“මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යනු පන්සිල් පද පහේ හතරවන ශික්ෂා පදයයි. එහි අරුත බොරු කීමෙන් වළකිමි යන්නයි. මෙම ශික්ෂා පදය යටතේ බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, සම්පප්‍රලාප කීම යන සියලු කාරණා සාකච්ඡාවට බඳුන් වේ. එවැනි ගැඹුරු අර්ථයක් ඇති සිල්පදය කැඩීමෙන් මිනිසාට විවිධාකාර වූ ගැටලුවලට මුහුණදීමට සිදු වෙයි. ඇතැම්විට එය මරණයක් සිදු කිරීමට වුවද හේතු පාදක විය හැකිය. ඊට ප්‍රායෝගික සමාජයේ වූ උදාහරණ බොහෝය. අනුන්ගේ ජීවිත දුකට පත්කර තමන්ගේ ජීවිතයත් දුකට පත්කරගත් ඛේදනීය වෘත්තාන්ත එමටය.
හැත්තෑව දශකයේ සිදුවූ එවැනි ඛේදනීය වෘත්තාන්තයක් “එදා කවි කොළ” විශේෂාංගය තුළින් මෙසේ සටහන් කරමි.
හීන් පන්විල ග්‍රාමයේ විසූ දියෙස් සිංඤෝ අහිංසකය. අව්‍යාජය. ගමේ කාට හෝ නිතරම උදව්වක් උපකාරයක් කිරීම ඔහුගේ සිරිත වූවේය. ඔහුගේ ගෙපැල එළිය කළ පහන්සිල පේමවතීය. නාඹර පේමවතී අහිංසක දියෙස් සිංඤෝගේ දුප්පත් ලෝකය ආලෝකමත් කළාය. ඔහුට ජීවිතය විඳීමට අවස්ථාව උදාවූවේය. එය සුන්දර සිහිනයකැයි ඔහු සිතුවේය. දියෙස් සිංඤෝ තව තවත් මහන්සි වී කීයක් හෝ වැඩිපුර ඉපැයීමට කටයුතු කළේය.
දවසම විඩාවට පත්වී නිවසට ගොඩවන දියෙස් සිංඤෝට තවත් සුබාරංචියක් ලැබුණේය. ඒ ඔහුට පීතෘ පදවිය හිමිවීමයි. එය ඇසීමෙන් ඔහු සතුටෙන් ධනවතකු වූවේය. සතුට දෝරේ ගැලුවේය. පේමවති තව තවත් ආදරයෙන් රැක ගත්තේය. ආදරය පිරුණු පුංචි ගෙපැලේ කිරිසුවඳ පැතිර ගියේය. පුංචි පුතෙක් දියෙස් සිංඤෝට පීතෘත්වයේ කිරුළ පැලදුවේය. පේමවතීත්, දියෙස් සිංඤෝත් පුංචි පුතුගේ සුරතල් සමඟ ජීවිතය විඳගත්හ.
දැඩි හිරු කිරණින් ඔහු පිච්චෙන්නට විය. දැඩි වර්ෂාවෙන් ඔහු සේදෙන්නට විය. ඒත් ඒ කිසිවක් බාධක ලෙස නොසැලකූ දියෙස් සිංඤෝ සතුටින් කාය ශක්තිය මුදා හැරියේය. පේමවතීත් පුංචි පුතා වූ සෝමදාසත් රැකගැනීම සිය යුතුකම කොට සැලකුවේය.
සෝමදාස බහතෝරන අවධියට එන විට නැවතත් පේමවති ගැබ්බර වූවාය. දියෙස් සිංඤෝගේ ජීවිතය කාර්ය බහුල වූවේය. සිව් වැන්නෙකුත් රැක ගැනීමේ වගකීම හදවතට දැනෙන්නට විය. ඒ නිසාම දිවා රෑ නොබලා වෙහෙසුණේය.
මාස කීපයකට පසු පේමවතීට දියණියක් ලැබුණාය. දියෙස් සිංඤෝට තිබූ වගකීම් දෙගුණ තෙගුණ වූවේය. ඔහු දියණියගේ අනාගතය සුරක්ෂිත කිරීම අරමුණ කර ගත්තේය. ඒ නිසාම ඉඩ ලද හැම වෙලාවකම ඔහුට ලැබෙනා ඕනෑම ආකාරයක අනතුරුදායක රාජකාරියක් වුවද ඉටුකිරීමට දෙවරක් සිතා නොබැලුවේය. දියෙස් සිංඤොට තිබූ ඒ ගුණය ඔහුගේ පවුලට ආලෝකය සැලසුවා සේම එක් දිනක් අභාග්‍යද උදා කළේය.
කුලියට කිතුලක් කැපීමට නැගි දියෙස් සිංඤෝ නොසිතුව මොහොතක කිතුලෙන් වැටී මිය ගියේය. පේමවතී සිය දරුවන් දෙදෙනා සමඟ තනිවූවාය. ඇඳුම් පැලඳුම් වැරහැලි වන විට, කුසගින්නේ දරුවෝ අඬන විට, පේමවතීගේ මාතෘ සෙනෙහස ඉකිගසා හැඬුවාය. ඒ නිසාම අයියාට නංගිව බලා ගැනීමට බාරදී ගමේ ගෙවල්වල මෙහෙවර කිරීමට යාම ජීවිතය කරගත්තාය. දවස පුරා වෙහෙසී සියලු කර්තව්‍යයන් නිමවා නිවසට යන පේමවතී උපයාගත් දෙයින් දරුවන්ගේ කුස පුරවා සතුටුවූවාය. හිමියා නැති ඇය නොයෙක් තාඩන පීඩන මධ්‍යයේ සෝමදාසත් සෝමවතීත් ඇති දැඩි කළාය.
ටිකෙන් ටික වැඩුනු සෝමදාස වයසින් මුහුකුරා ගියේය. අම්මා විඳින දුක තේරුම් ගත් ඔහු සිය මෑණියන් පිළිබඳව කම්පා වූවේය.
“අම්මේ උඹට දැන් බෑ ඔය කුලී වැඩ කරන්න. මට දැන් පුළුවන් උඹවයි නංගිවයි බලාගන්න. ආයේ ගෙවල් ගානේ වැඩට යන්න එපා.” පුතෙකුගේ වගකීම හිතට ගත් සෝමදාස මවයි නැගණියයි රැක බලා ගැනීමේ වගකීම සිය කරමතට ගත්තේය. ජව සම්පන්න තරුණයෙක් වූ ඔහු දවස පුරා මහන්සි වී කටයුතු කළේය. නිවසට කිසිදු අඩුපාඩුවක් නොකර සිටීමට වගබලා ගත්තේය.
පේමවතී සිය පුතාට බොහෝ ළෙන්ගතු වූවාය. තමාත් දියණියත් රැක ගන්නා තරුණ පුතාට යුතුකම් ඉටු කිරීමට කාලය හරි බව සිතුවාය.
“මගේ පුතා හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. දැන් කලවයසත් හරි. පෙළවහක් කරගන්න.” පේමවති සෝමදාසට පෙරැත්ත කළාය.
“අනේ ඔව් අයියා. මට නෑනෙක් ගෙනැත් දෙන්නකෝ... මාත් හරි පාළුවෙන් ඉන්නේ.”
සෝමාවතීත් අයියාට පෙරැත්ත කළාය. සියලු දෙනාගේම ආශිර්වාදය මධ්‍යයේ සෝමදාස බිරිඳක් කැටුව ආවේය. එක ගෙදරක සියලු දෙනාම සතුටින් ජීවිතය ආරම්භ කළහ.
විවාහයෙන් පසුවද සිය නැගණියට කිසි දිනක කිසිදු අඟහිඟයක් නොකිරීමට සෝමදාස වගබලා ගත්තේය. පේමවතීට එය සැනසිලිදායක විය. සිය දියණිය එකම පුතා විසින් ආරක්ෂාකර ගනු ලැබේ යැයි යන විශ්වාසයෙන් පසුවූවාය. අවසන් කාලයේදී සැනසිලිදායක සිතින්ම ඇය මිය ගියාය.
සෝමවතී තනි වූවාය. එහෙත් සිය සහෝදරයා වූ සෝමදාස පෙරටත් වඩා ලෙන්ගතුව සිය නැගණිය ආරක්ෂා කළේය. මෙම සහෝදර බැඳීම සෝමදාසගේ බිරිඳට ඇහේ කටු ඇනෙන්නාක් මෙන් විය. ඇය සෝමදාස නැති බොහෝ අවස්ථාවල සෝමවතීගේ සිත රිදෙව්වාය.
එහෙත් සිය සහෝදරයාට ළෙන්ගතු සෝමවතී ඔහුගේ පවුලේ යහපත තකා ඒ කිසිවක් සෝමදාසට නොකිව්වාය.
ඇගේ මේ පිළිවත නෑනණ්ඩියගේ මගඩිකම්වලට රුකුලක් විය. නෑනණ්ඩිය සෝමාවතීගේ නැති වැරදි ස්වාමියාට පැවසීමට කටයුතු කළාය. මුල් කාල වකවානුවේ ඔහු ඒ සියලු දේ එක් කනෙකින් අසා අනිත් කනින් පිට කළේය. සිය නැගණිය අවිශ්වාස නොකළේය.
මේ පිළිවෙත සෝමදාසගේ බිරිඳ තව තවත් කුපිත කළාය. ඒ නිසාම එක් දිනක ඇය මෙවන් උප්පරවැට්ටියක් යෙදුවාය. එදා පාන්දරම සෝමදාස නිවසින් පිටවූවේය. ඔහු නිවසින් ගියපසු ඔහුගේ බිරිඳ නැගණියට බොරු චෝදනා කර දොස් තැබුවාය. අහිංසක සෝමවතී ඉකිගසමින් කාමරයට වැදුණාය. ඉන්පසු සෝමදාසගේ බිරිඳ මුළුතැන්ගෙයට ගමන් ගත්තාය. එහි තිබූ හට්ටි මුට්ටි පොළවේ ගසා කාමරයට වැදුණාය.
දවසම මහන්සි වී පීඩාවට පත් සෝමදාස කුස ගින්නේම නිවසට පැමිණියේය. බත් පිඟානක් බෙදා දීමට කවුරුවත් නොසිටි හෙයින් පිඟානක් ගෙන මුළුතැන්ගෙයට පියමැන්නේය. මුළු තැන්ගෙය සිසාරා හැළි වළං කුඩු වී තිබුණි. කුසගින්නේ සිටි සෝමදාසට යක්ෂායා ආරූඪ වූවේය.
“කෝ මේ ගෙදර මිනිස්සු.... මොකක්ද මේ කරලා තියෙන්නේ යකුණේ.....”
ඔහු කෝපයෙන් කෑගැසුවේය. ඔහුගේ බිරිඳ හඬමින් ඔහු අසලට පැමිණියාය.
“ඔයාගේ හුරතල් නංගි යක්ෂණියක්. පේනවා නේද කරලා තියෙන දේ. ඔයා ගෙදරින් ගියා පස්සේ හැසිරෙන්නේ පිස්සියක් වගේ. හැම වෙලාවෙම මාත් එක්ක රණ්ඩු කරනවා.” කිඹුල් කඳුළු අතුරින් ඇය සෝමදාස දෙස බැලුවාය. ගත වූයේ නිමේෂයකි කෝපයෙන් සිටි සෝමදාස අසල තිබූ මන්නය ගෙන ඇගේ ගෙල හරහා දමා ගැසුවේය. සාලය රුධිර ගංගාවක් විය. නෑනාගේ මරණය දුටු සෝමවතී හිසේ අතගසා ගෙන කෑගසන්නට වූවාය.
බිරිඳගේ ගෙලකැපූ මන්නය අතටගත් සෝමදාස එක බඩවැල කඩාගෙන විත් තමා හා එකට මව් සෙවණේ හැදුණු තමා පණ මෙන් රැකගත් එකම නැගණියව හිත් පිත් නැත්තෙකුසේ කෑලි කෑලිවලට කපා දැමුවේය. බිරිඳත් නැගණියත් මරණයට පත් කළ ඔහු නීතියට අනුව පෝරකයට නියම විය. ආදරණීය පවුලක් කඳුළු කතාවකින් අවසන් වූවේය.
එහෙත් කේලම, මුසාව වැනි කාරණා මත සිදුවන අයහපත් ක්‍රියාවන්හි ආදීනව දක්වමින් මීගහතැන්නේ වැදිවත්තේ සරසවි නිවසෙහි පදිංචි පී.ඩී. මාටින් අප්පුහාමි මහතා විසින් කවි කොළයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එය මෙසේය.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිරිඳගේ කේලම් ඇසූ සැමියාට අත්වූ ඉරණම