IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බෝඩිමෙන් පැනගිහින් ‘වළේ වැටුණු’ මුතු

 30_PAGE_4_RASA  

 

“හරියට අපේ ජීවිතේ පාවෙන කුරුලු පිහාටුවක් වගේ. ඒ තරම්ම සුන්දර දෙයක් විදිහට තමයි මම මගේ ජීවිතේ දැක්කේ. ඒත් ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න කොට මට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. ආපස්සට හැරුණත් මගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙන්නේ කඳුළක් විතරයි.”

 

6
ඇය මුතු.. මුතු කියන්නේ හරි ලස්සන නමක්. නම මගේම මුතුත් හරිම ලස්සනයි. ඇත්තටම මේ තරම් ලස්සන කෙල්ලෙක් බිත්ති හතරකට කොටුවෙලා මෙහෙම ජීවත් වෙන්නේ ඇයි කියලා මගේ සිතට ආවේ ඇය මගේ නෙත ගැටුණු විගසමයි. ලස්සන රූසපුව ඇයට ගෙනදුන්නේ දෙවරක් හැරී බලන්නට තරම් ආකර්ෂණයක්. 


ඉතින් ඔයාගේ පවුලේ තව කවුද ඉන්නේ?
නංගියි, මමයි, මගේ තාත්තා වතු සුපිරින්ටෙන්ඩන් කෙනෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තගේ රැකියාව නිසා තමයි අපි නුවර ගියේ. අපේ ගම මාතර. ඒ වුණාට අපි ඉස්කෝලේ ගියේ, හැදුණේ වැඩුණේ නුවර. නුවර පරිසරයට මම ගොඩාක් ආසයි. මම ඉස්කෝලේ ගියේ නුවර ප්‍රසිද්ධ පාසලකට. (පාසල නම් දාන්න එපා) මගේ වැරදිවලට ඉස්කෝලේ පලි නෑනේ. 


ඉතින් අපි ඉස්කෝලේ ගියේ පාරේ බස් එකේ. තාත්තා නිතරම කිව්වේ ළමයින්ට පොළවෙ පය ගහලා ජීවත් වෙන්න පුරුදු කරන්න ඕන. ඒ නිසා ඕනවට වඩා අපට සැප දුන්නේ නැහැ. ඒ ජීවිතේට මුලින් අකමැති වුණත් පස්සේ පස්සේ ජීවිතේට ඒ කට්ට කෑමට ලැබුණෙකට මම ගොඩක් ආදරය කළා. 
ඒ කිවවේ..


බස් එකේ ඉස්කෝලේ යන්න ආස නැති වුණාට ඒ බස් එකේ මගේ හිත හොරෙන් ගත්ත කෙනෙක් හිටියා.... බස් එකේදි සහෝදර පාසල්වල කොල්ලෝ මාත් එක්ක කථා කරන්න හරියට පොර කෑවා. ලියුම් එව්වා. නොයෙක් දේවල් කළා. ඒත් මම ඒ කවුරුවත් ගණන් ගත්තේ නැහැ. 

666
ඒ කියන්නේ ඔයා කාටවත් ආදරේ කළේ නැහැ. 
නෑ... නෑ.. ආදරේ කළා. මගේ ආදරේ ඉල්ලගෙන ආපු කිසි කෙනෙකුට මම ආදරේ කළේ නැහැ. මම ආදරේ කළේ අසංකට. මගේ මනෝ ලෝකේ ප්‍රේමවන්තයා වෙලා හිටියේ අසංක විතරයි. අසංක කියන්නේ අපේ බස් එකේ කොන්දොස්තර. බස් එකේ කන පැලෙන්න ආදර සින්දු දාගෙන, එහෙට මෙහෙට දුව දුව ටිකට් කඩන, ෆුට් බෝඞ් එකේ එල්ලිලා යන... අහිංසක වුණත් වලියට ටිකක් බර එයා තමයි මගේ ලෝකේ එකම වීරයා වුණේ...


බස් එකේ කොල්ලෝ මගේ දිහා බලනකොට අසංකට හරියට තරහා යනවා. එයා එයාගේ හිතේ ආදරේ මට කියන්න ගොඩක් ප්‍රමාද කළා. ඒත් එයාගේ බැල්ම, මම බස් එකට නැග්ගම දාන සින්දු ඇහුවම මගේ හිතත් එයාට ආදරේ කළා. ඒත් ඒක ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අසංක ඒ ආදරේ මට කියන්න ප්‍රමාද කළේ මගේ තාත්තා වතුඅධිකාරිවරයෙක් කියලා එයා දැනන් හිටියා. මගේ පවුල් පරිසරයත් එක්ක අසංක මට ළංවෙන්න බයවුණා. ඒත් ඒ ආදරේ මට ටික ටික දැනෙන්න ගත්තා. එතකොට මට ෆෝන් එකක් තිබුණේ නැහැ. ඒත් මා ගාව සිම්එකක් තිබුණා. අසංක එක්ක මම කථා කළේ යාළුවන්ගේ ෆෝන් වලට මගේ සිම් එක දාලා.


ඔය විදිහට අපි ආදරේ කළා. මුණ ගැහෙන්න ලැබුණ අවස්ථා ලැබුණේ හරිම අඩුවෙන්. ඒත් උදේ හවස බස් එකේදි ඒ මුහුණ දකින්න ලැබීමත් මගේ සිතට ලොකු සතුටක් ගෙන දුන්නා. අසංක නිවාඩු ගත්තේ මම ඉස්කෝලේ යන්නේ නැති දවසට විතරයි. මම සාමාන්‍ය පෙළ ලියලා ගෙදර නතර වෙද්දි හිතා ගන්න බැරි වුණා අසංකව දකින්නේ කොහොමද කියලා. ඒ තරම් මට ලොකු තනිකමක් දැනුණා. මට පිස්සු හැදෙන්න වගේ.. නිතරම ඒ මූණ මැවි මැවී පේන්න ගත්තා. ගෙදර ඉන්නම බැරි තැන යාළුවන්ගේ ගෙවල්වල යන්න එක එක පාටි දාගත්තා. කොහෙද අම්මා මම තනියම යන හැම ගමනකටම නංගිවත් එල්ලනවා මගේ පස්සෙන්. ඉතින් කොහොමද අසංකව මුණ ගැහෙන්නේ. ඈත ඉඳන් බලන් ඉඳලා එයා යන්න යනවා. ඔය විදිහට ටික දවසක් ඉවසගෙන හිටියා. තාත්තා කිව්වා උසස් පෙළට ලෑස්ති වෙන්න ගෙදර ඉඳන්. බස් වල රස්තියාදු වෙන්න බැරි නිසා බෝඩිමක නතර වෙන්න කියලා. 
“ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලුනේ” තාත්තගේ වචනෙත් එක්ක හිතට ලොකු සැනසීමක් ලැබුණා. පන්ති යනවට වඩා මූලිකම පරමාර්ථය වුණේ නිදහසේ අසංකව මුණ ගැහෙන්න. ඒත් අම්මා තාත්තගේ යෝජනාවට එකහෙලාම විරුද්ධ වුණා. අම්මා හැම දෙයක් ගැනම බැලුවේ සැකෙන්. ඒත් ගෙදර තීන්දු තීරණ ගත්තේ තාත්තා. අම්මා අකමැත්තෙන් වුණත් තාත්තගේ තීරණයට කැමති වුණා. 


ළමයට මේ බස් වල දුක් විඳගෙන ගිහින් ඉගෙන ගන්න අමාරුයි. 
අපේ කාලේ වගේ නෙමෙයි දැන් සල්ලි තිබුණට වැඩක් නැහැ අධ්‍යාපනය නැත්නම්. ඔයාලා හැදුනා වගේ දැන් කාලේ ගේ ඇතුළේ දාගෙන ගෑනු ළමයි හදලා බැහැ...


හැබැයි කෙල්ල ගෙදර ගිහින් දුක් විඳලා විභාගය ඇන ගත්තොත් මට නම් මුකුත් කියන්න එපා.”


ඔය විදිහට අපේ අම්මයි තාත්තයි මම නිසා නිතර වාද කරගත්තා. ඒත් මගේ හිතේ තිබුණේ වෙනත් පරමාර්ථයක්නෙ...


අන්තිමට මම උසස් පෙළ කරන්න බෝඩිමක නතර වුණා. එතනදි තමයි මගේ ජීවිතේ පුදුමාකාර විදිහට වෙනස් වුණේ. 


ඒ කිව්වේ....


මට අසංක එක්ක නිදහසේ ගත කරන්න ලැබුණේ බෝඩිමට ගියාට පස්සේ. අපි මොනතරම් නිදහසේ කල් ගත කළාද කියනවානම් ඒ වෙනකොට ලෝකෙටම හොරා මම ගැහැනියක් වුණා. අපිට ඉතිරි වෙලා තිබුණේ නීතිය ඉදිරියේ අඹු සැමියන් හැටියට දිව්රා අත්සන් කරන්න විතරයි. 


ඒ වෙනකොට මම හිටියේ අසංකගෙන් තොර ලෝකයක් ගැන හිතාගන්නවත් බැරුව. එයා මට නැති වුණොත් මට ජීවත් වෙන්න තවත් අරමුණු තිබුණේ නැහැ. ඒ තරමට මම අසංකට ආදරේ කළා. ඔහොම ඉන්න අතරේ හිටපු ගමන් හිතා ගන්න බැරි මහ පුදුම දෙයක් සිද්ධ වුණා. දවසක් ගෑනු කෙනෙක් ළමයෙක් එක්ක ඇවිල්ලා එකපාරටම මගේ බෝඩිමට කඩා වැදුණේ හරියට හෙණයක් ගහන්න වගේ. එදා බෝඩිමේ ඇන්ටිලා ගෙදර හිටියේ නැහැ. මමයි මගේ යාළුවෙකුයි විතරයි හිටියේ. ඒ ගෑනු කෙනා මට නොසෑහෙන්න ගැහුවා. නොසෑහෙන්න මට බැන්නා. හිතාගන්නවත් බැරි වුණා ඒ ගෑනු කෙනා කියන්නේ ඇත්තක්ද කියලා. ඒ වෙලාවේ අසංකට කථා කළත් දුරකථනයට ආවේ නැහැ. එදා තමයි මම දැන ගත්තේ අසංක ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා. 


මේ තත්ත්වය උඩ බෝඩිමේ ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. මගේ යාළුවා නොකීවට ඇන්ටිට මේ සිදුවීම කොහෙන්දෝ කනවැටිලා තිබුණා. ඒ අය තාත්තගේ හිතවත්තු. බෝඩිමේ ඇන්ටිගේ කකුල් දෙක  අල්ලලා වැඳ වැටිලා අඬලා කිව්වා තාත්තට නම් මේ කිසිම දෙයක් කියන්න එපා කියලා. ඒ විදිහට ඇන්ටි පොරොන්දු වුණත් ගෑනුන්ගේ කටවල් විශ්වාස කරන්න බෑනේ. කොහොමත් මට ඒ බෝඩිමේ ඉන්න හිත දුන්නේ නැහැ. මම අසංකට කථා කළත් දවස් දෙක තුනක්ම එයා දුරකථනයට ආවේ නැහැ. හිතාගන්න බැරි වුණා එකපාරටම අසංකට මොකද වුණේ කියලා. මට අසංකගෙන් තොර ලෝකයක් නැතුව ගියා. අන්තිමට මම පිස්සියක් වගේ අසංකව සොයන්න ගත්තා. ඒ අදාළ බස් ඩිපෝවට මම සොයාගෙන ගියා. ඒ වෙලාවේ දැනගන්න ලැබුණා අසංක මාරුවක් හදාගෙන දඹුල්ල පැත්තේ ඩිපෝවකට ගිහින් කියලා.


අසංකට නීත්‍යානුකූලව මගේ වෙන්න බැරි වුණත් මගේ හිත එයාව අතාරින්න කැමති වුණේ නැහැ. ඒ පවුල කඩලා හරි මම අසංකව මගේ කරගන්නවා කියලා ආවේගයක් මගේ හිතට ආවා. ඒ වෙනකොට මේ දුක ඉවසගෙන ඉඳලා මාව හෙම්බත්වෙලා හිටියේ. අන්තිමට මම තීරණයක් ගත්තා අසංකව සොයාගෙන දඹුල්ලේ යන්න. ටියුෂන් පන්තියේ කාඞ් ගන්න ඕන කියලා තාත්තගෙන් සල්ලි ඉල්ලුවා. ඒ සල්ලිත් අරගෙන බෝඩිමටත් නොකියා මම දවසක් අනුරාධපුර බස් එකෙක් නැගලා දඹුලු ගියා. මුලින්ම ගියේ ඩිපෝවට. ඇස් දෙක රිදෙනකම් හැම තැනකම සෙව්වා අසංකව. ඒත් මට සොයා ගන්න බැරිවුණා. ඩිපෝවෙන් කිව්වා එහෙම කෙනෙක් මෙහේ නෑ කියලා.  


මම දඹුල්ල බස් නැවතුම්පොළේ පැය ගාණක් වාඩිවෙලා හිටියා. කොහේද යන්නේ කියලා කිසි අරමුණක් තිබුනේ නැහැ. ටික ටික කළුවර වැටීගෙන එනකොට ලොකු බයක් දැණුනා. ඔය පැය දෙක තුන මගේ දිහා බලාගෙන ඉඳපු රටකජු විකුණන ගෑනු කෙනා මට කතාකළා.


මම විස්තරේ ඔක්කොම එයාට කිව්වා. ඒත් මම අම්මගෙයි තාත්තගෙයි විස්තර කිව්වෙ නැහැ. මගේ කතාව අහගෙන ඉඳලා මට එකපාරටම දොස් කිවුවා ගෑනු ළමයෙක් නේද? ඔය විදිහට හිතුවක්කාර වෙන්න එපා කියලා. එයා මාව පොලීසියට එක්කරගෙන යන්න හැදුවත් මම කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා ඒක නම් කරන්න එපා ඊට හොඳයි මම මැරෙන්නම් කියලා. කොහොම වුණත් ඒ ගෑනු කෙනා ගුණයහපත් කෙනෙක්. එදා රෑ මාව එයාගෙ ගෙදර නතර කර ගත්තා.


පහුවදා ආයෙම මම අසංකව සොයන්න ගත්තා. ඒත් අසංක තියා අසංකගේ සුළඟක්වත් මට සොයාගන්න බැරි වුණා. ඒ වෙනකොට මම බෝඩිමෙන් ඇවිල්ලා දවස් තුනක් ගෙවිලා. අම්මයි, තාත්තයි හිතාගෙන ඇත්තේ මේ වෙනකොටත් මම බෝඩිමේ කියලා. ඒ වෙනකොට මුතූ ජීවිතේ හැම අතින්ම අන්ත අසරණ වෙච්ච ගෑනියක් වෙලා ඉවරයි. අම්මා තාත්තගේ බලාපොරොත්තු බිඳලා ගෙදරටත් නොදන්වා බෝඩිමටත් නොදන්වා දඹුල්ලට අසංකව සොයාගෙන ආව මුතූ අසරණියක් වෙන්න ගතවුණේ පැය විසිහතරකටත් අඩු කාලයක්.


“රටකජු විකුණන නැන්දගේ ගෙදර මාසෙකට කිට්ටු කාලයක් මම නතර වෙලා හිටියා. ඒ මනුස්සයා මට පුළුවන් විදිහට කන්න දුන්නා. ගොඩක් දුප්පත්. ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. මටත් හිතුණා මොකක් හරි රස්සාවක් කරන්න. ඒත් රටකජු විකුණන නැන්දා කැමති වුණේ නැහැ. නිතරම කිව්වේ ආයෙම ගෙදරට ඇරලවන්නම් කියලා. මම ඒකට කැමති වුණේ නැහැ. රටකජු නැන්දගේ ගෙදරට නිතර ආවා කොළඹ රස්සාවක් කරන ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනාට මම කිව්වා මටත් රස්සාවක් සොයලා දෙන්න කියලා. එහෙම කිව්වා කියලා රටකජු විකුණන නැන්දා මට නොසෑහෙන්න බැන්නා. “නොදන්න රට රාජ්‍යයේ උඹ ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. මාත් එක්ක රටකජු විකුණපන් ඊට හොඳයි කිව්වා” ඒ මනුස්සයා පවු. මම එයාගෙ කවුරුත් නොවුණට ඒ නැන්දා මම ගැන ගොඩක් හිතුවා.


ඒ නැන්දටත් නොකියා මම අර කොළඹ වැඩ කරනවා කියපු ගෑනු කෙනා එක්ක කොළඹට ආවා. හිතේ කිසිම අරමුණක් තිබුණේ නැහැ. හිතට එන දේ කළා. ඒ වෙලාවේ මට හිතුණේ ඒ ගෑනු කෙනා තමයි මගේ ජීවිතේ පෙරළියක් කළේ කියලා. ඒ ගෑනු කෙනා මගේ දිහා බලලා හරියට පේන කියනවා වගේ ඇත්තම කිව්වා.


“ඔය ළමයා හරිම අහිංසකයි. හොඳ තැනක සැපට හැදුණ ළමයෙක්. එත් ඔයාට ආණ්ඩුවේ රැකියාවක් නම් මට සොයලා දෙන්න බැහැ. පොඩි රැකියාවක් හරි සොයලා දෙන්න බලන්නම් කිව්වා.  ඔහොම දවස් දෙකක් විතර ඒ ගෑනු කෙනාගේ ගෙදර මම හිටියා. එයා කිව්වා දන්න නෝනා කෙනෙක් ඉන්නවා එයාට හඳුන්වලා දෙන්නම් එයා ඔයාට රස්සාවක් සොයලා දේවි කියලා. ඒ වෙලාවෙ කිව්වා රස්සාව මොකක් වුණත් දොස් කියන්නේ නැත්නම් මම එක්කරගෙන යන්නම් කියලා. මට ඒ වෙලාවේ ඕන වුණේ රස්සාවක්. අසංකත් ඒ දවස් ටිකට හිතේ යටටම ගිහින් තිබුණේ. හැම රූපයක්ම අසංක වගේ පේන්න ගත්තා මට. ටික ටික අමතක කරන්න උත්සහ කළා. රස්සාවක් සොයා ගත්තොත් හැම දේම විසඳේවි කියලා හිතුවා.”


ජීවිතේ හැම අතින්ම අසරණ වෙලා යන එන මං නැතිව හිටපු මුතූට ජීවිතේ ගැන ලොකු ආසාවල් තිබුණේ නැහැ. ඒ නිසාම ඇය සොයාදෙන ඕනම රැකියාවකට යන්න කැමති වුණා. ගැහැණු දරුවකුගේ හොඳම කාල පරිච්ඡේදයේ ජීවිතේ ගෙවුණු මුතූට ජීවිතේ බලාපොරොත්තු තිබුණේ නැහැ.
“මාව කොළඹ හඳුන්නලා දුන්න නෝනා මාව හඳුන්වලා දීපු ගෑනු කෙනාගේ අතට පන්සීයේ දාහේ කොළ දෙක තුනක් මිට මොළවනවා මම දැක්කා. ඒ නෝනා ළඟ මම වගේම තව ගෑනු ළමයි කිහිප දෙනෙකුත් හිටියා. මාව කාමරේකට එක්ක ගිහින් ගෑනු කෙනෙකුට කිව්වා මෙයාට අපේ නීති රීති කියලා දීලා ඇඳුමක් දීලා මගේ ළඟට අරගෙන එන්න කියලා. ඒ වෙලාවෙ නම් හිතට ලොකු බයක් දැණුනා. පැනලා දුවන්න හිතුණත් ඒ වෙනකොට මම ඒ උගුලට අහුවෙලා ඉවරයි. එතන මම වගේ ඉඳපු අනෙක් ගෑනු ළමයි මගෙන් ඇහුවෙ එක ප්‍රශ්නයයි. “ඇයි දෙයියනේ මේ වගේ තැනකට ආවේ” කියලා.


තැන මොකද්ද කියන එක තේරුම් ගන්න මට මහ කාලයක් ගියේ නැහැ. ඒ හැම දේකටම මම මුහුණ දුන්නා. ඒ මැඩම් මාව ලොකු ගාණකට විකුණුවා. මම ලස්සන නිසා එතන නිතර ආපු මනුස්සයෙක් මම මත්තේ මැරෙන්න හැදුවා. මැඩම්ට කියලා මාව බඳින්න ලෑස්ති වුණා. මැඩම් ඒකට කැමති වුණේ නැහැ.


“මුතූ වැටුණ වළෙන් ගොඩ එන්න කවදාවත් උත්සහ ගත්තේ නැහැ. ඒත් ඇයට නිතරම මාපියෝ සහෝදරිය මතක් වුණා. ඇයට මේ වළෙන් ගොඩ ආවත් නැවත දෙමාපියන් ළඟට යන්න ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. මේ සමාජයේ ඔබ මම නොසිතන කොයි තරම් නම් දේවල් සිදු වෙනවාද? මේ ඉරහඳ යට ලියවිච්ච මේ අවනඩුව තවත් එක සිදුවීමක් විතරයි. මේ ලෝකේ ඇතුළේ අපි කාටවත් තනියම ජීවත් වෙන්න බැහැ. තරුණ වයසට ඔයාගේ සෙවණැල්ල මාපියෝ. ඒ ඇස් වලට වැලි ගහලා ජීවිතේ විනාශ කරගත්ත මුතූ අන්තිමේදී කිව්වේ හරි අපූරු කතාවක්.


“මම දිහා බැලුවම මම මේ තරම් දෙයක් කළා කියලා කවුරුවත් හිතන්නේ නැහැ. මාව නැති කළේ මගේ ලස්සන. ජීවිතේ මට ශාපයක් කළේ ආදරේ. ඒ දේවල් හැමදේම තේරුම් යනකොට මට ඉතිරි වෙලා තිබුණේ ජීවිතේ හිස්තැනක් විතරයි. කවදාවත් මෝඩ තීන්දු තීරණ ගන්න එපා. මිනිස්සු ඕන තරම් අපේ ජීවිත වෙනස් කරන්න පස්සෙන් ඒවි. අවසානයේ ඒ මිරිඟුව පස්සේ දුවලා හති වැටෙන්නේ ඔය ආදරේ කියන මිනිහා නෙමෙයි ගෑනු අපි. මට වෙන කියන්න දෙයක් නැහැ.


පිංසිද්ධ වෙනවා මගේ කථාව මොහොතකට හරි අහගෙන හිටියට. මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මගේ නම් ගම් පත්තරේට ලියන්න එපා. මොකද මගේ නංගි කවදාහරි සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙන්න ඕන......


ඇගේ කථාව ඉවර නැහැ. ඇය තවමත් මේ සමාජය දකින්නේ පුංචි කවුළුවකින්. සමහර ගන්න මෝඩ තීන්දු තීරණ එක්ක ඔයාගේ ජීවිතේ කොයි තරම් කාලකන්නි කරනවද? මුතූ බාලවයස්කාර දැරියක් විදිහට නීතියට කොටු වෙද්දි ගණිකා වෘත්තියේ  ප්‍රධාන සැකකාරිය වුණේ දේශපාලඥයකුගේ බිරිඳක්.... ඒත් ඒ හැම දේම මුදලට යටවුණා. මුතූගේ පියා ලැජ්ජාව හිතේ තද කරගෙන සේවයෙන් විශ්‍රාම ගියා. මේ වචන ටිකත් ඔයාට පුළුවන්නම් ලියන්න. “කොයිතරම් වැරදි කරත් මාපියන් සමාජ ඉදිරියේ අසරණ කරන දරුවෙක් වෙන්න එපා.” මුතූගේ අවසාන ඉල්ලීමත් එක්ක අපි ඇයට සමුදුන්නා.
කථාව කියවල පත්තර කොළේ විසිකරලා දාන අතරේ මේකත් පොඞ්ඩක් ඔළුවට ගන්න. ආදරේ කියන්නේ තමන්ගේ කොල්ලට හැම දේම පූජා කරන එක නෙමෙයි. රාගය කියන්නේ ගින්නක්. ආදරේට ආලවට්ටම් නැහැ. හදවතින් තීන්දු තීරණ ගන්න එපා. ඔය ඔළුගෙඩිය ඇතුළේ අබ ඇටයක් තරම් මොලයක් තියනවනම් හැඟීම් වලට වහල් වෙලා ජීවිත විනාශ කරගන්න එපා.

m



අදහස් (0)

බෝඩිමෙන් පැනගිහින් ‘වළේ වැටුණු’ මුතු

රෙජි-සිඩ්නි Thursday, 11 February 2016 03:49 AM

"ආලය අන්ධයි "කියන්නේ ඔය වාගේ දේවලට තමයි. (නි)

:       0       0

නිම්මි Wednesday, 10 February 2016 03:52 PM

ගැහැණු හැමෝම ආදරේට කැමති. එ්ත් මේ කාලේ පිරිමි ළඟ තියෙන්නේ ආදරේ නෙමෙයි (බ)

:       0       0

සම්පත් Thursday, 04 February 2016 03:23 AM

ඉගෙන ගන්න ළමයෙක් ලොවේ කරන්න ඕනි නම් ඉගෙන ගන්න ළමයෙක්ම එහාට හොයාගන්න එතකොට අනතුරු අඩුයි.(හේ)

:       0       0

නිරන් Thursday, 04 February 2016 10:59 AM

මහින්ද හිටියානම් නිල් බලකායටවත් බැඳෙන්න තිබුනා. එතන ඔයිට වැඩිය සැප වැඩියි (බ)

:       0       0

දිනේෂ් - රියාද් Wednesday, 03 February 2016 09:58 AM

මේ වගේ අහිංසක ළමයින්ව රවට්ටලා මෙයාලගේ අනාගතේ විනාශ කරන අර අසංක වගේ අයට දඩුවමක් ලැබෙන්නේ නැති එක ගැන තමා මට දුක. (බ)

:       0       0

සම්පත් දසනායක Sunday, 14 August 2016 09:44 AM

ස්කෝලේ යන කෙල්ලකුට ආදරේ කරන්න ඕනේ නම් ඉගෙනගන්න කොල්ලෙක් හොයා ගත්තානම් ඉවරයි (බ) 

:       0       0

කෙනත් Wednesday, 03 February 2016 08:48 PM

හොඳ කතාවක් (නි)

:       0       0

අජිත් Monday, 29 February 2016 12:58 PM

දෙමාපියන් මීට වඩා දරුවන් ගැන සොයා බැලිය යුතුයි. ඒ වගේම දරුවනුත් දෙමාපියන්ට ඇහුම්කන්දී තමන්ගේ වගකීම තේරුම් ගත යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3204 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 365 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1007 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site