෙන්නේ කඩදාසි ගෙවල් පේලියක් හුළඟකට කඩා වැටෙන්නාක් සේ ය. ඇත්තටම මෙහිදී රජය ක‍්‍රියා කැරැු ඇත්තේ තම ව්‍යාපාරයෙහිම නිරත වන තරගකරුවකු කවා පොවා වඩා එහි සාර්ථකත්වය ගැන උදම් අනන කල්පිත ව්‍යාපාරිකයකු ලෙස මැයි. කල්පිත යැයි පැවැසුවේ ව්‍යාපාර ලෝකයෙහි එවන් දානපතින් ඇත්තටම නැති බැවිනි.
ඊනියා සයිටම් අර්බුදයට ද විසඳුමක් ලෙස යෝජනා කැරැ ඇත්තේ ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි. හම්බන්තොට වරාය සංවර්ධනයෙහි එය දැනටමත් යථාර්ථයකි. පළමුව ධර්ම රාජ්‍යය ලෙස ද, පසුව ධනවාදයෙහි මානුෂික මුහුණුවර ලෙස ද හංවඩු ගසන ලද්දේ විවෘත ආර්ථිකයම වූ පරිද්දෙන්ම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ද අන් කිසිවක් නොව පෞද්ගලීකරණය මැයි.
කෙසේ වෙතත්, උසස් අධ්‍යාපනයයහි ගැටලූ වඩා බරපතළය. හැම පුරවැසියකුට ම අධ්‍යාපනයක් ලබා දීමට හැමටම අධ්‍යාපනයෙහි සම අවස්ථා සැපැයීමට රජය සතු වගකීම එය විසින් පිළිගත යුතුය. භාරගත යුතුය. එයින් අත සෝදා ගැනීමට සාධාරණ යහපාලන රජයකට හැකියාවක් නැත. අධ්‍යාපනය සැලැකිය යුතු වන්නේ මානව අයිතියක් සේය එහෙයින් ජනගහනයෙහි වරප‍්‍රසාද රහිත ආන්තික ජන කණ්ඩායම්වලට විශේෂ අධ්‍යාපන පහසුකම් සැලැසීමට ද එයට වගකීමක් ඇත.
පැසසිය යුතු සාක්ෂරතා සහ අධ්‍යාපන මට්ටම් සහිත රටවල් අතරට පිවිසීමට අප රටට හැකි වූයේ 1945 දී අරඹන ලද නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියට සහ පසු කල ස්වභාෂා අධ්‍යාපනය ලද ප‍්‍රමුඛතාවට පින් සිදු වන්නටය. කෙසේ වෙතත්, මෑතක සිට ලංකාවෙහි අධ්‍යාපන ක‍්‍රමය පරාභවයට පත් වෙමින් පවත්නා බව ද නොරහසකි. මූල්‍ය හිඟකම් මෙන් ම දේශපාලන උනන්දුව හා වුවමනාව මඳකම ඊට හේතු වශයෙන් දැක්විය හැකිය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන සඳහන් කරන්නේ නම් ආසියානු සංවර්ධන බැංකු වාර්තාවක වූ මතු දැක්වෙන උද්ධෘතය ඉදිරිපත් කළ හැකිය ‘ශ‍්‍රම වෙළෙඳපොළෙහි සංවර්ධනය සමග උරෙනුර ගැටෙමින් ඉදිරියට යාමට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අසමත්ව ඇත. සීමිත පිවිසුම් අවස්ථා, පහත් ගුණාත්මකභාවය සහ අඩු අදාළත්වය දුර්වල පාලනය සහ කළමනාකරණ හැකියාව මෙන්ම සප‍්‍රාමාණික නොවන සම්පත්වලට එය මුහුණ දෙයි.’ ඇත්තෙන්ම මීට වඩා යමක් කිව නොහැකි තරම්ය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරිපත් කළ දීර්ඝ නිර්දේශ මාලාවක මතු දැක්වෙන කරුණු ද ඇතුළත් වී, ප‍්‍රථම උපාධි පාඨමාලා ගුණය සංවර්ධනය කැරැු සහතික කැරීම, පශ්චාත් උපාධි සහ බාහිර උපාධි පාඨමාලා සංවර්ධනය, උසස් අධ්‍යාපන ආයතනවල වගකීම සහ ස්වාධීනත්වය නංවාලීම ජාතික කුසලතා ප‍්‍රමිති සම්පාදනය, විකල්ප මූල්‍ය සම්පාදන විධික‍්‍රම භාවිතය, විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය’’.
සංවර්ධනයෙහි ලා පර්යේෂණ සහ සංවර්ධනය ඉතා තීරක කාර්යයක් ඉටු කරයි. එහෙත් මෙරට සංවර්ධනයෙහි ඇන්ජිම සේ සලකනු ලබන සහ සාඩම්බරයෙන් ඉදිරිපත් වන පෞද්ගලික අංශය පර්යේෂණ සඳහා මැලිකමක් දක්වයි. ඒ සඳහා මුදල් යෙදවීමට හෝ යම් අවදානමක් ගැනීමට හෝ පසු බායි. රාජ්‍ය අනුග‍්‍රහ පවා නොපිළිගනී. රටෙහි පර්යේෂණවලින් සියයට 95ක්ම රාජ්‍ය අංශයේය. පෞද්ගලික අංශයෙහි දායකත්වය සියයට 5ක් පමණකි.
ඇත්තටම යුරෝපා සංගමයෙහි තීරු බදු සහනය GSP අහිමි වූ අවස්ථාවෙහි ශ‍්‍රම ඵලදායකත්වය ඉහළ නංවන පර්යේෂණ තුළින් හෝ වඩා දියුණු තාක්ෂණය එතෙරින් ගෙන්වා හෝ එම අභියෝගයට මුහුණ දෙන්නට ඔවුන් ක‍්‍රියා කරනු ඇතැයි යමෙකු අපේක්ෂා කරන්නට තිබිණි. එහෙත් සිදු වූයේ පුංචි දරුවන් මෙන් රජය ඉදිරියේ හඬා වැළැපෙමින් සහන යැදීම සහ රජය යුරෝපා සංගමය පිටු පස බැගෑපත් වීමය.
සමස්තයක් වශයෙන් ශ‍්‍රීලංකාව පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වැය කරන්නේ දළ ජාතික ආදායමෙන් සියයට 0.14 ක් පමණකි. ඇතැම් විට එය දකුණු ආසියා කලාපයෙහි රටක් වැය කරන අඩුම මුදල විය හැකිය. එහෙයින්ම පර්යේෂණවල නිරත විද්වතුන් සංඛ්‍යාව ද අල්පය. එයට අයත් වන්නේ විද්වතුන්ගෙන් සියයට 5x20 අතර සංඛ්‍යාවකි. එය ද බහුතරය සමාජ විද්‍යා අංශවලය.
උසස් අධ්‍යාපනය මුහුණ දෙන තවත් ප‍්‍රශ්නයක් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි විස්තීර්ණ සංවර්ධනයකට තමන්ට ඇති වගකීම රජයට අමතක වීම යැයි කිවහොත් එය එතරම් සාහසික විවේචනයක් නොවෙතැයි සිතමි. එහි ශාස්ත‍්‍රීය සහ පරිපාලන තනතුර බොහෝ ගණනක් දීර්ඝ කාලයක් තිස්සේ පුරවා නැත.
ආචාර්ය උපාධිධාරී ගුරු හිඟය ඉතා උග‍්‍රය. ලෝකයේ දියුණු විශ්ව විද්‍යාල අතරට දශකයකින් වත් අපේ විශ්ව විද්‍යාලවලට ළඟා විය නොහැකි තත්ත්වයකි. පවතින්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි අඩුපාඩු සපුරනු වෙනුවට ඒවා පෙන්වමින් පෞද්ගලික අංශයෙහි අඩු ගුණ ආයතන සමඟ පවා සසඳමින් ඒවාට ඔච්චම් කැරීම උසස් අධ්‍යාපන ඇමැතියා ගේම කැත පුරුද්දක්ව තිබීම අවාසනාවකි.
විස්මය සැසැඳීමට සයිටමයත් උදාහරණයකට ගැනීමයි. හැරත් ආණ්ඩුවෙහි දේශපාලකයන් සරසවි අධ්‍යාපනය ගැන දරන්නේ යල් පිණූ ආචීර්ණ කල්පික අදහස්ය. සරසවි සිසුන්ට සලකන්නේ බාල දරුවන්ට සේය. සරසවි සිසුන් තාරුණ්‍යයෙහි හොඳම කාලය ගෙවන, උගත් බුද්ධිමත් කරුණු කාරණා වටහා ගත හැකි, වයස නිසාම ස්වාභාවිකවම අසාධාරණය අයුක්තිය නොතකන, ඊට එරෙහිව ආවේගශීලීව සටන් වදින පිරිසකි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතු වන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රිකව සංවාදයෙන් සහ තර්ක බුද්ධිය මෙහෙයවා සංයමයෙන් සහ විචාරයෙන් මිස බැටන් පොල්ල, ජල ප‍්‍රහාර සහ වෙඩි උණ්ඩයෙන් නොවේ. එසේම විශ්ව විද්‍යාල තුළ මර්දනය නොව සංවාදයට උචිත ප‍්‍රජාතාන්ත‍්‍රික වාතාවරණයක් ඇති කැරීමෙනි.
ආණ්ඩුවෙහි තවත් අසාධාරණ තර්කයක් වන්නේ වැඩකට නැති කලා උපාධි සිසුන් බහුතරයක් ඇති බවය. එහෙත් මෙරට රාජ්‍ය පාසල් පද්ධතියෙහි විද්‍යා විෂය උගන්වන පාසල් 1000ක් වත් නැත. තිබෙන ඒවායෙහි ද බරපතළ අඩුපාඩු එමටය. එසේ නම් වරද කාගේදැයි දැනගැනීමට පාලකයන් යා යුත්තේ කැටපතක් හමුවටය.
හැරත් මෙරට ආර්ථිකය එක තැන පල් වෙන අතර එයට ඉදිරියට යාමෙහි සැලැසුමක්වත් නැත. එසේනම් ප‍්‍රසාරණය වන ආර්ථිකයකට ගැළැපෙන අධ්‍යාපන ක‍්‍රමයක් කෙසේ සැකැසිය හැකිද?
ප‍්‍රශ්න දෙස බැලිය යුතු වන්නේ දේශපාලන හෝ මැතිවරණ ප‍්‍රමුඛතා අනුව නොව රටෙහි වුවමනා අනුව සාර්වත‍්‍ර ප‍්‍රවේශයකිනි.
ආණ්ඩුවෙහි කටයුතුවල පාරදෘශ්‍යභාවයෙහි ඌනතාවද තවත් බාධාවකි. බොහෝ නව නීති රීති ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හදිසියේ ගෙන එයි. ජනතා අදහස් විමසුමක් හෝ ඊට ඉඩ දීමක් හෝ නොමැත. ප‍්‍රජාතන්ත‍්‍රය සාර්ථක වන්නට නම් එය සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රයක් විය යුතුය.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැටන් පොල්ලේ ප්‍රශ්න විසඳීම