ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබඳ සඳහන් වන අතර තත්කාලීන මානවයා එය පරිසරය තුළින්ම සකසා ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
ආභරණද එසේ වූවාට සැක නැත. එසේ භාවිත කරන ලද ඇඳුම් පැලඳුම් මිනිසා ශිෂ්ට සම්පන්න වීමත් සමඟ ක්‍රමවත් වී වටිනාකම්ද වැඩි විය. එහිදී කසී සළු ආදී විවිධ වටිනාකමින් යුතු වස්ත්‍ර පිළිබඳවත් රන් රිදී මුතු මැණික් ආදී විවිධ ඛනිජ වර්ග පිළිබඳවත් සඳහන් වන අතර ඒවා පුද්ගල වටිනාකම් පෙන්වීම සඳහා පමණක් නොව රාජ්‍යවල ආර්ථික වටිනාකම් පෙන්වීම සඳහාද භාවිත කෙරිණි. එපමණක් නොව අද දක්වාමත් රාජ්‍ය භාණ්ඩාගාරවල වටිනාකම් ලෙස රන් හා දියමන්ති භාවිත වන අයුරු දැකිය හැකිය.
බුද්ධකාලීන සමාජයෙහි රන් කහවණු වශයෙන් භාවිත වූ මූල්‍යමය ඒකක පසු කාලීනවද භාවිත වූ අයුරු දැකගත හැකිය. කෙසේ නමුත් රන් රිදී මුතු මැණික් දියමන්ති ආදිය භාවිත කරමින් පැලඳුම් හෙවත් ආභරණ සකසා ගැනීම එදා මෙදා තුර සදාතනිකවම සිදුවී ඇති ක්‍රියාවකි. ඇඳුම් සඳහා උපයෝගී කරගන්නා වස්ත්‍ර පිළිබඳ ඉතිහාසයද එතරම් දීර්ඝ කාලීන වී ඇත්තේ මානවීය සමාජ දියුණුවක තාක්ෂණික දියුණුවත් නිසා විවිධ වස්ත්‍රාභරණවල ආකර්ෂණීය දියුණුවක් මෙන්ම එනිසාම මෝස්තර නිර්මාණාදී පුළුල් විෂය පථද බිහිවී ඇති නිසාය.
ඇඳුම්වලින් හිරි ඔතප් ආරක්ෂා වීමත් අලංකාරයත්, ශික්‍ෂණයත් ආරක්ෂාවත් සුරැකේ. ආභරණ හෙවත් පැලඳුම්වලින් ශරීරාලංකාරයත් පුද්ගල වටිනාකමත් සාම්ප්‍රදායික මතවාදත් ආරක්ෂා කෙරේ. බුද්ධකාලීනව ඇතැම් ආගමික ඉගැන්වීම්වලින් ඇඳුම් පැලඳුම් ප්‍රතික්‍ෂේප කිරීම අද දක්වාම දක්නට ලැබෙන අතර ඔවුන් ඒ තුළින් පෙන්වා දෙනුයේ නිරාශාව පිළිබඳවය.
සුවිශේෂී ආගමික ශාස්තෘවරයන් වහන්සේ නමක ලෙස නව දහමක් නව්‍ය ආකාරයකින් නව යොවුන් පිරිසක් මුල්කොට ගෙන ලොවට දේශනා කළ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තත්කාලීනව පිළිගැනීමට ලක්ව තිබූ ශාක්‍ය වංශයට අයත් ඉහළ කුල වංශිකයෙකි. රටෙහි රාජ්‍ය පාලනයට උරුමකම් කියමින් රාජ කුමාරයකු ලෙස රන් ඔටුනු පළඳමින් රාජාභරණයෙන් විභූෂිතව නානාවිධ විචිත්‍ර අතිශය අගනා වස්ත්‍රවලින් සැරසී උන්හ. රාජ සම්පත් විඳිමින් සිටිය දී එම සියලු යස ඉසුරු ඉවතලා තවුස් පැවිද්දෙන් පැවිදිව සත්‍ය ගවේෂණයෙහි යෙදීමේදී කසාවතට එළැඹ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තත්කාලීනව පිළිගත් විවිධාකාර වූ ඇඳුම් පැළැඳුම් පිළිබඳ නොදන්නා කෙනෙක් නොවේ.
සාතිශය දුෂ්කර සත්‍යාවබෝධය හෙවත් සම්මා සම්බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් පෙන්වා දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට සත්‍යාවබෝධය ලැබීම සඳහා වඩාත් සුදුසු ඇඳුමක් ද නිර්දේශ කොට වදාළහ. ඒ ඇඳුම මේ වන විට ලෝකයෙහි භාවිත අතිශය පැරැණිම ඇඳුමය. එය පූජනීය වූත් වන්දනාමානාදියට ලක් වූත් ඇඳුමක් වන්නේ හිසමතින් අතිගෞරවනීයව වඩමවා පසඟ පිහිටුවා වන්දනා කරන අරහත් ධජය නමින් සම්භාවිත වෙනත් කිසිදු ඇඳුමක් සමස්ත ලෝකයෙහිම නැති නිසාය. විමුක්තිය සඳහා ඇඳුම් අත්හළ යුතුයැයි නිරුවත්ව ප්‍රතිපදා පුරන ආගමික ඉගැන්වීම් තිබූ කාලයක ලොව පහළ වූ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති මාර්ගය සඳහා ඇඳුම සාධකයක් කර නොගත්තේ ඇඳුමෙහි පැලඳුමෙහි ශික්‍ෂණය හා සංයමයත් අවශ්‍යයෙන්ම තිබිය යුතු බව පෙන්වා දෙමිනි. උන්වහන්සේ වටිනාකාරයෙන්ම සකසන ලද සළුපිලි ආදිය පමණක් නොව අගනා වටිනාකමින් යුතු වස්ත්‍රවලින් සකසන ලද චීවරාදිය ද පිළිගත්හ. පාංශුකූලික චීවරයද රුචි අයුරින් භාවිතයට නිර්දේශ කරමින් භික්‍ෂුව දිවි හිමියෙන් පාංශකූලික චීවරයම පරිහරණය කළ යුතු යැයි නියම කරන ලෙස දෙව්දත් තෙරුන් කරන ලද ඉල්ලීමද ප්‍රතික්ෂේප කරන ලදහ. විවිධ ඇඳුම් පැලඳුම් පිළිබඳ මනා අවබෝධයක් තිබූ තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාර ජීවිතයේදී ඒ පිළිබඳ ලබන ලද අත්දැකීම්ද භාවිත කරමින් සංසාර විමුක්තිය සඳහා පෙරුම්දම්පුරා ඇති පුද්ගලයකුට ඒ සඳහා තමන් දරා සිටි ඇඳුම් ආයිත්තම්වලින් වාරණයක් නොවන අයුරු ධම්මපද පාලියෙහි පහත සඳහන් ගාථා ධර්මයෙන් ද පෙන්වා දී තිබේ.
“අලංකතෝ චේපි සමං චරෙය්‍ය -
සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං -
සෝ බ්‍රාහ්මණෝ සෝ සමනෝ ස භික්ඛු”
අලංකාර වූ ඇඳුම් පැලඳුම්වලින් සැරසුණේ නමුත් සන්සුන් බවින් හා මෛත්‍රී සහගතව ක්‍රියා කරන්නේ නම් හෙතෙම උත්තරීතර පුද්ගලයකු වන බව මෙහි අදහස වශයෙන් දක්වාලිය හැකිය. මෙම ගාථාවෙහි “අලංකතෝ” යනු මනාව හැසිරීම වන්නේ වටිනා පිළියෙන් හා රන් රිදී මුතු මැණික් ආදියෙන් යුත් විවිධ ආභරණවලින් සැරසීම මින් ප්‍රකාශ වේ. “සන්තෝ” නම් සන්සුන් බවය. විශේෂිත වශයෙන් මින් ප්‍රකාශ කරනුයේ කෙලෙස් නැති කර ගැනීම සඳහා උත්සාහ කිරීමෙන්ම කෙලෙස් නැති කිරීමෙන් ඇතිවන සන්සුන් බවය. “දන්තෝ” යනු දැමුණු බව හෙවත් ඉන්ද්‍රිය සංවරය වන අතර “නියතෝ” යනුවෙන් දක්වා ඇත්තේ නියත ගති ඇති බවය. “බ්‍රහ්මණෝ” යන්නෙන් සිතින් පාප ප්‍රහාණ කළ පුද්ගලයන් මෙන්ම “සමණෝ” පව් සන්සිඳ වූවන් සහ “භික්ඛු” යන්නෙන් කෙලෙස් ප්‍රහාණය කළ පුද්ගලයන් පිළිබඳ සඳහන් කෙරේ.
තථාගතයන් වහන්සේගේ මෙම දේශනයෙන් පැහැදිලි කොට ඇත්තේ සෝවාන් සකදාගාමී, අනාගාමී අරහත් යන සිව් මඟ සාධනය කරගැනීම සඳහා පුද්ගලයාගේ ශික්‍ෂණය හෙවත් ඉන්ද්‍රිය සංවරය සිල්වත් බව මූලික සාධකයක් වනවා මිස ඔහුගේ ඇඳුම් පැලඳුම් අලංකාරවත් වීම ඒ සඳහා බාධාවක් නොවන බවයි. ශික්‍ෂණය හෙවත් සිල්වත් බව තුළින් පුද්ගලයාගේ දැමුණු බව හෙවත් හික්මීමත් එම ක්‍රියාමාර්ගය වෙතින් ඉඳුරන් වඩාත් තැන්පත්ව පවත්වාගත හැකි බවත් ප්‍රකාශ කෙරේ.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් දේශනය සඳහා පාදක වී ඇති සිදුවීම ද ඉතා රසවත් සිදුවීමකි. සන්තති නම් මහා මාත්‍යවරයා අරමුණු කොටගෙන භික්ෂූන් වහන්සේගේ විමසීමකට පිළිතුරු වශයෙන් දේශිත දේශනයක් වශයෙන් සඳහන්ව තිබේ. තථාගතයන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවිසූ සමයෙහි එහි රාජ්‍ය පාලකයා වූයේ කොසොල් රජතුමාය. කෝසල රාජ්‍යයෙහි පසල් දනව්වක ඉතා දරුණු සොර මුලක් එම ජනපදයෙහි ජනතාව පීඩනයට පත් කරමින් අනීතිකව ඉතා දරුණුව භීෂණකාරීව හැසිරෙමින් සිටියහ. මෙම ත්‍රස්තවාදී සොරුන් මැඩලීම සඳහා රජතුමා විසින් තම ඇමති මණ්ඩලයෙහි දක්‍ෂ ඇමතිවරයෙකු වූ “සන්තති” නම් ඇමතිවරයා යොදවන ලදින් නොබෝ දිනකින්ම එම භීෂණකාරී සොරුන් මැඩලමින් ඒ බව රජුට ප්‍රකාශ කරන ලද්දේ නැවත එබඳු ත්‍රස්ත බියක් ඇති නොවන අයුරින් ම සොරුන් මැඩලූ බවයි. රජතුමා ඇමැතිවරයාගේ දක්ෂතාව අගය කරමින් සත් දිනකට තම රාජ්‍ය පවරාදීමට තීරණය කරන ලද්දේ මතු නොව නෘත්‍ය ගීතාදීයෙහි අතිශය දක්ෂ වූ නළඟනක් ද ලබාදුන් අතර සත්වැනි දිනය එළැඹෙත්ම වඩවඩාත් තම දක්ෂතා දක්වමින් සිටියදී හදිසි රෝගී තත්වයකට පත්ව ඇය මරණයට පත් වූවාය.
සත් දිනක් තිස්සේ විඳින ලද රජ සැප මරණයකින් කෙළවරවීමත් සමඟ අතිශය ශෝකයට පත් සන්තති මහා මාත්‍යවරයා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් මුණ ගැසෙමින් මහත් දුක්මුසු ආකාරයට සතුටින් ගෙවාලු ඉක්මගිය රජ සුවයෙන් යුත් සතියෙහි තොරතුරු පවසමින් තමශෝකී මනසට සුවය අපේක්ෂා කරන ලදී. තථාගතයන් වහන්සේ විසින් ඇමතිවරයා පීඩාවට පත් කළ සෝගිනි නිවාලමින් සියලු කෙලෙස් ගිනිද නිවාලූහ. ඒ අනුව ඇමැතිවරයා හැඳ පැළඳ සිටි ඉතා අගනා ඇඳුම් හා ආභරණ සමගම උතුම් රහත් ඵලයට පැමිණියේ පමණක් නොව රහත්ව ගිහි වෙසින් සිටිය නොහැක්කා සේම පැවිදිව විසීමට ද ආයු සම්පත් නැති බව අවබෝධ කොටගෙන විවිධ ප්‍රාතිහාර්ය දක්වමින් පිරිනිවන් පානා ලදී.
රජතුමාගේ මෙන්ම රටවැසියාගේ ද ඉතා සිත්ගත් සන්සුන් බවින් හා තියුණු නුවණින් යුත් ඇමැතිවරයාගේ රහත් වීමත් පිරිනිවන් පෑමත් අසන දකින සියල්ලෝම පුදුමයටත් ඉතා ශෝකයටත් පත් වූහ. එසේ සර්වාභරණයෙන් සැරසී සිට රහත්ව පිරිනිවන් පානා ලද සන්තති අමාත්‍යවරයා පිළිබඳ පුවත දම්සභා මණ්ඩපයට රැස්වූ භික්‍ෂූන් අතර ද සාකච්ඡාවට භාජනය වුණි. ඒ අනුව එසේ රහත්ව පිරිනිවන් පානා ලද සන්තති මහ ඇමැතිවරයා හඳුන්වන්නේ කෙසේදැයි තථාගතයන් වහන්සේගෙන් විමසා සිටි අතර භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ හෙතෙම “බ්‍රාහ්මණ සමණ භික්ඛු” යන ඕනෑම නමකින් හැඳින්වීම සුදුසු බවයි. මේ අනුව පෙනී යනුයේ විමුක්තිය සඳහා එළැඹීමට තමන් විසින් පරිහරණය කරන ඇඳුම් පැලඳුම් මූලික සාධකයක් නොවන බවයි.
එහෙත් වර්තමානයෙහි දක්නට ලැබෙන ඇතැම් අසංවර වූත් විකාර රූපී වූත් දුටුවන්ගේ මනස අවුල් කරන්නා වූ ඇඳුම් පැලඳුම් සියල්ලම මෙම අතිශය උතුම් විමුක්ති සුවය ලැබීමේ අවස්ථාවට සුදුසු වන්නේ යැයි මින් අදහස් නොකෙරේ. සාමාන්‍ය ජීවිතය තුළ සීලාදී ගුණධර්ම පූරණය සඳහාත් උතුම් සිද්ධස්ථානවලට පැමිණීමේ දීත් ඊට අදාළ සංකේතාත්මක සංවරශීලි ඇඳුම් පැලඳුම් භාවිතය තම තම නැණ පමණින් තෝරා ගැනීම කළ යුතුව තිබේ.
ගෙවී යන තවත් වසරක අවසන් පුර පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක් දිනය යෙදී ඇති අද දිනය ලංකා ශාසන ඉතිහාසයෙහි සුවිශේෂී දිනයකි. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීම අද දිනයෙහි සිදුවූ ශ්‍රී ලාංකික ජන සමාජයෙහි විවිධ පූජනීය සිදුවීම් සහ සංස්කෘතික සිදුවීම්වලද සමාරම්භක දිනය අද දිනය වනු ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලක් දෙරණ පූජනීයත්වයට පත්වීම පමණක් නොව සම සතළිස් බෝධි ශාඛාවන් ලක්දිව නානා ප්‍රදේශවල රෝපණය කිරීමෙන් බුදු දහම ශක්තිමත්ව ශ්‍රී ලංකා ධරණි තලයට කිඳා බැසීමේ අවස්ථාව උදාවී ඇත්තේද මෙවන් දිනයක බව සඳහන් කළ යුතුව තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකේය කාන්තා පරපුර පූජනීයත්වයට හා සම්භාවනීයත්වයට පත්වූ දිනය වන්නේ ද අද දිනයයි. අපේ කාන්තා පරපුර උතුම් මෙහෙණි සස්නට ඇතුළත්ව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද සිදු කළ සේවාවෙහි ආරම්භක දිනයද වන්නේ මතුනොව වාර්ෂික සිරිපා වන්දනා සමයෙහි ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. මෙම සියලු කරුණු මෙන්ම වසරක් පුරා සිදු කරගත් බොහෝ පින්කම්ද මෙනෙහි කරමින් නැවුම් මනසකින් යුතුව සසර තරණය සඳහා අධිෂ්ඨානශීලී විය යුතුව ඇත.
(***)
ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබ
ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්
ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතාකරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩවඩාත් කථාකරයි. මහත්හොරු ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරු
මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ දක්නට ඇති බොහෝමයක් තැන්වල වැදගත්කම කෙබඳු දැයි අවබෝධ කරගත් පිරිස අතළොස්සක් බව නම් නොරහසකි. මහනුවර දළදා මාලිගාව අභියස කෞ
ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්
මානවයාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අවධානය යොමු කරන විට අප ව්‍යවහාරයෙහි සුලබව පවතින්නා වූ පද ද්විත්වයක් ලෙසHIV සහ ඒඩ්ස් හැඳින්විය හැකිය. 1981 ව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
බෞද්ධ විමුක්ති මාර්ගය සංවර ඇඳුමින් පැලඳුමින් වාරණය නොවේ