මොල්ලිකුලම් - සිලාවතුර මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය බොරලූ ලබාගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කරමින් බොරලූ කැපීමේ කටයුතු කෙරෙමින් පවතී. කිලෝමීටර 30 කින් යුත් මේ මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4 ට අයත් බොරලූවල ප‍්‍රදේශයේ මේ මහා පරිමාණ බොරලූ කැපීම කරයි.
![]() |
පස් කැපීමෙන් පරිසරය විනාශවී ඇති අයුරු |
![]() |
ජූනි 13 වැනි දින සිට මේ දක්වා කාලය තුළ දී මෙම ස්ථානයේ වැවක් තනන බවට ව්‍යාජ ලෙස සඳහන් කරමින් ටිපර් රථ 50 ක් හා බැකෝ යන්ත‍්‍ර 3 ක් උපයෝගී කරගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර 100 කට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර අඩි 20 ක් පමණ ගැඹුර වළවල් සකසමින් මේ මහා පරිමාණ බොරලූ කැපීමේ ව්‍යාපෘතිය කර ඇතැයි කියති.
මේ බොරලූ කැපීම කරනු ලබන ප‍්‍රදේශයේ උස් ස්ථානයක් වන අතර ඒ ආශ‍්‍රිතව කිසිදු ජල මූලාශ‍්‍රයක් නොපවතී. එවන් ස්ථානයක කිසිදු ආකාරයකින් වැවක් ඉදිකළ නොහැකි අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දේශපාලන රැකවරණ මධ්‍යයේ මේ මහා පරිමාණ නීති විරෝධී බොරලූ කැපීම කර තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු ලංකාවේ ඉතාම සුවිශේෂී වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප‍්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දාය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත‍්‍රික්ක දෙකට අයත් එහි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967-04-28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969-08-27 වන දින හෙක්ටයාර 22981.4 ක්ද 1969-12-05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973-12-07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර 131693.7 කි.
මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංඟාවන්ගේ ජල පෝෂක ප‍්‍රදේශ වලට ලැබුණු රැකවරණය මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා මහ පරිමාණ බොරලූ කැපීම හේතුවෙන් අහිමි වී ඇත.
විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි, මිශ‍්‍ර, සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, ගංගාශ‍්‍රිත වනාන්තර, තෙත් විල්ලූ, තෘණ භූමි, වියළි පතන පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැකගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ.
|
පස් කපා දමන හැටි.... |
විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංගාවන්ගේ ජල පෝෂක ප‍්‍රදේශයක් පමණක් නොව අති දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය වෙතින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළය.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බොරලු කැපීමෙන් විනාශ වන විල්පත්තුව
ටිකිරි බංඩා Wednesday, 04 September 2013 01:29 PM
ඔය තියෙන්නේ සුපිරි සංවර්දනය.(නදී)
ටිකිරි බංඩා Wednesday, 04 September 2013 01:30 PM
මේවා කව්රු කලත් මහා පොලොව නුහුලන අපරාද.ජාතික අපරාද.(නදී)
දයා අලහකෝන් Monday, 02 September 2013 03:59 PM
නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කීවලු නේද? (ස)