බතින් බුලතින් සපිරි රටක් නම් එහි වැසියන් නිතැතින්ම සතුටින් විසිය යුතුය. එහෙත් අපේ රටේ වැසියන් එසේ නොසිටින්නේ මන්ද? වී අලෙවි මණ්ඩල වාර්තාවන්ට අනුව මේ වනවිට රජයට අයත් වී ගබඩාවල වී මෙටි්‍රක් ටොන් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගබඩාකර ඇත. මණ්ඩල වාර්තාවන්ට අනුව ඒවා 2015 අග භාගයේදී ලබාගත් ඒවාය. එළඹෙන නොවැම්බර් මාසය පමණ වනවිට මෙටි්‍රක් ටොන් පනස් දහසක් ඉතිරිකොට ඉතිරි සියල්ල විකිණීමට සූදානමින් සිටියි.
මෙම වසරට අදාළ අයවැයෙන් රුපියල් මිලියන හාරදහස් පන්සියයක් කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කොට ඇත. ඒ කෙසේ නමුත් ඉන්දියාවෙන් පාකිස්ථානයෙන් ඇතුළු රටවල් කිහිපයකින් අපේ රටට සහල් ගෙන්වන බවද නොරහසකි. ඒ පමණක්ම නොව ඉහත හේතු සාධකය නිසා අපේ රටේ නිෂ්පාදිත වී සංචිතවලින් විශාල කොටසක් පරිභෝජනයට නොගෙන රඳවා තබන බවද අප හොඳින්ම දන්නා කරුණකි.
ඉකුත් 2014 වර්ෂයේදී සතොස මගින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද නාඩු සහල් කිලෝ තුන් ලක්ෂ හැටපන්දහසක් පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ සහල් මෝලකදී නීත්‍යානුකූල නොවන අන්දමින් නැවත ඇසුරුම් කොට විකිණීමට උත්සාහ කළ බවට පුවතක් වාර්තාවිය. පොලිසිය හා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරින් එක්ව සහල් මෝල වැටලීමේ පුවත ගෙවීගිය සතියේ විශේෂ ජනතා අවධානයකට ලක්වූවක් විය. පසුව එම පුවත පිළිබඳ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මාධ්‍ය දැනුවත් කිරීමක් ද සිදු කළේය.
පරිභෝජනයට නුසුදුසු සහල් නැවත වර්ණ ගන්වා විකිණීමේ පුවත සත්‍යයක්ද? වගකිව යුතු රජයේ ආයතනයකින් එවැන්නක් සිදුවිය හැකිද? අපි ඒ පිළිබඳව යම් විමසීමක යෙදුනෙමු.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ ලේකම් ටී. එම්.කේ.බී. තෙන්නකෝන් මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා දැක්වූ අදහස් මෙසේය.
“වසර 2014 දී මෙරටට ගෙන්වන ලද මෙම සහල් අතර පරිභෝජනයට සුදුසු සහල් ප්‍රමාණයක් තිබුණා. එහි තිබූ සහල් ශුද්ධ පවිත්‍ර කිරීම සිදුවූයේ අමාත්‍ය මණ්ඩලයේ ජීවන වියදම් අනු කමිටුව ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුවයි. ටෙන්ඩර් කැඳවීමකින් පසුව අඩුම මිල ගණන් ලබාදුන් සහල් මෝලට අප එම සහල් ශුද්ධ පවිත්‍ර කිරීමට බාරදුන්නා. නමුත් බොහෝ මාධ්‍ය මගින් එය විකෘති කොට වාර්තා කිරීමක් දක්නට ලැබුණා. සහල් මෝල වැටලීමෙන් පසුව ඒ පිළිබඳව සතොස ආයතනයේ සභාපතිවරයාගෙන් විමසීමේ වගකීමක් ඔවුන්ට පැවරෙනවා. ලක් සතොස, සතොස කියන්නේ මහජනතාවගේ ආයතන.
ඒවායේ භාණ්ඩවල ප්‍රමිතිය ගැන ගැටලුවක් මතුවුණොත් එයින් අපහසුතාවය ට පත්වන්නේ දුප්පත් පොදු ජනතාවයි. හොඳ තත්ත්වයේ තිබූ සහල් ශුද්ධ පවිත්‍රකොට අඩුම මුදලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට අප අපේක්ෂාවෙන් සිටියා. නමුත් මෙවැනි අපරීක්ෂාකාරී වාර්තා කිරීම් නිසා රජය අපහසුතාවයට පත්වෙනවා” යැයි අමාත්‍යංශ ලේකම්වරයා අප සමග සඳහන් කළේය.
වෙළෙඳපොළට නිකුත් කෙරෙන සහල්වල ප්‍රමිතිය පිළිබඳව අර්බුද මතුවීම පසුගිය කාලසීමාවේ විවිධ අවස්ථාවලදී අපට දක්නට ලැබුණා. පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා මෙම ගැටලුව පිළිබඳව දැක්වූ අදහස් අනුවද ඉහත කාරණාව අපට අවබෝධ කරගත හැකියි. සහල් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස් මෙසේය.
ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම සහල් තොගය සතොසට අයත් ගබඩාවල තැන්පත් කර තිබෙන බවට අප ලද තොරතුරු අනුව පාරිභෝගික අධිකාරියට ඒ පිළිබඳව දැනුවත් කළා. නමුත් ඔවුන් එම පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කළේ නැහැ. පසුව අප කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයටද මේ පිළිබඳ දැනුම් දුන්නා. මෙම කාලසීමාවේ වී මිලදී ගැනීම් සිදුකරන කාල සීමාවක්. හොඳ ව්‍යාපාරිකයෝ වගේම ජාවාරම් කාරයොත් මේ වෙලාවේ වාසි අපේක්ෂාවෙන් වැඩ කරනවා. ප්‍රමිතියෙන් තොර සහල් සායම් යොදා විකිණීම සිදුවෙනවා. වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නැහැ. සායම් යෙදූ සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීම නවත්වන්න ඔවුන්ට නොහැකිවී තිබෙනවා. සායම් යෙදීමට අමතරව පරණ සහල් අලුත් පෙනුමක් සහිතව විකිණිය හැකි මට්ටමටද පත් කරනවා. මේ සියල්ල සඳහා භාවිතා වන්නේ රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමයි. සහල් ගබඩා කිරීමේදි නිවැරැදි ප්‍රමිතියක් අනුගමනය නොකිරීමත් පවතින ගැටලුවක්. පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදිහට අප ඉල්ලීමක් කරනවා දැනට වෙළෙඳපොළේ තිබෙන සහල් ප්‍රමිතියෙන් යුක්තද කියලා සොයා බැලීමක් කරන්න කියලා. ඒ වගේම වෙළෙඳපොළේ සිටින සහල් මාෆියාකරුවන්ගේ මඩිය තරකර ගැනීම සඳහා රටේ ජනතාව බිල්ලට තියන්න එපා කියලත් අපි ඉල්ලා සිටිනවා යැයි ඒ මහතා සඳහන් කළේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාද මේ පිළිබඳව අප සමග කරුණු හෙළිදරව් කළේය. එහිදී ඒ මහතා මෙසේ සඳහන් කළේය.
“අපේ රටේ කෘෂි ක්ෂේත්‍රය මේ වනවිට දැඩි නොසලකා හැරීමකට ලක්වෙනවා. සරලවම කිව්වොත් අද වෙද්දි තණකොළ පවා පිටරටින් ගෙන්වන තත්ත්වයට පත්වෙලා. පොළොන්නරුවෙන් මතුවූ සහල් තොගය කිසිලෙසකවත් මිනිස් පරිභෝජනයට සුදුසු නැහැ. එම සහල්වලට ගුල්ලෝ ආදි කෘමි සතුන් ඒම වැළැක්වීමට ඉතාමත් විෂ සහිත රසායනිකයක් යොදනවා. එවැනි රසායනිකයන් යෙදූ සහල් මිනිස් පරිභෝජනයට කිසි ලෙසකවත් සුදුසු නැහැ. එවැනි සහල් සතෙකුටවත් කන්න දෙන්න හොඳ නැහැ. රටේ ගොයම් අස්වැන්න නෙළන කාලෙට පිටරටින් සහල් ගෙන්වනවා. ගබඩාවල තිබෙන සහල් වෙළෙඳපොළට නිකුත් කරන්නෙත් එවැනි කාලසීමාවලදී. මේ තත්ත්වයන් නිසා රටේ කෘෂි ක්ෂේත්‍රය හෑල්ලුවට ලක්වෙනවා. ගබඩාවල තිබෙන සහල් අස්වනු නෙළන කාලයේ වෙළෙඳපොළට නිකුත් කළාම ගොවියා අසරණ වෙනවා. දේශපාලනඥයෝ වැඩ කරන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් කුට්ටියටයි. පාලකයෝ තීරණ ගන්නේ කොමිස්වලින් ලැබෙන වාසිය අනුවයි. ගබඩාවල තිබෙන කල් ඉකුත්වූ සහල් නැවත පරිභෝජනයට නොයොදවන ලෙස අප වගකීමෙන් යුතුව ඉල්ලා සිටිනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
අපේ රටේ ගොවි ජනතාවගේ ප්‍රමාණය මුළු ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩිය. එමෙන්ම තවමත් අපේ රටේ ප්‍රධාන ආහාරය වශයෙන් යොදා ගන්නේ බත් බවත් අපි දනිමු. ගොවි සංවිධාන නියෝජිතයන් කියන ආකාරයට පොහොර සහනාධාර ඇතුළු අනෙකුත් කෘෂි ආර්ථික වරප්‍රසාද දිගින් දිගටම කප්පාදු වෙමින් පවතියි. ඒ පිළිබඳව රජයේ යහපත් මැදිහත් වීමක් අවශ්‍යය යන්න ඔවුන්ගේ මතයයි. නොඑසේ නම් ලක්ෂ හැත්තෑවකට වඩා වැඩි අපේ රටේ ගොවි ප්‍රජාවගේ හෙට දවස පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වය තව දුරටත් නොවිසඳෙනු ඇත.
තොරතුරු සැපයීම, වී අලෙවි මණ්ඩලය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2015.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලාගෙනයි: විෂ යෙදූ රොඩු හාල් වෙළෙඳපොළේ
මහේෂ් ඩුබායි Wednesday, 07 September 2016 01:16 PM
පුදුම රටක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.. සල්ලි දෙනවා කිව්වොත් ඕන දෙයක් කරයි. අඩුම ගානේ කන බොන දේටත් වංචා නොකර ඉන්න බැනේ. කිසිම නීතියක් නැති රටක් වේගෙන එන්නේ දැන් අපේ රටත්. (අ)
රාජෙශ් Wednesday, 07 September 2016 06:21 AM
නවසීලන්තයට ද මෙවැනි විෂ වර්ණ යෙදු සහල් යවා ඇති බව දැන ගන්නට ලැබුණි (බ)