IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


භාරත ඝාතනයේ මේ දක්වා උසාවියේදී කියවුණු දෑ

ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති ඔක්තෝබර් 8 වැනි දින හිඹුටාන පටුමගේ පුස්තකාල හන්දියේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සිව්දෙනකු වෙඩිතබා ඝාතනය කරනු ලැබීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කොට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා සැකකරුවන්ගේ ලයිස්තුවෙන් ඉවත් නොකරන බව අවධාරණය කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා තමාගේ තීරණය සම්බන්ධයෙන් ප‍්‍රතිශෝධන අවශ්‍ය අයට මහාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බව ඉකුත් 17 වැනි දින විවෘත අධිකරණයේ දී දන්වා සිටියේය. සැකකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එදින (ඔක්තෝබර් 8) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් ආරම්භ වී තත්ත්පර කීපයක් ඇතුළත තම සේවාදායකයා වෙඩි වැදී සිහිසුන්ව වැටී සිටි නිසා ඔහු සැකකරුවකු නොවන බවට කළ තර්ක දැක්වීමක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඊට ප‍්‍රතිචාර ලෙස මහේස්ත‍්‍රාත්වරයා එලෙස දැනුම් දුන්නේය. භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බවට සැකපිට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනකු හා ඔහුගේ ආධාරකරුවන් දොළොස් දෙනකු සමඟ භාරත මහතාගේ ආරක්ෂක නිලධාරියා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත එදින (ඉකුත් 17) ඉදිරිපත්කොට තිබුණු අතර ඇප මත මුදාහැර සිටි තවත් සැකකරුවන් දෙදෙනකුද අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් භාරත ලක්ෂ්මන් මහතාගේ රියදුරා ලෙස කටයුතු කළ ලියනගේ සමන් ශාන්ත පෙරේරා නමැත්තා ප‍්‍රකාශකර සිටියේ භාරත මහතාට මුලින් වෙඩි තැබුවේ දුමින්ද සිල්වා බවත් පසුව ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ අනුර තුෂාර ද මෙල් නමැත්තා ද භාරත මහතා අසළට ගොස් ඔහුට වෙඩි තැබූ බවත්ය. ඊට පසු දිනක මෙම ඝාතන සිද්ධීන්ට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවක රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ භාරත මහතා ඇතුළු සිව් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිනි අවිවලින් වෙඩි තැබීම නිසා යැයි පශ්චාත් මරණ පරීක්ෂණ වලින් වාර්තාවී ඇති බවයි. ඉන් අනතුරුව ඉකුත් නොවැම්බර් 15 වැනි දින මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් ලඝු නොවන පරීක්ෂණ සිදුවන බැවින් දුමින්ද සිල්වා සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි රහස් පොලිසිය වෙත ඉදිරිපත්වී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුණි. මෙම වෙඩි තැබීම් වූ දින දුමින්ද සිල්වා මහතා සිටි දෙසට මුලින්ම වෙඩි තැබුවේ භාරත මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කොස්තාපල් රාජපුරගේ ගාමිණී නමැත්තා බවද රහස් පොලිසිය ඊට පසු දිනෙක අධිකරණයට දන්වා තිබුණි. කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා මේ වනවිට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ මොළය හා ස්නායු පිළිබඳ ශල්‍ය ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ රෝගී තත්ත්වය තරමක අවදානම් තත්ත්වයේ පවතින බව ලංකාවේදී ඒ මහතාට ශල්‍යකර්මයක් සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ද වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. මෙම ඝාතන සිද්ධීන්ට අදාළ පැමිණිල්ල ඉකුත් 17 වැනි දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මෙරිල් රන්ජන් ළමා හේවා මහතා සමඟ කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ප‍්‍රකාශකර සිටියේ භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සහ දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබීමේ සිද්ධිය නඩු කෘත්‍යයන් දෙකක් වශයෙන් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරිය මේ වනතෙක් තම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී නොමැති බවයි. අධිකරණ නියෝග අනුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද මෙතෙක් වාර්තා නොලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් සහ රාගම අනුක වෛද්‍ය පීඨය වෙත ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කළ නඩු භාණ්ඩ හැකි ඉක්මනින් රහස් පොලිසිය වෙත ලබාදෙන බව අදාළ අංශ දැනුම් දී ඇති බව පැවැසූ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධය සඳහා යොදාගත් කේ. එල්. 4219 සහ කේ. එන්. 7046 දරන ජීප් රථ දෙක සහ කේ. පී. 3959 දරන කාර් රථයක් සම්බන්ධයෙන් පැවැත් වූ විමර්ශනයක් අවසන් කොට ඒවා ලියාපදිංචි හිමිකරුවන් වෙත මුදාහැර ඇති බවයි. මෙම සිද්ධීන්ට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවන් 16 දෙනා තව දුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටි ශානි අබේසේකර මහතා සමස්ත සිද්ධි ක‍්‍රමය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකොට උධෘත නීතිපතිවරිය වෙත යොමු කිරීමට කටයුතු කරන බවද දන්වා සිටියේය. ඉන් අනතුරුව දුමින්ද සිල්වා මහතාගේ ආධාරකරුවකු ලෙස කටයුතු කළ එම්. බී. සුරංග පේ‍්‍රමලාල් නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත කරුණු දැක් වූ නීතිඥ දන්ත නිරන්ජන් මහතා, බන්ධනාගාර නිලධාරින් රැඳවියන් යොදවා පොලූ මුගුරුවලින් ඔහුගේ සේවාදායකයාට බන්ධනාගාරය තුළදී පහරදී ඇති බවද පහරදීම නිසා ඇතිවූ තැලූම් හා තුවාල මේ වනවිටත් ඔහුගේ සිරුරේ තැනින් තැන දක්නට ලැබෙන බවද පැවැසීය. එම පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ දන්ත නිරන්ජන් මහතා ඔහුගේ සේවාදායකයාට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් සුදුසු පියවරයක් ගන්නා ලෙස ද වැඩි දුරටත් ඉල්ලා සිටියේය. දුමින්ද සිල්වා මහතාගේ තවත් ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල් රෝහණ මාරසිංහ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් දන්වා සිටියේ වසර 17ක සිට ඇමැති ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ ඔහුගේ සේවාදායකයා මෙම ඝාතන සිද්ධීන් වූ දින ඔහු සන්තකයට පත් කෙට තිබූ නීත්‍යානුකූල ගිනි අවිය හා ජීව උණ්ඩ 24 නැවත ඇමති ආරක්ෂක ඒකකය වෙත භාර දී ඇති බවයි. ඔහුගේ සේවාදායකයාට භාරදී තිබූ ගිනි අවියෙන් කිසිදු උණ්ඩයක් පිටවී නැති නිසා ඔහු සැකකරුවකු ලෙස නම් කිරීමට නොහැකි බවද වැඩි දුරටත් එම නීතිඥවරයා තර්ක කර සිටියේය. මහේස්ත‍්‍රාත්වරයා:- ”ඔබගේ සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වී තිබෙනවා. ඒ අනුව ඔහු සැකකරුවකු ලෙස නම් කිරීමට රහස් පොලිසියට හැකියාව තිබෙනවා.” එම නීතිඥවරයා:- ”මහාධිකරණයෙහි නඩුවක් පවරා ඔහුට ඇප ලබා ගැනීම සඳහා මෙම විමර්ශනවලට අදාළ නඩු වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මහේස්ත‍්‍රාත්වරයා:- ”මෙම අධිකරණය මීට ඉහත නඩු දිනයක ප‍්‍රකාශකර තිබෙනවා විමර්ශනවලට අදාළ නඩු වාර්තා කිසිවකුට ලබා දිය නොහැකි බව. මහාධිකරණයේ නඩු පවරා ඇප ඉල්ලීමක් කිරීමට මෙම නඩු වාර්තා අවශ්‍ය වෙන්නේ නැහැ.” ඉන් අනතුරුව භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කොස්තාපල් ආර්. ගාමිණී නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක මහතා මෙලෙස අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. ”මෙම ඝාතන සිද්ධි වූ දින භාරත මහතාට ආරක්ෂාව සැපයූ මගේ සේවාදායකයාගේ අතකට සහ ඇසකට බරපතළ තුවාල සිදුවී තිබෙනවා. රහස් පොලිසිය විසින් පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක අත්අඩංගුවට ගෙන සිටි මගේ සේවාදායකයා මේ වනවිට මහර බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා. ඔහුගේ මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කිරීමට අවශ්‍යයි. ඒ නිසා ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට යොමුකර අවශ්‍ය පහසුකම් සළසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.” දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් වීරසේන රණහේවා, කාර්ඩර්ස් යන නීතිඥවරුන් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා:- ”වෙඩි තැබීම් සිදුවී තත්ත්පර 30ක් ඇතුළත මගේ සේවාදායකයා වෙඩි වැදී සිහිසුන්ව වැටී ඇති බව වොහාරික සාක්ෂි තුනකින් ප‍්‍රකාශවී තිබෙනවා. එම සාක්ෂිවලින් කියවෙන පරිදි දුමින්ද සිල්වා මහතා වෙඩි වැදී බිම වැටී සිටි අවස්ථාවේ භාරත මහතා ඔහුගේ වාහනය දෙසට ගොස් තිබෙනවා. මෙවැනි කරුණුවලින් පෙනී යන්නේ මගේ සේවාදායකයා සැකකරුවකු නොව වින්දිතයකු බවයි. භාරත මහතාට වගේම දුමින්ද සිල්වා මහතාටත් වෙඩි වැදී තිබෙනවා. ඒ නිසා දුමින්ද මහතා සැකකරුවන්ගේ ලයිස්තුවෙන් ඉවත් කළ යුතුයි.” නීතිඥ වීරසේන රණහේවා මහතා:- ”දුමින්ද සිල්වා මහතාගේ නමින් අරන් තියෙන සුදුපාට ලියාපදිංචි නොකළ සී. එන්. 1942 ලෙස නම්කොට තිබූ ලෑන්ඞ් කෲෂර් වර්ගයේ රථයකින් ඔහු මෙම සිද්ධීන් වූ දින ගමන් කර තිබෙන්නේ. වෙඩි වැදීම් සිදුවී එම රථයට බරපතළ හානි සිදුවී තිබෙනවා. එම වාහනය මගේ සේවාදායකයාගේ සහෝදරයා වන රෙනෝ ද සිල්වා මහතා වෙත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.” අගතියට පත් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඥාතීන් වෙනුවෙන් මධුර වෙල්ගම, ධම්මික රත්නායක යන නීතිඥවරුන් සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා:- ”දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස මෙම අධිකරණය මීට ඉහතදී රහස් පොලිසිය වෙත නියෝග කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය අනුගමනය කළ කි‍්‍රයාමාර්ග මොනවාද? සාක්ෂිවලින් පැවසුණු ආකාරයට මුලින්ම වාහනයෙන් බැස භාරත මහතාට පහරදී තිබෙන්නේ දුමින්ද සිල්වා. ඒ නිසා ප‍්‍රථමයෙන්ම නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී ඇත්තේ දුමින්ද සහ ඔහුගේ සහචරයන් පිරිසයි.” එම අවස්ථාවේදී ප‍්‍රති උත්තර දුන් සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා:- ”දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ආකාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ රහස් පොලිසිය සාකච්ඡා කරමිනුයි සිටින්නේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලැබුණු වහා නිසි පියවර ගන්නවා. ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත්වරයා දුමින්ද සිල්වා මෙම ඝාතන සිද්ධීන්හි සැකකරුවකු වන බවට තමා ලබාදුන් තීන්දුව තව දුරටත් එලෙසම කි‍්‍රයාත්මක වන බව දැනුම්දී සුරංග පේ‍්‍රමලාල් නමැති සැකකරුට බන්ධනාගාරය තුළදී පහරදීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය. භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කොස්තාපල් ගාමිණී නමැත්තා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා ඝාතන සිද්ධීන් වූ දින දුමින්ද සිල්වා භාවිත කළ ලියාපදිංචි නොකළ වාහනය බැඳුම්කරයක් මත ඔහුගේ සොහොයුරා වන රෙනෝ ද සිල්වා මහතාට මුදාහරින ලෙස රහස් පොලිසියට නියම කළේය. සැකකරුවන් 16 දෙනා තව දුරටත් ලබන 31 වැනි දින තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන 31 වැනි දින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිය හැකිදැයි යන්න පිළිබඳව තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. මෙම ඝාතන සිද්ධීන්ට අදාළව රහස් පොලිසිය විසින් සැකකරුවන් විසිදෙනෙකු නම්කොට තිබෙන අතර දුමින්ද සිල්වා මහතා සහ ඔහුගේ සමීප හිතවතකු ලෙස කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ පි‍්‍රයන්ත ජනක බණ්ඩාර (ගලබොඩ) නමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී තිබේ.

දසුන් රාජපක්ෂ



අදහස් (0)

භාරත ඝාතනයේ මේ දක්වා උසාවියේදී කියවුණු දෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 661 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 275 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 629 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 173 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site