IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බුදුදහමේ ඇත්ත සොයා ගිය හැටි

පිටිදුවේ සිරිධම්ම හිමියන් නිවන් දකින ලදැයි ඉරිදා ලංකාදීපය සමග ප‍්‍රකාශ කිරීමත් සමග රටේ පැවති කතාබහ නව මගකට පිවිසියේය. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් යැයි ප‍්‍රකාශ කිරීම බොරුවක් යැයි පවසමින් මේ පිළිබඳ සංචාදයකට එන ලෙස රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ ඉදිරිපත් වූහ. අපට ද බොහෝ දෙනා කතා කළහ. මේ සියලූ කාරණා අනුව යමින් අපි යළිත් පිටිදුවේ සිරිධම්ම හිමියන් හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් සමග සාකච්ඡා කළෙමු.


 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ නිවන් අවබෝධ කරගත් බව ප‍්‍රසිද්ධියේ රටටම ප‍්‍රකාශ කළා. මොනවා අපේක්ෂාවෙන්ද මෙහෙම ප‍්‍රකාශයක් කළේ.
පිළිතුර:
දැන් ඔය ගොඩක් අය කියනවා මම නිවන් දැක්ක බව කිවුවේ මොකක් හරි ලාභ ප‍්‍රයෝජනයක් ගන්න කියලා. සමහරු කියනවා ප‍්‍රසිද්ධියක් ගන්න කියනවා. මම මහණවෙලා අවුරුදු 13කටත් වැඩියි. ප‍්‍රසිද්ධ මාධ්‍යයේ ධර්ම දේශනා කරන්න පටන් අරන් අවුරුදු දහයකට වැඩියි. ලංකාවේ විවිධ පළාත්වලත්, පිටරටවලත් දේශනා පවත්වලා අපට පැහැදිච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර විශාල ධනවතුන් රජයේ මැති ඇමතිවරු මේ සියලූ දෙනා ඉන්නවා. මා නිවන් දැක්ක බව ප‍්‍රසිද්ධ වෙන්න හිතාගෙන කිව්ව නම් මට ලැබුණෙ ඒක නොවෙයි. අපකීර්තියක්. ලෝකයේ හැමදාම වුණේ මේකයි. කවුරුහරි ධර්මාවබෝධය කළා කවුවාම ඒ උතුමන් පිස්සෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක් විදිහට හංවඩු ගැහුවා. ඇත්තටම මං සැපට ඉන්න  ඕනෙ නම් කරන්න තිබුණු ඥානවන්තම වැඬේ තමයි සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් මේ පන්සලත් හදාගෙන දායකයන්ගේ යුතුකම් ඉෂ්ඨ කරගෙන රාජ්‍ය තන්ත‍්‍රයට පක්ෂයට විපක්ෂයට උපදෙස් දීගෙන ඉන්න. මා මහණ වුණේ ජීවිතේ මොකක්දෝ දෙයක් හොයන්න. මට කෙටි කලක් යනකොට ආරාම යාන වාහන මේ හැමදේම මිනිස්සු පූජා කළා. නමුත් මම මේ සියල්ලේ අවසානයකට යන්න ක‍්‍රම සෙවුවා.

මම පුංචි කාලේ ඉඳලම ත‍්‍රිපිටකය කියවලා ගවේෂණය කළා. පැවිදි වෙලත් එහෙම කළා. ඇත්තටම මට  ඕනෑ වුණේ බුදු දහමේ ඇත්ත සොයන්න. ඇයි අපට සංසාරෙන් ගැලවෙන්න බැරි කියලා මා කල්පනා කළා. එහෙම හිතද්දී ජීවිතේ එක්තරා පරිවර්තනයක් වුණා. සතිපට්ඨාන සූත‍්‍රය මට වචනයෙන් වචනය කටපාඩමින් කියන්න පුළුවන්. මම ඒවා කරලා බැලූවා. මට තේරුණා ඒවා එහෙම කළාට එහෙමම නොවන බව. දම්සක් පැවතුම් සූත‍්‍රය ඒ විදිහටම කළා. තදුරටත් හිතද්දී මගේ හිතේ මමත්වයත් තේරුම් ගියා. මා ලෞකික දේවල් නඩත්තු කරගන්න වෑයම් කරන බව කීර්තිය රැුක ගන්න සටන් කරන බව මේ සියල්ල අවබෝධයෙන් දැකලා සසර නිමාවක් දුටුවා. මම ඇත්තටම ඒ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ තව දහස් ගාණක් මේ සත්‍ය හොයන අය ඉන්නවා කියා ශ‍්‍රාවකයො ඉන්නවා එක එක අය නිවන කියලා විවිධ දේ කියනවා. එක මහත්තයෙක් කියනවා තදනින්දත් නිවනයි කියලයි. සමාජයේ නිවන හොයන පිරිසට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඒ අය ගොඩගන්න  ඕනෑ. ඒ අයට යහපත පෙන්වන්න  ඕනෑ. මෙතැනදී මා කළ යුත්තේ සඟවාගෙන සිටීම නොව ප‍්‍රකාශ කිරීමයි.

 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ පැවිදි වුණේ තරුණ කාලෙදී. ඒ කුමක් හෝ හේතුවක් නිසා කලකිරිලද?
පිළිතුර:
මා කුඩා කාලේ ඉඳන්ම ධර්මයට ගොඩක් කැමති කෙනෙක්. මට වයස අවුරුදු 3-4 ඉඳලම මා හිටියෙ ගෙදරට වඩා පන්සලේ. පන්සලේ තිබුණු සියලූම ත‍්‍රිපිටක පොත් ජාතක පොත් කියෙවුවා. බේරතුඩුවේ ඤාණවිසුද්ධි නායක හැමුදුරුවෝ මාගේ ගුරු හාමුදරුවො. උන්වහන්සේ ගාල්ල විජයානන්ද විහාරයේ නායක හාමුදුරුවෝ. සා/පෙළ විභාගයෙන් මට ඞී හයයි සී දෙකයි. මට විදුහල්පතිතුමා කිව්වා විද්‍යාව හදාරන්න කියලා. පස්සේ ගමේ පාසලෙන් ඉවත්ව රිච්මන්ඞ් විද්‍යාලයට ගිහින් විද්‍යාව හැදෑරුවා. පස්සේ කැලණණිය වි.වි ක්ෂ‍්‍රද්‍ර ජීව විද්‍යාව හැදෑරුවා. දහම්පොත් වැඩිපුර කියවද්දී වි.වි අවසන් වසරෙදී 2000 නොවැ: 12 පෝය දවසේ මම මහණ වුණා. මගේ පැවිද්දට හේතුව සසර කලකිරීමක් නෙමෙයි. මට කිසිම කලකිරීමක් තිබුණේ නෑ. දෛවෝපගත සිද්ධියක් පැවිදිවෙලාත් මම මොකක්දෝ දෙයක් හෙවුවා. මට ඒක වචනයෙන් කියන්න බැරි දෙයක්.

 

 


ප‍්‍රශ්නය: පිටිදුවේ හාමුදුරුවෝ නිවන් දැක්ක යන ප‍්‍රකාශය ඇසීමත් සමග බොහෝ දෙනා ඔබවහන්සේට පිස්සු හැදිලා කිවුවා. මෙසේ කී අය දෙස ඔබ වහන්සේත් දකින විදියකුත් ඇතිනේ...?
පිළිතුර:
මට පිස්සු හැදිලා කියන එක එයාලාගේ දැක්මනේ. මට ඒ අය ගැන විශ්ලේෂණය කරල වැඩක් නෑ. මම මා ගැන බලාගත්තම ඉවරයිනෙ.
දීඝනිකායෙ බ‍්‍රහ්මජාල කියල සූත‍්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවො පාරෙ යනවා, එහෙම යද්දී උන්වහන්සේට මිනිස්සු පිරිසක් බනිනවා. ඒ වෙලාවේ භික්ෂුවක් ඇවිත් කියනවා අන්න ඔබවහන්සේට බනිනවා කියලා. එවෙලේ බුදුරජාණන් වහන්සේ හරි ඒ අය බනින එක ඒ අයගෙ වැඩක්. ඒක මට ප‍්‍රශ්නයක් නෑ. ඒ නිසා ඔබ ප‍්‍රශ්නයක් කර ගන්න එපා කියලා කියනවා. මට කියන්න තියෙන්නෙත් ඒකම තමයි මහත්තයෝ.

 

 


ප‍්‍රශ්නය: සුදුස්සෙක් ඉදිරිපත් වුණොත් නිවන් ලැබූ බව ඔප්පු කරන්න සූදානම් බවට අභියෝගයක් ඔබවහන්සේ ගේනවා. රහත්වරු මේ වගේ අභියෝග භාරගන්නවාද?
පිළිතුර:
මම නිවන් දැක්ක බව කියන්නේ අවුරුදු දෙක තුනක් තිස්සේ ඉඳන්. එහෙම කියද්දී විශාල පිරිසක් ඒකට විරුද්ධ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. යමෙක් මාර්ග අවබෝධ කළාට පස්සේ ඒ අවබෝධ කළ කෙනා ඒ බව කියන්න යම් වෑයමක් දරනවා. එහෙම නැතුව මට කාත් එක්කවත් වාද කරන්න පිස්සුවක් නෑ. ධම්මපදයේද තියනවා ජය කියන එක වෛරය ඇතිකරනවා, පරාජය කියන එක දුක ඇති කරවනවා කියලා. ඥානවන්තයා ජය-පරාජය දෙකේම නොබැඳී ඉවත් වෙනවා. මාගේ සිත තියන තැන එතනයි. සච්චක බුදුහාමුදුරුවන්ට නොයෙක් දේ කිවුවා. ඒ වෙලාව බුදු රජාණන් වහන්සේ නිහඩව හිටිය නම් මිනිස්සු කියනවා ඔබ වහන්සේගේ අවබෝධයෙන් කිසිම වැඩක් නෑ කියලා. මම කියන දේත් වැරදිය මා බොරුකාරයෙක්ය පිස්සෙක්ය මිත්‍යා දෘෂ්ඨිකයෙක්ය කාගෙන් හෝ මුදල් ගත්තෙක්ද විවිධ අභූත චෝදනා තියනවනේ. ඉතින් මට කළ හැකි එකම දෙය මා අවබෝධකරගත් ධර්මය මෙහෙමයි මෙහෙමයි කියලා පැහැදිලි කිරීම පමණයි. අභියෝගය කියන වචනය ග‍්‍රහණය කර ගැනීමේ ස්වාභාවයේ ගැටලූවක් ඔතන තියනවා. අභියෝගය කියන වචනයේ ද්වේශය වෛරය තියනවා කියලා සමහර හාමුදුරුවරු ප‍්‍රකාශ කරලා තිබුණා. බත් පිඟානක් දීලා ‘මේ බත් කාපන්’ කියලා ටෝන් එකෙන් ග‍්‍රහණය වෙන ආකාරය වෙනස් වෙනවා. ඔය අභියෝගය කියන වචනයත් එහෙමයි.

 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ සමඟ මුලින්ම සංවාදයකට ඉදිරිපත් වුණේ ගිහි පක්ෂයේ කිහිප දෙනෙක්. ඔබ වහන්සේ ඔවුන්ට ලිපි යවා දන්නා තිබුණේ සිංහයන් සමග සිංහයන් ගැටෙනවා මිස කබරගොයන් හා මෙවැනි දේට නොඑන බවයි. මේ ප‍්‍රකාශය ඔවුන් දැඩි හෑල්ලූවට පත් කිරීමේ අරමුණින් කරපු දේවල්නේ...?
පිළිතුර:
ඔය කියන කෙනා එක ලියුමක කියනවා එයාට සත්‍යාවබෝධ කළ භික්ෂූන් වහන්සේලා ඉන්නවා කියලා. එහෙමනම් එයා ඒ අය එක්කගෙන එන්න එපායැ. ආයෙ කියනවා නෑ එහෙම අය නෑ... මම තනියම එනවා කියලා. ඔයා එක දවසක එකක් කියනවා තව දවසක තව එකක් කියනවා. ඉතින් මම ඔයාට කබරගොයා කියන එකේ වරදක් තියනවද? ඒක ප‍්‍රතිපත්තියක්, සෘජු අදහසක් තියෙන්න  ඕන වාදෙන් පැරදුනාම අර හාමුදුරුවන් ළඟට යවලා මට ධර්ම විනය උගන්වනවා කියලා මෙයා කියනවා. ඉතින් එහෙම පැරදිලා යන්නේ මොකටද? කෙලින්ම උන්වහන්සේලා හමුවුණානම් හරිනෙ. පස්සේ එයාම කියනවා මට එහෙම අය නෑ කියලා. ඉතින් කබරගොයා වගේනෙ.

 

 


ප‍්‍රශ්නය: රහත්වෙලා නම් අතහැරීමක් තියෙන්න එපායැ. ඒ වුණාට අපට නම් පේන්නෙ ඔබ වහන්සේගේ නමට බොහෝ දේවල් තියෙන බවක්?
පිළිතුර:
මගේ නමට හුඟක් දේවල් තියනවා. ළමයි බර ගාණක් ඉන්නවා කියනවා. මිත්‍යා දෘෂ්ඨිකයෙක් කියනවා. මහායානිකයෙක් කියනවා. හොරෙක් කියනවා. තක්කඩියෙක් කියනවා. රහතෙක් කියනවා. එක එක්කෙනා එක එක දේවල් කියනවා. මේ සේරම මගේ නමට දැන් තියන දේවල්.

 

 


ප‍්‍රශ්නය: මම බලාපොරොත්තු වුණේ ඔය පිළිතුර නෙවෙයි. ඔබ වහන්සේ නමට තියන දේපල මිල මුදල් ගැන?
පිළිතුර:
මගේ බැංකු පොත්වල රුපියල් විසිදාහක් තිස්දාහක් දැන් ගිහින් බැලූවොත් තියෙනවා. අද සමාජයේ හැටියට යාන වාහන ගනිද්දී වුණත් නමකට නැතුව ගහකට ගන්නද මහත්තයෝ. අපේ ආශ‍්‍රමයේ බෝගහේ නමට වාහනයක් රෙජිස්ටර් කරන් පුළුවන්ද. බෑ නෙ. රහතෙක් වුණත් කවුරු වුණත් රටේ පවතින නීතියක් තියනවා. ඒ නීතියට අනුගතව කටයුතු කරන්න  ඕනෙ. අද බුද්ධ කාලෙ වගේ නෙවෙයි සමාජය වෙනස්. අපි ඒ නීති රීතිවලට ඉන්න  ඕනෙ. මම ධර්මාවබෝධය කළා කියලා බුද්ධකාලේ හැටියට ඉන්න උත්සාහ කරනවා නම් අවබෝධයක් නැති අනුකරණයක් කරන හොර රහතෙක්, ඇත්ත රහතෙක් නොමෙයි. ඔය ප‍්‍රශ්න ඇහුවට කමක් නෑ. හොඳ ප‍්‍රශ්න. මම පිටරටකට යන්න පාස්පෝට් එකක් නැතිව මම රහතෙක් මට පාස්පෝට් නැතුව රට යන්න දෙන්න කියලා කියන්න. කවදාවත් එහෙම වෙන්නෙ නෑ. අවබෝධය පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. ආශ‍්‍රමයේ සියළු දේ සාංඝික දේපල.  ඕනෑම කෙනෙක් එන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පරිහරණය කරන්න වුවත් දෙන්න බැරිකමක් නෑ. මට වාහනයක් අවශ්‍ය කරන්නේ ගමනක් යන්න. ඒ වාහන මගෙ නමට තියනවා. ඒවා කාගේ නමටද ලියන්න  ඕන කියලා කියන්නකො.

 

 


ප‍්‍රශ්නය: ඔබ වහන්සේ කරන ලද සමහර ප‍්‍රකාශ දිහා බැලූවම කේන්තියකින් ඉන්න බවත් පේනවා. රහත් වුණාම කේන්තිත් යනවද? සැරවීමත් රහත්වරුන්ගේ ලක්‍ෂණයක්ද?
පිළිතුර:
රහත් කෙනෙකුට සැරෙන් කතා කරන්න බරිද? බැරිනම් වැඩක් නෑනෙ. සෝවාන් ලාභී මාර්ග ඵල ලාභී රහතන් වහන්සේලා ලෙඞ්ඩුද? මම සූත‍්‍රයක් කියන්නම් අංගුත්තර නිකායෙ අට්ඨක නිපාතයෙ.

මුගලන් මහ තෙරුන් වහන්සේ උපෝසථ විනය කර්මය කරන්න හදන වෙලාවක එක පවුකාර භික්ෂුවකට කියනවා මේ භික්ෂුව සංඝයා අතරින් දැන් ඉවත් වෙන්න කියලා. එතකොට ඒ භික්ෂුව අයින් වෙන්නෙ නෑ. මුගලන් මහරහතන් වහන්සේ ඒ භික්ෂුව අතින් අල්ලගෙන ගිහින් එළියට දාලා දොර වහනවා. ඊට පස්සේ උපෝසථය කරනවා. ඔහොම බැලූවම මුගලන් මහ තෙරුන් වහන්සේ රහතෙක්ද?

අද හිතාගෙන ඉන්න රහතුන් නිවන් ලබපු අය අංශභාග රෝගීන් කියලා. වරද තියෙන්නෙ ඔතනයි.
රහතුන්ට සිංහ නාද කරන්නත් පුළුවන්. සිංහ නාදයක් හිමින් කරන්නේ නෑනෙ. මම අහන්නෙ මම ඇත්තටම නිවන් අවබෝධ කරලා නම් මට මනුෂ්‍යයෙකට බනින්න බැරිද කියලා. බනින්න බැරි නම් මගෙන් වැඩක් නෑනෙ. නිකන් ගහක් වගේනෙ. කාගෙ හරි වරදක් දැක්කම මේක වැරදියි මේක වෙන්න  ඕන මෙහෙමයි කියලා පැහැදිලි කරන්න.

බුදු හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා වැරදි කළහම මෝඝ පුරුෂ කියලා බැනලා තියනවා මොකක්ද තේරුම් මෝඩ මිනිහා කියන එක. සියලූ දේ මිනිසුන්ට ධර්ම ඥානය පිළිබඳ නොවැටහෙහි. මේ ප‍්‍රශ්න මිස වෙන කිසිවක් නොවෙයි.

 

 


ප‍්‍රශ්නය: එක්තරා හිමිනමක් ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡුාවකට එක්වෙමින් ඔබ වහන්සේගේ ධර්මදේශනාවට රුපියල් දාහක් එම විහාරයෙන් ලබා දීම නිසා ඒ මුදල මදි යැයි ගෝරනාඩු කළ බව පවසා තිබුණා. අද රහත් කියන්නේ එදා මේ විදියට සල්ලි ගැන ලෝබ බැඳල හිටපු හාමුදුරුවෝ නේද?
පිළිතුර:
මම ඔය සිදුවීම වෙනකොට වැඩහිටියෙ ගාල්ලෙ. 2004 අවුරුද්දෙනෙ. මට වාහනයක් තිබුණෙත් නෑ. මම ධර්ම දේශනාවකට වඩිද්දී වාහනයක් කුලියට අරගෙන ගියේ. අපි මේ බව දැනුවත් කරල ධර්ම දේශනාවට වඩින්නේ. වාහනේ කුලිය ගෙවන්න කියලා ඔය කියන හාමුදුරුවෝ වාහනේ කුලිය ගෙවන්නේ නැතුව වාහනේ රියදුරු මහත්තයා සමග මොකද්දෝ ගැටුමක් ඇති කරගෙන. මම ඒකට සම්බන්ධ නෑ. මම මේ සිද්ධිය දන්නෙත් වාහනේදි ඔය රියදුරු මහත්තයා කිවුවම.

මම ඔය සිද්ධියේ විත්තිකාරයා කියල නිකමට හිතමුකො. අංගුලිමාල පැවිදි වෙන්න කලින් මිනීමරුවෙක්. පැවිදි වුණාට පස්සෙත් මිනිස්සු උන්වහන්සේට ගැහුවා. පාත්තර බින්ඳා. ඔළුව පැලූවා. ඇයි...? දැන් මහණ වෙලා හිටියට කලින් අපේ සහෝදරයෝ අපේ ඥාතීන් හිතවතුන් විනාශ කළා කියලා. නමුත් උන්වහන්සේ රහතෙක්. අම්බපාලි මෙහෙණිය කලින් ගණිකාවක්. නමුත් ඇය සියල්ල තේරුම් අරන් පැවිදි වුණා. අද මට එහෙම උන්වහන්සෙලාට තමයි එදා අංගුලිමාල අම්බපාලි වගේ අයත් රහත් නෑ කියලා කිවුවෙ. දැන් 2014. ඔය ධර්ම දේශනාව තිබුණේ 2004 අවුරුද්දේ. මහා පරණ දෙයක්. අපි අද ජීවත් වෙමු ඊයේ ජීවත් නොවී.

 

 


ප‍්‍රශ්නය: ඉරිදා ලංකාදීප (පසුගිය සතිය)  සාකච්ඡාවකදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප‍්‍රකාශ කර තිබුණා රහත් භාවය කෙනෙක් ප‍්‍රකාශ කරන්නේ හේතු පහක් නිසා බව. එයින් හේතු හතරක් උන්වහන්සේ සඳහන් කළා. උමතු භාවය, අධි මානය, ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාව, මෝඩකම ආදී වශයෙන්. ඔබවහන්සේ මින් කුමන කොටසට අයත්ද?
පිළිතුර: (සිනා)
මම අහන්නේ උන්වහන්සේ මේක කිවුවේ කුමක් අපේක්ෂාවෙන්ද කියලායි. ත‍්‍රිපිටකයේ දෙපළක රහත් බව ප‍්‍රකාශ කිරීම ගැන සඳහන් වෙනවා. පරිවාර පාලියේ උපාලි පඤ්යේ කරුණු පහක් තියෙනවා.

උපාලි මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, රහත් භාවය ප‍්‍රකාශ කිරීම පිළිබඳව. එවේලේ උන්වහන්සේ ප‍්‍රකාශ කරනවා ‘උපාලි රහත් බව ප‍්‍රකාශ කිරිම් පසෙකි. කවර පසෙක්ද, නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් රහත් බව පළ කෙරෙයි. ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත් බව ප‍්‍රකාශ කෙරෙයි. උමතුවෙන් සිත් පෙරළීමෙන් රහත් බව පළ කෙරෙයි. අධිමානයෙන් රහත් බව පළ කෙරෙයි, විද්‍යමාන වූ රහත් බව පළ කෙරෙයි.’

අංගුත්තර නිකායේ පක්‍ද්චක නිපාතයේ අඤ්ඤඛ්‍යාකරණ සූත‍්‍රයේත් රහත් බව ප‍්‍රකාශ කිරීමේ පස්දෙනා ගැන සඳහන්. එහි ඔබ සඳහන් කළ කරුණු හතර තියෙනවා. අර හාමුදුරුවෝ සඟවපු කාරණාව තමයි පස්වැන්න. මොකක්ද ඒ, ‘මනා හේතුයෙන්ම අර්හත්වය පළ කෙරෙයි’. අර හාමුදුරුවෝ මොන කපටිකමක්ද බලන්න කරලා තියෙන්නේ. පහක් තියන තැන හතරක් කියලා එකක් සඟවපු එක කිවුවොත් උන්වහන්සේට අවාසියි. උන්වහන්සේ ධර්මය තම ආත්ම සුඛ විහරණය සඳහා යොදාගෙන. මා එයට විරුද්ධයි. බුද්ධ වචනය තම යහපත පිණිස විකෘති නොකළ යුතුයි.

 

 


ප‍්‍රශ්නය: ශාස්ත‍්‍රපති හෑගොඩ විපස්සි හිමියන් අභියෝගයට සූදානම් බව ප‍්‍රකාශ කර තිබුණා. ඔබවහන්සේ සූදානම්ද?
පිළිතුර:
උන්වහන්සේ කැමති  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක මම සූදානම්. ධර්මය එළිවිය යුතුයි. එය නොවැසිය යුතුයි. මඩ ගහන්නේ නැතුව ධර්ම සංවාදයකට එන්න. අද රූපවාහිනී මාධ්‍ය තියනවා. ඒ මාධ්‍යයකට කළ හැකියි. එතකොට රටේම, ලෝකෙම ජනතාවට දැක බලා ගන්න පුළුවන්. හැබැයි ඇවිත් බොරු කියන්න බෑ. එහෙම වුණොත් මම හේතු කාරණා සහිතව ඔප්පු කරනවා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා බලාගන්න පුළුවන්.

 

 

 

 



අදහස් (0)

බුදුදහමේ ඇත්ත සොයා ගිය හැටි

පාලින්ද Saturday, 04 January 2014 05:22 PM

බුදු දහමේ උගන්නවන සත්‍ය කියන්නේ මොකද්ද කියලා අපිවත් තවම හරියට දන්නේ නැහැ (දී)

:       0       0

සුරාජ් Tuesday, 14 January 2014 10:42 AM

ඔබ උන්වහන්සේ මේ ආත්මයේදීම නිවන් දකිත්වා (දී)

:       0       0

අශෝකා Saturday, 04 January 2014 05:42 PM

විදර්ශනා භාවනාව වඩන්න නිවන් දකින්න පහසු වේවි (දී)

:       0       0

ජාගුරු Saturday, 04 January 2014 05:43 PM

සිවුරේ පාට අමුතු ඇයි? (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 04 January 2014 12:39 AM

ඔබ වහන්සේ රහත් වුවද නැති වුවද අපට කමක් නැත. අපට සුපුරුදු ලෙස නිතර ධර්මය දේශනා කරනු මැන. අපට වැදගත් එයයි. (නදී)

:       0       0

මිතිල Saturday, 04 January 2014 08:13 PM

ඇත්තටම මේ කියන ඒවා බොරු නේ හාමුදුරුවෝ ප්‍රකාශ කරන විදිහටම සත්‍ය සගවන්න බැහැ

:       0       0

කමල් Sunday, 29 December 2013 07:18 PM

සත්‍ය වශයෙන්ම රහත් වී ඇත්නම් තවත් ජනතාව අපහසුතාවයට පත් නොකර ප්‍රාතිහාර්යයක් හෝ සුදුසු ස්ථානයකට ඇවිත් පෙන්වීම යහපත්. මන්ද ධර්මය පරිහාණය හා බුද්ධ ශාෂනයේ විනාශය වැලැක්විය යුතු බැවිනි. මෙම හිමිට මාගේ මෙම ඉල්ලීම හොදින් අවබෝධ වේවි. මන්ද එතුමා රහතන් වහන්සේ කෙනෙකු යැයි එතුමන් දන්නා බැවිනි. (නදී)

:       0       0

සුනිල් Sunday, 05 January 2014 12:01 AM

මම ඔබ වහන්සේ කියන දේ පිලි ගන්නවා (දී)

:       0       0

ප්‍රියන්ත එදිරිසිංහ Monday, 30 December 2013 04:03 PM

උන් වහන්සේගේ ප්‍රකාශය 100% නිවැරදියි. (ත)

:       0       0

සමන් Thursday, 02 January 2014 02:38 AM

මෙය ආනන්තරීය පාපකර්මයක්. (ත)

:       0       0

ජගත් සෞදි Sunday, 29 December 2013 09:07 PM

උන්වහන්සේ රහත් වෙලාද, නැද්ද කියලා කියන්න තරම් විශිෂ්ට ඝනයක් මට නම් නැහැ. නමුත් අපි වැරදි වැටහිමක් ඇති කර ගත්තොත් පව් පුරවාගන්නේ අපිමයි. උන්වහන්සේ රහත් හෝ නොවී හෝ වේවා උන්වහන්සේට මම නමස්කාර කරමි. ඒ උන්වහන්සේ සම්මා සම්බුදුන්ගේ ධර්මය දේශනා කරන නිසා. ධර්මය බුදු රජාණන් වහන්සේගේද ගුරු වන්නේය. මගේ පිළිතුරෙන් කිසිවෙකුට හෝ හානියක් සිදු නොවේවා!(නදී)

:       0       0

සම්පත් Monday, 30 December 2013 04:39 PM

රැඩිකල් කතා බන නෙමේ. (ත)

:       0       0

මාලක Wednesday, 01 January 2014 08:14 AM

උන් වහන්සේ රහත් උනත් නැතත් වෙන අයට ප්‍රශ්නයක් නැහැනේ. ඔබ වහන්සේ කියන දේ අපට හොඳට වැටහෙනවා. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔවැනි දේ තිබුනා. කියන දෙයක් කියන්න ඇරලා ඔබ වහන්සේ දර්මය බෙදා හරින්න. අපි ඔබ වහන්සේ සමගයි. දීර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේට.(නදී)

:       0       0

සුරන්ජිත් Sunday, 05 January 2014 07:36 AM

මට මර බයක් දැනේ අනේ හාමුදුරුවනේ අපිව බේරගන්න (දී)

:       0       0

නාලක Saturday, 04 January 2014 09:33 AM

යම් දේශනාවක් අහනකොට සිත නිවෙනවානම් එසේ මට දැනුනේ මේ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවලින් පමණයි. (ත)

:       0       0

ගමගේ Sunday, 29 December 2013 10:40 PM

මේ හාමුදුරුවන් උගත් හාමුදුරු නමක්. ඉතාම පැහැදිලි ධර්මාවබෝදයක් ඇති කෙනෙක්. බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයට වඩා සමාජ ආර්ථික තත්ත්ව වෙනස් නිසා ඒ කාලේ දේවල් අදට ගැලපෙන්නේ නැහැ. මෙතුමන් වහන්සේ නිවන් දැක්කත් නැතත් ඒක එතුමන්ගේ ප්‍රශ්නයක්. සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට ගෝචර නොවෙන දේවල් පිළිබඳ මිනිස්සු කුලප්පු කරන එක අනිත් හාමුදුරුවරු නොකළ යුතුයි.(නදී)

:       0       0

ජානි Monday, 30 December 2013 06:54 PM

ඉස්සෙල්ලම වාදයකට එන්න කියා අභියෝග කලේ මේ හාමුදුරුවොයි. විපස්සි හාමුදුරුවෝ කලේ ඒක පිළිගැනීමයි (නදී)

:       0       0

සෑම් Sunday, 29 December 2013 11:25 PM

පිටිදුවේ හිමියන් රහත් උනත් නැතත් අපට කම්නැත. නමුත් උන්වහන්සේ බුදු බන දේශනා කරනවා .එය ඉතාමත් අර්ථ සහිතයි. අපට අවශය ධර්මය ඉගෙන ගැනීමයි. අනික සියලු රහතුන්ට ඉර්දි ප්‍රාතිහාර්‍ය පාන්න බැහැ. අනික තථාගතයන් වහන්සේ එය නොකල යුතුයි වදාළා.(නදී)

:       0       0

චින්තක Monday, 30 December 2013 07:58 PM

සෑම් ගේ කතාවට එකගයි... අපිට අවශ්‍ය නිවැරදි ධර්ම දේශනාව(දිල්)

:       0       0

ශ්‍රියානි Monday, 06 January 2014 12:12 AM

අපිත් කොහොම කොහොම හරි සසර කෙටි කරන්න උත්සාහ කරමු (දී)

:       0       0

සමීර Tuesday, 31 December 2013 03:24 PM

උන්වහන්සේගේ රහත් බව පිලි ගන්න අවශ්‍යත් නැහැ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නැහැ. නිදහස් මනසින් මේ කියන දේවල් අහලා බලන්න. උන්වහන්සේගේ ලිපි කියවලා බලන්න. ජීවිතයට අරගන්න තියෙන දෙය එකතු කරගන්න. ඒ දේවල් පුරුදු කරලා බලන්න. නිකන් මිනිසුන්ට බැනලා පව් පුරෝ ගන්නේ නැතුව කළ යුත්ත එයයි. එතකොට උන්වහන්සේ රහත්ද නැද්ද කියලා තේරෙයි.(නදී)

:       0       0

චරිත් Sunday, 29 December 2013 01:23 PM

බලන්න උන්වහන්සේගේ තෙවැනි ඇස පෙනෙනවා මේ ෆොටෝ වල.(නදී)

:       0       0

තිස්ස Thursday, 02 January 2014 11:31 AM

රහත් විම ඹබ වහන්සේටම වු පිහිටකි. ඹබ වහන්සේගේ දැනුමම අපිට පිහිටකි. ඹබ වහන්සේ ඉදිරියට විත් ජනයාට ධර්මය අවබෝධ කරවිමට මග පෙන්වන්න. (නදී)

:       0       0

සිල්වා Monday, 30 December 2013 09:10 AM

මජ්ජිම නිකාය ජබ්බිශෝධන සුත්‍ර.ය.."මහණෙනි, යම් මහණෙක් සියලු කෙලෙසුන් නසා අරිහත්වයට පත් වුවා යයි අරහත්වය ප්‍රකාශ කරයි. මහණෙනි ඒ වදන් පිළි ගැනීම ද නොකරන්න, ප්‍රතික්ෂේප ද නොකරන්න. ඔහු සමඟ සාකච්ඡා කොට ප්‍රශ්න කරන්න.." බුදු වදන මෙයයි.. අනික බුදුන් වහන්සේ මැජික් පෙන්නුවේ නැහැ... මේකට හොඳ උදාහරණයක් තියෙනවා මජ්ජිම නිකායේ, මහා සීහනාද සුත්‍රයේ..බුදුන් වහන්සේ ළඟ අවුරුදු 3ක් උපස්ථාන කළ ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත නම් භික්ෂුව අවසානයේ බුදුන් වහන්සේ තමන්ට සෘද්ධි ප්‍රාතිහාර්යය පෙන්වුයේ නැති නිසා බුදුන් වහන්සේට බැන වඳිමින් මෙසේ කියමින් යන්න ගියා.."ශ්‍රමණ ගෞතමයා හට ඔය කියන උත්තරී මනුෂ්‍යමය ධර්මයක් නැත. සෘද්ධි ප්‍රාතිහාර්ය කිරීමට නොහැකිය. බුදු වී ඇතැයි කියන ප්‍රකාශයත් මුසාවකි. ඔහු තමන්ගේ හිතට එන එන දේ කියමින් තර්කයට හරියන ලෙස බණ කියයි. ඒත් ඒ දේශනා අසන්නන්ගේ සිත නිවෙයි." මෙය ආරංචි වූ බුදුන් වහන්සේ දේශනා කළේ " මෝඝ පුරිස ලිච්ඡවී පුත්ත සුනඛත්තට මා බුදු වුනාද නැද්ද යන්න වැදගත් නොවේ.. වැදගත් වන්නේ මා කියන දෙයින් දුක නිවිමයි... ඕක ඉතින් කාට කාටත් හොඳ කතාවක්.. (ස)

:       0       0

සුමිත් Monday, 30 December 2013 10:12 PM

උන් වහන්සේ ශ්‍රේෂ්ඨයි (දිල්)

:       0       0

පඬියා Sunday, 29 December 2013 03:29 PM

මුන් වහන්සේගේ මාර්ග ඵල ලාභීත්වය තීරණය කරන්න තරම් පඬියෙක් නෙවෙයි මම. නමුත් දෙපැත්තම පෙන්නලා දාන ලිපි කියවන කොට මට නම් තේරෙන්නෙ මුන් වහන්සේගේ අදහස් ඉදිරිපත් කිරීම් බුද්ධිමත් හා තියුණු බවක් ඇති බවයි.(නදී)

:       0       153

සේරම් Friday, 03 January 2014 08:26 AM

ඔබ වහන්සේ රහත් නම් යහපත ඔබට මම රහත් උනොත් යහපත මට. (නදී)

:       0       0

ඉසුරු ප්‍රදීප් Friday, 03 January 2014 08:54 PM

ඔය හාමුදුරුවෝ ගොඩක් හොද හාමුදුරු නමක්. (නදී)

:       0       16

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 77 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 759 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1297 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 176 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 408 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 576 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site