IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම ආයතනවල සේවකයන් වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන විට එය සිදුවෙයි. එහෙත් කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් හඳුන්වා නුදුන්නත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන කර්මාන්තයක් වශයෙන් බේකරි කර්මාන්තය හඳුන්වා දිය හැකි ය. පාන් ගෙඩියක බනිස් ගෙඩියක අගය නොදන්නා නිවෙසක් සොයාගත නොහැකි වන්නේ ඒ හේතුවෙනි.

රටටම පාන් බනිස් සපයන එම නිහඬ ‘‘අත්‍යවශ්‍ය සේවාව’’ වන බේකරි කර්මාන්තය මේ වන විට මුහුණදී සිටින බරපතළ අවදානමක් පිළිබඳ පසුගියදා අනතුරු අඟවා තිබුණේ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගුණවර්ධන මහතා ය. අධික විදුලි, ජල බිල් සහ වැට් බදු හේතුවෙන් රට පුරා බේකරි දහසක් පමණ වැසී ගොස් ඇතැයි ඔහු කළ ප්‍රකාශයේ සඳහන් විය. මීට පෙර රුපියල් ලක්ෂයක විදුලි බිලක් ගෙවූ බේකරි ව්‍යාපාරිකයන් මේ වන විට රුපියල් ලක්ෂ තුනක බිල් ගෙවන බවත්  එසේ ම අධික බිත්තර මිල ද බේකරි කර්මාන්තයට දරාගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දී තිබිණි.

හේතුව කුමක් වුවත් බේකරි කර්මාන්තය අකර්මණ්‍ය වෙමින් පවතින්නේ නම් එයින් ද පහර වදින්නේ දිගින් දිගටම ජීවන බර හමුවේ පීඩනයට පත්ව සිටින පොදු මහජනතාවගේ බඩටම ය. සහල් කිලෝවක මිල ඉහළ ගොස් තුන්වේල කෙසේ වෙතත් දෙවේලකට හෝ බතක් උයාගැනීමට අපහසුවෙන් සිටින දරු පවුල්වලට පාන් ගෙඩියක් යනු අඩු මුදලකින් වේලක් සපුරාගත හැකි ආහාරයකි. විශේෂයෙන්ම නාගරික සහ අර්ධ නාගරික පහළ මධ්‍යම පන්තියේත් ඊටත් පහළින් සිටින දිළිඳු ජනතාවගේත් පොදු තෝරා ගැනීමකි. බේකරි දහසක් රටපුරා වැසීයනවා නම් එහි බලපෑම වඩාත් එල්ල වන්නේ ඉහත කී ජනකොටස්වලට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. බේකරි වැසී යාම පිළිබඳව බලධාරීන් සොයා නොබලන්නේ නම් එය රටේ පොදු ජනතාවගේ ගැටලුවක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

බේකරි වසා දැමීමට හේතුවන තවත් කාරණාවක් වන්නේ විවිධ ආකාරයට නිෂ්පාදන මිල ඉහළ යාම  නිසා බේකරි ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට නිෂ්පාදකයන්ට සිදුවීමයි. එහෙත් එය පාරිභෝගිකයන් අධෛර්යවත් කරන සාධකයකි. ඒ මත මේ බේකරි නිෂ්පාදන අලෙවි නොවීමේ තත්වයට බේකරි හිමියෝ මුහුණ දෙති. බොහෝ ව්‍යාපාරිකයන්ට එවිට ඉතිරිවන්නේ එකම විකල්පයක් පමණි. ඒ බේකරි වසා දැමීමයි.

පුහුණු සේවක හිඟයෙන් ද බේකරි කර්මාන්තය බැට කමින් සිටී. අමාරුවෙන් ඇදගෙන යන කර්මාන්තයක් බවට පත්වීම නිසා බේකරි ක්ෂේත්‍රයේ රැකියා ද අනතුරේ වැටී තිබේ. එම සේවකයන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැත. එය ද බේකරි ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට  බරපතළ බාධාවක් වී තිබේ.

බේකරි කර්මාන්තය අංශ දෙකකින් ක්‍රියාත්මක වන බව ද හඳුනාගත හැක. එයින් එකක් වනුයේ වැසී යාමට මුහුණ දී ඇති පාන් බනිස් සපයන සාමාන්‍ය මට්ටමේ බේකරිය. අනෙක සුපිරි මට්ටමේ බේකරි ආහාර නිෂ්පාදනය කරන ඉහළ මට්ටමේ බේකරි නිෂ්පාදන සමාගම් ය. මෙකී ඉහළ මට්ටමේ බේකරි වැසී යාමේ තර්ජනයට මුහුණ දී නැත. ඔවුන්  කරා එන පාරිභෝගිකයන් වියදම් කිරීමේ ඉහළ හැකියාවක් ඇති පිරිසකි. මේ නිසා ඔවුන්ට යම් ප්‍රතිශතයකින් අලෙවිය අඩුවුණත් පාරිභෝගික ජාලය ශක්තිමත් බැවින් ගැටලුවක් නැත.

එහෙත් රටේ අඩු ආදායම් ජනතාවට නැතුවම බැරි අත්‍යවශ්‍ය සේවාවක් වන සාමාන්‍ය බේකරි වැසී යාමට ඉඩනොදී එය රැක ගැනීමට බලධාරීන්ගේ ප්‍රමුඛත්වය හිමිවිය යුතු ය. එම කර්මාන්තය මුහුණ දී සිටින සැබෑ ගැටලු හඳුනාගැනීමට බේකරි හිමියන් සමග සංවාදයක් හෝ ඇතිකර ගත හැකි නම් එය ඵලදායක වනු ඇති බව අපගේ විශ්වාසයයි.

 

(***)



අදහස් (1)

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු

නිමල් Sunday, 03 March 2024 03:13 AM

බේකරි කර්මාන්තය වැසී යන්නේ නැහැ. බේකරි නිෂ්පාදනවලට ඉල්ලුම සැමදා තිබෙනතාක් සිදුවිය හැක්කේ කුමන හෝ සැපයුම්කරුවෙක් සැපයුම කිසියම් මිලකට ලබාදීමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1268 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4666 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 419 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1685 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site