IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බ්‍රිතාන්‍යය ඉගෙන නොගත් ත්‍රස්තවාදයේ පාඩම

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනය මුළුමහත් බ්‍රිතාන්‍යයම කම්පනයට පත්කර තිබේ. පාලක කොන්සර්වටිව් පක්ෂයේ කාගේත් ආදරයත් ගෞරවයත් දිනා සිටි එම මන්ත්‍රීවරයා පිහි පහර දී ඝාතනය කළ තරුණයා මුස්ලිම් සම්භවයක් ඇති අන්තවාදී අදහස් දැරූවකු බව සඳහන් වෙයි.

ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනය ත්‍රස්ත ප්‍රහාරයක් බව ප්‍රකාශ කිරීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මොහොතක් හෝ ප්‍රමාද වූයේ නැත. මේ ප්‍රහාරයට සම්බන්ධ වූ කිසිවකුටත් කිසිදු සමාවක් නොදෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිකුත් කළ ශෝක පණිවුඩයෙන් දැඩිව අවධාරණය කර තිබිණි.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව ලොවම කම්පාවට පත් වී ශෝකය ප්‍රකාශ කරද්දී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු මෙම ඝාතනය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවට හඳුන්වා දුන්හ. එහෙත් බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය සහ බටහිර රටවල් සෙසු රටවල ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්තිය නොවන බව පෙන්වා දිය යුතුය. තමන්ගේ ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ඔවුන් වෙනත් රටවල ත්‍රස්ත සංවිධාන දකින්නේ ගැලවුම්කාරයන් වශයෙනි. බ්‍රිතාන්‍යය ද එවැනි රටකි. ඔවුහු කිසිදු ලජ්ජාවකින් තොරවම ලොවේ දරුණුම ත්‍රස්ත සංවිධානය වශයෙන් සැලකුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය විමුක්තිකාමී අරගලයක නිරත තරුණයන් පිරිසක් බව ප්‍රකාශ කළහ. එම මිනීමරු සංවිධානයේ න්‍යායාචාර්ය වූ ඇන්ටන් බාලසිංහම්ට මිය යනතුරුම බ්‍රිතාන්‍යය රැකවරණ දුන්නේය. ද්‍රවිඩ තරුණයන්ගේ කරේ සයනයිඩ් කරල් පලඳවා ඔවුන් අතට තුවක්කුව දුන් ඇඩෙලා බාලසිංහම්ට බ්‍රිතාන්‍යයේ රැකවරණ හිමි විය. එදා තමන්ගේ සුරතලයට ලක්වූ ත්‍රස්තවාදය අද තමන්ගේ නිවෙසේ දොරකඩ මිනී මරණ විට ත්‍රස්තවාදයට කවදාවත් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බවට ශපථ කරති. මේ දෙබඩි පිළිවෙත පිළිකෙව් කළ යුතු නොවේද?

ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට බ්‍රිතාන්‍යය තුළ ප්‍රබල හඬක් නැගෙමින් පවතී. එය එලෙසම ක්‍රියාත්මක විය යුතු බවට අපි ද එකඟ වෙමු. එහෙත් මෙහිදී පෙන්වා දිය යුත්තේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදයේදී බ්‍රිතාන්‍ය ක්‍රියා කළේ ඒ ආකාරයට නොවන බවය. 2005 වසරේදී මෙරට විදේශ ඇමැතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ අවස්ථාවේදී බ්‍රිතාන්‍යය එය ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන් හැඳින්වූයේ නැත.

මෙරට හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයේදීත් ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයේදීත් ඒවා ත්‍රස්ත ක්‍රියා වශයෙන් හැඳින්වීමට බ්‍රිතාන්‍යය හෝ ලොවේ වෙනත් බලවත් රටවල් හෝ ක්‍රියා කළේ නැත. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මෙරට දකුණේ දේශපාලන නායකයන් ද උතුරේ ද්‍රවිඩ දේශපාලන නායකයන් වූ අමිර්තලිංගම් ඇතුළු මන්ත්‍රීවරු ද ආචාර්ය නීලන් තිරුචෙල්වම් වැනි ද්‍රවිඩ සමාජය තුළ සිටි බුද්ධිමතුන් ද ඝාතනය කරද්දීත් කට නොසෙල්වූ බ්‍රිතාන්‍යය තමන්ගේ දේශපාලන රැකවරණ පතා පැමිණි ත්‍රස්තවාදීන්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නේ හිරිකිතයකින් තොරවය.

එම රටවල පදිංචි ද්‍රවිඩ ජනතාවගේ ඡන්දවලින් බලයට පැමිණීමට පාර කපාගැනීම අවශ්‍ය වීම නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට ත්‍රස්තවාදය අමතක විය. ඔවුන් එසේ කළේ නිකම්ම නොව මේ තරම් මිනීමැරූ එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡා පවත්වන ලෙසට ශ්‍රී ලංකාවේ රජයට බලකරමිනි. එපමණක් නොව එම ත්‍රස්තවාදය ජීවිත විශාල සංඛ්‍යාවක් කැපකරමින් අවසන් කළ ශ්‍රී ලංකාවේ හමුදාවලට එරෙහිව අභූත චෝදනා නගමින් ත්‍රස්තවාදය අවසන් කිරීම ජාත්‍යන්තර වැරැද්දක් වශයෙන් හඳුන්වාදීමට දැන් බ්‍රිතාන්‍යය මූලික වී සිටී.

බ්‍රිතාන්‍යය සමඟ කැනඩාව ද ඒ රටවල්වල සිටින ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද ලබාගැනීමේ පරමාර්ථයෙන් ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ සටන අපරාධයක් වශයෙන් හඳුන්වාදීමට බලමුළු තර කරද්දී තම මන්ත්‍රීවරයකු මරා දැමූ විට තමන්ගේ රට තුළ ත්‍රස්තවාදීන්ට කිසිම සමාවක් නොදෙන බවටත් ත්‍රස්තවාදය පරාජය කරන බවටත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු හඬ නගති. ශ්‍රීමත් ඩේවිඩ් වැනි ජනතා ආකර්ෂණයට ලක්වූ මන්ත්‍රීවරයකු බිලිගන්නා තුරු තමන්ට ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර තේරුම් ගැනීමට නොහැකි වීම ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් ලජ්ජා විය යුතුය. ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ දුන් සියලු‍ රටවලින් සමාව ඉල්ලිය යුතුය.

එල්.ටී.ටී.ඊ.යෙන් පසුව ලොව ත්‍රස්තවාදී ක්‍රියාවලින් භීතියට පත් කළ අයි.එස්.අයි.එස්. සංවිධානය බිහිවීමට මූලික වී තිබුණේ ද බ්‍රිතාන්‍යය ද එකතුව ඉරාකයට එරෙහිව සිදුකළ ආක්‍රමණය හේතුවෙන් බව රහසක් නොවේ. එසේ ලොවේ ත්‍රස්තවාදය බිහි කිරීමට උඩගෙඩි දීමේ බරපතළ ප්‍රතිවිපාකවලට බ්‍රිතාන්‍යය අද මුහුණ දෙමින් සිටී.

මුදල් සහ යුද අවි ලබාදී පෝෂණය කළ ලොව පුරා විවිධ ත්‍රස්ත සංවිධාන ගැන නිවැරැදි තක්සේරුවක් කිරීමට නොහැකි වීමත් ත්‍රස්තවාදය පිළිබඳව අනුගමනය කරන දෙබඩි කුහක ප්‍රතිපත්තියත් හේතුවෙන් තම මන්ත්‍රීවරයකුට ජීවිතය අහිමි වූ බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිළිගත යුතුය.

ත්‍රස්තවාදය එක රටකින් නොව මුළු ලොවෙන්ම මුලිනුපුටා දැමිය යුතු පිළිලයකි. වෙනත් රටවල ත්‍රස්තවාදය මානව හිමිකම් වශයෙන්ද තම රටේ ත්‍රස්තවාදය පමණක් ත්‍රස්තවාදයක් වශයෙන්ද දකින තුරු බ්‍රිතාන්‍යය මේ පාඩම කවදාවත් ඉගෙන ගන්නේ නැත.

(***)



අදහස් (4)

බ්‍රිතාන්‍යය ඉගෙන නොගත් ත්‍රස්තවාදයේ පාඩම

chandana Tuesday, 26 October 2021 11:37 AM

ඒහෙත් ඒයින් අපට ඉගෙන ගත හැකි පාඩමක් තිබේ. ඒනම් අපගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත දුර්වල නොකිරීම සහ ඔවුන් විසින් ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ගනු ගබන නෛතික පියවරයන් ඒ් ඇසුරින් අපගේ නීති පද්ධතියටද විධිමත් පරිදි ඇතුලත් කරරීමයි.

:       17       2

Duran Tuesday, 26 October 2021 08:06 PM

විශිෂ්ඨයි, උත්කෘෂ්ටයි, අති අනර්ඝයි.

:       0       62

fairoosThursday, 28 October 2021 07:15 PM

ලෙමන් පෆ්ද? නැහැ...

:       0       0

kamal Tuesday, 26 October 2021 08:50 PM

අද බොහෝ දෙනෙක් දරන මතයක් නම් සමහර බටහිර රටවල සිටින ද්‍රවිඩ ජනතාවගේ ඡන්දවලින් ඒ රටවල රජයන් බලයට පත් වෙන බව. මෙය පුහු මතයක් පමණි. කැනඩාව වැනි රටක ඔවුන්ගේම වැඩි චන්ද වලින් පත් වූ යයි සිතිය හැකි මන්ත්‍රීවරුන් ඇත්තේ එක්කෙනක් හෝ දෙදෙනෙක් පමණයි. එය රජයක් පිහිටුවීමට තරම් කිසිසේත් බලපෑමක් ඇති කල හැකි ගණනක් නොවේ.

:       16       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 74 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 80 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 792 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 187 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 454 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1103 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site