ඉල්ලූවේ වැඩිවීමක් නොවෙයි - ඩීසල් සහනාධාරයක් |
ගැමුණු විජේරත්න |
කැබිනට් අනුමැතියට යවලා |
බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ යෝජනා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇත.
තවමත් ඒ සඳහා කැබිනට් අනුමැතිය නොලැබුණු බවත්, අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ලබන මස පළමුවැනිදා සිට බස් ගාස්තු වැඩිවනු ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
සෑම වසරකම ජූලි පළමුවැනිදා බස් ගාස්තු සංශෝධනය කෙරෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බවත් වසර මැද ඞීසල් මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් කරන බස් ගාස්තු සංශෝධනයකට අනිවාර්යයෙන්ම කැබිනට් අනුමැතිය ලැබිය යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව තෝරා ගැනීමේ ක‍්‍රමවේද 12 ක් හරහා දර්ශක මිනුම් කොට ලබාගත් තොරතුරු වාර්තාවක් කොමිෂම පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට භාරදුන් බවත් එය රහස්‍ය වාර්තාවක් බවත් ගුණවර්ධන මහතා කීය.
බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය ගන්නේ පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශය මිස ගැමුණු විජේරත්න මහතා නොවේ යැයි කී සභාපතිවරයා, පෞද්ගලික බස් රථ නියාමනය සිදුවන්නේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් බව ඔවුන් මතක තබාගත යුතු යැයිද කීය.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.
අපි ඉල්ලූවේ බස් ගාස්තු වැඩිවීමක් නොවෙයි. සහනාධාරයක්. නමුත් දුන්නේ නැහැ. අකමැත්තෙන් වුනත් බස් ගාස්තු වැඩිවීමකට යන්න වුණේ ඒ නිසයි. ආණ්ඩුව කියන්නේ සියයට 7 ක වැඩිවීමක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව රුපියල් 9 ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ. සෙසු ගාස්තු වැඩිවීම මෙහෙමයි.
රුපියල් 12 - 13 ට
රුපියල් 16 - 17 ට
රුපියල් 19 - 21 ට
රුපියල් 23 - 25 ට
රුපියල් 27 - 28 ට
රුපියල් 30 - 32 ට
රුපියල් 32 - 34 ට
ආදී වශයෙන් වැඩිවෙනවා.
රුපියල් 9 සිට ඉහළට ගමන් ගාස්තු 18 ක්ම කාසි සමග එන මුදලක්. 19 වන ගමන් ගාස්තුව රුපියල් 60 ක්. ගමන් ගාස්තු අවස්ථා 18 ක්ම මාරු කාසි සමග අයවීම තුළ දෙපාර්ශ්වයම එනම් කොන්දොස්තර හා මගියා යන දෙදෙනාම අපහසුවට පත්වෙනවා.
කෙසේ වෙතත් මෙවර ගමන් ගාස්තු වැඩිකිරීම අපේ වුවමනාවක් නොවෙයි. මේ මොහොතෙත් අපි ඉල්ලන්නේ ගමන් ගාස්තු වැඩි නොකර ඉන්ධන සහනාධාරය දෙන්න කියලයි. ගැමුණු විජේරත්න මහතා කියයි.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බස් ගාස්තුවත් වැඩිවෙයි
දීපාල් Sunday, 24 March 2013 01:11 PM
අනේ මන්දා අපිට පිස්සුද නැත්නම් ගැමුණුට පිස්සුද මන්දා. අමුඩෙයි, පුකයි එකට යනවා වගේ ආන්ඩුවයි මේ අයයි යන්නේ එකම බෝට්ටුවේ.(නදී)
නිත්‍යා Friday, 22 March 2013 11:21 AM
ඔක්කොම තියෙන්නේ වැඩි වෙන ඒවා තමයි (ස)
මිලින්ද Wednesday, 20 March 2013 01:57 PM
ජනතාව තමයි තැලෙන්නේ (දී)
බෑන් Thursday, 21 March 2013 09:45 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)