කැප්පෙටිපොල දිසාව ඇතුළු මහනුවර රාජධානියේ නායකයින් 19 දෙනකු ද්‍රෝහීන් ලෙස නම් කරමින් එංගලන්ත ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818දී නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලයි.
1818 දී බ්‍රිතාන්‍ය රජ කිරුළට විරුද්ධව අරගල කළැයි කියමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.
රට ජාතිය වෙනුවෙන් සටන් කළ නායකයන් අවුරුදු 200ක් පමණ කාලයක් ද්‍රෝහීන් ලෙස නම් කැර සිටි බවත් එය අවලංගු කර එම නායකයින් 19 දෙනා ‘වීරයන්‘ ලෙස නම් කරන ලෙසත් අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසිය.
කැප්පෙටිපොළ දිසාවගේ ඇතුළු නායකයින්ගේ පවුලේ අය ගැන හෝ ඥාතීන් ගැන විස්තර ඇතොත් අමාත්‍යංශ ලේකම් දැනුවත් කරන ලෙසද අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
“බ්‍රවුන්රිග්ගේ ලැයිස්තුව කටු ගානු-උඩරට 18ක් විරුවන් කරනු“
අමර Wednesday, 07 December 2016 07:47 AM
වීරයෙකු වන්නේත් ද්‍රෝහියෙකු වන්නේත් මිනිසුන්ගේ හදවත තුළය.(ම)
නන්ද Tuesday, 06 December 2016 08:00 AM
විජයදාස රාජපක්ෂ මහතා ගැන සතුටුයි (නි)
සෑම් Tuesday, 06 December 2016 08:38 AM
මේ දහනම දෙනාම සිංහලයන්ගේ හදවත් වල සැමදාටම වීරයන්. අපේ රට තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනයේ නැති බවත් ඔව්න්ගේ ගැසට් පත්‍රයකින් අපේ විරුවන්ගේ වීරත්වය ඉවත් කළ නොහැකි බවත් හැමෝම දන්නවා. තම අමාත්‍යංශයේ තියන ප්‍රශ්න විසඳන්නේ නැතුව අපේ "ජාතික වීරයන්" නීත්‍යානුකූල කරන්න හදන්නේ ඔව්න්ගේ වීරත්වයෙන් තමන් කැපීපෙනෙන්න මිසක් වෙනදේකට නොවේ කියායි මම නම් සිතන්නේ (නි)
ධම්ම Tuesday, 06 December 2016 08:45 AM
ඉංග්‍රීසි ආණ්ඩුව සරදියෙල් එල්ලා මැරුවේ චෞරයෙකු ලෙසයි. ඔහු චෞරයෙකු නොව නිදහස් සටන්කාමියෙකු බවට අද ඇතිතරම් සාක්ෂි ඇත. ඒ නිසා ඔහුද නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. (නි)
තුසිත Tuesday, 06 December 2016 10:22 AM
ඒ වගේම රට බේරාගත් රණවිරුවන්වත්, හිටපු ජනපතිත්වත් ජාති බේද, පක්ෂ බේද නැතුව වීරයන් කළොත් හොඳයි නේද (නි)
මංගල Tuesday, 06 December 2016 11:35 AM
කවුරු කොහොම කිව්වත් මේ හැමෝම අපේ වීරයෝ. (ර)
ජනන් Sunday, 11 December 2016 01:53 PM
සමන්, යුද්ධය දිනූ වීරයන් සුපහන් හදවත්වල ජීවත්වනවා. ඔබ වගේ කුහකයන් අඳබාලයන්ගෙ හදවත්වල නැතත්. (නි)
සමන් Tuesday, 06 December 2016 01:10 PM
තුසිත! රිදී කාසි අස්සේ අලුක්කාල් රිංගවන්න හදන්න එපා. යුද්ධය දිනු අපේ රණවිරුවෝ ඉතිහාසගත වෙලා ඉවරයි. (ර)
අජිත් Wednesday, 07 December 2016 02:33 PM
සමන්, ඔය තරම් කුහක වෙන්න එපා. මෛත්‍රී වඩන්න ඉගෙනගන්න පුරුදු පුහුණු වෙන්න. (නි)
සමන් Thursday, 08 December 2016 09:09 AM
ඒ ඒ කාලවල පාලකයෝ තමුන්ට විරුද්ධ අය දේශද්‍රෝහියෝ හැටියට තමයි නම් කළේ. (නි)
තුසිත Thursday, 08 December 2016 09:27 AM
සමන්, යුද්ධය දිනු අපේ රණවිරුවෝ ඉතිහාසගත වෙලා ඉවර බව ඇත්ත. නමුත්, ඔවුන්ට සිද්ධවෙච්ච් දේවල්, සිද්ධවෙන දේවල් දැක්කම දුකයි (නි)