රෝහණ විජේවීර සහෝදරයා සිය සගයන් සමඟ ගෙවන අවසන් හෝරා කීපය උදාවී තිබිණි. ගලහ අරලිය උයනේ පැවැති දේශපාලන මණ්ඩල සාකච්ඡාව උච්චව පැවැති වේලාවක් විය.
රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, එච්. බී. හේරත්, පියදාස රණසිංහ, සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න, සමන් පියසිරි ප‍්‍රනාන්දු යන අය නොයෙක් අදහස්, මත දක්වමින් කාලය ගෙවෙමින් තිබිණි. මේ අතරේ 12 වැනිදා උදේ 9.00ට පමණ පෙර නොවූ විරූ ආරංචියක් දේශපාලන මණ්ඩලය වෙත ලැබිණි.
මේ පණිවුඩයෙන් කියැවුණේ බණ්ඩාරවෙල නෙළුව ලෙව්වෙගොඩවත්තේ කිසියම් කලබලයක් වූ කතාවකි. එම ආරංචිය එද්දීම සිදුවී ඇත්තේ කුමක්දැයි සගයෝ තීරණය කළහ.
රෝහණ විජේවීර සහෝදරයා ගලහ උලපනේ සෙන්ට් මේරීස් වත්තේ පදිංචියට පෙර බොහෝ කාලයක් පදිංචිව සිටියේ ලෙවුවෙගොඩවත්තේය. එබැවින් මේ ලෙවුවෙගොඩවත්තට ජවිපෙ හා සම්බන්ධ විශේෂ ඉතිහාසයක් පවතී.
ලෙවුවෙගොඩ වත්තට යාබදව තිබුණේ විශාල නෙළුව වතු යායයි. එය ජනවසමක් ලෙස පැවැතියකි. ජවිපෙ ලෙවුවෙගොඩවත්ත මිලදී ගත්තේ 1987 අවුරුද්දේ අගභාගයේදීය. ඒ කාලය වනවිට වත්ත පුරා තේ තිබුණත් එයට කිසිම සාත්තුවක් නොලැබුණු කේඩෑරි වී අතහැර දැමූ වත්තක ලකුණු දැක්වූවක් විය. ලෙවුවෙගොඩවත්ත ජවිපෙ කටයුතුවලට ඉතා ආරක්ෂිත තැනක් විය. සියලූ පරිසර තත්ත්වයන් සොයා බලා අවසන විජේවීර සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ ඒකමතික අනුමැතියෙන් වත්ත ගැනීමට මුදල් මුදා හැරීම සිදු කෙරිණ. ඒ අනුව ඉඩම මිලදී ගන්නේ රෙජිනෝල්ඞ් නමින් පෙනී සිටි දේශපාලන මණ්ඩල සාමාජිකයාගේ නමටය. මේ රෙජිනෝල්ඞ් කවුරුන්ද?
ඔහු වනාහි අප කතා නායක සෝමවංශ අමරසිංහ මහතා පෙනීසිටි තවත් නමකි. බැලූ බැල්මට ඉඩම අතහැරි බව පෙනී ගිය නිසා එය සංවර්ධනය කිරීමේ වගකීම ජවිපෙ පිට පැටවිණි.
එහෙත් පක්ෂයේ සාමාජිකයන්ට මේ සා වත්තක් සකස් කරගැනීමේ දැනුමක් නොවීය. ලෙවුවෙගොඩවත්ත හෙක්ටයාර් 12ක් පමණ විය. එහි හිමිකරු වූයේ බර්ගර් ජාතික මහත්මයෙකි. ඉඩම මිලට ගන්නා රෙජිනෝල්්ඞ් ද බර්ගර් ජාතිකයකු ලෙස පෙනී සිටි නිසා හිමිකරුගේ වැඩි උවමනාවක් යොමුවිය.
ඉඩම විකිණීම හා මිලට ගැනීම සුදුසු පරිදි ගැළපුණු නිසා ලක්ෂ 8 කට ඔප්පු ලිවීම සූදානම් විය. ඔප්පු ලිවීම සඳහා ස්ථානය තීරණය වූයේ නුගේගොඩ ප‍්‍රදේශයේ තිබුණු ලෙවුවෙගොඩවත්තේ හිමිකරුගේ නිවසය. නියමිත දා කතිකා කළ වේලාවට ඉඩමේ ඔප්පු ලිවිමට සෝමවංශ අමරසිංහ සහෝදරයා (සිරි අයියා) සහ එච්. බී. හේරත් දෙදෙනා පිටත්වූහ.
සිරි අයියා වෙස් වළා සිටි ආකාරය කිසිවකුට හඳුනාගත නොහැකි තරමේ විය. හේරත් සහෝදරයා වෙස්වළා සිටියත් ඔහු හඳුනා ගන්නවා නම් ඊට වැඩි ඉඩක්ද තිබිණ.
එදා ජවිපෙ නීතියක් හා සම්ප‍්‍රදායක් ලෙස විශාල මූල්‍ය ගනුදෙනුවක් තනිව කළ නොහැකි විය. රෙජිනෝල්ඞ් (සිරි අයියා) සමග දේශපාලන මණ්ඩල සභික එච්. බී. හේරත්ද මෙහි සිටියේ එබැවිනි. දෙදෙනා ගෙට එබෙද්දීම දැක්කේ ඔප්පු ලිවීමට වාඩිවී සිටි නීතිඥ මහතාය. ඔහු 1971 කැරැල්ලේදි සිරි අයියා සමග එකට සිර ගෙදර සිටි අයෙකි. මොහු මා හඳුනා ගනීද? මට කතා කරාවිද? එසේ වුවොත් රෙජිනෝල්ඞ් ලෙස පවසා කරන කටයුත්ත කොතැනින් නතරවේද? ප‍්‍රශ්න සිය ගණනක් සිරි අයියාගේ හිතේ ඇඳෙමින් පැවතිනි.
නීතිඥ මහතා හා පැවැති හැඳුනුම්කම කෙතෙක්ද යත් ඔහුට සිරි අයියාව හඳුනා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබිණි. දෙදෙනා මුහුණට මුහුණ හමුවූහ. එහෙත් හඳුනා ගැනීමක් සිදු නොවිණ. මුදල් ගණන් කිරීම ඔප්පු කටයුතු සියල්ල සඳහා දිර්ඝ වේලාවක් ගෙවී ගියේය. එහෙත් නීතිඥයා අසාර්ථක බව පැහැදිලි විය.
‘ඒ නීතිඥ මහත්තයා මාව හඳුනා ගත්තා නම් පාවා දෙන්නේ නැති බවත් මම හිතනවා. ඔහු ජවිපෙට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් 1971 දී ආණ්ඩුව විසින් ආණ්ඩු විරෝධියෙක් ලෙස සිරගත කිරීමට ලක්වූ කෙනෙක්. මම හිතනවා එදා මගේ වෙස්වළා ගැනීම ඉතා සාර්ථකව සිදුවී තිබුණු බව. රටේ තිබුණ අයුක්ති සහගත දේශපාලන ක‍්‍රමයට එරෙහිව ජවිපෙ වගේම සාමාජිකයන් ගේ ස්වරූපයත් වෙනස් කරකර ගැනීමට සිදුවුණා. ඒ වෙනස්කම්වල සාර්ථකභාවය නිසා තමයි මටත්, රෝහණ විජේවීර සහෝදරයාටත්, උපතිස්ස ගමනායක සහෝදරයටත් එක වාහනේ යන්නට පුළුවන් වුණේ. ඔප්පුව ලියන දවසෙ විතරක් නෙවෙයි එවක බොහෝ තැන්වලදි අපේ ස්වරූපයේ වෙනස්වීමේ සාර්ථක භාවය අපට හොඳින් තේරුණා.”
ඒ අනුව රෙජිනෝල්ඞ් නමට ඔප්පුව ලියැවිණි. තේ වැවීම ඉඩම ගැනීමේ අරමුණ නොවිණ. පක්ෂ සාමාජිකයන්ගේ ආරක්ෂාව දේශපාලන මණ්ඩල සාකච්ඡා වගේම නවාතැනක් හැටියටද ලෙවුවෙගොඩවත්තේ ප‍්‍රයෝජනය වැඩිවිය. මේ ස්ථානයේ හැටියට ජවිපෙ එහි වෙසෙන්නේ යැයි කිසිවකු නොසිතන පසුබිමක් විය. මනුෂ්‍ය වාසයට ඈතින් පිහිටා තිබීමත් වත්තට ඇතුළුවන අය හොඳින් දිස්වීමත් එම ආරක්ෂාවට තව පියවරක් විය.
ඉඩම ගත් පසු මෙය තේ වත්තක් වූ නිසා ජවිපෙහි කි‍්‍රයාකාරිකයකු එහි වතු කළමනාකරු හැටියට පත් කෙරිණ. තවත් සාමාජිකයන් කීපදෙනෙකු වතු නඩත්තුව පිණිස නතර කෙරිණ.
ලෙවුවෙගොඩවත්තෙහි වලව්වේ මේ පිරිස නැවතී හුන්හ. ඉඩමට නුදුරින් නෙළුව වතුයායේ කාර්යාලය පිහිටියේය.
එය භාරව සිටියේද බර්ගර් ජාතික මහත්මයෙකි. රෙජිනෝල්ඞ් ගොස් ඔහු හමුවිය.
මම විදේශයක රැුකියාවක් කරපු කෙනෙක්. එහිදී එකතු කරගත්ත සල්ලිවලින් මම ලෙවුවෙගොඩවත්ත ගත්තෙ. තේ වත්තක් කිරීම ගැන මට කිසිම දැනීමක් නෑ. දැනට ඉඩම කළමනාකරණය කෙනෙකුට භාරදීලා තියනවා. මට තේවත්ත හදා ගන්න එයාව පුහුණු කරලා දෙන්න. නෙළුව වතු කළමනාකරු රෙජිනෝල්ඞ්ගේ ඉල්ලීම භාර ගත්තේය.
‘මාස හයෙන් වත්ත හදලා දෙන්නම්’ ඔහු දිනපතා පාහේ වත්තට පැමිණ තේ වගාව ගැන දැනුම දෙමින් ලෙවුවෙගොඩවත්තම සරුසාර තේ වත්තක් කළේය.
නෙළුව වත්තේ තේ ගන්නා කර්මාන්ත ශාලාවෙන් ලෙවුවෙගොඩවත්තෙන් ඉල්ලූ තේ ප‍්‍රමාණයටත් වඩා පලදාව ඉහළ ගියේය. එම නිසා තවත් කර්මාන්ත ශාලාවකට තේ දලූ සපයන්නට තෝරා ගත්තේය. ඊට අමතරව ලෙවුවෙගොඩවත්තේ අක්කර භාගයක පමණ සරුසාර අර්තාපල් වගාවක් සිදු කෙරිණි. ඊට අමතරව බෝංචි, ලීක්ස්, කැරට් ආදියද මෙහි වගා කෙරිණි. ඒ අනුව කෙටි කලක් තුළ මුළු ලෙවුවෙගොඩවත්තම අගනා ගොවිපළක් බවට පත්විය. ආදායමද සරුවිය.
අමතරව ලීටර් 25-30 තරම් කිරි ලබාදෙන එළදෙන්නුද මෙහි සිටියහ. තේදලූ ගන්නා අයත් තේ දලූ කඩන අයත් වත්ත බලන්නට එන අයත් මේ වත්තට අමුත්තෝ නොවුණහ.
එපමණක්ද නොව ලෙවුවෙගොඩවත්තේ අය නුදුරු පන්සලේ සමිප දායකයෝද වූහ.
අපි දේශපාලනයේදි ඉගෙන ගත්තු දේවල් ගොඩක් තියනවා. ඉන් එකක් තමයි මේ සමාජයේ තියන තත්ත්වයන් සමඟ එකට යා යුතුයි කියන දේ ජනතාව සිටින තැන කොතැනද ඔවුන්ගේ සංස්කෘතිය මොකක්ද ඔවුන්ගේ සිතුම් පැතුම් කුමක්ද? ඒ සමඟ අප ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ බව තේරුම් අරන් සිටි නිසා පන්සල සමඟ ඉතා හොඳ සම්බන්ධකමක් තිබුණා. පන්සලට උදව් කළා.
මේ කාලයේ රෝහණ විජේවීරට ලෙවුවෙගොඩවත්තේ පදිංචියට ඒමට කිසිම අදහසක් බලාපොරොත්තුවක් තිබුණේ නැත. ඔහු එවක පදිංචිව සිටියේ බෙරගලට නුදුරුව වල්හපුතැන්න ප‍්‍රදේශයේය. පක්ෂ තහනමෙන් පසු දිර්ඝ කාලයක් විජේවීර සහෝදරයා සහ පවුලේ අය පදිංචිව සිටියේ වල්හපුතැන්නේය.
එතැන තව දුරටත් ආරක්ෂිත තැනක් නොවීමට යම් ආසන්න සිද්ධියක් නිර්මාණය විය.
එනම් විජේවීර පදිංචිව සිටි නිවස ආසන්නයේ ගෙදරකට සොරුන් පැන බොහෝ දේ රැගෙන ගොස් තිබීමය.
වල්හපුතැන්න පාසලේ විජේවීරගේ දරුවෝ ඉගෙනුම ලබමින් සිටියහ. එදා විජේවීර පෙනී සිටියේ අත්තනායක යන අන්වර්ථ නමිනි. කලක් අධික ලෙස බීමත්ව සිට ලෙඩ වූ රෝගියකු ලෙස අත්තනායක ගෙදරට වී කල් ගත කළේය. එය අසල්වාසීන්ට සැකයට කරුණක්ද නොවූයේය.
අත්තනායක කරන රැකියාව ලෙස ගමේ ප‍්‍රචාරය කෙරුණේ ඔහු මැණික් මිලදී ගන්නෙකු ලෙසය. එබැවින් මැණික් විකුණන මුවාවෙන් ඔහු හමුවීමට පක්ෂ සගයෝ නිතර වල්හපුතැන්න නිවසට ආවා ගියහ. ඒ කිසිම විටෙකත් දේශපාලන මණ්ඩල සාකච්ඡා වල්හපුතැන්න ගෙදරදී සිදුවූයේ නැත.
එදා මේ ප‍්‍රදේශයේ සිටි මන්තී‍්‍රවරයා වූයේ විජමු ලොකු බණ්ඩාර මහතාය. පාසලේ සියලූ උත්සවවලට ප‍්‍රධාන ආරාධනාව ලැබුණේද එතුමාටය.
විජමු පාසලට එන දවසට හැමදාම වගේ ඔහු පිළිගැනීම කළේ විජේවීරගේ ලොකු දුවය. ඇය බුලත් අතක් පිිරිනමා මන්තී‍්‍රවරයා පිළිගත්තාය. ජවිපෙ නායකයාගේ දියණිය එජාප නායකයකු පිළිගැනීමත් අමුතුම සිදුවීමක් බවට පත්විය. එහෙත් එය බාහිර කිසිවකු දැන සිටියේ නැත.
රෝහණ විජේවීර සහෝදරයා ගැන සැක නොසිතන ලෙස වල්හපුතැන්නේ වාසයට මෙවැනි හේතු තදින්ම බලපෑයේය.
එදා ජවිපෙ කටයුතු කළේ ගුහා අස්සෙ, රිංගලා කැලෑවල හැංඟිලා නෙවෙයි. එහෙම දේශපාලනයක් කරන්න බෑ. සමාජය තුළ හිටපු එකෙන් අපට ආරක්ෂාවකුත් ලැබුණා. ආරක්ෂා වෙලා කළ යුතු දේවල් අපි ආරක්ෂා සහිතව කළා.
සාමකාමි ව්‍යාපාර කැලේට තල්ලූ කළාට පස්සෙ සිද්ධ වෙන විනාශය තේරුම් ගන්න එදා යුගය හොඳ අවස්ථාවක්. ජවිපෙ ඉතා වගකීමෙන් කටයුතු කළ පිරිසක්. නමුත් ආණ්ඩුව එහෙම කි‍්‍රයා කළේ නෑ යනුවෙන් සෝමවංශ අමරසිංහ මහතා පවසයි. වල්හපුතැන්න නිවසකට සොරු පැනීම නිසා පොලිසිය ගෙවල් සෝදිසි කිරිම පටන් ගත්තේය. එවර පොලිස් සෝදිසිය කිසියම් ගැඹුරු ස්වරූපයක් පෙන්නුම් කළේය. මෙය අනාරක්ෂිත තත්ත්වයක් බවට අත්තනායකට දැනෙන්නට විය.
1989 නොවැම්බර් 12 වැනිදා දේශපාලන මණ්ඩලයට පැමිණි ආරංචියෙන් ලෙව්වෙගොඩ වත්ත හමුදා ග‍්‍රහණයට පත් වූ බව කියැවිණි. එය විජේවීර සහෝදරයා සහ ඔහුගේ පවුල දිගු කලක් පදිංචිව සිටියා වූ ද, ජ.වි.පෙ විසින් පවත්වාගෙන ගිය ගොවිපළක් වූ ද, සිරි අයියාට අයත් වූ ද දේශපාලන මණ්ඩලයේ මෙන්ම පක්‍ෂ සාමාජිකයන්ගේ ද නවාතැන් පළක් විය.
ගලහ අරලිය උයනේ දේශපාලන මණ්ඩලයට ආරංචිය ලැබුණු සැනින් හදිසි තීරණ රැුසක් ගැනීමට සියල්ලෝ ඉක්මන් වූහ.
‘විජේවීර සහෝදරයා උලපනේ සෙන්ට් මේරීස් වත්තට ඇවිත් ටික කාලයයි. ඊට කලින් හිටියෙ ලෙව්වෙගොඩ වත්තෙ. බුද්ධි අංශයට වැදගත් තොරතුරු රැුසක් ඇතුළු වෙලා තියෙනවා. දැන් කිසිම සහෝදරයෙක් කලින් නවාතැන් ගෙන සිටි තැන පදිංචි නොවිය යුතුයි. වහාම නවාතැන වෙනස් කළ යුතුයි..’
ඒකමතික තීරණයකට එළඹිණි. ඒ අනුව දේශපාලන මණ්ඩලයේ සියළු දෙනා අරලිය උයනෙන් විසිර ගිය සැනින් තමන් සිටි නවාතැන් පළින් ඉවත් වීමට තීන්දු කෙරිණි.
‘විජේවීර සහෝදරයා දැන් කොහෙත්ම උලපනේ ගෙදරට යන්න එපා. එතන දැන් සම්පූර්ණයෙන් අනාරක්‍ෂිතයි...’
සිරි අයියා ප‍්‍රකාශ කළේය. එය අනුමත කරමින් ලලිත් සහෝදරයා සහ සමන් පියසිරි ප‍්‍රනාන්දු සහෝදරයා දිගින් දිගටම උලපනේ වත්තේ අනාරක්‍ෂිත බව පැහැදිලි කරන්නට වූහ.
‘නැහැ සහෝදරයා... මම අද උලපනේ ගෙදර ඉඳලා හෙට උදේම එතැනින් පිට වෙනවා..’’
විජේවීර සහෝදරයා 12 වැනිදා රැය ගත කිරීමට පමණක් පැය කීපයක කාලයක් දේශපාලන මණ්ඩලයෙන් ඉල්ලා ගත්තේය.
(එතැනින් පසු මොකද වුණේ?)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීමත් මැණික් මුදලාලි චරිතයට විජේවීර මාරුවෙයි
අශෝක Wednesday, 21 October 2015 03:19 AM
ඉතා හොඳ කතාවක් (නි)
සිරි Wednesday, 21 October 2015 03:19 AM
ඔහුගේ බිරිඳ සහ දරුවන්ට මොකද වුණේ? (නි)
කමල් Tuesday, 20 October 2015 06:26 PM
හොඳ ලිපියක් (නි)