IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


භාරත ගීත කෝකිලාවිය - ලතා

‘‘මේ ලංකාදීපයේ සුරම්‍ය දූ පුතුන් අපියි උතුම්’’ ගීතය ගැයූ භාරතයේ සරස්වතී ලතා මංගෙෂ්කාර් දිවියෙන් සමුගැනීම නිමිත්තෙන් පළවන ලිපියකි.

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් සංවත්සරය සමරා ගතවූයේ දින තුනකි. හරියටම වසර 68 කට එපිට සිංහල චිත්‍රපටයකට ලතා මංගෙෂ්කාර් ගැයූ දේශාභිමානි ගීතය ඔබට මතක ද?

 

‘‘ශ්‍රී ලංකා මාතා - ප්‍රියදර ජයභූමී

ජය භූමී - ජය භූමී - ශ්‍රී ලංකා

සරි දැරු හෙළ දිව පුරාතනේ

ජයකොඩි නැංවූ වීර විකුමැති මා

රම්‍ය දරුවනේ’’

 

1995 වසරේ තිරගත වූ ‘‘සැඩසුළං’’ චිත්‍රපටයට ලතා විසින් ගැයූ මේ ගීතය ඇය ගැයූ එකම සිංහල චිත්‍රපට ගීතය විය. ඇය සමඟ යුග ගායනයට එක් වූ එකම පසුබිම් ගායකයා වූයේ මොහිදීන් බෙග් ය. එහි කොටසකි මේ.

 

‘‘ඉදිරියටා යමු සැවොමා

නිදහස ලබනට බැමි

මේ ලංකාදීපයේ සුරම්‍ය

දූ පුතුන් අපියි උතුම්

විනීත වූ ගුණාංග ලෝක සාමයයි අපේ විකුම්’’

‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන්ට තම චිත්‍රපටයට දේශාභිමානි ගීතයක් ඇතුළත් කිරීමටත්, එය ගායනා කිරීමට ඒ සඳහා ‘‘භාරත ගීත කෝකිලාව’’ ලෙස මුළු ලොවක් දැන සිටි ලතා මංගෙෂ්කාර් තෝරා ගැනීමටත් දොළ දුකක් පහළව තිබුණේය. කවදත් අලුත් යමක් කිරීමටත්, අභියෝග තුළින් එය දිනා ගැනීමට සූරයකු වූ සෝමසේකරන් මුලින්ම කළේ ලතා වඩාත් කැමති දේ ගැන රහසින් සොයා බැලීමය. ඇය මිල අධික ප්‍රංශයේ නිපද වූ ඉස්තරම් සුවඳ විලවුන්වලට හා ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කරන කිරි රසයෙන් යුත් ‘‘වයිට් චොකලට්’’වලට ආස බව දැනගත් සෝමසේකරන් ලතා හමුවීමට ගොස් ඒවා තෑගි කොට තමාගේ සිංහල චිත්‍රපටයේ දේශාභිමානි ගීතයට ඇරයුම් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේනට කියා තිබුණි.

ලංකාවේ තිරගත වූ ජනප්‍රිය හින්දි චිත්‍රපටවල ලතා විසින් ගැයූ ගීත අතිශයින්ම සිනමා ලෝලයන්ගේ සිත් ගත්තේය. මේ නිසා ඇය ලවා සිංහල චිත්‍රපටයක ගීතය ඇතුළත් කිරීමෙන් වෙළඳ වාසියක් ලබා ගැනීමටය. ලතාට තෑගි බෝග රැගෙන ගිය සෝමසේකරන් ‘‘මනෝ විද්‍යාව’’ දැන සිටි නිසාදෝ තම අභිමතාර්ථය ඉටු කර ගත්තේය. ඔහු ලතා හමුවීමට යාමට පෙර තමා කවුදැයි හඳුන්වාදෙන කෙටි විස්තරයක් ‘‘ටයිම්’’ සඟරාවේ පළ කරවා ගත් බව පැවසේ. ලතා ගැයූ දේශාභිමානි ගීතය රචනා කළේ ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන්  විසිනි. ඔහු මේ ගීතය රචනා කොට තනුවක් යොදා ලතාට සිංහල උච්චාරණය පුහුනු කර ඇති ආකාරය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘‘සිංහල චිත්‍රපට ගීතාවලිය’’ (1947 – 1956) කෘතියේ සඳහන් වෙයි.

මේ අනුව ලතා විසින් ගැයූ එකම සිංහල ගීතය මෙය වන්නේය. මේ ගීතය සඳහා සංගීතය මෙහෙයවා ඇත්තේ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්‍ෂ ඇස්. දක්‍ෂිණමූර්ති විසිනි.

ආනන්ද සමරකෝන් විසින් ලතා මංගෙෂ්කාර්ට සිංහල උච්චාරණය හා ගීත පුහුණු කරවන විට, ඔහු සතුව තිබූ ගායන හා සංගීත දැනුම හා කුසලතාව ලතා අගය කොට ඇත. සමරකෝන් හා ලතා සමඟ කතා කර ඇත්තේ හින්දි භාෂාවෙන් බව ද පැවසේ.

ඉන්දියාවේ ප්‍රමුඛම සඟරාවක් වූ Indian Today සංවත්සර කලාපයේ භාරතයේ සුවිශේෂ චරිත ගැන අගනා ලිපි පළ වී තිබුණි. එහි ලතා මංගෙෂ්කාර් හඳුන්වා තිබුණේ Sweet Bird of Youth (යෞවනයේ ගීත කෝකිලාවිය) කියාය. ඉන්දු - චීන දේශ සීමා අරගලයේ මියගිය භාරතීය රණවිරුවන් සැමරූ අති මහත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු හඬවමින් ලතා ගීතයක් ගැයුවාය. ඒ ගීතය නම් Ae mere watan Kelogon ගීතය බව India Today (Anniversary Issu 2005) සඟරාවේ පවසා තිබුණේ,

“Jawaharlal Nehru had tears in his eyes when he heard' Ae mere watan ke logon”

ලතා අගය කළ බටහිර ගීත අතර බින්ග් කොස්බි (Bing Crosby), පැට් බූන් (Pat Boon), බීට්ල්ස් (Beatles) ගීත විශේෂයෙන් ඉහත සඟරාවේ සඳහන් වී තිබුණි.

ලතා වඩාත්ම ප්‍රිය කළ ගීතය ‘‘මධුමතී’’ චිත්‍රපටයේ එන ‘‘ආජාරේ පරදේෂි’’ ගීතය බවත්, තමා ගායන ශිල්පී, නළු කිෂෝර් කුමාර්ට සහෝදරයකුට මෙන් සැලකූ බව ද කියා තිබුණාය. මුකේෂ් හා කිෂෝර් ගේ ගීතවලට ඇලුම් කළ ඇයගේ ප්‍රියතම චිත්‍රපට සංගීතඥයන් වී ඇත්තේ සලල් චෞද්රි හා මදන් මෝහන් ය. ලතා ගීත 25,000 ක් ගයා 1974 ගිනස් වාර්තාවක් තබා ඇති බව (Guinness Book of Worls Records) බව Raju Bharatan විසින් 2010 වසරේ ලියූ Aj ourney Down Melody (බොලිවුඩයේ දශක හයක මතක සටහන්) කෘතියේ 121 පිටුවේ සඳහන් වේ. ඇය නිතර පළඳින නවරත්න මුදුව ප්‍රකට ඉන්දීය නළු හා ගායක කේ.එල්. සයිගාල් විසින් ඇයට තෑගි දුන් එකක් බවත් 1980 දී ඇමරිකාවේ පැවැත් වූ සංගීත ප්‍රසංගයක් සඳහා ඇයට ඇ.ඩො. 15,000 ක් හිමි වූ බවත් ‘‘ඉන්දියා ටුඩේ’’ සඟරාවේ පළවී තිබුණි.

1929 සැප්තැම්බර් 28 වැනිදා මහා රාෂ්ට්‍රයේ උපත ලැබූ ලතා මංගේෂ්කාර්ගේ පියා වූයේ මරාති නාට්‍ය වේදිකාවේ නළුවකු හා ගායකයකු වූ දිනනත් මංගෙෂ්කාර් ය. ඇගේ මව වූයේ ෂෙවන්ති ය. පවුලේ වැඩිමලා වූ ලතා ට ආශා බොන්ස්ලි, ඌෂා, මීනා කාඩිකර් හා හරේන්ද්‍රනාත් තම සහෝදරියන් තිදෙනෙක් හා සහෝදරයෙක් වූවාය. 1942 වසරේ තම ගායනයට පිවිසෙන්නේ තම පියා විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍යයක ගීතයක් ගායනා කරමිනි. ඇගේ මුල් නම ‘‘ලතිකා’’ ය. පසුව ඇය ලතා නමින් ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඉන්දියානු භාෂා 36 කින් ගීත ගායනා කළාය.

ලංකාවේ තිරගත වූ Andaz, Albela, Awaara, Tarana, Baiju Bawra, Anrkalai, Amar, Devdas, Shri 420, Madhumati චිත්‍රපටවල එන ඇය ගැයූ ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

ලතා දරදඬු, හිතුවක්කාර චරිතයක් බව ඇය අගනා ජනප්‍රිය ගීත රැසක් දායාද කළ නෞෂාද් අලි, අපේ ජනප්‍රිය නවකතාකරුවකු, චිත්‍රපට කතා රචකයකු වූ ඩීමන් ආනන්දට කියා තිබුණේය. 2002 වසරේ මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නෞෂාඩ්ගේ නිවසට ගිය ඩීමන් ආනන්ද ට කියු මේ කතාව ඔහු විසින් ලියන ලද ‘‘ස්වරදේව නෞෂාද්’’ කෘතියට ඇතුළත්ව ඇත. ඉන් කොටසකි මේ.

‘‘1954 වන තෙක් ලතාගේ කිසිම සහයෝගයක් නැතිව ගීත ගායනයට අවතීර්ණව වසර හයකට පසු ආශාට (ලතාගේ නැගණිය) හින්දුස්ථානි සිනමාවේ පසුබිම් ගායිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට හැකි වූවාය. ඒ නෞෂාද් ගේ අමනාපය මුසු හිතවත්කම සමඟය. මෙයට හේතුව නෞෂාද් චිත්‍රපට අධ්‍යක්‍ෂ මෙහෙවුබ්ගේ ‘‘අමර්’’ චිත්‍රපයේ අවසන් කටයුතු කරගෙන යන අතර ලතා රෝගාතුරවීම නිසා ය. ලතාට වැළඳුණ අස්ථි රෝගය නිසා වසර ගණනාවක් ඉදිරියට තිබුණු සියලු පටිගත කිරීම් අවලංගු කිරීමට ඇයට සිදුවිය. උදෑසන පිවිසෙන විට 75% ක හොඳ තත්ත්වයේ සිටිය ද ලතා සියලුම පටිගත කිරීම් අවලංගු කළාය.

මේ සියල්ල 100% අකුරටම කළ යුතු බැව් ඇය පිළිගත් විශ්වාස කළ හෙයිනි. සංගීත අධ්‍යක්‍ෂවරු කොතෙක් ඇවිටිලි කළත් ඇය සියල්ල ප්‍රතික්ෂේප කළාය. ඇගේ මෙම දරදඬු ආකල්ප වෙනස් කිරීමට සංගීත අධ්‍යක්‍ෂ නෞෂාද්ට පවා මොනම අයුරකින් හෝ නොහැකි විය. නෞෂාඩ් ‘‘අමර්’’ චිත්‍රපටය වෙනුවෙන් තවත් ගීත දෙකක් පටිගත කිරීමට ද ඉතිරිව තිබුණි. මෙම කටහඬ පිළිබඳ තත්ත්වය පාලනයේ ස්ථාවරය නෞෂාද්ට පවා වෙනස් කළ නොහැකි විය.

ලතා මංගෙෂ්කාර් ගැන වරක් භාරතයේ ජනප්‍රිය නළුවකු වූ දිලිප් කුමාර් පවසා තිබුණේ ඇය ‘‘සංගීත අඹරේ පෑයූ ඉහළම තරුව’’ ලෙසය. රංගවේ දී සුනිල් දත් පවසා තිබුණේ ‘‘ගීත කෝකිලාවක් ලෙස ලතා දේශපාලනඥයන් 500 කට කරන්න බැරි මෙහෙවරක් කර ඇති බවය.

චිත්‍රපට අධ්‍යක්‍ෂ හරිකේෂ් මුකර්ජි ‘‘ලතා සරස්වතී දේවියට සමාන’’ යයි කියා තිබුණි. මේ සියල්ල Yesterday's Malodies To day's Memories” කෘතියේ 276 පිටුවේ සඳහන් වෙයි.

භාරතයෙන් පිදෙන ඉහළම සම්මාන වූ ‘‘භාරත රත්න’’ පද්ම විභූෂණ, සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ලතා ගැන වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර ඇත. ඇගේ ජීවිත කතාව සහිත "Saaz” චිත්‍රපටයක් ද නිර්මාණය විය.

තම ජීවිතයේ 93 වන වියට පා තබමින් සිටිය දී මේ වසරේ ජනවාරි මස අසනීප වූ ඇය කොරෝනා රෝගයෙන් පසු වැළඳුන නිව්මෝනියා රෝගයෙන් මිය ගියාය.

(*** ඒ.ඩී. රංජිත් කුමාර)



අදහස් (2)

භාරත ගීත කෝකිලාවිය - ලතා

Bunny Preena Monday, 07 February 2022 12:10 PM

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       6

medini Wednesday, 09 February 2022 08:38 PM

1995 වසරේ තිරගත වූ ‘‘සැඩසුළං’‘ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3119 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12258 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 567 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 941 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1018 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site