IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


බස්එක මිස් වෙයිද

ධනය අසීමිත ලෙසින් පොදිගසා ගන්නා ධනපති ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වන්නේ හොරකම සමඟය. දුෂණ හා අක්‍රමිකතා කරපින්නා ගෙනය. මේ වනවිට එහි සමාජවාදී ධනවාදී කියාවත් වෙනසක් නොපෙනේ. සමාජවාදී යැයි කියා ගන්නා චීනයට පවා සිදු වී තිබෙන්නේ මීට එරෙහිව සටන් කිරීමටය. ඒවාට සම්බන්ධ අයට මරණ දඬුවම වැනි දැඩි දඬුවම් ලබා දීමටය. එහෙත් චීනයේ පවා මේවායේ අඩුවක් නොපෙනේ. යම් පාලනයක් පමණක් සිදුවන බවක් දක්නට ලැබේ.

මේ නිසා ආණ්ඩුවකට සිදු වී තිබෙන්නේ දුෂණයට, හොරකමට හා අක්‍රමිකතාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කර යම් පාලනයක් ඇති කිරීම පමණි. නීතියේ ආධිපත්‍ය සාධාරණ ලෙසින් නඩත්තු කිරීම මෙහිදී වැදගත්ය. අපේ රටේ සමහර සිදුවීම් වලදී නීතියේ හා යුක්තියේ ජලය වුව ද පහත් තැනින් ගලා යන ස්වරූපයක් දක්නට ලැබේ. ආණ්ඩුවක් වෙනස් කළ යුත්තේ මෙම පිළිවෙත බව අමුතුවෙන් කිව යුතු නැත.

දුෂණයට හා අක්‍රමිකතාවලට වැට බැඳීමට පසුගිය පාලනයට එරෙහිව මහා සද්දයක් දමා වත්මන් යහපාලනය බලයට එන්නේ මෙවන් පසුබිමකය. එහෙත් බැඳුම්කර කොමිසම ඉදිරියේ මාධ්‍ය මඟින් හෙළිකරනු ලබන කරුණු දෙස බලන විට වුව ද යහපාලනයටත් ගුල්ලන් විද තිබෙන බවක් පෙනේ.

සාමාන්‍යෙයන් යහපාලන ලේබලයක් යටතේ බලයට පත්වන ආණ්ඩුවකින් ජනතාව අවපාලන ක්‍රියාකාරකම් බලාපොරොත්තු නොවේ. අනෙක් පැත්තෙන් යහපාලනය නිසාම දැන් දුෂණ අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් වීම් කිසිදු බාධකයකින් තොරව වැඩි වැඩියෙන් සිදුවන බවත්, ඊට අවැසි යහපත් වාතාවරණයක් සැකසී තිබීම යහපත් බවත් කෙනකුට තර්ක කළ හැකිය.

මේ වනවිට කෝප් කමිටුවේ සමහර සාමාජිකයන් හා අර්ජුන ඇලෝසියස් අතර සිදු වූවා යැයි ජනමාධ්‍ය වල පළවන දුරකතන සංවාදවල ප්‍රමාණය ගත්විට කෝප් විමර්ශනයක් සිදුවෙමින් පවතින අතරතුර එවැන්නක් සදාචාරාත්මක ද යන ප්‍රශ්නය පැන නඟී. අදාළ සංවාදවල අන්‍යන්‍යතාවය හඳුනාගෙන සිටින මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ තමන් පමණක් නොව එදා මේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් 42ක් දුරකතනයෙන් ඇලෝසියස් හා සම්බන්ධ වී සිටි ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය හා නිල විපක්ෂය දක්වාම සමාජ මාධ්‍ය හරහා තොරතුරු අනාවරණය වේ. බලාගෙන යනකොට මේ හැමෝම ඇලෝසියස්ලා සමඟ සබඳතා පවත්වා තිබෙනවා වාගේය. මේ නිසා කෝප් හෙළිදරව්ව මේ රටේ දේශපාලනයට අදාළ වැසිකිළි වළක් විවෘත කරගත්තා හා සමානය.

අවසානයේ පුහුල් හොරා කරෙන් දැනෙනවාට අමතරව අනෙකාට හොරා යැයි කියමින් පොකට්කාරයන් පැන දුවන කරවාටමයට සමහර දේශපාලනඥයන් හැසිරෙන බව පෙනේ. මේ නිසා කාගෙ කාගෙත් කිල්ලෝටවල තැවරී ඇති හුණුවල අඩුවක් නැත. අද සුදනන් හෙට ගඳයන් වීමට ද ඉඩ තිබේ. මේ රටේ දේශපාලනය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත්‍රයට ගණයම දුගඳ හමා  ඕජස් ගලන තැනකට පත්ව තිබෙන බව දැන් පැහැදිලිය. එකිනෙකට ඇඟිල්ල දික් කිරීමෙන් තොරව පැලැස්තර වෙනුවට වෙනස් කරගත යුත්තේ මෙම ව්‍යුහයයි. එහෙත් යහපාලන ආණ්ඩුව නොකරමින් සිටින්නේ ද එම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් බව පෙනේ.

සමහර ගෝලබාලයන්ගේ හෙළිදරව් වීම් කෙසේ වෙතත් තවමත් සිය නම රැකගෙන සිටින අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම ඉදිරියට සිය කැමැත්තෙන්ම සාක්ෂි ලබා දීමට පැමිණීම ආදර්ශමත්ය. යහපාලන මූලධර්ම ගරු කිරීමකි. ඔහු බැඳුම්කර කොමිසමේ සැකකරුවකුවත්, වගඋත්තරකරුවකුවත් නොවී මෙවැන්නකට පෙළඹීම දේශපාලනය කරන අයට ආදර්ශයකි. අනෙක් පැත්තෙන් අගමැතිවරයකු වුව ද කොමිසමකට ගොස් කටඋත්තර දිය හැකි මට්ටමට නව දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය වෙමින් පැවැතීමේ වැදගත්කමක් ද තිබේ. එහෙත් එවන් සංස්කෘතියකට පමණක් මේ උදා වී ඇති ජරාජීර්ණ තත්ත්වය වෙනස් කිරීම පහසු වන්නේ නැත.

පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරා ගන්නා දීප ව්‍යාප්ත මැතිවරණයක් සැලසුම් වෙමින් පවතින්නේ මෙවන් පරිසරයකය. සාමාන්‍යෙයන් මෙවන් මැතිවරණයක් සැලසුම් වන්නේ ආණ්ඩුවක් බලයට පැමිණ මුල් මාස කීපය ඇතුළතදීය. නිතැතින්ම වාගේ එමගින් එහි වාසිය බලයේ සිටින රජය ලබාගනී. එහෙත් මෙම (පළාත් පාලන) මැතිවරණය පැවැත්වෙන්නේ වත්මන් රජය බලයට පත්වී එහි පාලන සමයෙන් අඩකටත් වඩා ගෙවා දැමීමෙන් පසුවය.

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම මීට හේතුවක් සේ පෙනුන ද සිදු වී තිබෙන පරට මාදය ටිකක් වැඩිය. එසේම වත්මන් ආණ්ඩුව මුහුණ දෙන පරිදුථම මැතිවරණය වන්නේ ද මෙයයි. ඒ අතින් ද ආණ්ඩු කරන අයට යම් අභියෝගයක් නැතුවා නොවේ.

”මොන පිස්සු ද?”

‘‘මේකෙන් ඉස්මතු වන්නේ තීරණාත්මක දේශපාලන කාරණා නොවෙයි. ඔය බැඳුම්කර කොමිෂන්වලින් වැඩකුත් නැහැ. මේ මැතිවරණයේ දී වැදගත් වෙන්නේ පක්ෂ නායකයන් හා දේශපාලන පක්ෂවලට වඩා ඡන්දයට ඉදිරිපත් වන පුද්ගලයන්. ඔවුන්ට ගම සමඟ තිබෙන සම්බන්ධකම්.”

සමහරුන් තර්ක කරන්නේ මෙහෙමය.

මේවා මෙතෙක් ගම්වලට නොගොස් නගරයේ රස්තියාදු වූ දේශපාලන කම්මැලියන්ට ගැළපෙන තර්ක බව පෙනේ. ඔය කියන තර්කය සම්පූර්ණ සත්යැයක් නම් එදා ගම්සභා හා සුළු නගර සභා කාරක මය පැවැති යුගයේ දේශපාලන පක්ෂ අභිබවා පුද්ගලයන් හා ස්වාධීන කණ්ඩායම් රැසක් එම ආයතනවලට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසින් පත්විය යුතුව තිබුණි.

එදත් එහෙම වුණේ නැත. එහෙත් මේ තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු නොවේ.ගමේ ඡන්දයක් නිසා ඉල්ලන පුද්ගල චරිතවල ද බලපෑමක් ඇත. එහෙත් සාධකය දේශපාලන පක්ෂය බව පිළිගත යුතුය.

යෝජිත පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන වත්මන් යහපාලන රජය සමන්විත වී තිබෙන්නේ පරරණ ධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකක එකමුතුවෙනි. එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ පක්ෂ දෙකටම ආවේණික පෙරමුණු දෙකක් ද දක්නට ලැබේ. එනම් එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මෙසේ එකිනෙකාට පස මිතුරු වූ පක්ෂ දෙකේ ආණ්ඩුවක් දක්නට ලැබෙන්නේ නිදහස් ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවටය. මෙය සුවිශේෂී දේශපාලන සංසිද්ධියකි.

1951 යූ.ඇන්.පී.යේ පතාක යෝධයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර ගන්නේම යූ.ඇන්.පී.යට විරුද්ධ දේශපාලන බලවේගයක් ලෙසිනි. අනතුරුව වමේ හා සෙසු පරනේ ප්‍රගතිශීලී පක්ෂ වටා සිය පක්ෂය පෙරමුණක් ලෙසින් ගොඩනඟා ගන්නා ඇස්.ඩබ්.ආර්.ඩී. 1956 වනවිට පරඅනතබල යූ.ඇන්.පී. විරෝධී සමාජ බලවේගයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගනී. එතැන් සිට මේ බලවේග දෙකම රට තුළ දේශපාලනය කරන්නේ එකිනෙකට විකල්ප වූ සමාජ තීරු දෙකක් ලෙසිනි.

වත්මන් ගෝලීයකරණ සමාජ ක්‍රමයක් තුළ වුව ද ගමේදී අපට ප්‍රධාන ඡන්ද දෙකක් හමුවේ. එකක් යූ.ඇන්.පී.ය අනෙක යූ.ඇන්.පී. විරෝධීය යූ.ඇන්.පී. විරෝධී ඡන්දය ප්‍රධාන වශයෙන්ම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දෙවැනි ව්‍යුහයට අනුව එක් ඡන්දයක් ආණ්ඩුවේය. අනෙක ආණ්ඩු විරෝධීය. මේ වනවිට ආණ්ඩු විරෝධී ඡන්දය නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි. බැලූ බැල්මට පෙනෙන දේශපාලන චිතරක්ෂය මෙයයි.

ඉදිරියේදී විය හැකිව තිබෙන අනෙක් විශේෂත්වය යූ.ඇන්.පී.ය සමඟ එකට ආණ්ඩු කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදී වෙන්ව තරග කිරීමයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා හා හතුරා වන්නේ ද තමන් සමඟ ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයයි. මේ සඳහා විකල්පයක් ලෙසින් ආදේශ වීමට ගිය බේරුවල ක්‍රමය ද දෙපාර්ශ්වයෙන්ම තරයේ ප්‍රතික්ෂේප වී තිබේ.

බේරුවල ක්‍රමය යනු එක් පොදු ලකුණකින් ආණ්ඩුවේ බලවේග දෙකම එකම ලැයිස්තුවකින් තරග කිරීමය. මෙය යෝජනා කර තිබෙන්නේ ඇමැති දොස්තර රාජිත සේනාරත්න බව දැන ගැනීමට තිබේ. රාජිතගේ යෝජනාවේ ද පදනමක් තිබේ.

වත්මන් දේශපාලන සංදර්භය තුළ දක්නට ලැබෙන අනෙක් විශේෂත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කොටසක් අනෙක් යූ.ඇන්.පී. විරෝධී පක්ෂ සමඟින් ඒකබද්ධ විපක්ෂය ලෙසින් මේ මැතිවරණ සටනට පිවිසීමට සූදානම් වීමයි. එකට ආණ්ඩු කර වෙනම ඉල්ලීමත්, එකට ආණ්ඩු නොකර ආණ්ඩු විරෝධය නියෝජනය කරමින් වෙනම ඉල්ලීමත් එකම පිලකින් සිදුවීම මෙතෙක් දක්නට නොලැබුණු දේශපාලන සංසිද්ධියකි. ගමේ මිනිහාට මෙය අපභරං නොසයක් විය හැකිය. ඒ අනුව ඔහු ගන්නා තීන්දුව ඡන්දය ගණන් කරලාම බැලිය යුතුය.

ඇයි මේ දෙගොල්ලන්ට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එකතු වෙන්න බැරි? එහෙම බැරි නම් ආණ්ඩු කරන දෙගොල්ලන්ට එකට එන්න බැරි ඇයි?

මෙය සාමාන්‍ය ඡන්ද දායකයා මතු කරන සරල ප්‍රශ්නයකි. ඊට නිසි පිළිතුරක් මේ දෙපිරිසම සතුව තිබෙනවා දැයි කියන්න දන්නේ නැත. මොනම හේතුවක් නිසාවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයකදී යූ.ඇන්.පී.ය සමඟ එකට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නැති බව නම් පැහැදිලිය.

එහෙනම් මොන මඟුලකට ද තවමත් එකට ආණ්ඩු කරන්නේ?

මේ ප්‍රශ්නය ගමේ යූ.ඇන්.පී. විරෝධී මිනිසාට තිබේ. එසේම එකට ආණ්ඩු කිරීමට ගත් තීන්දුවට හේතු වූ කාරණා ගමේ යූ.ඇන්.පී. විරෝධී ජනයාට පැහැදිලි කරදීමට පසුගිය සමයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමත් වූවා ද යන්න ද පැහැදිලි ප්‍රශ්නයකි.

ඒ වෙනුවට ශ්‍රිලනිප මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කරන්නේ නිල හෝ නිල නොවන මට්ටමින් එකතුවීමක්  සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා නැත කියලාය. දුමින්ද ඉක්මන් වුණා වැඩියි වාගේය. එයම ගමේදී යූ.ඇන්.පී.යට වාසියකි. හබන් කුකුළන්ට රජ මඟුල්ය. තවමත් නාම යෝජනා කැඳවා නැති පසුබිමක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධයේ තම සඟයන් සමඟ සාකච්ඡාවක් සිදුවීම අරුමයක් නොවේ. ඊට ඉඩදීම ඔහුගේ දේශපාලනයට හෝ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලනයට අවැඩක් වන්නේ නැත.

ජිනීවා ජයගැනීම, රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණවලට ගෙන යෑමෙන් මුදාගැනීම, දෙමුහුන් අධිකරණ ප්‍රතික්ෂේප කිරීම, විදුලි පුටුව අතුරුදන් කිරීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම ප්‍රතික්ෂේප කිරීම, රට දෙකඩ වන යෝජනා ගෙන ඒමට ඉඩ නොදීම හා බැඳුම්කර කොමිසම පත් කිරීම ආදී ජයග්‍රහණ මේ ආණ්ඩුව සමඟ ඉඳිමින් ජනාධිපතිවරයා ලබාගෙන ඇත. අඩු තරමින් එයවත් නිසි පරිදි ගමේ විකුණා ගැනීමට බැරි වූ අයට ඒකාබද්ධය සමඟ කැත්තට පොල්ල ලෙසින් සිටීමෙන් පලක් වන්නේ නැත.

අවසානයේ මේ බලවේග දෙකම එකම ලකුණක් යටතට ගෙන ඒමට හැකි නම් එමගින් නිර්මාණය වන ජවය 2020 සිහිනයට යහපත්ය. ඊට හොඳ ආරම්භයක් මේ මැතිවරණයෙන් උදාකරගත හැකිය. එහි ආරම්භක සාකච්ඡාව ශ්‍රිලනිපයෙන් පටන්ගත යුතුය. එසේ නොමැතිව අපි 2020ට අපේ ආණ්ඩුවක් හදනවා, අපේ කෙනෙක් ගෙනෙනවා යැයි තැන තැන කඩමැත දෙඩවීමෙන් පමණක් තමන්ගේය කියා ආණ්ඩු බිහිවන්නේ නැත.

මුක්කුව කෙනකුට පෞද්ගලිකව තනතුරු සඳහා  ඕනෑ තරම් කාලයක් වාසිදායක විය හැකිය. ඒ සඳහා පක්ෂයක් උපයෝගී කර ගැනීමෙන් පාක්ෂිකයාට සෙතක් වේ ද යන්න ගමට ගොස් බලමණ්ඩල රැස්කර පාක්ෂික ජනයාගෙන්ම අසා දැනගත යුතුය. අවසානයේ සමහරුන් තේරුම් නොගන්නා දේශපාලනය ඡන්දයකදී ජනතාව තෝරා බේරා දෙන විටි බස් එක මිස්’ වී තිබීමට ඉඩ තිබේ.

 

 

වසන්ත ප්‍රිය රාමනායක



අදහස් (4)

බස්එක මිස් වෙයිද

Raveendra Thursday, 23 November 2017 11:54 AM

කාලීන ලිපියක්. බස් එක නොව රොකට්ටුව මිස් වුනත් කම් නැත අපගේ මවුබිම විනාශ නොවී. එබැවින් රතු ,කොළ, නිල් නමැති " බුරුවන්ගෙන් " අංග සම්පුර්ණ හිගන්නන්ගෙන් පරිපුර්නවූ හැතිකරයක් අනාගත මැතිවරණවල ඉදිරිපත් නොකළයුතු බව අප සිහියේ තබා ගත යුතුය.

:       0       3246

janathitha Thursday, 23 November 2017 08:52 PM

මේ යන විදිහට ඔක්කොම හොරු, කරන්නේ බොරු. ඉතින් දැන් කරන්න ඕන රැකියාවක් වශයෙන් හෝ මුදල් සෙවීම සදහා නොවන, රටට සේවයක් කිරීමේ අරමුණින් පමණක් සිටින ඕනෑම පක්ෂයක අය එකට එකතු වී අලුත් මගක යාමයි. එය රටේ අනාගතය සදහා අත්ත්‍යවශ්‍ය කරුණාවක් බව අමතක කරන්න එපා. අපි එකතුවෙමු.

:       0       600

daham Saturday, 25 November 2017 02:07 AM

අගමැති ස්වකැමැත්තෙන් කොමිසම හමුවට ගියා කියන්නේ අමු බොරුවක්. එයාට කොමිසමෙන් යැවූ ප්‍රශ්නාවලියකට එවපු උත්තරවලින් සමහර ඒවා ගැන පැහැදිලි කරගැනීම සඳහා පැමිණෙන ලෙස කොමිසම දැනුම් දුන් බව කොමිසම ප්‍රකාශ කළා. ඇයි ඒ ඇත්ත වසන් කරලා මෙහෙම ගල් පැලෙන බොරු ලියන්නේ. එතකොට ලියලා තියෙන අනිත් ඒවත් වැදගැම්මකට නැති වෙන බව තේරෙන්නේ නැද්ද?

:       95       643

SATHYAPALA Saturday, 25 November 2017 07:48 PM

"ජිනීවා ජයගැනීම, රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණවලට ගෙන යෑමෙන් මුදාගැනීම, දෙමුහුන් අධිකරණ ප්‍රතික්ෂේප කිරීම, විදුලි පුටුව අතුරුදන් කිරීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම ප්‍රතික්ෂේප කිරීම, රට දෙකඩ වන යෝජනා ගෙන ඒමට ඉඩ නොදීම හා බැඳුම්කර කොමිසම පත් කිරීම ආදී ජයග්‍රහණ මේ ආණ්ඩුව සමඟ ඉඳිමින් ජනාධිපතිවරයා ලබාගෙන ඇත. අඩු තරමින් එයවත් නිසි පරිදි ගමේ විකුණා ගැනීමට...." මේ මොන විහිලු කතාද ? මේවා ඔක්කොම නැවතිලා තියෙන්නේ ජනතා විරෝධය නිසා මිස කාගේවත් නායකත්වයක් නිසා නොවේ. දැන් ඒ ටික නැතිව කියන්නකෝ මේ උන්දැ කොරපුවා. කොරපු කෙන්ගෙඩියක් නෑ.

:       8       302

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 237 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 290 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 167 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 8331 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 190 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1312 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 808 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 533 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site