එක්දහස් නවසිය අනූ ගණන්වල දී මේ රටේ විශාල ආන්දෝලනයක් නිර්මාණය කළ බටලන්ද වධකාගාරය හා බටලන්ද කොමිසම යළිත් කරළියට පැමිණ අනෙක් සියලු දේශපාලන හා ආර්ථික ප්‍රශ්න යටපත් වී ඇති බවක් පෙනේ.
එහෙත් බොහෝ ආණ්ඩු කරන්නා සේ වත්මන් ආණ්ඩුවද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න යටපත් කරන්නට මෙම කාරණය ඉස්මතු කළ බවට චෝදනා කළ නොහැකිය. මන්දයත් මෙම කාරණය මෙවර ඉස්මතු වූයේ ආණ්ඩුවේ අවශ්‍යතාවට නොව, ප්‍රසිද්ධිය පතා හෝ වෙනත් අරමුණක් නිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල් ජසීරා රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට යාම නිසාය.
කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ සිට ක්‍රියාත්ක වන අල් ජසීරා රූපවාහිනිය දැනට සති කිහිපයකට පෙර ලන්ඩන් නුවරදී මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබිණි. එය විකාශය වුයේ ඉකුත් මාර්තු 6 වැනිදාය. හෙඩ් ටු හෙඩ් නම් වූ මෙම සම්මුඛ සාකච්ඡාවලදී ලොව ප්‍රධාන ජනමාධ්‍යවේදීයකු වන රමහ්දි හසන් දේශපානඥයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කරයි. රාජ්‍ය නායකයෝ පවා මෙහිදී මතභේදකාරී ප්‍රශ්න සම්බන්ධයෙන් අනුකම්පා විරහිත ලෙස ප්‍රශ්න කරනු ලබති.
බලයේ සිටි ඇතැම් ආණ්ඩුවල ඉහළම තනතුරු ෙහාබවමින් විවිධ බරපතළ චෝදනාවලට ලක් වූ මෙරට දේශපානඥයන් අතුරින් කෙනකු වන රනිල් වික්‍රමසිංහ මහතා හසන් මෙම සම්මුඛ සාකච්ඡාව කරන ආකාරය ගැන නොදැන සිටියා විය නොහැකිය. එසේ තිබියදී ඔහු කුමට මෙම සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූයේ දැයි වටහා ගත නොහැකිය. සැබෑ හා කල්පිත හේතු මත ජාත්‍යන්තර වශයෙන් ඔහු ගොඩ නඟා ගෙන සිටි ප්‍රතිරූපයට මෙම සම්මුඛ සාකච්ඡාවෙන් විශාල හානියක් සිදුවූ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
මෙහිදී බටලන්ද වධකාගාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ගැන පමණක් නොව ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වික්‍රමසිංහ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන්නට පාදක වූ 2023 පළාත් පාලන මැතිවරණ කල් දැමීම හා රාජපක්ෂවරුන් සමඟ ඔහුට ඇති සබඳතාව වැනි කරුණු පිළිබඳවද ප්‍රශ්න කෙරිණි. මේවාට ඔහුට සාර්ථක ලෙස පිළිතුරු දිය නොහැකි විය. හුදු තර්ක විනා ප්‍රායෝගික සත්‍යය එම පිළිතුරුවල දක්නට නොලැබීම ඊට හේතුවයි.
මෙම සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් ඔහුගේ ප්‍රතිරූපයට කෙතරම් හානියක් සිදු වූයේද යත් එය විකාශය වීමෙන් පසු ඔහු එම සාකච්ඡාවේදී තමන්ට අසාධාරණයක් වූ බව කියන්නට ජනමාධ්‍ය හමුවක්ද පවත්වන්නට සිදුවිය. එහිදී ඔහු පැවසුවේ පැය දෙකක සාකච්ඡාවකින් පැයක පමණ කොටසක් පමණක් අල් ජසීරා නාලිකාව විකාශය කළ බවත්‘‘ හොඳ කොටසක්’’ විකාශය නොකළ බවත්ය.
වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවල දී බොහෝ විට ජනමාධ්‍යවේදීන් සමග නැටුම් ඇතිකර ගනී. ඒ අසීරු හෝ විවේචනාත්මක ප්‍රශ්න අසනු ලැබූ විට ඔහු ප්‍රශ්න ඇසූ ජනමාධ්‍යවේදියා අසීරුවට පත් කරන්නට උත්සාහ කරන හෙයිනි. 2023 ඔක්තෝබර් මාසයේ දී ජර්මනියේ ඩී.ඩබ්ලිව්. රූපවාහිනිය සමග බර්ලින් නුවර දී පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහන් ගැන ප්‍රශ්න කෙරුණි. නිශ්චිතවම එහිදී ප්‍රශ්න කෙරුණේ චැනල් ෆෝ වැඩ සටහනෙන් කියවනු කරුණු පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ ද යන්නයි.
එහිදී වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව ‘‘ඔබ එසේ අසන්නේ අප ආසියානුවන් නිසාද? ඔබේ ඔය බටහිර ආකල්පය ඉවත් කර ගන්න’’යි කීවේය. එතැන ඇත්ත වශයෙන්ම ආසියානු හෝ බටහිර ප්‍රශ්නයක් තිබුණේ නැත. මෙසේ අනවශ්‍ය තත්වයක් නිර්මාණය කර පසුව එම සාකච්ඡාවේ එක් අවස්ථාවක දී ඔහු එම ප්‍රශ්නයට ඉතා ප්‍රබල හා තර්කානුකූල පිළිතුරක් දුන්නේය.
මෙරටදී කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා දේශීය සංස්කෘතියට ගරු නොකරන බවට චෝදනාවක් ඇතැයි ජනමාධ්‍යවේදිනියක් කී විට ඔහු ඇගෙන් මානවම්ම රජු ගැන දන්නේ දැයි පෙරළා ඇසුවේය. ඇය අසීරුවට පත් වූවාය.
අල් ජසීරා නාලිකාව සමඟ වික්‍රමසිංහ මහතාට එසේ ප්‍රශ්නවලින් ගැළවී යා නොහැකිවිය. ඒ එම සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන ආකාරය අනුවය. එහිදී බටලන්ද කොමිසම් වාර්තාව ගැන ප්‍රශ්න කෙරුණු විට ඔහු ‘කෝ වාර්තාව’ යැයි ඇසුවේය. ඒ සමහර විට ජනමාධ්‍යවේදීන් වෙත එම වාර්තාවේ පිටපතක් නැතැයි සිතා විය යුතුය. එහෙත් හසන් සමඟ සාකච්ඡාවේ ප්‍රශ්නකරුවන් ලෙස සහභාගි වූ තිදෙනාගෙන් කෙනකු වූ බී.බී.සී. ආයතනයේ මෙරට හිටපු වාර්තාකාරිනියක් වූ ෆ්‍රාන්සන් හැරිසන් වාර්තාවේ පිටපතක් පෙන්වූවාය. එවිට වික්‍රමසිංහ මහතාගේ පිළිතුරු වූයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු බවය.
වාර්තාවෙන් තමන්ට එල්ල කෙරෙන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවසුවේ මෙසේ ප්‍රශ්නය මග හැර යන්නට උත්සාහ කිරීමෙන් අනතුරුවය. ප්‍රතිරූපයට හානියක් වූයේ නම් මේවා ද ඊට හේතුවිය.
මෙම සාකච්ඡාවෙන් මෙරට තුළ ආන්දෝලනයක් ඇති වූයේ බටලන්ද වධකාගාර පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණි. මෙය ඔහුට පමණක් නොව දැනට බලයේ සිටින ජාතික ජන බලවේගයට එක්තරා ආකාරයක ගැටලුවකි. මෙම කොමිෂන් සභා වාර්තාවේ කුමක් සඳහන් වුවද ඔහුට එරෙහි චෝදනා අධිකරණයක දී ඔප්පු කිරීමට දැන් සාක්ෂි සොයා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. මෙම වධකාගාරය තිබී ඇත්තේ දැනට වසර 36කට පෙරය.
අනෙක් අතට ජාතික ජනබලවේගයට කෙසේ වෙතත් එහි කේන්ද්‍රීය පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට මෙය පහසුවෙන් අත්හැර දැමිය හැකි කරුණක් නොවේ. ඔවුන්ගේ දෙවැනි කැරැල්ල පැවැති 1988/89 කාලයේ දී පොලීසිය, හමුදා හා රාජ්‍ය පාක්ෂික පැරා මිලිටරි කල්ලි විසින් පවත්වාගෙන යනු ලැබූ බව කියන වධකාගාරවල දී දරුණු වධ හිංසාවලට ලක්ව මිය ගියේ වැඩි වශයෙන්ම එම පක්ෂයේ සාමාජිකයෝය.
මෙම කොමිසම පත් කරන ලද්දේ 1995 දී එවක ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසිනි. දොළොස්වාරයක් නිල කාලය දිර්ඝ කරනු ලැබූ එම කොමිසමේ වාර්තාව ඇයට භාර දෙන ලද්දේ 1998 දීය. එහෙත් 1999 ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට එරෙහිව යොදා ගැනීම හැර ඇය එම වාර්තාව පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කළේ නැත. එය දරුණු මානව හිමිකම් උල්ලංඝනයක් දේශපාලන වාසිය සඳහා යොදා ගැනීමකි.
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉකුත් 14 වැනිදා සභානායක බිමල් රත්නායක මහතා විසිනි. ඉන්පසු ඉකුත් 16 වැනිදා විශේෂ ප්‍රකාශ්‍යක් කළ වික්‍රමසිංහ මහතා තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළේය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ දී පොලීසියට බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබාදීම සම්බන්ධයෙන් පමණක් තමන් අනියමින් වගකිව යුතු බව වාර්තාවේ සඳහන් බව ඔහු එහිදී සඳහන් කළේය. එහෙත් වාර්තාවේ සඳහන් වන්නේ අනෙකකි.
ඔහු එම ප්‍රකාශය ආරම්භ කරන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතට ගත් බව කියමිනි. එහෙත් ජවිපෙ දෙවැනි කැරැල්ලේ ආරම්භය එය නොවේ. එය ආරම්භ වන්නේ 1982 පැවැති අතිශයින්ම දූෂිත වූ ජනමත විචාරණයෙනි. එම ජනමත විචාරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා 1983දී ජවිපෙ නායක රෝහණ විජේවීර මහතා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරීය. එහිදී එවක ජනාධිපතිවූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1983 දෙමළ විරෝධි කල කෝලාහලවලට සම්බන්ධ යැයි කියමින් 1983 ජූලි 31 වැනිදා ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කළේය. විජේවීර මහතාට විවිධ ස්ථානවලට සැඟවෙන්නට සිදුවිය.
ඉන්පසු මැතිවරණ කොමසාරිස්වරයා නඩුවේ පැමිණිලිකරු වන විජේවීර මහතා වෙත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළේය. එහෙත් පක්ෂ තහනම නිසා විජේවීර මහතා හා ඔහුගේ නීතිඥයා වූ ප්‍රින්ස් ගුණසේකර මහතා අතර සබඳතාව කැඩී තිබුණෙන් එම ප්‍රශ්නාවලියට පිළිතුරු දිය නොහැකි විය. නඩුව නිෂ්ප්‍රභ කෙරිණි. මෙම පක්ෂ තහනම කිසිදු නීතිමය පදනමක් නැති අතිශය අසාධාරණ ක්‍රියාවකැයි බටලන්ද කොමිසම් වාර්තාවේ සඳහන් වේ. ඒ කැරැල්ලේ පසුබිම ගැන සඳහන් කොටසේය.
වසර තුනකට වැඩි කාලයක් තම පක්ෂ තහනම ඉවත් කරන ලෙස සාමකාමීව උද්ඝෝෂණය කළ ජවිපෙ ඉන් ඵලක් නොලද තැන 1987 දී පමණ සන්නද්ධ කැරැල්ලකට යොමුවිය. එහෙයින් එම කැරැල්ලෙන් ඇති වූ ජීවිත හා දේපළ හානියේ වගකීමෙන් එජාපයට ගැළවී යා නොහැකිය.
දැන් ආණ්ඩුව බටලන් ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකට දින නියම කොට ඇත. මෙහි දී සමගි ජන බලවේගය ද වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිනු ඇත. මන්දයත් සජබ යනු 2020 දක්වා එජාපයේ සිටි පිරිසක් විසින් ගොඩනඟා ගෙන ඇති පක්ෂයකි.
අනෙක් අතට 1988/89 කාලයේ මිනිස් ඝාතන හා වධකාගාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ වික්‍රමසිංහ මහතාට පමණක් නොව එවක ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට හා රණසිංහ ප්‍රේමදාස මහතාට ද එරෙහිවය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සියයට 62ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපතිධුරයට පත් වූයේ මේ ඝාතන නිසා එජාපයට එල්ල වූ විරෝධතා නිසාය.
කෙසේ වෙතත් යෝජිත විවාදය කිසිදු වැදගත්කමක් නැති මහා මඩ ගසා ගැනීමක් වීමේ විශාල ඉඩකඩක් ඇත.
බටලන්ද නිවාස සංකීර්ණයේ වධකාගාරයක් ක්‍රියාත්මක වූ බව කොමිසමේ වාර්තාවෙන් පැහැදිලිව ප්‍රකාශ කෙරෙන බව සැබෑවකි. එහෙත් ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව එම වාර්තාව පදනම් කරගෙන පමණක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකිය. එය කළ යුත්තේ සාක්ෂි විභාගයකින් පසු අධිකරණයකිනි. මේවා සිදුවී වසර 36කට පසු චෝදනා ඔප්පු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ කාලය තුළ සාක්ෂි කොතරම් නම් විනාශ වී ඇත්ද?
අනෙක් අතට රටේ විශාල ප්‍රශ්නයක් වී ඇති නඩු ප්‍රමාදය හේතුවෙන් මෙම කරුණට අදාළ නඩු කොපමණ කාලයක් ඇදි ඇදී යාවිදැයි කිව නොහැකිය. ආණ්ඩු මාරුවක් දක්වා ඒවා ඇදි ඇදී ගියහොත් සිදු විය හැකි දේ අනුමාන කරගත යුතුය. මේ කාරණයේ දී ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය එවැන්නකි.
(*** එම්.එස්.එම්.අයුබ්)
එක්දහස් නවසිය අනූ ගණන්වල දී මේ රටේ විශාල ආන්දෝලනයක් නිර්මාණය කළ බටලන්ද වධකාගාරය හා බටලන්ද කොමිසම යළිත් කරළියට පැමිණ අනෙක් සියලු දේශපාලන හා ආර්ථික ප්
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 73 වැනි ගුණ සමරු දිනය හෙටට (22) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් වන පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට මේ වන විට නාම යෝජනා කැදවමින් තිබේ. රටේ මධ්‍යම ආණ්ඩුව ට ඍජුවම ඉ
කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “
බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
බටලන්ද වාර්තාවේ දෛවය