ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ඉම්යුනෝග්ලෝබියුලින් නමැති රුධිරය හා සම්බන්ධ ඖෂධය සම්බන්ධයෙන් මේ වනවිට බරපතල අර්බුදයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකාවට පසුගිය කාලය පුරා ගෙන්වන ලද ඇතැම් බාල ඖෂධ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත රටේ ජනතාවගේ බලවත් විරෝධය ද පළවිය.
ඒ ඇතැම් ඖෂධ හේතුවෙන් දෙනෙත් අන්ධ වූ රෝගීන් පමණක් නොව ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවූ රෝගීන් සිටින බැවින් මේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම දක්වා උත්සන්න විය. විශ්වාසභංගයෙන් අමාත්‍යවරයා ජයගත් නමුත් ගැටලුව එසේම පවතින බව ඉහත සඳහන් ඖෂධය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පෙන්වා දෙයි.
අදාළ ඖෂධය රෝගීන්ට අසාත්මිකතා ඇති කිරීමට තුඩුදුන් බවට වාර්තා පළවූ හෙයින් එය භාවිතය අත්හිටවනු ලැබීය. එහෙත් තත්ත්වය උඩු යටිකුරු වී ඇත්තේ එම ඖෂධය මෙරටට ගෙන් වූ සමාගම එම ඖෂධය සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට හඳුනා ගැනීමත් සමඟිනි. මේ ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණු බව ද වාර්තා විය. එහෙත් තවමත් එයට වගකිවයුතු කිසිවකුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමක් හෝ එවැනි චෝදනා එල්ලවන පුද්ගලයකු සිටින බවට හෝ කිසිදු සඳහනක් නොමැති වීමෙන් ඒ පිළිබඳ ඉදිරි විමර්ශන ගැන බලවත් සැකයක් ඇති කර තිබේ.
මේ සිද්ධිය අනාවරණය වූයේ මෙරට රෝහල් කිහිපයක දී රෝගීන්ට අසාත්මිකතා ඇති කළ අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත්කර එය සැපයූ ඉන්දීය සමාගමෙන් ඒ පිළිබඳ කළ කරුණු විමසීමේදීය. ලයිව් අල්ත් බයෝෆාර්මා පෞද්ගලික නම් වන එම සමාගම මගින් මේ ඖෂධය නිපදවා ඇති බවට මේ රටේ නිල ලිපි ලේඛනවල සඳහන් වුව ද එකී සමාගම මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිඛිතව දන්වා ඇත්තේ අදාළ ඖෂධය නිෂ්පාදනයට තම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. එපමණකින් නොනැවතී එකී ඉන්දීය සමාගම මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ රජයටද, ප්‍රාන්තයට ද කලාපීය ආහාර සහ ඖෂධ පාලනාධිකාරියට ද රේගුවට පැමිණිලි කරන බවට ද ඖෂධ අධිකාරියට දැනුම් දී තිබිණි.
අදාළ ව්‍යාජ ඖෂධය මෙරටට ගෙන් වූ සැපයුම්කරු සිදුකර ඇත්තේ බරපතල වරදකි. මෙරටට අදාළ ඖෂධ ගෙන්වීම සඳහා මේ සැපයුම්කරු ඖෂධ අධිකාරියට ඉදිරිපත් කර ඇත්තේ බොරු ලියැකියවිලි බවත් එම ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති ඖෂධ අධිකාරිය මගින් ලබා දී ඇතැයි කියන සහතිකයද බොරුවක් බවත් ඖෂධ අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යවරයාට දන්වා ඇතැයි ද සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවය. එහෙත් මෙරට රෝගීන්ට මාරාන්තික විය හැකි ඖෂධයක් මේ ආකාරයට බොරු ලියැවිලි ඉදිරිපත් කර ගෙන්වීමට හැකි නම් එය මේ සමස්ත පද්ධතියම සම්බන්ධයෙන් මවන්නේ භයානක චිත්‍රයකි.
මෙරටට ඖෂධ ගෙන්වීම යනු බලවත් සමාගම්වල, ප්‍රබල නිලධාරීන්ගේ සහ බලවත් දේශපාලනඥයන්ගේ ද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන රුපියල් බිලියන ගණනක බිස්නස් එකක් බව චිර ප්‍රසිද්ධය. ආණ්ඩුව කුමක් වුව ද ඖෂධ ගෙන්වීම මාෆියාවක් හරහා ක්‍රියාත්මක වන බවට ප්‍රබල චෝදනා එල්ල වන්නේ කලක සිටමය. එහි එක් භයානක ප්‍රතිඵලයක් වශයෙන් අදාළ සිද්ධිය හඳුනාගත හැකිය.
අදාළ ඉන්දීය සමාගම මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු විමසා තිබේ. තමන්ගේ ලේබලය යටතේ මෙවැනි වංචා සහගත සහ අත්තනෝමතික ලෙස කටයුතු කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන විමර්ශනයට මේ තොරතුරු අවශ්‍ය බව ඔවුන් දැනුම් දී ඇතැයි කියති. ඔවුන් විමසූ තොරතුරු අතර අදාළ ඖෂධය මෙරටට එවූ ඉන්දීය සමාගමේත් මෙරටට ගෙන්වූ ශ්‍රී ලංකා සමාගමේත්, ඉන්දියාවෙන් එය නැව්ගත කළ වරාය සහ ශ්‍රී ලංකාවෙන් එය ගොඩ බාගත් වරාය ද නම් කර එවන ලෙසද ඔවුන් ඉල්ලා ඇතැයිද සඳහන්ය.
මේ තොරතුරු සැපයීම ශ්‍රී ලංකාවේ බලාධිකාරියට පැය කිහිපයකින් සිදුකළ හැක. එහෙත් සති ගණනක් ගියත් තවම ඒ ගැන නිහඬය. එයින් ඇඟවෙන්නේ කුමක්ද?
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බාල ඖෂධ සැපයුම්කරුට නීතිය ක්‍රියාත්මක නැද්ද?
Bamunuarachchi Friday, 20 October 2023 03:57 AM
ඒ ඔක්කොම යාලුවෝ මල්ලී...!