IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


බීමත්කමේ ආදීනව කියාදෙන දුකහිතෙන කතාවක්

30-page1-S2-1    

 

පදවිය රෝහලට පොලිස් කොස්තාපල්වරයෙක් පැමිණියේ පසුගිය සිකුරාදා උදේ වරුවේය.


උදව්වට පැමිණ තිබුණේ ඔහුගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් කෙනෙකි.


සර් මාව බිම වැටුණ. ඒ බිම වැටිච්ච වෙලාවේ මගේ ඔළුව බිම වැදිලා ඔළුව තුවාල වුණා.


රෝහලේ ඕ.පී.ඩී. එකේ ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා සමග කොස්තාපල්වරයා පවසා ඇතැයි කියන්නේ එහෙම කතාවකි.


වෛද්‍යවරයා ඔහු හොඳින් පරීක්‍ෂාකර බලා පවසා ඇත්තේ වාට්ටුවේ නතරකර තබාගෙන ප්‍රතිකාර කළ යුතු බවකි.


“මට එච්චර අමාරුවක් නැහැ. ඩොක්ටර්. මගෙ ඔළුවේ තියන තුවාලයට බේත් ටිකක් දාගෙන ගෙදර යන්නම්. වාට්ටුවේ නවතින්න ඕනෑ නැහැ.”


කොස්තාපල්වරයා එහෙම පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ කීමට අකැමැත්ත ප්‍රකාශ කරමින්ය.


වෛද්‍යවරයා කොපමණ කීවත් ඔහුව වාට්ටුවේ නතරකරගෙන ප්‍රථිකාර කිරීමට එකඟකර ගැනීමට නොහැකි වී ඇත.


අවසානයේ කොස්තාපල්වරයා යන්නට ගියේ ඕ.පී.ඩී. එකෙන් ප්‍රතිකාර ලබාගෙනය.

 

30-page1-S2-2

 


කොස්තාපල්වරයා පදිංචිව සිටියේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පිහිටි බෙල්ලන්කඩවල බෝගහවැව ප්‍රදේශයේය. 


ඔහු රාජකාරි කළේ පදවිය පොලිසියේය. 


වැඩට ආවේ ගියේ යතුරු පැදියෙනි.


පදවිය ඉස්පිරිතාලයේ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන ආ රන්බණ්ඩාගේ උපසේන දිසානායක රාලහාමිගේ රෝගී තත්ත්වය එදා සවස් වන විට හොඳටම වැඩිවී තිබිණි.


දිසානායක රාලහාමි ගෙදර ඇඳක් මත ඉතා අමාරුවෙන් වැතිර සිට ඇත. 


ඔහුගේ කටින් සෙමද පිටවී තිබිණි.


දිසානායක රාලහාමිගේ සුව දුක් බැලීමට ගෙදර ආ ඔහුගේ මිතුරෙක් මේ බව දැක තවත් යහළුවෙකුට කතා කර මේ බව දැනුම්දී තිබේ. 


ඒ යහළුවා ද පණිවිඩය ලැබුණු මොහොතේම නිවසට ආවේ තම මිතුරා වන දිසානායක රාලහාමි ගැන සොයා බැලීමටය.


මචං, රාලහාමිට හොඳටම අමාරු පාටයි පෙනෙන්න තියෙන්නේ. අපි ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන යමු.


දිසානායක රාලහාමිව ත්‍රීරෝද රථයක දමාගෙන පදවිය රෝහලට අරගෙන ගොස් තිබුණේ ඔහුගේ ඒ මිතුරන් දෙදෙනාය.


පදවිය රෝහලෙන් මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදී දිසානායක රාලහාමිව ගිලන් රථයකින් රැගෙන ගියේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතය.


අනුරාධපුර රෝහලට ඔහු රැගෙන එන විට රාත්‍රී 9.00 පමණ වී තිබී ඇත.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්‍ෂාකර බලන විටත් ඔහු ජීවිතයට සමුදී අවසන්ය.


දිසානායක රාලහාමි මියගොස් සිටි නිසා ඔහුගේ සිරුර කෙළින්ම ගෙන ගියේ මෘත ශරීරාගාරය වෙතය.


මේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් කළ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින් ඉදිරිපත් කළේ කැබිති ගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා වෙතය.


අනුරාධපුර  වැඩ බලන මහේස්ත්‍රාත් අරවින්ද හබග්ගල මහතා දිසානායක රාලහාමිගේ සිරුර පරීක්‍ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් පවත්වනු ලැබීය.

 

30-page1-S2-3

 


වැඩබලන මහේස්ත්‍රාත් අරවින්ද මහතා විසින් ලබාදුන් නියෝගයක් මත සිරුර කපා පරීක්‍ෂා කරනු ලැබුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලක මහතා විසිනි.


පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වුණේ පසුගිය 23 වැනි සෙනසුරාදාය.


මොට ආයුධයකින් පහරදීම නිසා හිස් කබලට හානි සිදුවී ශරීර අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුවි ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී කරුණාතිලක මහතා විසින් සිරුර කපා පරීක්‍ෂාකර බලා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.


දිසානායක රාලහාමි රෝහලට ගිය අවස්ථාවේ ඕ.පී.ඩී. එකේ සිටි වෛද්‍යවරයාට පවසා තිබුණේ බිම ඇද වැටීම නිසා තමාගේ හිසට තුවාල සිදුවූ බවය.
අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව එවැන්නක් සිදුවී නොමැත.

Untitled-2
පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව දිසානායක රාලහාමිගේ මරණය සිදුවී ඇත්තේ ඔහු රෝහලේ වෛද්‍යවරයාට කී ආකාරයට නොවේ.


මෙය මිනීමැරුමක් නිසා එසේනම් දිසානායක රාලහාමි මරා දැමුවේ කවුද? කියන උභතෝකෝටික පොලිසිය හමුවේ තිබූ විසඳාගත යුතු ප්‍රශ්නයක් විය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. ආර්. රත්නායක මහතා ප්‍රධාන කණ්ඩායමට දිසානායක රාලහාමිගේ අබිරහස් ඝාතකයා සොයා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දුන්නේ උතුරුමැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ සහ තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක යන මහත්වරුන්ය.


දන්නා කියන කාලයක සිටම දිසානායක රාලහාමි අරක්කු බීමට ඇබ්බැහිවී සිටි අයෙකු බවත් පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.


නිතර අරක්කු බීගෙන වෙරිමරගාතේ ගෙදර එන දිසානායක රාලහාමි තමන්ගේ බිරිඳට විතරක් නොව සමහර අවස්ථාවල දරුවන්ට පවා පහරදීම් කර ඇතැයි එහිදී හෙළිවිය.


බිරිඳට හා දරුවන්ට පහරදීමෙන් නොනැවතුණු ඔහු වෙරි මරගාතේම ගෙදර තිබුණු බඩු මුට්ටු පවා පොළවේ ගසා කුඩු පට්ටම්කර දැමූ අවස්ථාද එමටය.


දිසානායක රාලහාමිගේ ගෙදරින් දවල් රෑ කියා වෙනසක් නැතිව නිතර ඇසෙන අඩ දබර අසල්වාසීන්ට එතරම් අරුමයක් නොවේ.


වෙරි හිඳුණු පසු ඔහු තරම් අහිංසකයෙක් මුළු ගමටම නැත.


මේ පොලිසිය දිසානායක රාලහාමි ගැන සොයාගත් තොරතුරුය.


දිසානායක රාලහාමි බිම ඇදගෙන වැටුණා යැයි කියමින් ප්‍රථිකාර ගන්න පදවිය ඉස්පිරිතාලයට ගිය දවසට කලින් දවසේ රාත්‍රියේද ඔහු අරක්කු බීගෙන ඇවිත් වෙරි මර ගාතේ බිරිඳට හොඳ හැටි පහරදී ගෙදර තිබුණු බඩු මුට්ටු පවා පොඩි පට්ටම්කර දමා ඇති බව පොලිස් නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇත.
පොඩි පුතාගේ යතුරු පැදියට ද දිසානායක රාලහාමි පහරදී අලාභහානි සිදුකර තිබිණි.


කැබිතිගොල්ලෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිය දිසානායක රාලහාමිගේ බිරිඳ සැමියා තමාට හොඳ හැටි පහරදී ගෙදර තියෙන බඩු මුට්ටු පවා පොඩි පට්ටම් කර දැමූ බවට පැමිණිල්ලක් කළේය.


දිසානායක රාලහාමි මරා දැමීමට ගෙදර කාගේ හෝ සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැකකළ පොලිසිය ඒ සැකය ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කළේ ඝාතකයා ගැන කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමටය.


ගමේ දේවාලය ළඟ වැටී සිටි දිසානායක රාලහාමි ඔහුගේ ඥාති පුතෙකු විසින් වත්තම්කරගෙන ගෙදරට ගොස් ඇරලවා ඇති බවත් ඔහු වැටී සිටි ස්ථානයේ ඔහු පැදගෙන ආ යතුරු පැදිය ද තිබුණ බවත් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඒ තොරතුරු ඔස්සේ තව දුරටත් පරීක්‍ෂණ මෙහෙවා ඇත.


දේවාලය ළඟ දිසානායක රාලහාමි වැටී සිටියදී ඔහුගේ හිසේ ලේ ගලන තුවාලයක් තිබූ බව පොලිසිය දැනගත්තේ ඔහුව වත්තන් කරගෙන ගෙදරට ගෙන ගිය තරුණයා සොයාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය.


දිසානායක රාලහාමි පදිංචිව සිටි නිවෙස සිට ඔහුවැටී සිටි තැනට මීටර් 500ක් පමණ දුරක් ඇත.


ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා හෙළිකරගත් තොරතුරු මත අවසානයේ දිසානායක රාලහාමිගේ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගනු ලැබීය.


දිසානායක රාලහාමිට පුතුන් දෙදෙනෙක් සහ එක් දියණියක් සිටී.


වැඩිමල් පුතාගේ වයස අවුරුදු 20ක් වන අතර දෙවැනි පුතාගේ වයස අවුරුදු 18කි. දියණිය අවුරුදු 15ක තරම් වයසේ පසුවන්නීය.


වැඩිමහල් පුත්‍රයා වන ප්‍රභාත් බැකෝ යන්ත්‍ර රියැදුරෙකු ලෙස දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දෙවැනි පුතා සඳරුවන් පාසල් සිසුසැරිය බස් රථයක සහායකයෙක් වශයෙන් රැකියාවක් කරයි.


ඔහුගේ දියණිය තවමත් පාසල් යන දැරියක වූවාය.


සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේය. 


පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.


“මම දඹුල්ලේ ඉන්නකොට අම්මා මගේ හෑන්ඞ්ෆෝන් එකට කතා කරලා කිව්වා. තාත්තා බීගෙන ඇවිත් මට හොඳටම ගහලා ගෙදර තිබුණ බඩු මුට්ටුත් පොඩි කරලා දැම්මා කියා. අපි දන්නා කියන කාලෙක ඉඳලා තාත්තා බීගෙන ඇවිත් අම්මාට හරියට කරදර හිරිහැර කරනවා. පහර දෙනවා. තාත්තාගේ මේ හැසිරීම නිසා මගේ හා මල්ලිගේ අධ්‍යාපන කටයුතු පවා කඩා කප්පල් වුණා.

අම්මා තාත්තාගෙන් නිතර සිද්ධවෙන කරදර හිරුහැර හැම දෙයක්ම ඉවසාගෙන විඳදරාගෙන අපිව හදාවඩා ගත්තා. තාත්තාත් එක්ක හොඳින් පවුල් කන්න අම්මා නොගත් උත්සාහයක් නැහැ. ඒත් වැඩක් වුණේ නැහැ’‘


අම්මා හඬ හඬා තාත්තා ගහපු විදිහ කියද්දී මගේ හිත වාවන්නේ නැතිව ගියා. මම ඒ කතාව අහපු  වෙලාවෙම අම්මා බලන්න ගෙදර එන්න තීරණය කළා. මම දඹුල්ලේ ඉඳලා බස් එකක නැගලා ගෙදර එන්න පිටත්වුණා. බස් එකේ එද්දී මට හොඳටම නින්ද ගොස් තිබූ නිසා බහින තැනත් පසුකරගෙන ගොස් තිබුණා. ඒ හින්දා මම බස් එකෙන් බැහැලා පයින්ම ගෙදර ආවා. මම ගෙදර එනකොට රෑ බෝවී තිබුණා. අම්මා නංගීත් එක්ක අල්ලපු ගෙදරට වී සිටියා.

මල්ලි ගේ ඉස්සරහට වෙලා හිටියා. මම ගේ ඇතුළට ගිහින් බලද්දී තාත්තා නිදාගෙන ඉන්නවා දැක්කා. අම්මයි නංගියි අල්ලපු ගෙදර නිදාගන්න ගියා. මමයි මල්ලි ඥාතියෙකුගේ ගෙදර නිදාගන්න ගියා. තාත්තා ගෙදර තිබුණ බඩු මුට්ටු හා මල්ලිගේ මෝටර් බයිසිකලයට පවා පහරදී අලාභ හානි සිදුකර තිබුණා. ඒත් තාත්තාට ඒ ගැන දොස් කියන්න ගියේ නැහැ.


ඥාතියාගේ නිවස ඉදිරිපිටට වෙලා පහුවදා උදේ ඉන්නකොට තාත්තා එයාගේ මෝටර් බයිසිකලයෙන් අපි ඉන්න තැනට ආවා. තාත්තා පැමිණි මෝටර් බයිසිකලයේ පසුපස අසුනේ විකට් කූරක් ගැට ගසාගෙන ඇවිත් තිබුණා. තාත්තා ඒ විකට් කූර අරගෙන මල්ලිට ගහන්න පටන්ගත්තා. තාත්තා මල්ලීව මරා දමාවි යැයි කියා මට හිතුණා. ඒ නිසා මම තාත්තා අතේ තිබුණ විකට් කූර උදුරලා අරගෙන පහරවල් දෙකක් ගැසුවා. එක පාරක් තාත්තාගේ පිට කොන්ද පැත්තට අනිත් පහර ඔළුවටත් වැදුණා. මරන්න හිතාගෙන මම තාත්තාට ගැහැව්වේ නැහැ. 


පොලිසිය පවසන ආකාරයට දිසානායක රාලහාමිගේ පුතුන් දෙදෙනා ඇතිවූ සිද්ධිය අකුරක් නෑර සිය මව සමග පවසා ඇත.


රාලහාමිගේ බිරිඳ පොලිසියට ගොස් සැමියා තමාට පහරදී ගෙදර තිබූ බඩු මුට්ටු වලට පවා පහරදී අලාභහානි සිදුකළ බවට පැමිණිල්ලක් කර ඇත්තේ ඉන්පසුවය.


පියා ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන විකට් කූර ද පොලිසිය සොයාගත්තේ එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටය.
කාකි නිල ඇඳුමක් හැඳගෙන ධර්ම චක්‍රය සහිත පොලිස් ලාංඡනය උරහිසේ පැලඳගෙන නීතිය හා සාමය රැකීමට දිවිහිමියෙන් කැපවී සිටින මේ පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපය හා හැසිරීම කිසිසේත් පොලිස් නිලධාරියකුට උචිත වූවක් නොවන බව අමුතුවෙන් කිව යුතුව නැත.


“අපි දන්නා කියන කාලේ ඉඳලම තාත්තා අරක්කු බීගෙන ඇවිත් අම්මාට නිතර කරදර හිරුහැර කරනවා. තාත්තා නිසා අම්මා පුදුම  දුකක් වින්දේ. තාත්තා නිසා අයියාට හිරේ යන්න වුණා” යැයි කියා දිසානායක රාලහාමිගේ දෙවැනි පුතා සහ දියණිය කීවේ හැඬූ කඳුළින් යුතුවය.


කෙසේ වෙතත් පියා මරා ලොකු පුතා කරගත්තේ අනන්තරීය පාපකර්මයකි.


අත්අඩංගුවට ගත් සැකකාර ශිරන්ත ප්‍රභාත් දිසානායක නැමැත්තා කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පී.ජේ. ප්‍රභාකරන් මහතා හමුවට පසුගිය 25 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළේය.


සැකකරු පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය බව කියා සිටි නිසා. ඒ අවස්ථාවට සහභාගි කරවීම සඳහා නිවසට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද කර ඇත.


පුතා තමාට විකට් කූරකින් පහර දුන් බව එදා රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා සමග නොකියා බොරුවක් ගොතා කියන්නට ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොව ඇත්ත කිව්වොත් පුතා අමාරුවේ වැටෙන බව පොලිස් නිලධාරියෙක් වශයෙන් ඔහු හොඳටම දන්නා නිසාය.


මේ සේරටම මුල වෙන කිසිම දෙයක් නොව බීමත් කමය. තාත්තාගේ බීමත්කම නිසා භද්‍ර යෞවනයේ පසුවූ තරුණ පුතෙකුගේ මුළු ජීවිතයම වැටුණේ අඳුරු අගාධයකටය.


පොලිස් නිලධාරියකු වශයෙන් පමණක් නොව දරුවන් තිදෙනක් සිටින ආදරණීය පියෙක් වශයෙන් පිතෘත්තවයේ වටිනාකම වගකීම හරිහැටි වටහාගෙන කටයුතු කළේ නම් මේ පොලිස් රාලහාමි අදටත් ජීවතුන් අතරය. ඔහුගේ පුතාට මෙවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑමට සිදුවන්නේ නැත.


කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හේරත්, පොලිස් සැරයන්වරුන් වන පද්මප්‍රිය දිසානායක (950) කොස්තාපල්වරුන් වන ශාන්ත (29862) උපුල් (46384) සහ නවරත්න (47987) යන මහත්වරුන්ද මෙම පරීක්‍ෂණවලට හවුල්වී ඇත.

m



අදහස් (7)

බීමත්කමේ ආදීනව කියාදෙන දුකහිතෙන කතාවක්

ශාන සෞදි Saturday, 06 August 2016 06:23 AM

මෙහි වරද පොලිසියේය. මන්ද අරක්කු ටිකක් බීගෙන පාරේ යන අයට පවා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන පොලිසිය තමන්ගේ නිලධාරීන් විනයනුකූලව හැසිරීමට හැඩගස්වා නොගැනීමය. අනෙක මිනිසුන්ගෙන් ලබාගන්නා අයුතු මුදල් හා මත්වතුර පාවිච්චි කිරීම හා ඒවා ලබාගෙන නඩු මඟහැරීම පොලිසියේ පුරුද්දකි. මේ කරන ක්‍රියා නිසා තම දරුවන් අනන්තරීය පාපකර්මය සිදු කිරීමට හා ජීවිත කාලයටම සිරගතවීම දක්වා විහිදී ගොස් ඇත. (නි)

:       0       0

ෆොන්සේකා Wednesday, 03 August 2016 05:30 AM

ශෝචනීය කතාවක් (ම)

:       0       0

දයානි Friday, 05 August 2016 03:29 AM

හරිම දුක්බර කතාවක් මම දන්න විදිහට මෙවැනි පවුල් ගොඩක් ඉන්නවා.පස්වෙනි සිල්පදය කඩ වු නිසා අද මේ පවුල කොච්චර දුකට පත්වෙලාද.පන්සිල් පද පහ රකිනවානම් මේ මොන කරදරයක් වත් නෑ නේ. (ම)

:       0       0

ශ්‍රියානි Tuesday, 02 August 2016 03:04 PM

පියවරුන්ගේ බීමත්කම නිසා කොපමණනම් පවුල් සංඛ්‍යාවක් හරිහමන් කන්න වේලක්වත් නැතිව දුක් විදිනවද ?මිනීමැරුම් දුෂණ හා ගොඩක්ම වැරදි වලට මුල බීමත්කම තමා. (බ)

:       0       0

සුධර්මන් Wednesday, 03 August 2016 08:55 AM

රටේ වැඩිපුරම බදු අදායම් ලබන වෙළදාම මද්‍යසාර, වගකිව යුත්තෝ සිටියිද ? වැපුරුවා නම් එලෙසම අස්වැන්න ලැබේවි. (බ)

:       0       0

රොහාන් Thursday, 04 August 2016 09:41 AM

හරිම දුක්බර කතාවක් බීමත්කම මොනතරම් අපරාදවලට පාර කපනවාද ? (ම)

:       0       0

ශානිකා චතුරංගනි Tuesday, 13 October 2020 01:30 AM

එ්ක ඇත්තටම දුකක්.. බීමත් මනුස්සයෙක් ගෙදර ඉන්නවා කියන්නේ කරුමයක්... එ්ක මමත් අත්විඳින දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 397 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 75 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 961 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 120 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 165 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 422 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 352 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site