1989 අවුරුද්දේ මුල විජේවීර සහෝදරයා අලූත් නවාතැනට ගොඩවැදිණි. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට හානියක් නොවීම ආරක්ෂක නවාතැනේ පළමුවැනි ඉලක්කය විය.
උලපනේ සෙන්ට් මේරිස් වත්තට විජේවීර සහ දරු පවුල එන විට එහි නිවෙස සම්පූර්ණයෙන් ගරාවැටෙන තත්ත්වයක තිබිණි. එයට හේතු වූයේ මෙහි අයිතිකරු මහනුවර පදිංචිකරුවකු වීමත් ඉඳහිට වත්තට පැමිණෙන්නකු වීමත්ය. ඒ නිසා ගරාවැටෙන නිවෙස පදිංචිය සඳහා සුදුසු තත්ත්වයට ගෙන ඒම ඊළඟ පියවර විය. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකයෝ කීප දෙනෙක් නිවෙස අලූත්වැඩියාවට මැදිහත් වූහ.
පරණ වරිච්චි බිත්තියට බදාම සවිකර තිබුණු ගෙයි බොහෝ තැන් දුර්වර්ණ වී තිබිණි. වහළ මකුළු දැල් බැඳී අවපැහැ විය. බොල් වූ තැන්ද බිත්තියේ විණ. අඳුරු පැහැ ගත් සුදු පාට බිත්ති දිගේ වේයන් තමන්ගේ ආරක්ෂිත පාරවල් හදාගෙන තිබිණ. වත්තේ අතහැර දැමුණු පරණ බංගලාවක පාළුව ගුප්තබව හුදෙකලාව ගේ පුරා ඉකිබිඳිණ ලකුණු පෙනිණ.
රෝහණ විජේවීර සහෝදරයා උලපනේ බංගලාවට ආවේ එවැනි තත්ත්වයකදීය. ගෙදර අලූත්වැඩියාවට ගමේ හොඳ බාස්ලා කීප දෙනෙකු වැඩට කැඳවාගෙන ආවේ පක්ෂයේ ප‍්‍රබලයකු විසිනි. ඒ අනුව මේසන් බාස්ලා ගෙය සම්පූර්ණ අලූත්වැඩියාව ආරම්භ කළහ. දරුවන්ට ඉගැන්වීමට උලපනේ පාසල් ගුරුවරියක් ගෙදරට කැඳවා ගත්තාය. තමන් මේ වැඩ කරන්නේ මුළු ආණ්ඩුවම සොයමින් සිටින රෝහණ විජේවීරගේ ගෙදර බව ඒ කිසිවෙකුටත් නොදැනෙන නොහැගෙන පරිදි වැඩ සිද්ධ විය.
ගෙදර අල්මාරි, කැබිනට්ටු පුරවා තිබුණේ විස්කි, බ‍්‍රැන්ඩි බෝතල්වලිනි. අලූත්ම බෝතල හා හිස් වූ බෝතල් ද ඒ අතර විය. කාගේත් ඇස ගැටුණේ බෝතල් වෙත නිසා මේ ගෙදර ‘‘බේබද්දකු’’ සිටින බව පමණක් හිතන්නට ඔවුන්ගේ සිතේ ඉඩ වෙන්විණි.
එබැවින් ගෙදරට යන එන අය ගමේ කීවේ ‘‘වත්තේ අත්තනායක මහත්තයා හොඳට බොන කෙනෙකු’’ බවය. ඊට වඩා කිසිවක් ඔවුුහු අත්තනායක ගැන දැන උන්නේ නැත. මේ කියන සෙන්ට් මේරිස් වත්ත තිබුණේ කන්දක් උඩය. එහි මුදුණේ තිබුණේ වතු බංගලා දෙකකි. දැන් එකක් විජේවීර සහෝදරයා සතුය. අනෙක බර්ගර් මහත්මයකුට අයිති විය. කන්ද පාමුල ගම තිබිණි. ගම මායිමෙන් මහනුවර - නාවලපිටිය ප‍්‍රධාන මාර්ගය වැටී ඇත.
රෝහණ විජේවීර සොයා නිවෙසට එන සිරි අයියා අල්ලපු වත්තේ බර්ගර් මහත්මයා සමග හිතවත් විය. පක්ෂයේ පණිවුඩ, ඒ ඒ දිස්ත‍්‍රික්කවල තත්ත්වය රටේ තත්ත්වය රැුගෙන නිතර උලපනේ බංගලාවට පැමිණි කීප දෙනෙක් ද වූහ. ඒ අතර එච්.බී. හේරත්, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි යන අය කැපීපෙනේ. ඒ හැර අතළොස්සක් වූ දේශපාලන මණ්ඩලයේ සියලූ සාමාජිකයන් විජේවීර සහෝදරයා පදිංචි තැන ඇතැම් විට දැන සිටියේ නැත. කවුරුවත් විජේවීර සිටින තැන ගැන ප‍්‍රශ්න කළේ ද නැත. වැඩක් නැතිව ඔහු සිටින තැන අහන සම්ප‍්‍රදායක් ජ.වි.පෙහි එදා තිබුණේ ද නැත.
දේශපාලන මණ්ඩලයේ සමහරු තැන නොදැන සිටියත් ඇතැම් විට පක්ෂයේ පහළ සාමාජිකයෝ විජේවීර සහෝදරයාගේ පදිංචිය දැන සිටි බවටද රහසක් නැත. උදාහරණ ලෙස උලපනේ සෙන්ට් මේරිස් වත්ත සොයා දුන්නේ නෙළුව ලෙවුවෙගොඩ වත්තේ කළමනාකාර ලෙස පෙනී සිටි පක්ෂ මධ්‍යම කමිටුවේ සහෝදරයාය. ඊට අමතරව පක්ෂ පණිවුඩ එහා මෙහා ගෙන ගිය සහෝදරයෝ ද ඉඳහිට තොරතුරු දැන හුන්හ.
රෝහණ විජේවීර සහෝදරයා පමණක් නොව උපතිස්ස ගමනායක, ඞී.එම්. ආනන්ද, එච්.බී. හේරත්, පියදාස රණසිංහ, ශාන්ත බණ්ඩාර, සෝමවංශ අමරසිංහ, ලලිත් විජේරත්න, සමන් පියසිරි, පියදාස රණසිංහ ආදී අවසන් දේශපාලන මණ්ඩලය නිතර ආ ගිය, රැුස්වූ තැන ගලහ අරලිය උයනේ නිවෙස විය. එම ස්ථානයේ පක්ෂ සාමාජිකයන් කීප පළක්ම වූ අතර දිනපතා එහි නැවතී බලා කියා ගත්තේ පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයෙකි. දෙසතියකට වරක් ජ.වි.පෙ. හෘදය වස්තුවට රැුස්වන තැන මෙසේ පහළ සාමාජිකයන් කීප දෙනෙක් දැන හුන්හ.
මෙහි තවත් පැත්තක්ද සටහන් කරමි. විජේවීර සහෝදරයා තමන්ගේ ගමේ පදිංචිකාරයකු බව උලපනේ හෝ වල්හපුතැන්නේ, විසූ කිසිම ජ.වි.පෙ හි සාමාජිකයකු හෝ දැන සිටියේ නැත. පුදුමය නම් පක්ෂය ගෙන ගිය මේ සූක්ෂ්ම ක‍්‍රමවේදයයි. නමුත් විජේවීර සහෝදරයා ගමේ ජ.වි.පෙ ක‍්‍රියාධරයන් ගැන දැන උන්නේය.
නොවැම්බර් 12 දහවල් වන විට ඔරලෝසුවේ තත්ත්පර කටුව වේගවත් වූ හැඩකි. දේශපාලන මණ්ඩලය අවසන් වී සියල්ලෝ දහවල් ආහාරය ගලහ අරලිය උයනේදී භුක්ති වින්ඳාහ.
තම සහෘද නායකයන් සමග අවසන් දිවා භෝජනය මේ යැයි කිසිවෙකු සිතුවේ නැත. එහෙත් අවසන් පැහැදිලි තීරණයක් විය.
එනම් වසරකට ආසන්න කාලයක් උලපනේ සෙන්ට් මේරිස් වත්තේ සිටි රෝහණ විජේවීරගේ පදිංචිය නැවත හෙට අලූයමදී මාරුවීමයි.‘‘විජේවීර සහෝදරයා ලෙව්වෙගොඩ වත්තට හමුදාව ආවා. ලොකු සැකයක් තියෙනවා. ඔබ උලපනේ ගෙදරට දැන් යන්න එපා. මෙතැනින්ම නවාතැන වෙනස් කරමු.’’ සිරි අයියාත්, ශාන්ත බණ්ඩාරත්, ලලිත් විජේරත්නත් එක දිගට ඉල්ලීම් කළහ.
සහෝදරයා මට අද විතරක් දෙන්න. හෙට උදේම මම නවාතැන වෙනස් කරනවා.
රෝහණ විජේවීර නොවැ. 12 වැනිදා රාත‍්‍රිය ගෙවීමට පමණක් අවසරය දේශපාලන මණ්ඩලයෙන් ඉල්ලා ගත්තේය.
දිවා ආහාරය නිමා විය. විජේවීර සහෝදරයා සිරි අයියාටත් (සෝමවංශ අමරසිංහ), හේරත් සහෝදරයාටත් කතා කළේය. හෙට පාන්දර, මම මීගමුවෙ නවාතැනට මාරුවෙන්න තීරණය කළා.
විජේවීර තම අදහස කීවේය. ඒ අනුව එය සිදුවන්නේ කෙසේද යන්න සිරි අයියාත්, එච්.බී. හේරතුත් ගළපා ගත්තේය.
දේශපාලන මණ්ඩලය අවසන් වී සවස 1.30-2.00 අතර කාලයේ එකිනෙකා හිමින් සීරුවේ විසිර ගියහ. ඒ අනුව විජේවීර සහෝදරයාත් එම කාලය තුළම තම අවසන් දේශපාලන මණ්ඩල සාකච්ඡුාවට සමුදුන්නේය. එය තවත් දේශපේ‍්‍රමී නායකයකුගේ දෙසතියක කෙටි සමුගැනීමක් බව සියල්ලෝ විශ්වාස කළහ.
විජේවීර සහෝදරයා, උපතිස්ස ගමනායකගේ වාහනයට නැග්ගේය. එයට හේතුව විජේවීර රැුස්වීමට ආවේ ඔහුගේම වාහනයේ නොවන හෙයිනි. රැුස්වීමේ ආරම්භක අවස්ථාවට විජේවීර ආවේ සිරි අයියාගේ වාහනයෙනි. ආපසු ගියේ ගමනායක සමගිනි. ඒ අනුව ගලහ අරලිය උයනේ සිට උලපනේ නිවෙසට යාමට මාර්ග දෙකක් වූ අතර මේ කොයි පාරෙන් ගියත් පැයක් පමණ වේලා ගතවන ගමනක් විය. මුළු දුර කිලෝමීටර් 20-25 ක් පමණ විය.
සාමාන්‍යයෙන් විජේවීර සහෝදරයා අරලිය උයනෙන් පිටත්වූ වේලාව අනුව ඔහුත් උපතිස්ස ගමනායකත් සවස 3.00 පමණ වන විට සෙන්ට් මේරිස් වත්තට යන්නට ඇත.
ඉන් හෝරා දෙක තුනකින් විජේවීර හමුදා අත්අඩංගුවට පත්වූ බව දැනගන්නට ලැබෙයි.
විජේවීර සහෝදරයා වාහනයෙන් බැස නිවෙසට යන අතර ගමනායක නිවෙසට ගොඩ නොවැදීම බණ්ඩාරගම බලා පිටත්විය.
මේ අතරෙහි අරලිය උයනේ සිටි සාමාජිකයෝ සැක නොසිතන පරිදි පැයකට පැය භාගයකට වරක් තම වාහනවලින් එකාදෙන්නා තමන් පදිංචි ස්ථාන කරා පිටත් වූහ.
රෑ බෝවන විට අරලිය උයනේ සිටියේ සුපුරුදු පරිදි මධ්‍යම කමිටු සාමාජිකයාය. ඊට අමතරව එච්.බී. හේරත් සහ පියදාස රණසිංහ යන දෙදෙනා ද නොවැ. 12 රැුය පහන් කරන්නට දේශපාලන මණ්ඩල රැුස්වීම් බිම තෝරා ගත්හ.
සිරි අයියා කෙළින්ම ගියේ මහනුවර නගර මධ්‍යයේ වූ නිවෙස වෙතය. මෙය සිරි අයියා කුලියට ගත්තක් විය. ගෙදර හිමිකරුවෝද සිරි අයියා සිටි තැනම ළඟින් පදිංචිවී හුන්හ.
ගලහ සිට මහනුවරට යනතුරුම සිරි අයියාගේ සිතෙහි මොකක්දෝ දෙයක් දෝංකාර දෙමින් තිබිණි.
ලෙව්වෙගොඩ වත්තට හමුදාව පැන්නා. ඒ ඉඩමේ ලියකියවිලි තියෙන්නෙ මගේ (රෙජිනෝල්ඞ්) නමට. මහනුවර කුලියට ගත්ත ගෙදරට දීලා තියෙන්නෙත් රෙජිනෝල්ඞ් නමට හදපු අයිඩෙන්ටියෙ විස්තර. බැරි වෙලාවත් රූපවාහිනියෙන් හරි ගුවන් විදුලියෙන් හරි මගේ අයිඩෙන්ටි විස්තර දුන්නොත් මහනුවර මිනිස්සු මම ගැන පොලිසියට කියන්න පුළුවන්.ඒ අනුව සිරි අයියාද එවෙලේම මහනුවරින් ඉවත්වී යන්නට තීරණය කළේය.
මහනුවරට එන විට යන්තම් අඳුර ගලමින් තිබුණි. ලෙව්වෙගොඩ වත්ත ඇල්ලූ පුවත හැර වෙනත් තොරතුරක් ගලා නොගිය බවක් ද පෙනෙයි.
ඇතැම් විට හමුදාව තොරතුරු සඟවා ගත්තේ තවත් තොරතුරු නිහඬව නිශ්ශබ්දවම සොයා ගැනීමේ අරමුණින් විය යුතුය. එය වඩා භයානක තත්ත්වයකි.
සිරි අයියා මහනුවරට පැමිණ බිරිඳ සමග සාකච්ඡුා කළේය.
ප‍්‍රශ්නයක් තියෙනවා, ලෙව්වෙගොඩ වත්ත ඇල්ලූවා. අපි අද ?ම මෙහෙන් යා යුතුයි.
‘‘කොහාටද’’ බිරිඳ විමසයි.
‘‘මීගමුවට’‘
‘‘විජේවීර සහෝදරයාත් හෙට මීගමුවෙ අපේ තැනට එනවා. එයාව ගන්න මම හෙට පාන්දර ආයෙමත් උලපනේ යන්න ඕනෑ’’ සිරි අයියා කියාගෙන යයි.
අන්ධකාරය තුළ මහනුවර නගරය කිමිදෙමින් සිටියි. ලයිට් කණුවලින් ගලන කහපාට ලයිට් එළි හුදෙකලා වූ නගරයේ කළුවර මකමින් සිටී. දවාලේ විවෘතව තැබුණු සියලූ කඩ වැසී පාරක් පාරක් ගාණම පාළුවට ගොස් ඇත. එහෙත් ගෙවී යන නිමේෂය ගැන බයක්, මිස සතුටක්, සන්තෝසයක් කිසිවකු තුළ නැත. ඇවිලෙන ටයර් සෑයක් හෙට කාට උරුමද? ඒ කොතැනද? යන ගුප්ත චකිතය ලාම්පු එළියෙන් යන්තම් එළිය වුණු ගෙවල් තුළ සිටි කාටත් තිබුණේය.
මේ මූසල රාත‍්‍රියේ සිරි අයියා ගෙවල් හිමියාව හමුවූයේය.
‘‘අපට පොඩි කරදරයක්. හදිසි මරණ ගෙදරක් වෙලා’’ සිරි අයියා කියාගෙන යයි.
‘‘කොහෙද?’’ නිවෙස් හිමියා අසයි.
‘‘මීගමුවේ’’
‘‘? යන එක හොඳ නෑ නේද? රටේ තත්ත්වේ එන්න එන්නම නරකයි’’
‘‘නෑ මිස්ට, මොනවා වුණත් ?ට යන්න ඕනෑ අපි දැනටත් පරක්කුයි’’
ඒ අනුව සිරි අයියා ඔහුට සමුදුන්නේය. ඒ කතාබහ තුළ හදිසි කාරණයක් නිසා සිදුවන සමුගැනීමක් විය. වාසස්ථාන වෙනසක් වන බව නොකීමට සිරි අයියා වගබලා ගත්තේය.
එසේ වී නම් හදිසියේ මහ ? වාසස්ථාන වෙනස් වන්නේ කවර හේතුවක් නිසාද යන්න පැහැදිලිව සැකයක් කරා ගොනු වන්නට ඉඩ තිබිණි. සාමාන්‍යයෙන් එවැනි මොහොතක පදිංචිය වෙනස් කිරීමට සුදුසුම උපාය ගැනීමට සිරි අයියාට අවබෝධය තිබිණ.
නැවත නිවෙසට පැමිණි සිරි අයියා ඇඳුම් පැළඳුම් හා පක්ෂයේ ලිපි ලේඛන සියල්ල සූදානම් කර බෑගයකට එකතු කළේය. ඊට වඩා යමක් නැත.
අල්මාරි, මේස, පුටු, කැබිනට්ටු සියල්ල පදිංචි නිවසේ තිබුණු දේය. අමතක වූ යමක් ඇත්දැයි සිරි අයියා නැවත විපරම් කරමින් ලාච්චු, මේස රෙදි යට බැලූහ. ලිපිනයක් සහිත තුණ්ඩුවක් නමක් තිබුණා නම් එය ද මහා අනතුරකි.
ඇඳුම් බෑග් වාහනයට පටවා ගත් සිරි අයියා තම පවුල සමගින් මහනුවර පදිංචියට සමුදුන්නේය. 1989 නොවැ. 12 වැනිදා මැදියම් රැුයට දෙහෝරාවක් පමණ ඇත.
සුදු ඇඳුමින් සැරසී මළ ගෙදරක යන පවුලක ලකුණු මහනුවර සිට මීගමුව දක්වා නිර්මාණය විය.
ඒ අනුව අඳුර කපාගෙන කට්ට කළුවරේ පාළු වීදි දිගේ සිරි අයියා ගමන ඉක්මන් කළේය.
අලූයම් පාන්දර වන විට පිරිස මීගමුවට ළඟාවූහ.
පදිංචිවෙන තැනට ආරක්ෂාකාරීව ඇතුළුවී ඊළඟ පියවර උදෙසා සිරි අයියා සූදානම් විය.
රෝහණ විජේවීර සහෝදරයා උලපනේ නිවසින් මීගමුවට කැඳවාගෙන එන මෙහෙයුමට කාලය උදාවී ඇත. එළිය වැටීමට පළමුව යළි උලපනේ වෙත යා යුතුය.
එහෙත් ගමන සඳහා නිල පණිවුඩය පැමිණෙන තුරු සිරි අයියා බලා සිටියේය.
එය රැුගත් පණිවුඩකරු ආවේ නැත. පණිවුඩය ලැබෙන තුරු කිසිසේත්ම ගමන පිටත් වීම තහනම් වන්නකි.
අලූයම ගෙවෙමින් ලාවට එළිය වැටිණ. කිසිම ආරංචියක් නැත. එළිය වැටී හෝරා දෙක තුන ගෙවී ගියේය. ඊට පසුව මොකද වුණේ?
ලබන සතියේ කියවමු
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මීගමුවේ අලූත් පදිංචියට යන්න පෙරදා විජේවීර සොයා හමුදාව එයි
කුමාර Sunday, 08 November 2015 12:45 AM
හොඳ ලිපියක් (නි)
අමල් Tuesday, 10 November 2015 08:25 AM
වටිනා ලිපි පෙළක්. (ර)
අමරසේන Monday, 16 November 2015 12:08 PM
විමුක්ති අරගල කරන්නයි, පවුල් ජිවිත ගෙවන්නයි දෙකක් බැහැ. (ර)