IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම හා නිදහස් සටනේ විශේෂ අවස්ථා

1505 වර්ෂයේදී පෘතුගීසින්ටද,1658 ලන්දේසි පාලනයටද නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදුවිය. එලෙස විදේශ ග්‍රහනවලට බොහෝ කලක් යටත් වීමෙන් සිටි ලාංකිකයන් ඉන් නිදහස ලබා අදට වසර 69ක් සපිරේ.300

එවන් වූ දිනක අධිරාජ්‍යවාදීන්ගෙන් එවකට නිදහස ලබා ගත් ඒ ගමන් මඟ පිළිබඳව විමර්ශණයක යෙදීමට අප තීරණය කළා.මහා බ්‍රිතාන්‍ය තුන්වන ජෝර්ජ් රජු සමයේදී එනම් 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය.

ඉන් පසුව 1837 ජුනි 20 වන දින මහා බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස වික්ටෝරියා මහ රැජින පත්වූ අතර හත්වන එඩ්වඩ් රජු,පස්වන ජෝර්ජ් රජු, අටවන එඩ්වඩ් රජු, හයවන ජෝර්ජ් යන රජවරු අපගේ රජවරු ලෙස සැලකීමට සිදුවූ අතර 1948 පෙබරවාරී 04 දිනට සීමිත නිදහසක් ලැඛෙන තුරුම ලංකාවට බ්‍රිතන්‍ය රජවරු 5කට යටත්ව පාලනය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මහරජ හෝ රැජින වෙනුවට අග්‍රාණ්ඩුකාරවරයකු පෙනී සිටියේය. සිංහල දීනයන්ගේ මහා පාවාදීම 1815 පෙබරවාරි 18 දින සිදුවිය. ඒ එක්නැලිගොඩ මොහොට්ටාලගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මහනුවරට නුදුරු ගල්ලැහැවත්තේ උඩපිටිය ආරච්චිගේ ගෘහස්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීමය.

 එවක එක් පාර්ශවයක් ජාතියේ නිදහස පතා සටන් කළ අතර අනෙක් පාර්ශවය ඉංග්‍රීසින්ට පක්ෂව කටයුතු කළහ. 1816 දී ආරම්භ වූ නිදහස් අරගලය 1818 දී තීව්‍රරවිය. තම ආගමික හා ආර්ථීක අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමු‚න් අපරට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස් කර ගැනීමට 1815 සිට 1948 දක්වා අරගල ක්‍රියාත්මක විය.

1818 හා 1848 ඇතිවූ කැරලි දෙක නිදහස් අනාගතයක අරුණළු පිළිබඳව බලාපොරොත්තු ඇතිකළ ප්‍රබලතම අරගලයයි. මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල මහ නිලමේ,මඩුගල්ලේ නිලමේ, ඉහලගම හිමි ආදී විරුවන් දේශයේ නිදහස පතා තම ජීවිත පූජා කළහ. දෙවන නිහදස් අරගලය 1848 මාතලෙන් ආරම්භ වූ අතර වීරපුරන් අප්පු, කාරෝ අප්පු, විදී පැලේ බණ්ඩා, කුඩාපොල හිමි වැනි වීරවරයන් සිංහල ඔත්තුකරුවන්ගේ ක්‍රියා මත ඉංග්‍රීසින්ට අල්ලා දෙන ලදී.

එකල අධිරාජ්‍යවාදීනට විරුද්ධව බෞද්ධ පුනරුද ව්‍යාපාරය මෙහෙයවූයේ ගුණානන්ද හිමි, දොඩම්ගොඩ පියරතන හිමි, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, අනගාරික ධර්මපාල තුමා, වැනි වීරවරයෝයි. නිදහස මෙහෙයවූ බටහිර අනුකාරක කණ්ඩායමට ඩී.එස්. සේනානායක, ජේමිස් පීරිස්, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඩී.බී. ජයතිලක, යන ශ්‍රේෂ්ඨ නායකයන් එක් විය. මෙකල, එනම් 1915 දී සිංහල මුස්ලිම් කෝලහලය, සම්බන්ධව බ්‍රිතාන්‍ය පාලකයෝ අනුගමනය කළ අසාධාරණ ප්‍රතිපත්ති නිසා අයිතිවාසිකම් උල්ලංගනය වූයේ මෙරට බහුතර බෞද්ධයන්ගේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ඇරඹී තිබූ උද්ඝෝෂණ ව්‍යාපාර විදේශ ආධිපත්‍යයෙන් රට මුදවාගැනීමේ ‘නිදහස් ව්‍යාපාරය‘බවට පත් විය.

කැරළි කෝලාහල තුළින්  බ්‍රිතාන්‍යයන්ගේ අසාධාරණ මර්ධන ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් ව්‍යාපාරය හා බෞද්ධ නායකත්වය ඇතිකළ මෙම පෙළෙඹවීම මෙරට පාලනය කළ ඇතැම් යුරෝපා පුවත්පත් හා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ ඇතැම් යුරෝපීය නියෝජිතයන්ද අවධි කරවීමට සමත් විය. පසුව කැරගි කෝලහාලවලදී බෞද්ධ ජනතාවට සිදුවූ අසාධාරණ පිළිබඳ සෙවීමට නිලවශයෙන් රාජකීය කොමිසමක අවශ්‍යතාව ඇතිවිය. ඒ සඳහා පළමුවරට පුරෝගාමී වූයේ අනගාරික ධර්මපාල තුමායි. එතුමා 1915 ජුනි 15 දින මේ සම්බන්ධව දීර්ඝ ලිපියක් යටත් විජිත ලේකම්ට යවා ඇත.

මෙතැන් පටන් නිදහස් ව්‍යාපාරය සෑහෙන වෙනසකට බලවත්විය. එයටහේතුව අධිරාජ්‍ය විරෝධී නිදහස් සටන් ව්‍යාපාරයට ක්‍රියකාරී දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට පසුබිම නිර්මාණය වීමය. මෙම කාලයේදී අසාධාරණයට ලක්වූ මෙරට බෞද්ධ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් හා වරප්‍රසාද හිමිකර දීමට එවක නිදහස් සටන පෙලඹවීමට බෞද්ධ නායකයන් ප්‍රබල විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ පහතරට සිංහල මන්ත්‍රී ධූරයට බෞද්ධ නායකයෙකු වූ ඩබ්.ඒ. සිල්වාගේ නම යෝජනා විය.

මින් පසු නිදහස් සටනේ බටහිර අනුකාරක නායකයෝ නිදහස් ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ අරම‚න් ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් ගොඩනගා ගැනීමට යොමු විය. මෙහි මූලිකයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතායි. එතුමාගේ නායකත්වයෙන් 1917 මැයි 17 දින ‘ලංකා ප්‍රතිසංස්කරණ සංගමය‘ පිහිටුවිය. අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙකලම එනම් 1919 දී ‘ජාතික සංගමය‘ ද බිහිවිය.

1947 දී ඉන්දියාවට නිදහස ලැබුණු අතර ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍යට යටත්ව තබා ගැනීම නිශ්ඵල යැයි ඔවුන් තීරණය කර ඇත. එම නිසා 1948 ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලබා දෙන ලදී. එය 1947.06.18 දින තීරණය කළද එය ලැබුණේ ඊට මාස 8කට පසුවයි.

1833 සිට ව්‍යවස්ථාදායක සභා හරහා යම් යම් ආණ්ඩුක්‍රම සංශෝධන සිදුවූ අතර 20 වන සියවස වන විට අපට නිදහස ප්‍රධානය කිරීමට ඔවුන් මඟ එළි පෙහෙලි කරේ, 1833, 1848, 1910, 1921 ව්‍යවස්ථා සංශෝධන හා 1931 ලැබූ සර්වජන ඡන්දබලය හේතුවෙනි.

විධායක කාරක සභා, රාජ්‍ය මන්ත්‍රණ සභාව, හරහා ප්‍රජාතන්ත්‍රවාදීව නව යෝජනා ඉදිරියට ගලා ගිය අතර, දේශපාලන පිලිලයක් ලෙස හැඳින්වූ වාර්ෂික සංයෝජනය වෙනුවට පළාත්බද නියෝජනය ඉදිරියට ඒමද නිදහස ලබා දෙන ගමනේ ප්‍රබල සංධිස්ථානයකි. මෙවන්වූ සිද්ධීන් දාමයකට පසුව බ්‍රිතාන්‍ය යටත් විජිතව පැවැති ලංකාවට නිදහස ප්‍රධානය කිරීමට 1947 නොවැම්බර් 11 වන දින හයවන ජෝර්ජ් රජු අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

ඉන් පසුව වසර 450ක් පමණ විවිධ ජාතීන්ට යටත් වී සිටි අප රටට 1948 පෙබරවාරී 04 වන දින පූර්ණ ලෙස නිදහස හිමිවිය. එලෙස ලබාගත් නිදහස ආරක්ෂා කර ගැනීම වත්මන් පරම්පරාවේ  අප සියලූ දෙනාගේ උරමත පැටවූ වගකීමකි.

 



අදහස් (12)

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම හා නිදහස් සටනේ විශේෂ අවස්ථා

උදය Tuesday, 07 February 2017 08:55 PM

එදා උඩරට සිංහල ගිවිසුමට දෙමළෙන් අත්සන් කළ කෙනෙක් හිටියා නේද. අද දවසෙත් අපේ රට පාවාදීමට මේ අය එක්වීම අපේ රටේ අභාග්‍යයක් (නි)

:       1       8

රත්න Wednesday, 08 February 2017 12:22 PM

සිංහල දීනයන්ගේ මහා පාවාදීම 1815 පෙබරවාරි 18 දින සිදුවිය. ඒ එක්නැලිගොඩ මොහොට්ටාලගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මහනුවරට නුදුරු ගල්ලැහැවත්තේ උඩපිටිය ආරච්චිගේ ගෘහස්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීමය. (අ)

:       1       8

විපුල Tuesday, 07 February 2017 08:18 AM

අපේ රටේ වටිනාකම අපිට වටහා ගැනීමට අමාරුයි . (ම)

:       0       7

බමුණු Friday, 10 February 2017 09:22 AM

අපරාදේ නිදහස ලබා ගත්තේ. රට කාබාසිනියා වුනේ එදා ඉඳල. (බ)

:       0       7

බමුණු Friday, 10 February 2017 09:30 AM

සිංහල දීනයන්ගේ මහා පාවාදීම නොකළා නම් ඉන්දියාවෙන් බිසව වරුන් ගෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකම දීමට ඉන්දියාවෙන් පිරිමි ළමයින් ගෙන එන්නට ඉඩ තිබුණි. (බ)

:       0       8

බමුණු Friday, 10 February 2017 09:34 AM

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීම පවාදීමක්ද? අනේ දන්නෙනැති නිසයි අහන්නේ. මමනම් හිතුවේ සිංහලයෙක් නොවන රජෙක් අපට මොකටද කියල. අඩු ගන්නේ සිංහල ගැහැනියක් පවා ගත්තනම් කමක් නැත බිසවුන් හැටියට තෝරා ගත්තේ ඉන්දියානු ගැහැණුය. (බ)

:       0       7

අබරන් Friday, 10 February 2017 08:40 PM

ශ්‍රී වික්‍රම රජු අල්ලා නොදුන්නා නම් අද අපේ රට තමිල්නාඩුවේ යටත්විජිතයක්. අප රටේ ඉදිරි දැක්ම දුටු ඉංග්‍රීසීන්ට සහය දුන් ඇහැලේපොල වීරයාගේ පරපුර චිරාත් කාලයක් අප රටේ වැජඹේවා! (නි)

:       0       6

අබය Sunday, 12 February 2017 12:54 AM

1815 ගිවිසුම මහා පාවාදීමක් යැයි පුන පුනා කතාකරන වර්තමාන ඊනියා දේශප්‍රේමියෝ, සුද්දෝ නිසා ශිෂ්ටාචාරයට පත්ව ඔවුන්ගේ කාර්මික හා තාක්ෂණ දියුණුවෙන් ප්‍රයෝජන ගනිමින්, ඔවුන්ගේ කලිසම් කමිස හැඳ පැළඳ නවීන යාන වාහන පදවමින්, විසල් මාළිගාවන්වූ නිවෙස් වල ජනතා මුදලින් ජීවත්වෙමින් ජනතා මුදල් කොල්ලකමින් කෙරෙන මේ මහා විගඩම ජනතාවට නොතේරීම ජාතියේ අභාග්‍යයකි. සුද්දන්ගේ රටවල ජීවත්වෙමින්, එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය ලබමින්, අපේ රට තුළදී පමණක් සුද්දන්ට එරෙහිව කෑ කෝගසමින් දේශප්‍රේමියන් වෙන්නට හදන ඔවුහු තමන් අද සිටින්නේ ඒ ගිවිසුම නිසා නොවේදැයි සිතන්නට තරම් මොළයක් නැතුවා නොව හිඟන්නාගේ තුවාලය මෙන් සැමවිටම ජනතා ඡන්දය යැදීමට කරුණක් පාදක කර ගනිමිනි.

:       1       4

ප්‍රනාන්දු Thursday, 09 February 2017 09:51 PM

එදා දේශද්‍රෝහීන් කළ දේ අද සමහරු කිරීමට උත්සාහ කරමින් සිටිති. (නි)

:       0       4

ප්‍රදීප් ලියනගේ Tuesday, 07 February 2017 03:26 AM

එදා ඉඳන්ම රට ජාතිය පාවා දීපු අය හිටියා. විරුවන් මහා විශාල ප්‍රමාණයක් පාවාදෙන්නන් නිසා රටට අහිමි වුණා. ඒ පාවාදෙන්නන්ගේ ලේ වලින්, ජාන වලින් පැවතඑන අය අදත් ඉන්නවා. ඔවුන් අදත් කරන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් එදා කළදේම තමයි. (නි)

:       0       4

සුමංගල Saturday, 11 February 2017 01:52 AM

ඉතිහාසයට වටිනාකමක් දී අපේ රට අද ගැතී සුද්දන්ගෙන් බේරාගෙන දියුණුවට ගෙනයමු (නි)

:       0       3

ඉමන්ත කල්හාර Thursday, 24 January 2019 12:07 AM

සාපේක්ෂව හුගක් නිවැරදි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 819 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 119 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1059 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 449 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 727 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site