අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.
”යමෙක් ගිලනුන්ට උවටැන් කරයි ද, හේ මට උවටැන් කරයි.” යනුවෙන් බුදු රජාණන් වහන්සේ වදාළ දහම් පදයක් නිතර පෙනි පෙනීත් ඒ ගණනකටවත් නොගෙන රෝගීන්ට අකාරුණික ලෙස සලකන සෞඛ්‍ය සේවකයන් නොමඳව සිටින බව නිතර අසන්නට ලැබේ. කයින් ද මනසින් ද දුර්වල තත්ත්වයේ සිටින රෝගියාට රෝහල තුළදී තමාට කියා කිසිවෙකු නැත. ඉන්නා එකම හිතවන්තයා හෝ හිතවන්තිය රෝහල් සේවකයා හෝ සේවිකාවයි. ඉහත කී දහම් පදය බොහෝ රෝහල්වල ප‍්‍රදර්ශනය කර ඇත. එහෙත් එය පිළිපදින්නේ කීයෙන් කී දෙනාදැයි මහජනතාව හොඳින් දනිති.
අද මා කියන්නට යන්නේ ද රෝහල් සේවකයකුට තමා කළ පව් මේ ආත්මයේදීම පළදුන් කතාවකි. රජරට පළාතේ රෝහල් කිහිපයක සේවයකොට හැම තැනකින්ම දඬුවම් මාරු ලබා අවසානයේ ප‍්‍රධාන පෙළේ රෝහලකට මොහු මාරු කර තිබුණි. හැම රෝහලකින්ම ඔහුට දොර වැහුණේ රෝගීන්ට අකාරුණිකව සැලකූ හෙයිනි. 1980 දශකයේදී මොහුට එවකට පැවැති රජයෙන් සමාදාන විනිශ්චයකාර ධුරයක් ද පිරිනමන ලද්දේ දේශපාලන ගැතිකම් කිරීමට උදව්වක් ලෙසිනි.
එම තනතුර ලැබීමත් සමග ඔහු තවත් උඩඟු විය. සුළු සේවකයකු වූ නිසා රෝහල් රාජකාරි ඔහුට මදිකමක් සේ සිතුණි. දේශපාලන බලපෑම් මත ඔහු භික්ෂූන් වහන්සේලා ප‍්‍රතිකාර ලබන වාට්ටුවක සේවයට යොදවන්නේ එහි වැඩ අඩු නිසාය. එහෙත් ඔහුගෙන් භික්ෂූන් වහන්සේලාට කිසිදු උපකාරයක් නොලැබුණි. ඔහු වැඩ කළේ ඔහුට උවමනා අන්දමට මිස භික්ෂූන් වහන්සේලාට උවමනා අන්දමට නොවේ.
වෙන දෙයක් තබා දහවල් ආහාරය හෙවත් දානයවත් ඔහු කලට වේලාවට ගෙනාවේ නැත. මුළුතැන්ගෙයින් භික්ෂූන් වහන්සේලා සඳහා ආහාරය පෙරවරු 11.30 වනවිට සූදානම් කළද ඔහු ඒවා ගෙනාවේ ඔහුට උවමනා වේලාවටය. ඇතැම් දිනවල දහවල් 1.00ද පසුවී ආහාර ගෙනාවේය. මේ පිළිබඳව හෙද නිලධාරීන් උසස් නිලධාරීන්ට පැමිණිලි කළද ඔහුට ලැබුණු දඬුවමක් නොවීය. සියල්ල දේශපාලන බලයට යටවී තිබුණි.
කෙසේ හෝ රාජ්‍ය බලය වෙනත් පක්ෂයකට මාරු වූ පසු ඔහුගේ බලය ද පිරිහී ගියේය. එහෙත් ඔහුට පුරුදු වී ඇති අන්දමට රාජකාරි කරන්නට යාම නිසා එම වාට්ටුවෙන් ද ඔහුට මාරුවක් ලැබුණි. විශ‍්‍රාම වයසට ආසන්න වීම නිසා ඔහු යොදවා තිබුණේ සැහැල්ලූ රාජකාරි තිබුණු අංශයකටය. විශ‍්‍රාම ගන්නා දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයවත් කිසිදු සාදයක් හෝ සිහිවටනයක් ලබාදීමට කටයුතු කර නොතිබුණි. ඒ ඔහු රෝහලටම හිසරදයක්ව සිටි නිසාය.
මේ ගැන කල්පනා කළ ඔහු සිටි අංශයේ හෙදියන් ඔහුට අනුකම්පා කොට තිළිණයක් ලබාදීමට කටයුතු කර තිබුණි. විශ‍්‍රාම ගන්නා දිනයේ සවස ඔහු සෑහෙන පමණට මත්වතුර පානය කොට තමන්ට ලැබුණ සිහිවටනය සෑම දෙනාමට පෙන්වමින් රෝහල පුරා ඇවිදින්නට විය. එම චාරිකාව අවසන් වුණේ තිළිණය සහිත පෙට්ටිය බිම වැටී පිඟන් බඩු ටික බිඳී ගිය පසුවය. ඒ නිසා ඔහුට සිහිවටනයක් හෝ ඉතිරි නොවීය. කෙසේ හෝ මත් ගතිය අවසන් වූ පසු ඔහු නිවස කරා ගියේ ඉතාමත් කලකිරුණ සිතකිනි.
ඉන්පසු ඔහුගේ අසනීපයකට ප‍්‍රතිකාර ගැනීමට පැමිණිය ද කිසිවෙකු ඔහුට උදව් කළේ නැත. එය ඔහුට ඉමහත් චිත්ත වේදනාවකට හේතු වී තිබුණි. මෙසේ සිත් වේදනාවෙන් සිටිද්දී දිනක් සවස නාඳුනන පිරිසක් පැමිණ ඔහුගේ නිවස ඉදිරිපිටදීම ඔහුට පොලූවලින් පහර දී මරාදමා තිබුණි. අහල පහල කිසිවෙකු හෝ එය වැළැක්වීමට පැමිණ නැත. ඔහුට විශ‍්‍රාම වැටුපෙන් මාස හයක්වත් ජීවත්වීමට නොලැබුණ බව පසුව දැනගන්නට ලැබුණි. ඔහුට ආසන්න කර්මයක් ආචින්න කර්මයක් එක සේ බලපාන්නට ඇත.
බිංගිරිය කොස්වත්ත ඞී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
රජරටට ආසන්න නගරයක කඩකාමර සහිත විශාල ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහු අපි ”මහතුන්” යැයි හඳුන්වමු. ඉතා අධික මිල ගණන් යටතේ කෲර ලෙස තම ව්‍යාපාර කරගෙන ගිය අයෙකි මොහු. අන්‍යයන් කෙරෙහි කිසිම සිතක් පපුවක් නොමැතිව තණ්හාධිකව තම වෙළඳ ව්‍යාපාර කරගෙන ගිය අතර ටික කලක් ගතවන විට මහා ධනස්කන්ධයක් හරි හම්බ කරගැනීමට ඔහුට හැකි විය. ප‍්‍රදේශයේ වෙනත් වෙළඳසැල් නොතිබූ හෙයින් ජනතාවද මෙම කඩයට ඇදී ආයේ ඕනෑම බඩු බාහිරාදියක් මෙහිදී මිලදී ගත හැකි බැවිනි.
ටික කලක් ගතවන විට යාන වාහනද මිලදී ගත් ඔහු ප‍්‍රදේශයේ අගහිඟකම් ඇති දුප්පතුන්ගේ ඉඩකඩම්ද, කුඹුරු යායවල්ද අත්කර ගත්තේ මුදල් පොලියට දීම හා උගස්බඩු මිලදී ගැනීමේ ව්‍යාපාර තුළින්ය. මහජනතාවගෙන් ඉතා අඩුමුදලට ඉඩකඩම් හා කුඹුරුද උගස් බඩුද මිලදී ගත් මහතුන් කලක් යනවිට කුඹුරු, ඉඩකඩම් රාශියක හිමිකරුවක වූ අතර අධික පොලී ගණන් යටතේ ඔහු මේ සියලූ දේපළවල හිමිකරුවා විය.
මෙසේ අධික තණ්හාවෙන් හරි හම්බකරගත් මහතුන් කලක් යනවිට සුවකළ නොහැකි රෝගයකින් පෙළෙන්නට විය. අවසානයේ එම රෝගයට කොතරම් ප‍්‍රතිකාරගත්තද ඉන් පලක් නොවූ හෙතෙම හදිසියේ මිය පරලොව ගියේ ඔහු සතු සියලූ දේපළද තම පුතුන් තිදෙනාට පැවරීමටත් පෙරාතුවය. මහතුන්ට පුතුන් තිදෙනෙක් වූ අතර මේ ආත්මයේදීම කළ කම් පළ දෙන හැටි යස රඟට කියා පාමින් ඔවුහු මත්පැනට හා සූදුවට දිනෙන් දින ඇබ්බැහි වූහ.
පුතුන් තිදෙනා එකිනෙකා පරයමින් මහතුන් හරි හම්බකළ ඉඩකඩම් වතුපිටි හා කුඹුරු යායවල් එකිනෙක විකුණා දැමුවේ මෙකී සුරාවට හා සූදුවටය. මේ අනුව කලක් යනවිට මහතුන් මුදලාලි අධික තණ්හාවෙන් හරි හම්බ කළ සියලූ සකල මනා දිනෙන් දින අන්‍යයන්ට විකිණී ගියේ සුරාවට හා සූ¥වට මහතුන් මුදලාලිගේ පුතුන් තිදෙනා තදින්ම ඇබ්බැහි වූවන් වූ බැවිනි.
මේ අතර මහතුන් මුදලාලිගේ එක් පුතෙක් අධික ලෙස බීමත් කම නිසා පසුගියදා මිය පරලොව ගියඅතර ඔහුගේ මෘත දේහය පවා තබාගැනීමට සිදුවූයේ අසල් වැසියකුගේ නිවසේය.
මෙලෙස සියලූ දේපළ හා ඉඩකඩම් අන්සතුකරගත් මහතුන් මුදලාලිගේ පුතුනට අද හිමිවී ඇත්තේ කුලී නිවැසියන් ලෙස ඉතා දුකසේ ජීවත් වීමටය. මෙය මේ ජීවිතයේදීම කළකම් පලදෙන හැටි මනාව පිළිඹිඹු කරන්නකි.
මැටරඹ උණවටුන ඒ. ඞී. ගමගේ මහතා ලියා එවු කතාවක් මෙසේය.
මෙයින් අවුරුදු 23 කට පෙර අප ගම් ප‍්‍රදේශය තුළ අලංකාරවත් අන්දමින් නිර්මාණය වී තිබුණු දුම්රිය පොළක්ද විය. තෙල් කෝච්චිය හැරුණු විට තවත් මැදිරි 3 ක කෝච්චියක් ධාවනය වූයේ එහි වසන මගී ජනතාවට උපකාරයක් වශයෙනි.
මෙම ස්ථානය කලක් යනවිට පාළු භූමියක් බවට පත්විය. ඉන් පසු යාචකයෝ, හොරු, තක්කඩි මෙහි ගැවසෙන්නට වූහ. ඔවුන් දාන ඉඳුල් කෑමට එන එළුවන්, හරකුන්, ඌරන්, කුකුළන් වැනි සතුන් නිසා තව තවත් එම ස්ථානය අපිරිසිදු තත්ත්වයට පත්විය. ගොඩනැගිලිද ප‍්‍රතිසංස්කරණයක් නොකරම කඩා වැටෙන්නට ආසන්න තැනට පත් විය.
දැනට එම පෙදෙස පාළු කනත්තක් බවට පත්වී ඇත. තණකොළ වැවී වල් ගස් වලින් පිරී ගොස්ය. දුම්රිය ස්ථානය පමණක් ඉතිරිව ඇත්තේ කොළොන්නාවට තෙල් ගෙනයන නළ මාර්ගය නිසාය.
එක්තරා දිනක මේ ස්ථානයේ ගැබ්බර එළදෙනෙක් කෝච්චියට අසුවී හිස කුඩුපට්ටන් විය. මෙය කුඩුකාරයෙක් හා බේබද්දෝ දෙදෙනෙක් දුටහ. ඔවුහු රටක් රාජ්‍යයක් ලැබුණා සේ සලකා ගවයාගේ උණුසුම යාමටත් පෙර කැති, පිහි, මන්නා ගෙන මස් කරන්නට සැරසුණහ.
මේ ලියන මාත්, ඒ අසල තිබෙන ගමනා ගමන සේවයට දිනපතා යන්නේ මේ මාර්ගයෙනි. මේ සත්තු අප යන විට තණකොළ මිටක් දීමෙන් ඔවුන්ට කතා කරගන්න බැරි සෙයින් අත ලෙවකා ඔවුන්ගේ ළෙන්ගතුකම විදහාපාති. ඉන් පසුවයි පේනතෙක්මානෙ බලාහිඳ තණකොළ මිට භු-ක්ති විඳින්නේ.
එවැනි සතුන්ගේ බඬේ සිටින පැටවුන් පවා බිමට ඇද දමා මස් කරන්න තරම් දරුණු හිතක් පහළ වෙන්නෙ කෙසේදැයි සිතමින් ඒ දිහා බලාවුන්නේ එළදෙනගෙ අයිතිකරුත් සමගය.
අපි ඒ දිහා බලා ඉන්නවා දැක මස් කරන්නන්ගේ උජාරු කථාව වුණේ ”ඔන්න වළවල් කපන්න මහන්සි ගන්න ඕනෑ නැහැ” අපි ඒ වැඩ ටික කරල ඉවරයි. ඒ කියනවාත් සමගම කපා කොටාගත් මස් ගෝනි තුන හිසමත තියාගෙන වෙළෙඳපොළට ගෙන ගොස් ලාබෙට මස් කියමින් අලවි කොට ? බෝවීගෙන එන විට පදමට සූර්වී පේර ගසක නැග සිංදු කියමින් වෙරි මරගාතෙම නටන්නට වූහ. ඒ වෙලාවෙ හීන් පොද වැස්සක් සමග පළාතම අඳුර පැතිරී විදුලි කෙටීමක්ද සිදුවිය.
හදිසියේම පේර ගසේ ඔතා තිබුණ විදුලි රැුහැන බිමට ඇද වැටුණි. ඔය අතරේ සිටි අයකු මොහු බේරාගන්න ගිහින් දෙදෙනාම එකට බදාගෙන එතනම මිය ගියා. මේ සෑමදෙයක්ම සිදුවුණේ පැය 24 ක් ඉක්මවා යාමට මත්තෙනුයි. ඊට පසු අනික් තැනැත්තා බාබර් සාප්පුවක අයිතිකරු සමග බහින්බස්වී පොර බැදීමේදී දැලිපිහි පාරකින් උදරය කැපී නහර එළියට ඒමෙන් ලේ නවත්වා ගන්න බැරුවම බොහෝ කලක් ඔත්පලව ඉඳ නොසෑහෙන්න දුක්විඳ මිය ගියේය.
මොවුහු ඒවන විට අවුරුදු 18-24-28 වයස් කාණ්ඬේ පසුවූහ. බලන්න පවේ බලවත්කම දුක්දෙන විට දෙන පලවිපාක.
මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලයෙන් මත්වී වැරදිම කෙරුවා වැඩිකල් නොගොසින් පැමිණුනි මරුවා
උද්දික Thursday, 26 November 2015 01:04 PM
හොඳ ලිපියක් (නි)
පිටිගල මිලානෝ Friday, 27 November 2015 02:14 PM
ගැබ්බර එළදෙන කෝච්චියට අසුවීම ශෝක ජනක සිදුවීමක් වුවත් මැරුණු හරකෙක් ( සෞඛ්‍ය සම්පන්න නම්) අනුභවයට ගැනීමේ වරදක් මා දකින්නේ නැහැ. වරදක් වන්නේ හිතා මතා උපක්‍රමශීලීව හරකා මරුවා නම් පමණි. සිංහ, කොටි වැනි සතුන් සතෙක් මැරූ විට කන්නේ බොකු බඩවැල් ආදියයි. සැඟවී සිටින මස්වැද්දා ඉතිරි මස් ගෙනගොස් බුදුන්ට දානයද දෙයි. මෙවැනි මස් පමණකි දානයට කැප වන්නේ. අහාර පිණිස මරණ කිසිම ජීවියෙක් දානයට කැප නැත. (බ)
වරුණ Friday, 27 November 2015 08:27 AM
ගොඩක් හොඳ කතාවක් (නි)
මනෝජ් Friday, 27 November 2015 08:33 AM
ආදර්ශවත් ලිපියක් (නි)