IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බදු ගැහිල්ල ජනතාවට ගැහිල්ලක

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ බලපෑම, 20 වැනි සංශෝධන කෙටුම්පතේ තත්ත්වය, ජ.වි.පෙට විමල් වීරවංශ නගන චෝදනා, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය, විපක්ෂනායකට එරෙහි චෝදනා ගැන ජවිපෙ මතය, මැයි 8 පාර්ලිමේන්තුවේ සිදුවන දේ හා රුපියලේ කඩා වැටීම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාය.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ විවිධ අර්ථකතන කෙරෙද්දී ජනාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණේ එය සිදුකළේ පාර්ලිමේන්තුවේ නිසලබව රැකගැනීමේ අරමුණෙන් කියලයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ජ.වි.පෙ පිළිගන්නවාද? 


පිළිතුර:- ඇත්තටම සසල වෙලා හිටියේ ජනාධිපතිතුමයි. ඒ නිසා මේ කල්තැබීම සිදුකළේ ඒකට උත්තරයක් හැටියටයි. මේක රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් නිසාවත් බඩු මිල පිළිබඳ ප්‍රශ්නයක් නිසාවත් බදුබර පිළිබඳ ප්‍රශ්නයක් නිසාවත් රටේ ජනතාවට තිබෙන පීඩනය අවම කිරීමේ පිළියමක් හැටියට ගත්ත ක්‍රියාමාර්ගයක්වත් නෙවෙයි. ඉතා පැහැදිලිවම ජනාධිපතිවරයා මේ මොහොතේ මුහුණ දී තිබෙන දේශපාලන අර්බුදය, ඔහුගේ පක්ෂයේ 16 දෙනෙකු විපක්ෂයේ අසුන්ගැනීමට ගත් තීරණය, විශ්වාසභංගයේදී නිර්මාණය වූ දේශපාලන තත්ත්වය යන සියල්ල විසින් තමයි මේ තීරණය ගන්නට ඔහු පෙළඹුවේ. මේක පාර්ලිමේන්තුවේ සසලවීමක් නිසා ගත් තීන්දුවක් යැයි අපි කිසිසේත් හිතන්නේ නෑ.

ප්‍රශ්නය:- වාරාවසාන කිරීමේ තීන්දුව පාර්ලිමේන්තුවේ කමිටුවලට බලපාන බවට නැගුණු මතය සමඟ ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේ එය පාර්ලිමේන්තුව විසින්ම බේරාගත යුතු කරුණක් බවයි. ඇත්තටම මෙහි බලපෑම මොන වගේද?

පිළිතුර:- පාර්ලිමේන්තුවේ සැසිවාරයක් කල්තබනවා කියන්නේ ලොකු දේශපාලන තීන්දුවක්. හරියට ජනවරම කල්තබනවා වගේ වැඩක්. පාර්ලිමේන්තුවට පැවැරුණු ජනවරමක් තිබෙනවා. පාර්ලිමේන්තු අණ පනත් සැකැසීම් කාරක සභා කටයුතු සිදුවන්නේ ඒ අනුවයි. පුංචි උදාහරණයකට ගත්තොත් පෙස්සම් කාරක සභාවට ඉදිරිපත්ව විභාග වෙමින් පැවැති පෙස්සම් අවලංගු වෙනවා. සමහරු විශ්‍රාම ගිහින් මියයාමට ආසන්න අවසාන කාලයේ ජීවත් වන මිනිස්සු. එතකොට ඒ වගේ මිනිස්සු පෙස්සමක් නැවත අලුතින් පටන්ගන්නකොට කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාස ගණනාවක් ඇදෙන වැඩක් බවට එය පරිවර්තනය වෙනවා. කෝප් කාරක සභාව ගත්තත් එහෙමයි. අපි කැඳවීමට නියමිතව තිබූ ආයතනවල විමර්ශන නතර වෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබූ මහජන ප්‍රශ්න න්‍යාය පුස්තකයෙන් ඉවත් වෙනවා. කාරක සභාවලට සභාපතිවරු යළි පත්කිරීමට වෙනවා. හැබැයි නැවත පාර්ලිමේන්තුව 8 වැනිදා රැස්වෙනකොට ජනාධිපතිවරයා අපේක්ෂා කළ පරිදි සසලභාවය නිසල වෙලා තියේවි කියලා මම හිතන්නේ නෑ. නැවත තියෙන්නෙත් පරණ පාර්ලිමේන්තුවමයි. එකම දේ තමයි මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා රටේ ආර්ථික ස්ථාවරයක් හදනවා, මාස 60 න් රට හදනවා, අලුත් ශ්‍රී ලංකාවක් වගේ කතා ඔක්කොම බොරු බවට පත්වෙලා තියෙනවා. ආණ්ඩුව මේ වගේ කතා කී බවක් දැන් මිනිස්සුන්ට මතකත් නෑ.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කාරණයට අත ගසා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. 20 වැනි සංශෝධනයේ දැන් තත්ත්වය කෙබඳු ද?

පිළිතුර:- අපි අත ගැහුවෙ ආණ්ඩුව අත නොගහන නිසයි. මේ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ විධායක ජනාධිපති ධූරයේ සිටින අන්තිම පුද්ගලයා තමන් යැයි කියලයි. මේ ජනාධිපතිවරයාට තිබෙන්නේ විධායක ජනාධිපති ධූරය සහමුලින්ම අහෝසි කිරීමට ලද ජනවරමක්. ඒ නිසා ඇත්තටම මේ සංශෝධනය ගේන්න ඕනෑ අපි නෙවෙයි ආණ්ඩුවෙන්. මේ යෝජනාව දැන් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා තුනෙන් දෙකකින් සම්මත කරලා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ලා විධායක ජනාධිපති ධූරය අහෝසි නොකළොත් නැවතත් කෙටි කාලයකින් විධායක ජනාධිපතිවරයකු තේරීමේ ඡන්දයකට යන්න වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ජනවාරි 8 ජනවරමට පිටුපෑමක්. පාර්ලිමේන්තුවට රැස්වුණාට පස්සේ මැයි මාසේ අවසානය වනවිට මේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලුකරන්න පු`ඵවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.  

ප්‍රශ්නය:- අනෙකුත් පක්ෂ සමඟ මේ ගැන සාකච්ඡා කළා ද?

පිළිතුර:- මෙතැනදි අපිට මූලික යෝජනාවක් ඕනෑ. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන කරුණු සලකා බලා ප්‍රායෝගිකව විධායක ජනාධිපති ධූරය අවසන් කිරීම සඳහා හැකියාවක් සහිත යෝජනාවක් බවට පත්කරලා අපි එය අනෙකුත් පක්ෂවලටත් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ අපට මේ ගැන සාකච්ඡා කරන්න වෙනවා. දැනටම ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ කණ්ඩායම මේ යෝජනාවට සහාය පලකරන බව පවසා තිබෙනවා. 

ප්‍රශ්නය:- 13 වැනි සංශෝධනය පවතිද්දී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් රට තවත් අර්බුදයකට යන බව කියමින් ජාතික නිදහස් පෙරමුණ මීට විරෝධය පළ කරනවා. විමල් වීරවංශ හරහට හිටීම වැඬේට බාධාවක් වෙන හැඩයි නේද?

පිළිතුර:- ඔය විමල් වීරවංශලා 1995 දි ජනතා විමුක්ති පෙරමුණේ හිටියනෙ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොටත් මේ විධායක ජනාධිපති ධූරයත් තිබුණා. 13 වැනි සංශෝධනයත් තිබුණා. මේ පළාත් සභාමයි තිබුණෙ. මේ සාධක මෙහෙමම තිබෙද්දී 1994 ජනතා විමුක්ති පෙරමුණේ හැම වේදිකාවකදිම ඔහු කතා කළේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නයි. 1995 ජූලි මාසෙ 15 වැනිදා වනවිට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට එකඟව තමන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයා ඉවත්කරගත්තා. 1999 දි නන්දන ගුණතිලක ඉදිරිපත් කළා. 2004 දි මහින්ද රාජපක්ෂ සමඟ එකඟතාවයකට ඒමට කටයුතු කළා. එතකොටත් ඔය ප්‍රශ්නය තිබුණා නේද? එතකොට තමන් ඉන්න තත්ත්වය අනුව ප්‍රශ්න වෙනස්වෙන්නෙ කොහොමද? කන්න ඕනෙ වුණාම කබරයත් තලගොයා කරන් කන න්‍යායක් මේ තියෙන්නේ. 1994, 1999, 2004 දි පළාත් සභා විතරක් නෙවෙයි. පළාත් සභාවලටත් වඩා බලතල ඉල්ලපු එල්.ටී.ටී.ඊ සංවිධානයත් තිබුණා. වෙනම රාජ්‍යක් ඉල්ලන පිරිසක් සිටිද්දිත් ඔහු කිව්වෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලයි. 

ප්‍රශ්නය:- විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් ජ.වි.පෙ කරන්නේ ඒකීය රාජ්‍ය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක් යැයි කෙලින්ම චෝදනාවකුත් එල්ල කරනවා නේද?

පිළිතුර:- මම මේකට උත්තර දෙන්නේ අර දේශපාලන අනාථයන්ට දෙන උත්තරයක් හැටියට නෙවෙයි. තමන්ට පය ගහගන්නවත් තැනක් නැති වුණාම කොහේ හරි අත්තක එල්ලෙනවා. තමන්ගෙ හොරකම්, වංචා, දූෂණ, පාස්පෝට් ගනුදෙනු ඔක්කොම හෙළිදරව් වෙලා රට ඉස්සරහ කුජීත වෙලා ගියාට පස්සේ අවලංගුවීමෙන් වළකින්න විවිධ කතා කියෝනවා. ඒ අයට දෙන්න උත්තර නෑ. අපේ රටේ ජනතාවට අපි කියන්නේ ජ.වි.පෙ කරන්නේ කුමක්දැයි ඔබ බලා සිටින්න. ජනතා විමුක්ති පෙරමුණ රටට කවදාවත් හතුරු වෙච්ච පක්ෂයක් නෙවෙයි. මේ රටේ ජාතික සමගියට හානි කරපු පක්ෂයක් නෙවෙයි. මේ රට බෙදන්න කටයුතු කළ පක්ෂයක් නෙවෙයි. අපි මේ ක්‍රියාමාර්ගය ක්‍රියාවට නගද්දී ඇත්ත තත්ත්වය මොකක්ද කියලා ජනතාවට තේරේවි. 

ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඇතිකරන්නේ මොන වගේ බලපෑමක් ද?

පිළිතුර:- දැනට ඉන්න ජනාධිපතිවරයාට මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නෑ. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ බලයේ සිටින කෙනාගේ ධූරය නෙවෙයි. 2020 ජනවාරි 8 වැනිදායින් පසුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළවයි මේ සියල්ල වෙන්නේ. අනෙක් අතට රටක ව්‍යවස්ථා සංශෝධනයක් පුද්ගලයෙකු දිහා බලාගෙන කරන්න බෑ. ඉන්න කෙනාට කොහොම වේවිද එන්න ඉන්න කෙනාට කොහොම වේවිද කියලා බලාගෙන ඒවා කරන්න බෑ. ව්‍යවස්ථා හදන්නේ රටේ ජනතාවට මිසක එක එක පුද්ගලයන්ට නෙවෙයි. අවාසනාවට අපේ රටේ ඉතිහාසය පුරාම ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා තියෙන්නේ පුද්ලයන් තමන්ගේ පැවැත්ම ඉලක්ක කරගෙනයි. ඒ නිසා තමයි රටට හෙණ ගහලා තියෙන්නේ. 

ප්‍රශ්නය :- ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පදවියට පත්කර නැවතත් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ උපක්‍රමික වෑයමක නිරත වන බවට ජ.වි.පෙ පසුගියදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට චෝදනා කළා. එහෙම නම් මේ දේශපාලන කඳවුරුවල ගැටුම ජ.වි.පෙ වෑයමට බලපාන බව පිළිගන්නවාද?

පිළිතුර:- කඳවුරුවල ගැටුමක් තියෙනවා කියලා අපිට දැන් හොඳටම පැහැදිලියි. මේකට විරුද්ධව කතා කරන්නෙත් එක කඳවුරක් නියෝජනය කරන අයනෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ සංශෝධනයට කැමැත්ත පළ කරද්දි ඒ කඳවුරේම අයගෙන් ප්‍රහාර එල්ලවෙද්දී කඳවුරු දෙකක් තියෙනවා කියලා පැහැදිලියිනෙ. හැබැයි ඒ අයගෙ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න ඒ ගොල්ලො විසඳාගන්න ඕනෙ. අපට ඒවා වර්ධනය කරන්නවත් සමනය කරන්නවත් වුවමනාවක් නෑ. හැබැයි මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලෙ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට වගේම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාටත් යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ කියලා බැලූ බැල්මටම පේනවා. හැබැයි දැන් පවතින දේශපාලන වාතාවරණයෙහි මේ ප්‍රධාන පක්ෂවල අයට යම් ආකාරයකට බලයේ ඉන්න හිතන්න හරි පු`ඵවන් වෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් විතරයි. ඒ කියන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අද දේශපාලන යථාර්ථයක්. මෙන්න මේ දේශපාලන දාම් පෙත රටට ජනතාවට වාසිසහගත ආකාරයට සකස් කිරීමට අපි උත්සාහ කරන්නේ එම යථාර්ථය තුළයි. 

ප්‍රශ්නය:- විපක්ෂනායක සම්බන්ධන් මහතාට එරෙහිවත් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඒකාබද්ධ විපක්ෂයට තිබුණා. එහෙත් එය දැන් හකුලාගෙන තිබෙනවා. විපක්ෂනායකවරයාගේ භූමිකාව ගැන ජ.වි.පෙට ඇත්තේ මොන වගේ අදහසක් ද?

පිළිතුර:- සම්බන්ධන් මහත්තයා ජාතික දේශපාලනයක් කරන කෙනෙක් නෙවෙයි. ඔහු විපක්ෂනායකවරයෙකුට වඩා තීන්දු තීරණ ගන්නේ උතුරු නැගෙනහිර ප්‍රාදේශිය දේශපාලනයක් පදනම් කරගෙනයි. මේ නිසා උතුරු නැගෙනහිර දේශපාලනයේ පැවැතීම වෙනුවෙන් සමහර වෙලාවට ආණ්ඩුව එක්කත් හිටගන්න ඔවුන්ට සිදුවෙනවා. 

ප්‍රශ්නය:- එහෙම බැලුවොත් ඒකාබද්ධ විපක්ෂය ගේන්න හදපු විශ්වාසභංගයට පදනමක් තිබෙනවා නේද?

පිළිතුර:- පොදුවේ ගත්තම ගොවින්ගේ ප්‍රශ්න, බඩු මිල ප්‍රශ්න, බදු ප්‍රශ්න, ගං වතුර, ණය, විරැකියාව ආදී ජාතික ප්‍රශ්නවලදී අඩු තරමින් ඔහු උතුරු නැගෙනහිර මිනිස්සු වෙනුවෙන්වත් කතා කරන්නේ නෑ. විපක්ෂයේ කාර්යභාරයක් ඔහු කළේ නෑ කියන එක අපි කාටත් පැහැදිලියි. ඒ එයට විශ්වාසභංග ගෙනැල්ලා බලන්න පු`ඵවන්. මම කියන්නේ මේකයි. අපේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ගේන්නේ විශ්වාසභංග හැටියට නෙවෙයි. විකාරභංග හැටියටයි. ඒවා කෙරෙන්නේ එකේක වෙලාවට තමන්ට තිබෙන දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. 

ප්‍රශ්නය:- මැයි 8 ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත්කිරීමට කටයුතු කරන බවත්, රාජාසන කතාව පරාජය කරන බවත් වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විවිධ ප්‍රකාශ කරනවා. මේ ආකාරයට ආණ්ඩුවට දේශපාලන පරාජයක් උරුම කරන්න විපක්ෂයට මැයි 8 වැනිදා පාවිච්චි කළ හැකිද?

පිළිතුර:- මම දන්න තරමට සැසිවාරය කල් තබලා නැවත පාර්ලිමේන්තුව පටන්ගන්නකොට ඒ හැම වෙලාවකම කතාවක් කරලාත් නෑ. එහෙම කරපු අවස්ථාවල මෑත කාලයේ ඒක ඡන්ද විමසීමකට ලක්කරලාත් නෑ. අපට තීන්දුවක් ගන්න වෙන්නේ එවැනි තත්ත්වයක් උද්ගතවුණොත් පමණයි. දැනට ප්‍රායෝගික වශයෙන් සැසිවාරය ආරම්භ වෙන්නේ රාජාසන කතාවක් හැටියට නෙවෙයි. 

ප්‍රශ්නය:- වසරේ ආර්ථික වර්ධන වේගය 4% යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසද්දී ඩොලරයේ අගය රුපියල් 159 ක් වැනි  ඉහළ අගයකට යනවා. රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවකට ද? 

පිළිතුර:- ඕක තමයි ඇත්ත ප්‍රශ්නය. දැන් තමයි හරි ප්‍රශ්නයට ආවේ. මේ පක්ෂවල දේශපාලනය, පුටුවේ වාඩිවෙන්නේ කවුද, එලවන්නේ කවුද කියලා හොයනවාට වඩා රටක් හැටියට අපි උත්තර හොයන්න ඕනෑ මේ ප්‍රශ්නයටයි. ඇත්තටම රටේ තිබෙන මේ ආර්ථික අර්බුදයට දේශපාලන පිල් මාරු කිරීම්වලින් හෝ පුටු මාරුකිරීම්වලින් උත්තරයක් තිබෙනවාද? ආණ්ඩුව දීපු සියලු ඉලක්ක මේ වනවිට අහෝසි වී ඇති බව අපි සියලු දෙනාම දන්නවා. ආයෝජනවත් ආයෝජකයන්වත් මේ රටට එන්නේ නෑ. ඒ වුණාට මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඉතිහාසයේ විශාලම ණය වාරිකය පොලිය අපි ගෙවන්න ඕනෑ. සාමාන්‍යයෙන් අපි රුපියල් බිලියන 1100 ක් තමයි ගෙව්වේ. දැන් ඒක 2200ට එහා ගිහින් තියෙනවා. දෙගුණයක් වෙලා තියෙනවා. ආණ්ඩුවට දැන් ඒකට සල්ලි කොයින්ද? සල්ලි නෑ. ඉතින් අනිවාර්යෙන්ම ජනතාව මත බදු බර පටවන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙනවා. අලුතින් ගෙනාපු බදු පනත සම්මත වෙද්දී සැප්තැම්බර් 7 අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. මේ බදු ගැහීමෙන් වෙන හානිය වැළැක්වීමට මම පාර්ලිමේන්තුවට යෝජනා 65 ක් ගෙනාවා. එහෙත් රටේ ජනතාව අවදි වුණේ නෑ. දැන් බදු ගහන්න පටන්ගත්තාම ජනතාව අහන්නේ මේවා වෙනස් කරන්න බැරිද කියලයි. අද රක්ෂණ, නීතිඥ, වෘත්තික සියලු ක්‍ෂේත්‍රවල අයට ලැබෙන සියලු දීමනා එකතු කළ අගයකටයි බදු ගහන්නේ. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකුට පවා ඔහුගේ මූලික වැටුපට අමතරව තිබෙන දීමනා, කුලී සියල්ල එකතු කරලා බදු ගහනවා. පෞද්ගලික අංශයටත් එහෙමයි. මේක බරපතළ තත්ත්වයක්. සසල වෙච්ච පාර්ලිමේන්තුව නිසල කරන්න පාර්ලිමේන්තුව කල් දාපු අය සසල වෙච්ච ආර්ථිකේ නිසල කරන්න කරන්නේ මොනවද කියලා අහන්නකෝ.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ 



අදහස් (2)

බදු ගැහිල්ල ජනතාවට ගැහිල්ලක

Bamunuarachchi Monday, 30 April 2018 11:58 PM

රටේ ජනතාව හැටියට අපි දකින්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය රටට අහිතකරයි කියලා. යුද්දය ජය ගැනීමට විධායක ජනාධිපති ක්‍රමය බොහොම උපකාරී උනා. ඊළඟට රටේ ජනාධිපති වන්නේ කවුද කියා හිතෙන විට JVP ය විධායක ජනාධිපති ක්‍රමයට බය බව පමණක් පෙනෙනවා.

:       267       13

ධනුෂ්කTuesday, 01 May 2018 04:45 PM

බමුණු අපි නෙමේ මම කියලා කියන්න. මොකද රටේ බහුතරය දන්නවා මේක රටට ගැලපෙන්නෑ කියලා. එ්කනේ හිටපු ජනාධපතිතුමියත්, ජනාධිපති තුමත් ඉන්න ජනාධිපති තුමත් ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා ජනවරම ඉල්ලදි ජනතාව එ් ජනවරම දුන්නේ. එ් වගේම එ් හිටපු හා ඉන්න නායකයොත් පිළිගන්නවනේ මේක අහිතකරයි කියලා. වැඩේ තියෙන්නේ බලයට අාවම ලෝභ හිතන එකනේ. අනික ඔයා ජේ.වි.පි එකද බයයි කියලා කිව්වේ. කෙසේවෙතත් ජේ.වී.පී එක බය අැති ඔයාගේ හිතේ ඉන්න කෙනා බලයට අාවොත් නැවත එලවන්න පරණ විදියට යන්න වෙයි කියන එක ගැනනම්.

:       23       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 279 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 22 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site