තාත්තා කටගොන්නක් බීලා ගෙදර එනවට පියුමිගෙ අම්මා හරිම අකමැතියි. ඇතැම් දවසක අම්මා ඒවාට දොස් කිවුවම තාත්තා ඇයට පහර දුන්නා. ඒ හැමදේම පියුමිගෙ හිතේ හොඳින්ම ඇඳී තියෙනවා.
මෙලෙස දුක්කම්කටොලූ එන්න එන්නම වැඩිවුණා. මේ හැමදේම දරාගත නොහැකිවුණු පියුමිගෙ අම්මා රට යන්න තීරණය කළා. අම්මා රට ගිය මොහොත ඇයට සිහිපත් වුණා.
‘‘මගෙ දුවේ උඹ හොඳට ඉගෙන ගනිං මම රට ගිහින් උඹට සල්ලි එවන්නම්’’
පියුමිව තුරුලූ කරගත් අම්මාගේ දෙනෙතෙහි කදුළු ගලා හැළෙනා හැටි දුටු ඇය තම කුඩා දෑතින් එය පිස දැම්මා.
අම්මා රට ගිහින් වසර 2ක් වුණා. පියුමිට එය අද ඊයේ වගේ තමයි දැනුණේ.
අම්මා ගිය පසු තාත්තා තැන්තැන්වල රණ්ඩු දබර කරගත්තත් ගම්මුන් ඉවසගෙන හිටියෙ පියුමි නිසා.
‘‘වැඩක් පලක් කරගෙන මේ මිනිහට ඉන්න බැරි හැටි? පව් අසරණ කෙල්ල. මේවගෙන් වෙන්නෙ අර අහිංසක කෙල්ලට පාරෙ බැහැල යන්න බැරිවෙන එක’’ ඇතැමෙක් එසේ කියනවා ඇයට ඇසුණා.
පසුවදා උදේම පියුමි කඬේට ගියේ හාල් තුනපහ ටිකක් අරන් එන්න. ඇය කඬේට යන අතරමගදී අම්මාගේ හොඳම මිතුරියක් වන කුසුමා නැන්දා ඇයට මුණ ගැහුණා.
කුසුමා නැන්දා පියුමි ඉදිරියට ආවා. ‘‘දුවේ මේවා උඹට කියලත් බෑ. නොකියලත් බෑ. උඹේ තාත්තා නටන නාඩගම් උඹට ආරංචිද?
අනේ නෑ නැන්දෙ.... පියුමි කතා කළේ හරිම දුකෙන්.
‘‘අන්න දැන් අල්ලපු ගමේ ගෑනියෙක්ගෙ ගෙදරට රිංගනවා කීපදෙනෙක් දැකලා තියෙනවා. ඒ ගෑනිගෙ ගෙවල් පැත්තෙලූ පියදාස වැඩිපුරම ගැවසෙන්නෙ. පියුමිගෙ හදවත දැවීගියාක් මෙන් වුණා. ඇයගේ ගත දරද`ඩු වුණා. මුව ගොලූ වුණා. කරකියා ගන්න කිසිදු දෙයක් තිබුණෙ නැහැ. අපහසුවෙන් මෙන් කඬේට ගිය පියුමි අවශ්‍ය බඩු මිලදීගෙන ගෙදර ආවා. බඩු පාර්සලය පසෙකින් තැබූ ඇය එළිපත්තේ ඉඳගත්තා. අනතුරුව හිස් අහස දෙස බලමින් කල්පනා කරන්නට වුණා.
ඈත අහස අඳුරුවීගෙන එනවා, කුරුල්ලන් හනිහනිකට තම කැදැලි කරා පියඹා යනවා ඇය බලාගෙන සිටියා. සිහිල් සුළංවිත් ඇයගේ ඇෙඟ් දැවටුණා.
කාලය කෙමෙන් ගතවුණේ පියුමිටත් නොදැනිම, දින කීපයකට පසු ඇගේ තාත්තා තවත් එකියක සමග තම නිවෙසට ආවා. ඔහු පියුමිගේ කාමරය ඇයට දෙන්නට තමයි සකසා තිබුණේ. අනතුරුව පියුමිට හිමිවුණේ පසුපස කාමරය. පියුමි ඒ හැමදේම ඉවසාගෙන සිටියේ ඇයට වෙන කරන්නට දෙයක් නොමැති වූ නිසා.
කුසුමා නැන්දා කී කතාව ඇත්තක් බව පියුමිට පසක් වුණේ ඉන් අනතුරුවයි. තාත්තා අලූතින් ගෙනා කාන්තාව වෙනුවෙන් කෑම පිසීමට සිදුවුණේද පියුමිට. ඇය පාසල් ගොස් නිවෙසට පැමිණ සිදුකළේත් නිවෙසේ සියලූ වැඩ කටයුතුයි. කෑම පිසීම, වතුර ගෙන ඒම, කඬේ යාම මේ හැමදේම සිදුකළේ පියුමිගෙ පුංචි දෑතින්... මේ නිසා පාසල් වැඩ කිරීමටද ඇයට ඉඩ ලැබුණේ නැහැ. නමුත් ඇය පාසල් ගමන නතර කළෙත් නැහැ.
කොණ්ඩ කරල් 2ක් බැඳන් සුදු ගවුමින් සැරසීලා පාසල් යන මේ හැඩකාර පියුමි දැකපු බොහෝ තරුණයන් ඈ පසුපස ආවෙ ආදරය පතාගෙන. පියුමිගෙ ආදරය ඒ කිසිවකුටත් ලැබුනෙ නැහැ. ඇගේ ලස්සනින් මත්වූ ප‍්‍රියාන්ද ඇයට කැමැත්ත ප‍්‍රකාශ කළා. ඔහු පියුමිගෙ දුරින් ඥාතියෙකුත් වෙනවා. ප‍්‍රියාන් යුදහමුදා සෙබළෙක්. ඔහුගෙ නිවෙස පිහිටා තිබුණේ පියුමිගෙ පාසල සමීපයේයි.
පියුමි කිසිවක් කීවෙ නැහැ. ඉන් නොසැලූණු ප‍්‍රියාන් ඇගේ පේ‍්‍රමය දිගින් දිගටම අයදින්නට වුණා. ප‍්‍රියාන්ගේ මේ පෙරැුත්ත නිසාම ඇයටද ඔහු කෙරෙහි ආදරයක් ඇතිවුණා.
කලක් ගතවුණා. පියදාසට දාව කුඩම්මාට දරුවන් දෙදෙනෙක් ලැබුණා. දරුවන් දෙදෙනාගේ වැඩත්, ගෙදර දොරේ වැඩත් සියල්ල කරන්න වුණේ පියුමිට. ඇය මෙහෙකාරියක් මෙන් ඒ සියල්ල ඉටුකළා.
කොපමණ වැඩ රාජකාරි ඉටුකලත් කුඩම්මාට ඇයව රුස්සන්නෙ නැතිවුණා. ඇයගේ පොඩි වැරැුද්දටත් කෑ ගහනවා, ඔරවනවා, කෙනෙහිලිකම් කරනවා. කොච්චර හොඳක් කරත් හොඳක් කියන්නෙ නැහැ. ඒ දේවල් වලින් පියුමිගෙ පාඩම් වැඩද හොඳටම අතපසු වුණා.
රටගිය පියුමිගෙ අම්මා සුමනා ගැන තොරතුරක්වත් දැනගන්න ලැබුණෙ නැහැ. ඇය මාස්පතා එවූ මුදල්ද හිටි හැටියෙම නතර වුණා. ඉන් පියුමි ගොඩක් අසරණ වුණා. අම්මා ගැන හොයාලා බලන්නවත් කිසි කෙනෙක් හිටියෙ නැහැ. තාත්තට දැන් අම්මාගෙන් පලක් නැහැ.
කාලයත් එක්ක කුඩම්මා සමග වාසය පියුමිට මර උගුලක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඉවසාගත නොහැකි වුණ තැන පියුමි ප‍්‍රියාන් සමග පැනයාමට තීරණය කළා. අනතුරුව ඔහු පියුමිව විවාහ කරගත්තා. ප‍්‍රියාන්ගෙ මවත් පියත් ජීවතුන් අතර නෑ. ඔහුගේ නිවෙසට පැමිණි පියුමි සියලූම වැඩ කටයුතු ඉටුකළේ ඉතාමත් සතුටින්. ඇය ප‍්‍රියාන්ට ආදරෙන් සළකාගෙන හොඳින් ජීවත් වුණා.
ඒ දිනවල උතුරෙ සටන් තදින්ම ඇවිලිලයි තිබුණේ. ප‍්‍රියාන්ටද එහි යාමට සිදුව තිබුණා. කොටින් හා හමුදාව අතර සිදුවූ සටන් තව තවත් දරුණු වෙන්න පටන් ගත්තෙ බොහෝ පිරිසකට මරු කැඳවමින්.... අවසන් සටනේදී ප‍්‍රියාන්ටත් වෙඩි වැදුණා. බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු රෝහල්ගත කළා. එයින් සුව නොවූ ප‍්‍රියාන් කොළඹ රෝහලට මාරුකර යැව්වා. සිද්ධිය ආරංචි වුණු පියුමි කම්පනයට පත්වුණා. ඇය තම මිතුරියක් වූ චාරුණි සමග කොළඹ රෝහලට ගියා. ඒ වන විටත් ප‍්‍රියාන් හිටියෙ දැඩිසත්කාර ඒකකයෙ. ඔහු ජීවිතයත්, මරණයත් අතර සටනකයි හිටියෙ.... ඉණූ කදුළුවැල් පියුමිගේ දෙනෙතේ ඇළලී ගියා. වෛද්‍යවරුන් ඔහුව බේරා ගැනීමට දැඩිව උත්සහ ගත්තද ප‍්‍රියාන්ට යළි ජීවත්වීමට හැකිවුණේ නැහැ.
සතුරු වෙඩි උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරය සහ පපුව පසාරු කොටගෙන තිබුණා. ප‍්‍රියාන් මියගිය බවදත් පියුමිට කරකියා ගන්නට කිසි`ඳු දෙයක් නොමැති වුණා. ඇය සිහිසුන්ව ඇද වැටුණා. ප‍්‍රියාන්ගේ අවමඟුල සියලූ ගෞරව ලෙස කෙරුණා. බොහෝ පිරිසක්ද ඊට සහභාගී වුණා.
පියුමි දැන් ජීවත් වෙන්නෙ ප‍්‍රියාන්ගෙ මතකය එක්ක විතරයි. ඇය දැන් හුඟාක් තනිවෙලා. ඒ තනිකම එක්ක ජීවිතේ අ`ඳුරු අහුමුලූවලට ගුලිවෙලා ජීවත්වෙන ඇයගේ සිතේ ප‍්‍රියාන්ගෙ ජීවිතේ මතකයන් තාමත් සැරිසරනවා.
කාත් කවුරුවත් නැතිව තනිවුණු ඇය අවසානයේ තීරණය කරනවා නැවතත් ඇගේ ගෙදරට යන්න. අවසානයේ ගෙදරට පැමිණි ඇය ඉන්නෙ දැඩි කම්පනයකින්... ප‍්‍රියාන්ගෙ වන්දි මුදල් සමග හැම මාසෙකම වැටුපක් පියුමිගෙ අතට ලැබෙන බව දත් කුඩම්මා ඇයට වෙනදා මෙන් සැරවැර කළේ නැහැ. ආදරයෙන් ඇයට සළකන බව පෙන්නුවා. බොරු අනුකම්පාවක් දැක්වූවා.
පියුමිට ඒ මුදල්වලින් පලක් වුණේ නැහැ. ඇයට ඕන වුණේ ප‍්‍රියාන් සමග සතුටින් ජීවත්වෙන එක. නමුත් ඔහු අද ජිවතුන් අතර නැහැ. ඇය ඒ ගැන ගොඩක් දුක් වෙනවා. ඇය හැම පෝයකටම වගේ සිල් සමාදන් වෙනවා.
පියුමිට ලැබෙන මාසික වැටුප හැමදාකම අතට ගත්තේ කුඩම්මා... කුඩම්මා එම මුදල ඇයගේ හිසමත වැටුණු පරණ පිනක් කියලා තමයි හිතුවෙ. පියදාසත්, පියුමිගේ කුඩම්මාත්, ඔවුන්ගේ දරුවනුත් සියලූ දෙනාම යැපුණේ පියුමිට ලැබෙන ප‍්‍රියාන්ගෙ මාසික වැටුපෙන්... පියුමි තවමත් ප‍්‍රියාන්ගෙ මතකයත් එක්ක ජීවත් වෙනවා. කොයිතරම් ලස්සනට ගෙවන්න තිබුණු ජීවිතයක්ද? ඒත් අද මේ විදියට ඇය තනිවෙලා ඉන්නෙ ඇයි? හිසේ පීඩාවන් හුඟාක් මැද්දෙ ඇය ගෙනයන ජීවිතය අපිට බොහෝ පාඩම් උගන්වනවා.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බඹරිඳු නොමැතිව තනිවුණු පියුමක්
සුමුදු Tuesday, 19 May 2015 03:25 AM
ඔයාට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා නංගී. (ම)
අජිත් Tuesday, 19 May 2015 02:37 PM
පව්, හරිම දුක හිතෙනවා. ඔයාට සුබ අනාගතයක්!!! (නි)