IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


බොහෝ පව්කම් කුසලයෙන් වැසීයයි

සියලු පව්කම් නොකළ යුතු බවත් උතුම් කුසල ධර්මයේ යෙදිය යුතු බවත් සියලු බුදුවරයන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය බව බොහෝ දෙනා දන්නා කරුණකි. ව්‍යවහාරික සමාජයේ සියලු පව්කම්වලින් වැළැකුණ හෝ උතුම් කුසල ධර්මයේ යෙදුණ හෝ යෙදෙන අය සිටී යැයි නිශ්චිතව කිව හැකි නොවේ. සමාජයීය සත්ව ප්‍රඥාව පෙනෙන තරම් සුදු හෝ කළු හෝ නොවන බව නොරහසකි.

ඕනෑම සුදු චරිතයක කාල වර්ණව පාපක්‍රියා මතු නොව ඕනෑම කළු චරිතයක ස්වේත වර්ණ වූ කුසල ක්‍රියාවන්ගෙන් යුක්ත නොවන්නේ යයි ඉඳුරාම කිව හැක්කේ අධිගමලාභී වූ කෙනකුට පමණි. තථාගත දහමින් තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් යොමු කරනුයේ එබඳු පාප ධර්මයෙන් අත් මුදවා පුණ්‍ය ධර්මයෙන් පරිපූර්ණත්වයට පත් කිරීම සඳහාය. කුසල පක්ෂය වර්ධනය කිරීම අපේක්ෂිත නිවන් මග සාධනය කර ගැනීමට ප්‍රායෝගික ක්‍රියාවලියක් වශයෙන් යොදා ගත හැකිය. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ විසින් දීර්ඝකාලීනව සිදු කරන ලද ගවේෂණාත්මක ක්‍රියාකාරකම්වලින් ලබන ලද අත්දැකීම් භාවිත කරන්නට ඇත. ගතානුගතික විවිධ ආගමික හා දාර්ශනික ඉගැන්වීම්වලින් හෙම්බත්ව සිටි තත්කාලීන භාරතීය ජන සමාජයට ජව සම්පන්න තරුණ ශාස්තෘන් වහන්සේ නමක ලෙස නවතම දාර්ශනික ඉගැන්වීමක් ලෙස චතුරාර්ය සත්‍යය දේශනාව ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා මූලික වශයෙන්ම ඉලක්ක ගතව සිටියේ යෞවන යෞවනියන් බව දක්නට ලැබේ. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් ප්‍රථම ශ්‍රාවක පිරිස ධර්මාවබෝධය ලැබීමෙන් අනතුරුව ප්‍රථම රහත් හැට නම එක් රැස් කොට ලබා දුන් උපදේශය ඉතා වැදගත් පැවරුමකි. ජන සමාජය නව දහමින් අපේක්ෂිත පවින් වැළැක්වීම හා කුසල ධර්මයේ පිහිටුවීමේ ආරම්භක අවස්ථාවය.

‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේවමනුස්සානං’ යනාදී වශයෙන් දේශිත මෙම ධර්මදූත සේවාව තථාගතයන් වහන්සේ විසින් ආරම්භ කරන ලද අතර උන්වහන්සේද එම දූත කාර්යයෙහි යෙදීම පරිනිර්වානය දක්වාම සිදු කරමින් ලබා දුන් ආදර්ශය ආගමික ඉතිහාසයේ දුර්ලභ සිදුවීමකි. තම දිනචර්යාව සකල ලෝකවාසීන් සසරින් එතෙර කරවීම සඳහා උචිත වන ආකාරයට සකසා ගත් භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ දෙව් මිනිසුන් පවින් වළක්වා කුසල ධර්මයේ යෙදවූහ. භවගාමී ජීවිතය නිම කිරීමේ හේතු සම්පත් ඇති පුද්ගලයන් වෙත මහා කරුණා ගුණයෙන් යුතුව වැඩම කළ වාර ගණන අපරිමිත වේ. ත්‍රිපිටක සාහිත්‍යයේ ඇතුළත් එබඳු අවස්ථා අතර ධම්මපදයේ

යස්ස පාපං කතං කම්මං
කුසලේන පීථියති
සෝ ඉමං ලෝකං පභාසේති
අභ්භා මුත්තෝව චන්දිමා

මෙහි අදහස වන්නේ පව්කම් කුසල බලයෙන් වසාලන පුද්ගලයා පුන්සඳ මෙන් ලොව බබළවන බවයි. මෙහි පාප කර්ම යනුවෙන් පෙන්වා දී ඇත්තේ පාපමිත්‍ර සේවනය නිසාවෙන් හෝ කර්ම විපාක පිළිබඳ නොතැකීමෙන් මුලාව සිදු කර ගන්නා අකුසල වන අතර කුසලේන පීථියති, සිදු කර ගන්නා කුසල ධර්ම නිසා ස්වාර්ථය වසාලීමයි. මේ සඳහා හේතුවන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් හා කුසල ධර්ම බලයෙන් මාර්ගඵල ඤාණයෙන් එම වසාලීම සිදුවන අයුරුය. අංගුලිමාල තෙරුන් රහත් ඵලයට පත්වීමට වාසනාව තිබූ අයෙකි. එහෙත් වැරදි වූ නපුරු උපදෙස් නිසා සිදු කරගත් පාප ධර්ම තථාගත ඇසුරින් ලබන ලද යහපත් ඔවදනින් රහත්ව පෙර පාප ධර්ම වසාලූ ආකාරය ඉතා පැහැදිලිය. ආනන්තරිය පව්කම් අතරින් එකක්වත් සිදු කර ගත් පාපියකුට බුදුරදුන් වැනි කලණ මිතුරකු ලැබුණ ද එම පව නසාලිය නොහැකි බව ද සඳහන් වෙයි. අංගුලිමාල තෙරුන් පව්කම් කළ ද ආනන්තරිය වූ ප්‍රබල අකුසල කර්ම සිදු කර ගෙන නොතිබුණි.

අංගුලිමාල තෙරුන් පිළිබඳ වූ පූර්ව භාවිතය බොහෝ දෙනා ඉතා හොඳින් දන්නා සංසිද්ධියකි. කොසොල් රජුගේ පුරෝහිත වූ මග්ග නම් බමුණාට හා මන්තානි බැමිණියට උපන් පුතු වූ අහිංසක නමින් හඳුන්වන ලද කුමරුට ලද වැරදි උපදෙස් නිසා මිනිසුන් මරා දැමීමෙහි නිරත වූයේය. එපමණක් නොව දහසක් මිනිසුන් මරන ලෙස උපදෙස්ද ලැබුණි. එය ගණනය කිරීම සඳහා ඇඟිලි මාලයක් සාදා ගැනීම නිසා අහිංසක කුමරු අංගුලිමාල සොරා නමින් හැඳින්වීය. රටේ ජනතාව බියපත් කළ මොහු අල්ලා දඬුවම් දීම සඳහා ආරක්ෂක අංශ සූදානම්ව සිටියදී බුදුරදුන්ගේ මහා කරුණා ඤාණයෙන් ලොව බලා සිටින විට දී මොහු රහත්වීමට තරම් පින්වන්තයකු බව දැන රටක් බියපත් කළ අංගුලිමාල හමුවීම සඳහා වැඩම කළහ. ඒ වන විට දහසක් සම්පූර්ණ වීම පිණිස අඩුපාඩුවක්ව පැවති එකම ඇඟිල්ල ලබා ගැනීම සඳහා බුදුරදුන් පසුපස හඹා යාමේදී ඔහු දමනය කොට පැවිදි කොට රහත් ඵලයෙහි පිහිටුවාලන ලදි. මේ සිදුවීමෙන් රටවැසියාත් රජුත් ඉතා සතුටට පත් වූහ. එපමණක්ද නොව දම් සභාවෙහිද භික්ෂූන් අතර ප්‍රමුඛ කථාබහකට ලක් වුණි. එහිදී තථාගතයන් වහන්සේ ඉහත ධර්මය දේශනා කොට ඇත.

අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයය. ලක්දිවට බුදු දහම ලැබුණ දිනය බව බොහෝ දෙනා දන්නා ප්‍රකට කරුණකි. එදා අංගුලිමාල වැනි ප්‍රචණ්ඩකාරී මිනිස් ඝාතකයකු වෙත සම්බුදු මහා කරුණාවෙන් යුතුව උන්වහන්සේ විසින්ම ගෙන ගියේ ලක්දිවට ලැබුණු එම බුදු දහම බව සිහිපත් කළ යුතුව තිබේ. බුදු දහම යනු නිර්වණාවබෝධය පිණිස උතුම් පණිවුඩය වන අතර මිහිඳු මහ රහතන් වහන්සේ විසින් තිස්ස යන නමින් ආමන්ත්‍රණය කොට දෙවනපෑතිස් රජතුමාට ලබා දෙන ලද්දේ ඒ උතුම් දහම් පණිවුඩයයි. එම අවස්ථාවේ රජතුමා යෙදී සිටියේ ද පාපකාරී ක්‍රියාවක් වන්නේ මතු නොව ඉන් අනතුරුව කුසල කර්මයන්ගෙන් පාප ධර්මය වසා දමා උතුම් නිවන් මගට අවතීර්ණ වූ අයුරු දක්නට හැකිය. එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ ලබා දෙන ලද අවවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමක් ලෙස මෙම සංසිද්ධිය දැක්විය හැකි අතර ජීවමාන භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කරල ලද්දේ ධර්මාවබෝධය කළ හැකි හේතු සම්පත් ඇති පුද්ගලයන් සොයා යමින් පාප ධර්ම කුසල ධර්ම මගින් වසා දමමින් නිර්වාණාවබෝධයේ උතුම් පණිවුඩය විවිධ වූ පුද්ගලයන්ගේ සමීපයටම ගෙන යාමයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ විවිධ පුද්ගලයන් සමීපයට වැඩමවූයේ ඔවුන්ගේ විවිධ තර්ජන ගර්ජන මෙන්ම අපහාස උපහාස බැණ වැදීම් ආදියටද මුහුණ දී ඇත්තේ ඉමහත් වූ මුදු කරුණාවෙන්ම ය. එහිදී ඉතා දුගී පුද්ගලයන් මෙන්ම ප්‍රභූ පුද්ගලයන් මතුනොව ළමා පිරිස්, තරුණ තරුණියන්, නැණවතුන් මෙන්ම දාස දාසියන් සමීපයට වැඩම කොට නිවන් මග හෙළි පෙහෙළි කර දුන් අයුරු ධර්ම සාහිත්‍යයෙහි මැනවින් දක්වා තිබේ. ඇතැම් අවස්ථාවල ගැටුම් නිරාකරණය කරමින් එහි ඇති පල විපාක පෙන්වා දෙමින් ධර්මාවබෝධය ලබා දුන් අයුරු බුදුරදුන්ගේ ලංකාගමනය පිළිබඳ සිදුවීම් දෙස බැලීමේදී ප්‍රචණ්ඩ පිරිසක් සඳහා දහම් පණිවුඩය ලබා දීම මහියංගනයේදීත් ගැටුම් නිරාකරණය සඳහා නාගදීපයට වැඩම වීම මතු නොව තම ඥාතීන් අතර ඇතිව තිබූ ශාක්‍ය කෝලිය යුද්ධය සමනය කිරීම සඳහා යුද බිමට වැඩම වීම ද දක්නට හැකිය.

ඉතා දුගී මිත්‍යාදෘෂ්ටික බමුණෙකුගේ කුඹුරට වරින් වර වැඩම කොට ඇති කර ගත් මිත්‍රත්වය මත ගංවතුරින් විනාශ වූ කුඹුර පිළිබඳ කණස්සල්ලෙන් සිටි එම දුගී බමුණා සෝවාන් තත්වයට පත් කිරීමේ සිදුවීම ඉතා ප්‍රකට සිදුවීමකි. පන්සියයක් කුමාරවරුන් එක වර මහ මග දී දම් දෙසා නිවන් මගට පැමිණවීමද පුතුන්ගේ අභාවය නිසා දුකට පත් පටාචාරා කිසාගෝතමී ප්‍රධාන මවුවරුන් මෙන්ම කුලපීඩනයෙන් පීඩාවට පත් සුනීත, සෝපාක ආදීන්ට මෙන්ම දැඩි සේ අසරණව රෝගීව සිටි තිස්ස නම් භික්ෂුව සමීපයට වැඩමවා උපස්ථාන කොට ධර්මාවබෝධය ලබා දීමද ආදී කොට විවිධ පුද්ගලයන් වෙත දහම් පණිවුඩය ගෙන ගොස් පාප ධර්ම වසා දමා කුසල ධර්මයන්ගෙන් සසර දිනුවන් ලද විවිධ පුද්ගල චරිත මෙන්ම දිව්‍ය බ්‍රහ්මාදීන් පිළිබඳව ද බොහෝ තොරතුරු දැක ගත හැකිව ඇත.

මීට වසර දෙදහස් තුන්සිය තිස් වසරකට පෙර අද වන් පොසොන් පුන් පොහෝ දිනයක භාග්‍යවතුන් වහන්සේගේ දහම් පණිවුඩය අප රටට දායාද විණි. ශ්‍රී ලාංකික ජන සමූහයක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් බණ අසා ධර්මාවබෝධය ලබා අරිට්ඨාදී මෙරටින් සසුනට ඇතුළත් තෙරුන් සසුනත් රටත් රකිමින් සිදු කර ඇති සේවාව ද සිහිපත් කරමින් පාප නිවාරණය කොට සසරින් එතෙර වීමට සැම දෙනා සිහිපත් කළ යුතුව ඇත.

***

(සිතුවම අන්තර්ජාලයෙනි)



අදහස් (0)

බොහෝ පව්කම් කුසලයෙන් වැසීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 120 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 226 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 150 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 37 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site