IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බළන්ගොඩ ආනන්ද මෛ​ත්‍රෙය මහ නා හිමියෝ

අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛ​ත්‍රෙය මහ නා හිමිපාණන් වහන්සේගේ 125 වැනි ජන්ම සංවත්සරය අදට (23) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1896 අගෝස්තු 23 වැනිදා බළන්ගොඩ, කිරිඳිගල ගම්මානයේ උරස්සවත්ත නිවසේදී මෙලොව ජන්මලාභය ලද විලියම් හෙවත් පුංචි මහත්තයා නම් කුල කුමරු අනාගතයේ ලොව බබලවන පුන් සඳක් වේ යැයි එදා එම ගම්මානයේ කිසිවකුට හෝ සිතුණේ දැයි සැකයකි. එන්.ඒ. මෙතියස් අප්පුහාමි සහ බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ යන දම්පතීන් යුවළට දාව උපන් ඒ පින්වත් කුල කුමරුන් කුඩා කල සිටම විවිධ හැකියාවත් සහිත දක්ෂ දරුවකු බව සනාථ කළේය. කිරිඳිගල කතෝලික පාසලින් සහ බළන්ගොඩ කුමාර විදුහලින් මූලික අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගත් මේ කුඩා විලියම් කා අතරත් මිත්‍රශීලී, ප්‍රියශීලී චරිතයක් වීම කැපී පෙනුණි.

එතුමන්ගේ ජීවිතයේ සන්ධිස්ථානගත හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ ජාතිමාමක වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ අධිරාජ්‍ය විරෝධී දෑ අභිමන් දනවන දෙසුමකට සවන්දීමය.

යොවුන් සිතට නිදහසේ රන් අරුණළු විඳ ගැනීමේ සිත කුළු ගැන්වූ අතර සම්බුදු දහමේ සිල් සුවඳ ද තදින් කා වැදී තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1911 මාර්තු දෙවන ද‌ා බළන්ගොඩ, උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේදී පුංචි මහත්තයා බළන්ගොඩ ආනන්ද මෛ​ත්‍රෙය නමින් උතුම් පැවිදි බිමට පා තැබීමයි. දාමහනේ ධම්මානන්ද හිමියන් සහ දෙණිහේනේ සීලානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් ආනන්ද මෛ​ෙත්‍රය සාමණේර හිමියන් ධර්ම විනය මැනවින් හදාරමින් මහ සඟ පිළිවෙත් නොපිරිහෙලා පුරන ලදහ. එය තව තවත් උත්කෘෂ්ටත්වයට පත් වූයේ උන්වහන්සේ වර්ෂ 1916 ජූලි මස 11 වැනිදා බළන්ගොඩ ඕලු ගඟ උදකුක්ඛේප සීමාවේදී අධිශීල සංඛ්‍යාත පැවිදි උපසම්පදාවට සපැමිණීමෙනි.

සිංහල, පාලි, සංස්කෘත, වංග, ඉංග්‍රීසි, ලතින්, ප්‍රංශ, ජර්මන් වැනි පෙරපර දෙදිග භාෂා රැසක් පිළිබඳව ප්‍රවීණත්වයට පත් ආනන්ද මෛ​ෙත්‍රය හිමියන් තමන් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය ලත් කොළඹ ආනන්ද විදුහලේ ආචාර්වරයකු ලෙස 1922 දී පත්වීම් ලැබ පසුව කොළඹ නාලන්දාවට ද එක්වූහ. අභිධර්මය සහ සමථ, විදර්ශනා භාවනා පිළිබඳ පර්යේෂණාත්මක දැනුම් සම්භාරයක් අත්පත් කරගත් උන්වහන්සේ භාෂා රැසකින්ම දෙස් විදෙස් ජනතාවට දහම් දැනුම් බෙදා දුන්හ.

ආනන්ද මෛ​ත්‍රෙය මහ නාහිමියන් විසින් පළකළ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංඛ්‍යාව අතිමහත්ය. ශාක්‍ය සිංහාවදානය හෙවත් බුද්ධ චරිතය, භාවනාදීපනී, සම්බෝධි ප්‍රාර්ථනා, දම්සභාව, සතර පරමාර්ථය, විදර්ශනා භාවනාව, ආනාපානසති භාවනාව, සමථ භාවනාව වැනි කෘති ‘මෙඩිටේෂන් ඔන් බ්‍රීතින්ග්’, ‘ලිට්ල් ඔෆ් ද බුද්ධා’ ඇතුළු ඉංග්‍රීසි භාෂාව හා ව්‍යාකරණ ග්‍රන්ථ ආදී උසස් කෘති රැසක්ම එලෙස රචනා විය. ජාත්‍යන්තරයේ වැඩි වශයෙන් භාවිත වූ ධම්මපාද නම් පරිවර්තන කෘතිය ද ඒ අතර විය.

දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, බුද්දක නිකාය ආදිය සඳහා ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ රැසක්ද අප මහ නා හිමියන් අතින් විරචිතය. බෞද්ධ පාඨ ග්‍රන්ථ, සංස්කරණ, භාෂා ග්‍රන්ථ, පරිවර්තන ග්‍රන්ථ, ජ්‍යොතිෂ ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ පවා උන්වහන්සේ වෙතින් රචනා වූයේ විශිෂ්ට ශාස්ත්‍රීයත්වය ලෝ පතළ කරමිනි.

1954 දී බුරුමයේ පැවැති හයවන ධර්ම සංගායනාවට ගෞරවණීය දායකත්වයක් ලබාදුන් නිසා උන්වහන්සේට 1956 දී බුරුම රජය විසින් අග්ග මහා පණ්ඩිත උපාධිය ගෞරවයෙන් පිරිනමනු ලැබීය.

අමරපුර නිකායේ මහනායක ධුරයත්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයත්, ප්‍රවචන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී, සාහිත්‍ය චක්‍රවර්තී වැනි ගෞරව උපාධිවලින් පිදුම් ලැබුවද ඒ කිසිවක් කෙරෙහි කිසිදු ඇල්මක් නොදැක්වූහ.

උන්වහන්සේ තනතුරු ගරු නම්බු කෙරෙහි නොනැඹුරු වූ බව වඩාත් තහවුරු වන්නේ වරෙක ඉන්දියාවේ නාලන්දා සහ කල්කටා විශ්වවිද්‍යාලවලින් පිරිනැමීමට ගිය ගෞරව උපාධි පවා නිහතමානීව ප්‍රතික්ෂේප කිරීමෙනි.

ගිහි කල තමන් ලැබූ සියලු දෑ සසුනට පූජා කළ උන්වහන්සේ තම ගුරු වැටුප පවා භික්ෂු ශිෂ්‍යත්ව අරමුදලට බැර කළහ. තම ගුරු හිමියන් සිහි කරමින් බළන්ගොඩ ධම්මානන්ද පිරිවෙණ ආරම්භ කළහ. මහ නා හිමියන් ඉතා නිවුණු, චාම් ගති හා අල්පේච්ඡ භික්ෂු පිළිවෙත් සෑම විටම ගරු කරමින් ධර්මයම මුල්තැන්හි තබාගෙන සාධු චර්යාව ප්‍රගුණ කළහ. උන්වහන්සේ දැකුමෙන්ම කෙනකු පැහැදුණි. බස් ඇසුමෙන්ම අයකු තුටු වුණි. ශාස්ත්‍රීය ධර්ම ඥාන විග්‍රහයෙන්ම දෙස් විදෙස් ප්‍රාඥායින් පවා උන්වහන්සේගේ විඥාන ධාරාව හැඳින ගත්හ. එවන් බුදු පුතුන් යළි මේ දියත වඩීදැයි විශ්වාස කළ නොහැකි අද්‍යතනය අපට ඒ පුන් සඳේ එළිය තවමත් ඉතිරිකොට ඇත්තේ ඒ ධර්ම ශාස්ත්‍රීය පලදාව නිසාමය.

වර්ෂ 1998 ජූලි 18 දා අපවත්වී වදාළ උන්වහන්සේ වසර 102 ක් ආයු වළඳ‌ා තිබුණේ පෙර පින් මහිමය නිසාමය. නූතන උගත්, බුද්ධිමත් තරුණ ප්‍රජාවට උන්වහන්සේගේ සමාධි චාරිකාව නව ජීවන දෘෂ්ටියක් මානනය කරන බව මෙවන් ව්‍යසනකාරී වකවානුවක ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය.

(*** නිශාන්ත චාමින්ද පීරිස්)



අදහස් (2)

බළන්ගොඩ ආනන්ද මෛ​ත්‍රෙය මහ නා හිමියෝ

sam Monday, 23 August 2021 01:15 PM

ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය අත්වේවා

:       1       15

Anura Wednesday, 25 August 2021 02:52 PM

ඉහත ලිපියේ වැඩියෙන් තියෙන්නේ මොනවද කියලා දන්න අය දන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 717 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 349 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 121 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4249 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12671 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site