බිත්තර මිල පිළිබඳ ගැටලු මීට දෙවසරකට පෙර දක්නට ලැබිණ. රටේ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට කුකුළු ගොවිපොළ ව්‍යාපාරයටද කනකොකා හැඬීම නිසා බිත්තර නිෂ්පාදකයෝද අමාරුවේ වැටුණාහ. කුකුළු මස් කිලෝවක මිලද සමග බිත්තර මිලද ශීඝ්‍රයෙන් ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විය. ඒ කාලයේ තිබූ ගැටලු හේතුවෙන් බිත්තරයක මිල ද දරාගත නොහැකි මට්ටමට ළඟාවිය. ඒ ගැන කොතෙකුත් කතා බහ කෙරුණත් විසඳුමක් නොලැබිණි.
එහෙත් රටේ ආර්ථිකය තුළ තිබූ බරපතළ ගැටලු බොහොමයක් දුරට පාලනය කරගෙන තිබූ තැනින් රට ගොඩගත් බවට රටේ බලධාරීන් උදම් අනන අවස්ථාවක බිත්තරයක මිල ඉහළ මට්ටමක ගෙන ඒමට හැකියාවක් නැත. එහෙත් එය එලෙස සිදුවෙමින් තිබේ. වරින්වර බිත්තරයක මිල ඉහළ පහළ යන අතර රුපියල් 70 දක්වා ඉහළ මිලකට පසුගිය දිනවල බිත්තර අලෙවි වූයේ නිෂ්පාදන මට්ටම ඉහළ ප්‍රගතියක් අත්කර ගනිමින් තිබියදීය. එයට පිළිතුරක් වශයෙන් රජය තීරණය කළේ ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමයි. එය දැන් සිදුවෙමින් පවතී. ඉදිරි උත්සව සමයේදී මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ඉන්දියාවෙන් බිත්තර කෝටි ගණනාවක් ගෙන්වීමටද වෙළෙඳ අමාත්‍යවරයා අවසර දී ඇත. මෙසේ කටයුතු සිදුවෙද්දී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි.
එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා තිබුණේ තොග මිලට බිත්තර මිලදී ගන්නේ නම් ඉන්දියානු බිත්තරයක මිලටත් අඩුවෙන් නැතහොත් ඊට සමාන බිත්තර දින 10ක වගකීමක් සහිතව කෝටි දෙකක් හෝ ලබාදිය හැකි බවය. ඉන්දියාවෙන් ගෙන්වන ග්‍රෑම් 35ට අඩු බිත්තර ලක් සතොස හරහා රුපියල් 45ට විකුණුවත් ග්‍රෑම් 40කට ආසන්න බිත්තරයක් රුපියල් 40 බැගින් කෝටි හතරක් වුවද ලබාදීමට තම සාමාජිකයන්ට හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. රට තුළ බිත්තර නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති හෙයින් මිල මෙසේ පහත දැමිය හැකි බවද ඔහු සඳහන් කරයි.
බිත්තර වෙළෙඳාම සම්බන්ධයෙන් මේ පවතින පරස්පර කතා අනුව අපට නම් වැටහෙන්නේ බිත්තර නිෂ්පාදකයාත් සිල්ලර වෙළෙන්දාත් අතර කිසියම් සංවිධානාත්මක ජාලයක් බිත්තර මිල ඉහළ මට්ටමක තබා ගැනීමට දිගටම ක්‍රියාත්මක වෙන බවය. එසේ ක්‍රියාත්මක වීමෙන් අරමැදියන් වශයෙන් ක්‍රියා කරන අයට නිෂ්පාදකයාටත් වඩා ලාබයක් උපයා ගැනීමට අවස්ථාව පෑදෙන අතර ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට ඉඩ ලැබීමෙන් තවත් පිරිසකට විශාල කොමිස් කුට්ටියක් කඩා ගැනීමටද පොට පෑදෙයි. අවසානයේ පහර වදින්නේ පාරිභෝගිකයාටය. රුපියල් 40කට පමණ මිලදී ගත හැකි අපේ රටේ බිත්තරයකට රුපියල් 50කට අධික මිලක් ගෙවීමටත් ඉන්දියාවෙන් ගෙන්වන කුඩා බිත්තරවලට පවා රුපියල් 45ක් ගෙවීමටත් පාරිභෝගිකයාට සිදුවී තිබෙන්නේ ඒ හේතුවෙනි.
ඉතාම පීඩාකාරී ආර්ථික කුණාටුවකින් පසුව යන්තමින් හුස්ම ගත හැකි ලෙසට ආර්ථිකය හැඩ ගැසෙමින් තිබියදී බිත්තරයක මිල මෙතරම් අසාධාරණ ඉහළ මට්ටමකට තිබීම සම්බන්ධයෙන් සොයා බැලීම රජයේ බලධාරීන්ගේ වගකීමකි. මේ සියලු මිල ගණන් සොයා බැලීම පාරිභෝගික අධිකාරියට පවරා අත සෝදා ගැනීම බලධාරීන්ගේ යුතුකම නොවේ. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරන කාරණා පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකර අයුතු ලාබ ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියා කරන පුද්ගලයන් හෝ සංවිධාන හෝ වෙත්නම් ඒ අයට එරෙහි අප්‍රමාදව පියවර ගත යුතුය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කර තිබූ තවත් කරුණක් කෙරෙහිද අපගේ අවධානය යොමු කිරීම වටී. බිත්තරයක මිල රුපියල් 75 දක්වා ගිය කාලයේ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් පෙන්වා බිත්තරයක මිල ඉහළ ගොස් තිබූ ආකාරය සම්බන්ධයෙන් නිෂ්පාදකයාට බැට දුන් ඇතැම් පිරිස් අද බිත්තරයක් රුපියල් 40ට සතොසට ලබාදීමට නිෂ්පාදකයෝත් කැමැත්තෙන් සිටියදීත් එසේම බිත්තරයක සිල්ලර මිල රුපියල් 50ට තිබියදීත් ඒ ගැන කතා නොකර සිටීම කනගාටුවට හේතුවක් බවය. අප තදින්ම කියා සිටින්නේ මෙරට දරුවන්ගේ පෝෂණයට පවා ප්‍රබල බලපෑමක් ඇති පෝෂ්‍යදායී ආහාරයක් වන බිත්තරයෙන් ගසා කෑම වළක්වා එය සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීමට ආණ්ඩුව දැඩි පියවර ගත යුතු බවය.
(***)
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවට සවන්දෙමු
vernon Wednesday, 20 March 2024 12:11 PM
දැන් බිත්තර ගෙන්වලා කොමිස් ගහන්නේ කවුද? බිත්තර නිෂ්පාදකයන්ගෙන් තොග වෙළෙන්ඳා මිලට අරන් තමයි සිල්ලර කඩේට දාන්නේ. ඒකට ප්‍රවාහන වියදම්, ගබඩා කුලී, සේවක පඩි නඩි, ලාභය එකතු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මෙයාලාට රු 40ට බිත්තර දෙන්න පුළුවන් නම් ඉතින් දෙන්න කියන්නකෝ... එයාලාට එකතුවෙලා සේල් දාලා. හැමදේටම රජයට බනින්න එපා. රටින් බිත්තර ගෙනාවේ නැත්නම් බලන්න තිබ්බා.