බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනකු කොරෝනා ආසාදිතව මියයාමේ සංවේග ජනක ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම නිවසේ ගෘහ මූලිකයා ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද ඔහුගේ පියා 4 වැනිදා එම රෝහලේදීම මව නිවසේදීම ද මියගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කොරෝනා මාරාන්තික වයිරසය පැමිණ වසර එක හමාරකටත් වඩා කල් ඉක්ම ගොස් තිබේ. එහෙත් මේ මාරක සැහැසි ග්‍රහණයෙන් මිදුණ රටක් බවට වන සිහිනය තව දුරටත් සිහිනයක්ම බවට පත්ව තිබේ. සැහැසි ග්‍රහණයෙන් බුරුලක් වෙනුවට තවමත් වාර්තා වෙන්නේ එකම පවුලේ තිදෙනකු කොරෝනාවට බිලි වූ වැනි භයංකාර ප්‍රවෘත්ති වේ. තත්ත්වය ඉතා අවදානම් බව එම ප්‍රවෘත්තිවලින් යළි යළිත් සනාථ කරයි.
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ විසි දහස ඉක්මවා ගියේය. කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දෙදහස් එක සියය ඉක්මවා ගොස් තිබේ. මෙම සංඛ්‍යා ලේඛන වලින් ද අනතුරේ ගැඹුර හඳුනාගත හැකිය. කළ යුත්තේ කුමක්ද? යන්න එකවර සිතාගත නොහැකි යැයි යමෙකුට සිතෙන්නේ නම් මෙම සංඛ්‍යා ලේඛන සමග සසදන කල්හි එය අරුමයක්ද නොවේ.
රට වසා දමා මසක් කල් ඉක්ම ගොස් තිබේ. ඉකුත් 14 වැනිදා රට විවෘත කරන බවට කලින් ප්‍රකාශ වී තිබුණ ද සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එම දිනය 21 වැනිදා දක්වා කල් ගියේය. එදිනට ද ගනු ලබන පියවර කුමක් ද? යන්න තීරණය කරනු ඇත්තේ ඒ වනවිට වාර්තා වන සංඛ්‍යා ලේඛන වලට අනුවය. කොරෝනා මාරාන්තික වයිරසය මැඩලීමේ මෙහෙයුම ප්‍රාර්ථනා වලින් පමණක් ජයගත නොහැකි බව යළි යළිත් අවධාරණය විය යුත්තේ එහෙයිනි.
ජනතාව බලවත් ලෙස පීඩාවට පත්ව සිටිය දී රජය ඉන්ධන මිල ඉහළ දැමුවේය. ඕනෑම රජයක් බඩු මිල වැඩි කිරීමට යම් තීරණයක් ගන්නේ නම් ඒ කැමැත්තකින් නොවේ. එබඳු තීරණයක් ගනු ලබන්නේ විකල්පයක් නොමැති වූ විටය. රජය මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ ද ඒ අර්ථයෙන් විය යුතුය. ආර්ථික අර්බුදය එතරම්ම තියුණුය. ගැඹුරුය. කොරෝනා මාරාන්තික වයිරසය මෙම ආර්ථික අර්බුදය පතුළ නොපෙනෙන ප්‍රපාතයක් වෙත ඇදගෙන යමින් තිබේ.
අවධාරණය කළ යුතු ප්‍රධාන කාරණාවක් වේ. ඕනෑම සමාජයක අර්බුද සුළිවලට ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික අර්බුදය වේ. එම අර්බුද සුළි එක්වරම පැන නොනගි. අළුයට ගිනි පුළිඟුවක් මෙන් තිබි ගින්දරට අවශ්‍ය උණුසුම ලැබුණු පසු ගිනි දැල්ලක් බවට පත්වන්නා සේ මෙම අර්බුද සුළිද පිපිරීමට අවශ්‍ය කාලය ලබා ගනී. ඒ අනුව මානව සමාජය ඉදිරිපිට ඇති මාරක අභියෝගය කොරෝනාව නොවේ. කොරෝනාව හරහා අනාගතයේ නියත වශයෙන්ම පැන නගින අර්බුද සුළි මානව සමාජය ඉදිරිපිට ඇති භයංකාර අභියෝගය වේ. එයට මුහුණ දීමට අවශ්‍ය ආම්පන්න සම්පාදනයට මේ මොහොතේ කාලය මිඩංගු කළ යුතුය.
කොරෝනාවට තනි පුද්ගල විසඳුම් නැත. ඇත්තේ පොදු විසඳුම්ය. එම පොදු විසඳුම තුළ ඒ ඒ පුරවැසියාට වෙන් වූ අඩංගුවක් තිබේ. එම අඩංගුව නිවැරදිව වටහාගෙන කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම වගකීමකි. එම වගකීම නිසි රිසි ලෙස ඉටු කරන්නේ නම් මෙම අභියෝගය ජය ගැනීම අසීරු නැත.
සංචරණ සීමා පනවා තිබෙන්නේ පුරවැසියන්ගේ රස්තියාදුව මෙන්ම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමටය. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම එහි අරමුණය. එහෙත් ඇතැම් පුරවැසියකුට මේ බව අවබෝධ කර ගැනීමට ඇවැසි ප්‍රඥාව නොමැති බව පැහැදිළිය. සංචරණ සීමා පැනවීම නිවැරදිව ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට මෙන් ඇතැමෙක් පාරට එති.
සැබැවින්ම එබඳු පුරවැසියන් සමඟ මෙබඳු මාරක වසංගතයක් මැඩලීම පහසු නොවේ.
දැලට කොටු වූ වටු කුරුල්ලන් සාමුහිකව ක්‍රියා කර දැල ඉරා පලා ගියාක් මෙන් සෑම පුරවැසියකුම මේ මොහොතේ සාමුහික විචාර බුද්ධියෙන් කටයුතු කර මෙම මාරාන්තික වයිරසය මැඩලීමේ මෙහෙයුමට සක්‍රීයව දායක විය යුතුය. නොඑසේ නම් සිදුවනු ඇත්තේ කොරෝනාව පසුපසින් එන අර්බුද සුළියට හසු වී මැදි වී එහි ගිලී යාමටය.
(***)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බියගමින් අහිමිවූ පවුලේ කොරෝනා ඛේදවාචකය
fairoos Wednesday, 16 June 2021 12:41 PM
හැම එකටම ජනපති ෆේල් නේ... ආණ්ඩුවට නිසි වැඩ පිළිවෙළක් නොමැතිකම තමයි මේ විපතට හේතුව...
මෝ Thursday, 17 June 2021 11:11 PM
මේ සංචරණ සීමා ෆේල් වීමේ වගකීම සහමුලින්ම ජනතාව විසින් බාරගත යුතුයි. එය අසාර්ථක වන බව පසුදාම දැකගන්න පුලුවන් වුණා.. මිනිසුන් කළේ මොන උප්පරවැට්ටියකින් හරි පාරට බහින්න. ඇත්තටම වියයුතුව තිබුණේ රැකියාවට එන්න කීවත් නිවසට වී සිටීමයි. ඇඟලුම් කම්හල් විවෘත කිරීමට අවසර දීම තත්වය බැරෑරුම් කළා.