IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


බදු ගෙවීම් කරඇරීමේ මිථ්‍යාව

මේ දිනවල සංවාදයට ලක් වී ඇති කරුණක් වන්නේ රටේ බදු එකතු කරන ආයතන තම කාර්යය නිසි පරිදි ඉටුකර තිබේ ද යන කාරණයයි.  බදු ගෙවීම මගහැර සිටින විශාල පිරිසක් සිටින බව ද රජයට විශාල බදු ප්‍රමාණයක් එකතුකර ගැනීමට ඇති බව ද, දේශපාලනඥයෝ නිතර කියති.

ඒ නිසාම ඉදිරියේ දී එසේ බදු හිඟ තබා ඇති ආයතනවලින් සහ පුද්ගලයන්ගෙන් එම බදු අයකර ගැනීම ඔස්සේ රටේ සමහර ප්‍රශ්න විසඳාගත හැකි බවට ද නව සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ හැකි බවට ද වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවට ද එම දේශපාලඥයෝ අදහස් ප්‍රකාශ කොට ඇත්තාහ. එබැවින් රජය විසින් අයකර නොගෙන ඇති හා ඉදිරියේ දී අයකර ගත හැකි බදු ප්‍රමාණය පිළිබඳ පවතින සත්‍ය තත්වය දැන ගැනීම ජනතාවට වැදගත් වේ. ඒ සඳහා ඉවහල් කරගත යුත්තේ හුදු ප්‍රකාශ නොව නිවැරැදි සංඛ්‍යාත්මක තොරතුරුය. අද ඇතිව තිබෙන බදු පිළිබඳ සංවාදය සියලු‍ දෙනාටම වැදගත් වන්නේ එම පසුබිම යැයි සිතමි.

ශ්‍රී ලංකාවේ බදු එකතුකර ගැනීම පිළිබඳව මූලික ගැටලු‍වක් වන්නේ බදු පදනම පහළ මට්ටමක පැවතීමයි. එහි අදහස වන්නේ බදු ගෙවන පිරිස අඩු මට්ටමක සිටින බවය. එයට හේතුවී ඇත්තේ බදු ගෙවිය යුතු පිරිස විසින් බදු නොගෙවීම, බදු අඩුවෙන් ගෙවීම සහ බදු වංචා කිරීමය. පසුගිය කාලය තුළ රටට මුහුණදීමට සිදුව ඇති මූලික ආර්ථික ගැටලු‍වක් වූයේ බදු නොගෙවීම, බදු පැහැර හැරීම සහ බදු වංචා කිරීමය. ඒ අනුව කලාපයේ අනෙක් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ බදු ආදායම සෑහෙන කාලයක සිට පහළ වැටී ඇති බව පෙනේ.

රටක බදු මට්ටම කවර ආකාර ද යන්න හඳුනා ගැනීම සඳහා වැදගත් වන දර්ශකයක් වන්නේ රටේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස බදු අනුපාතය කොපමණ වේ ද යන්නයි. රටේ ආදායමෙන් අවම වශයෙන් සියයට 15ක බදු ප්‍රමාණයක් අයකර ගතයුතු බව ලෝක බැංකුව වැනි ආයතනවල අදහස වී ඇත. කෙසේ වුවද දියුණු රටවල ආදායමෙන් සියයට 33 දක්වා පමණ බදු අයකර ගන්නා ආකාරය දැකිය හැකිය.

1959 සිට 2021 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16ක ප්‍රමාණයක බදු ආදායමක් රජය විසින් ලබාගෙන තිබේ. කෙසේ වුවද පසුගිය කාලයේ දී බදු ආදායම විශාල ලෙස පහත වැටුණි. 2020 වසරේ දී බදු අනුපාතය සියයට 8.1 ක්ද 2022 වර්ෂයේ දී සියයට 7.2ක්ද විය. එය ලොව රටක අඩුම බදු අනුපාතය ලෙස සමහර මාධ්‍ය වාර්තා මගින් හඳුන්වා දී තිබුණි. රටේ බදු විශාල ලෙස අඩු කිරීම සහ කපා දැමීම නිසාත්, කෝවිඩ් වසංගතය හමුවේ බදු ගෙවීම අඩාළවීමත් නිසා මෙවැනි තත්වයක් උද්ගත විය. එබැවින් මෙම තත්වය වළක්වා ගනිමින් රටේ බදු ආදායම ඉහළ නංවා ගැනීම රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව ඇත.

එසේ වුවද ගැටලු‍ව වූයේ 2022 වසරේ දී බංකොලොත්භාවයට පත් රටක මහජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටියදී ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න යන්නයි. පීඩනය අවම මට්ටමකින් පවත්වාගෙන යමින් රට තවදුරටත් ආර්ථික වශයෙන් දුබලවීමට ඉඩ නොතබා සුදුසු බදු ප්‍රතිපත්තියක් වෙත අවතීරණය වීමට රටට සිදුව තිබුණි. රජය විසින් පසුගිය වසර කිහිපය තුළදී බදු ක්‍රමයේ සංශෝධන කීපයක්ම සිදු කරන ලදි. උපයන විට බදු ගෙවීමේ ක්‍රමය නැවත හඳුන්වාදීම, නව බදු ක්‍රම කීපයක් හඳුන්වාදීම සහ වැට් බදු අනුපාතය ඉහළ දැමීම එම සංශෝධන අතර වේ. 2024 වසරේ මාර්තු මාසය වනවිට එය සියයට 10.5 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවිය.

එක අතකින් ඒ තුළින් ජනතාවට දැඩි පීඩනයක් එල්ල වූ අතර අනෙක් අතින් රජයට එරෙහිව විවේචන ද දැඩි විය. එසේ වුවද රට බංකොලොත් බවින් මුදාගෙන ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කිරීමට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ආදායම වැඩිකර ගැනීම සඳහා බදු අංශයේ සිදු කරන වෙනස්කම් සම්බන්ධයෙන් රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් යම් එකඟතා ඇතිකර ගැනීමට සිදුවිය. බදු ක්‍රමයේ වෙනස්කම් සිදුකරන ලද්දේ එම එකඟතාවලට අනුකූලව ය.

රජය විසින් මේ ආකාරයට බදු සම්බන්ධයෙන් ඇති කරන ලද වෙනස්කම් හේතුවෙන් රජයේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට හැකිවිය. කෙසේ වුවද විපක්ෂයෙන් එල්ල කළ චෝදනාවක් වූයේ රජය බොහෝ පිරිසකට බදු නොගෙවා සිටීමට අවස්ථාව සලසා දී ඇති බවත් ඒ හේතුවෙන් රජයට ලැබිය යුතු ආදායම නොලැබෙන බවත්ය. විවිධ පුද්ගලයන් විසින් ඒ හා සම්බන්ධව විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබුණි. සමහර සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරන ලද්දේ අතිවිශාල බදු ප්‍රමාණයක් නොගෙවා ඇති බවයි.

සමහර දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයෙන් පසු තම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට එම හිඟ බදු මත බලාපොරොත්තු තබා  ඇති බවක් පෙනේ.  හිඟ බදු එකතු කරගෙන  රට  ගොඩනංවන  බව  සමහර  නායකයන්  ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවද රටේ බදු ගෙවීම සම්බන්ධයෙන් එබඳු තත්වයක් නොපවතින බව බදු එකතු කරන ආයතන තුනේ ප්‍රධානීහු පෙන්වා දුන්හ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2024 අගෝස්තු මස 26 වැනිදා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් රටේ වර්තමාන බදු ආදායම පිළිබඳව සමාලෝචනයක් රට හමුවේ තබන ලදි. ඔවුන් විසින් රටේ ආදායම් බදු එකතු කිරීම පිළිබඳ සැබෑ තත්වය පැහැදිලි කරදෙන ලදි. සෑම ආයතනයක්ම මේ වසරේදී නියමිත බදු ඉලක්ක සම්පූර්ණ කරගෙන තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2024 වසරේ දී අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2024 ක් වන අතර මේ දක්වා කාලයට අදාළ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට හැකිවී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ 2024 ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232 ක් වන අතර මෙම වසරේ අගෝස්තු වන විට රුපියල් බිලියන 132.7 ක ආදායමක් ලබාගෙන තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1533 ක් වන අතර අගෝස්තු මාසය වන විට රුපියල් බිලියන 963.7 ක් උපයාගෙන තිබේ. 2023 වසරේ දී මෙම ආයතන තුන රුපියල් ට්‍රිලියන 03 ක බදු ආදායමක් ලබාගෙන ඇති අතර එය වාර්තාගත ආදායමකි. අනෙක් අතට ආදායම් ඉලක්ක ඉක්මවා යාමකි. හිඟ බදු ප්‍රමාණය අවම මට්ටමකට ගෙන ඒමට එම ආයතනවලට හැකියාව ලැබී ඇත. උදාහරණයක් ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල රුපියල් බිලියන 90 ක් පමණි.

මෙම ආයතන ප්‍රධානීන් විසින් පෙන්වාදෙනු ලැබුවේ රටේ බදු ක්‍රමය බදු නීති විසින් නියාමනය කර ඇති බව ද බදු පැහැර හැර ඇති විට අනුගමනය කළ යුතු පිළිවෙත් බදු නීතිවල ඇතුළත්ව තිබෙන බවත්ය. ඒ අනුව බදු පිළිබඳ ආයාචනය කිරීමට විධිමත් පිළිවෙතක් සකස්ව තිබෙන බවත් බදුකරුවන්ගේ අභියාචනා නොපිළිගත් විට උසාවි වෙත යෑමට ඉඩ තිබෙන බවත්ය. බදු අයකර ගැනීම සම්බන්ධ මෙවැනි තත්වයක් පැවතීම නිසා සමහර බදු නිසි පරිදි නියමිත කාලය තුළදී අයකර ගැනීමට නොහැකි බවය. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් සියයට 3 ත් සියයට 5ත් අතර හිඟ බදු ප්‍රමාණයක් පවත්නා බවත් ශ්‍රී ලංකාවේ තත්වය එයට වඩා වෙනස් නොවන බවත්ය.

ශ්‍රී ලංකාව දැන් ගත කරන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් වෙනදා පැවැති නිදහසේ කටයුතු කිරීමේ අවස්ථාවෙන් බැහැරවය. රට බංකොලොත් බවින් මුදාගැනීම සඳහා ඇතිකර ගන්නා ලද අයිඑම්එෆ් ගිවිසුමේ කොන්දේසිවලට අනුකූල වන අයුරින් ආර්ථික කටයුතු හැසිරවීමට සිදුව තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රටේ ආර්ථික කටයුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතනවලත් අපට ණය දී ඇති රටවලත් නිරන්තර අවධානයට සහ නිරීක්ෂණයට ලක්ව තිබීමයි. එවන් තත්වයක් තුළ ඇතැමුන් සිතන ආකාරයේ බදු සහන හෝ බදු පැහැර හැරීම්වලට සමාව දීමේ හැකියාවක් නැත. එවැනි තත්වයක් ඇති වුවහොත් රටට මුහුණදීමට සිදුව තිබෙන ක්ෂණික අවදානම වන්නේ අයිඑම්එෆ් සමග ගිවිසුම අහෝසිවන තත්වයක් ඇතිවීමයි.

රටේ සාමාන්‍ය තත්වයක් පවත්නා විට අයිඑම්එෆ් සමග ගිවිසුම අහෝසිවීම දරුණු ආකාරයේ ගැටලු‍වක්වීමට ඉඩ තිබේ. මීට පෙර ද සමහර අවස්ථාවල අයිඑම්එෆ් වෙතින් ණය ලබාගත් ගිවිසුම් අහෝසි වූ අවස්ථා තිබේ. එහෙත් අද එවැනි තත්වයක් ඇතිකර ගැනීමට නොහැකිය. බංකොලොත් බවින් සම්පූර්ණයෙන් අත් මිදී රටේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ මට්ටමකට ගෙන ඒමට නම් අයි.එම්.එෆ්. ගිවිසුම අවසානය දක්වාම එකඟ වූ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවේ. එවැනි තත්වයක් තුළ බදු පැහැර හැරිම හෝ නොගෙවා සිටීම සඳහා ඉඩක් ලබාදීමට නොහැකි බව පැහැදිලි වනු ඇත. විශාල බදු හිඟයක් පවතින බව ප්‍රකාශ කරමින් ඒවා ලබාගැනීම ඔස්සේ රට සංවර්ධනය කිරීමට හැකි යැයි ප්‍රකාශ කිරීම අමුම අමු මුළාවක් බව පෙන්වාදිය යුතුව ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (4)

බදු ගෙවීම් කරඇරීමේ මිථ්‍යාව

Swene Haputhantirige Wednesday, 28 August 2024 01:05 PM

ජනපතිගේ උපදේශක තනතුරුවල පහසුකම් සහ වරප්‍රසාද විඳිමින් කරන ජොබ් එක තමයි ජනපතිට වාසි වන විදියට පත්‍රයට ලියන එක. අපේ බදු මුදල් යන්නේ ඕවාට නේද?

:       7       23

ජනරළ Thursday, 29 August 2024 03:54 PM

හනේ මේ මහාචාර්යතුමා ඔබතුමා මේ ලිපිය පලකලාට පස්සේ අන්න අනිත් පැත්තෙන් ඔබේ සදාදරණිය නායක තුමා අද කියනවා උපයන විට අයකරන බද්ද සංශෝධනය කරනවලු. එයාටත් දැන් තමයි රත්වෙගන එන්නේ. ඔයා මේ මෙහේ ගහන බදු ගැන වර්ණනා කරනවා.

:       1       4

de silva Friday, 30 August 2024 10:10 AM

ආදායම් බදු නිලධාරීන්ගේ හෙළුව කෝප් කමිටුවේදී මුළු රටටම හෙළිවුණා. ආදායම් බදු නිලධාරීන්ගෙන් 95% දුෂිත බව මුළු රටම දන්නවා. ඔය ලිපි ලියලා හොරුන්ට සුදු හුණු ගෑවාට ජනතාව දන්නවා ඇත්ත...!

:       2       9

wimal Monday, 02 September 2024 07:00 AM

ඔබතුමා කවුද කියලා දන්න නිසා ඔය ලිපිය අපරාදේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 702 2

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 112 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 234 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 444 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 100 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 78 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 430 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 478 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 974 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site