IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බස නොදැන කවි ලියන්නෝ

පසුගිය දිනක මම මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘‘කාව්‍ය විචාරය’’ නමැති පොතෙහි අන්තර්ගත ‘‘රසවාදය හා කාව්‍ය විවේචනය’’ මාතෘකාවෙන් යුත් අගනා නිබන්ධනය කියවීමි. මෙකල වෙසෙන තරුණ කවි කිවිඳියන් මෙන්ම විචාරකයන් ද එය අනිවාර් යෙන් අධ්‍යයනයට ලක් කළ යුත්තක් යැයි සිතමි. අබල දුබල කවි ශක්තියට හා නොමේරූ විචාර බුද්ධියට එය වාජීකරණ ඖෂධයක් වනු නියතය.

එම නිබන්ධයෙහිලා ඔහු පහත එන අනගි ප්‍රකාශය කර ඇත. එය අනගි වන්නේ ගැඹුරින් වටහා ගත යුතු සත්‍යයක් එහි ගැබ්වන හෙයිනි.

උසස් කවියා විචාරකයෙක් ද වෙයි. කවියා මෙන් හොඳ විචාරකයා ද කවියෙකි. සාහිත්‍ය කෙත වගා කරන්නෙකි.
තම ප්‍රකාශයෙන් අනතුරුව එය ඒත්තු ගැන්වීම පිණිස වික්‍රමසිංහයෝ පහත දැක්වෙන අටුවා පාඨය ලියති.

‘‘කවියා කිසියම් වස්තුවක් තමාගේ අත්දැකීමෙහි පිහිටා ගද්‍යයට හෝ පද්‍යයට නගනු සඳහා තම හැඟීම හා කල්පනාවත් බුද්ධිය හා වශ්‍යවචෝභාවයත් උපයෝගී කොට ගනියි. මේ සතර ඒකාත්මකව සංයෝග වන සැටියෙන් ඔහුගේ කාව්‍යය ද උසස් වෙයි. කාව්‍යය නොහොත් කවියාගේ උත්පාදනය යන නමින් හැඳින්වෙන්නේ මේ සංයෝගයෙහි ඵලයයි. විචාර බුද්ධියෙන් තොරව අර සතරෙහි නිර්මල සංයෝගයක් ලැබිය නොහැකිය. උසස් කවියා හොඳ විචාරකයෙකියි කීවේ එහෙයිනි.’’

නිර්මාණකරුවන් මෙන්ම විචාරකයන් ද තම සිත යොමු නොකරන එහෙත් මැනවින් ඒත්තු ගත යුතු සත්‍ය සාධකයක් වික්‍රමසිංහයන්ගේ අටුවා පාඨයෙන් අවධාරණය වෙතියි සිතමි. එනම් කලා කෘතිය ආස්වාදනය කරන විචාරකයාට මෙන්ම එය උත්පාදනය කරන කලාකරුවාට ද විචාර බුද්ධිය එකසේ අවශ්‍ය බවයි. අසාර්ථක කලා කෘතිය අවිචාරත්වයේ අශිෂ්ට ප්‍රතිඵලයක් මිස අන් කුමක්ද? ඒ අනුව සාර්ථක කලා කෘතිය විචාර බුද්ධියේ ඉෂ්ට ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීම කවර වරද ද ?

ආස්වාදනයට මෙන්ම උත්පාදනයට ද විචාර බුද්ධියම උපස්තම්භික වන්නේ නම් කාව්‍ය විචාරයේ දී විචාරකයා මෙන්ම තත් කාර්යට අයෝග්‍ය වන්නේ නොවේ. ආස්වාද පරිචය විචාරකයාට මෙන්ම කවියාට ද සාධාරණ වන හෙයිනි, ‘‘උසස් කවියා විචාරකයෙක් ද වෙයි’’ යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහයන් අවධාරණයෙන් පැවසුවේ එසේ සිතූ නිසා බැව් පැහැදිලිය.

නූතන ප්‍රවීණ පරම්පරාවට අයත් ප්‍රශස්ත කවියෙකු විසින් ඉදිරිපත් කරන ලද විවේචනයක් මම 2021 නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ ‘වීමංසා’ සාහිත්‍ය අතිරේකයේ පළවුණු සම්මුඛ සාකච්ඡාවෙන් කියැවීමි. මෙය වූ කලී කවියෙකු පමණක් නොව, ගීත රචකයෙකු කෙටි කතාකරුවෙකු හා විචාරකයෙකු ද වන සුනිල් ගුණවර්ධනයන් සමග පවත්වන ලද සාකච්ඡාවකි.

සමකාලීන සිංහල සාහිත්‍ය ලෝකයට එළඹ ඇති උපද්‍රව අරබයා කළ අවංක, සත්‍ය හෙළිදරව්වක් වන එහි ලා ඔහු විසින් නූතන නව කවියන්ගේ කව් පස පිළිබඳව ඉදිරිපත් කරන ලද විවේචනය වනාහී එකී නව කවියන්ගේ වෙසෙස් අවධානයට යොමු විය යුත්තකැයි මම අවධාරණයෙන් පවසනු කැමැත්තෙමි.

එම විවේචනය මෙසේය.

‘‘.... මොනවා හෝ ලිවීම කවි ලිවීමක් නොවෙයි. කවිය කියන්නෙ මනා භාෂාත්මක අත්හදාබැලීමක්. බස නොදන්නා කී දෙනෙක් අද කවි ලියනවා ද? ඇතැම් කවි පොත්වල නම් පවා ඒවාට ගැළපෙනවාද කියන එක ප්‍රශ්නයක්. මා කවියට ඇති ඇල්ම නිසා හොය හොයා කවි පොත් කියවනවා. මෑතක දී මා ආඛ්‍යාන කාව්‍ය කෘති දෙකක් කියෙව්වා. ඒ එකක්වත් මහගමසේකර වැනි කවියකුගේ ආඛ්‍යාන කාව්‍යයකින් අඟලක්වත් ඉදිරි පියවරක් තබා නැහැ. හොඳ කාව්‍ය සංග්‍රහ පළ කළ ප්‍රවීණයෝ අද වැල්වටාරම් වචන හරඹ කවි විදිහට පළ කරනවා. එය අභාග්‍යයක්...’’

කරුණාරත්න අමරසිංහ



අදහස් (1)

බස නොදැන කවි ලියන්නෝ

Royfedricks Tuesday, 30 November 2021 07:04 PM

මේ හැමදෙයකම සුනිල් ආරියරත්නගේ අවදානයට යොමුකල හැක්කේ නම් මැනවි. වචන ගැට ගසා ඒවාට ගේය පද කියමින් පල් හෑලි මහත්වූ උත්කර්ශයට නන්වන්නෙ ඔහු සහ ඔහුගේ අනුචර නඩය විසිනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3431 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12370 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 590 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 960 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1041 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 503 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site