IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මීගමු තානායමේදී මහ රැජිණට පොකිරිස්සන් එක්ක කෑම වේලක්

   30-Rasa-p05-5  

 

බි්‍රතාන්‍යයේ රාජකීය පවුලේ ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආර්යාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1948 පෙබරවාරි 08 වැනිදාය. ඒ ශ්‍රී ලංකාවේ පළමු නිදහස් උත්සවයට සහභාගි වීම සඳහාය. 1947 දෙසැම්බර් 01 දින අගමැති ඩී.එස්. සේනානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නිදහස් පනත වැඩි ඡන්ද 48කින් සම්මත වීමෙන් පසුව 1948 පෙබරවාරි 04 දින සිට ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වන්නේය. එහෙත් රාජකීය නිදහස් උත්සවය පැවැත්වූයේ 1948 පෙබරවාරි මස 01 දින ටොරින්ටන් චතුරශ්‍රයේදීය. ටොරින්ටන් චතුරශ්‍රය නිදහස් චතුරශ්‍රය බවට පත්වන්නේ ඉන් අනතුරුවය.
රාජකීය යුවළ ඇතුළු ප්‍රධාන අමුත්තන්ට ඉහළින්ම සංග්‍රහ කිරීම අගමැති ඩී.එස්. සේනායක මහතාට තිබුණු බලවත් ආශාවක් විය. ඒ අනුව ආදිපාදිවරයා හා ආර්යාවට නවාතැන් ගැනීම පිණිස මෙරට පිහිටි සුන්දරම ස්ථානය මෙන්ම උසස් ආහාර වේලක් පිළියෙල කළ හැකි ස්ථානයක් පිළිබඳව අගමැතිවරයා තීරණය කරනු ලැබුවේ හොඳින් සොයා බැලීමෙන් අනතුරුවය.

1
එම ස්ථානය වූයේ මීගමුව තානායමයි. මීගමුව තානායම රාජකීය යුවළට මෙරට තුළ ගත කිරීමට ඇති සුදුසුතම ස්ථානය ලෙස සැලකුණේ රටේ තිබුණු සුන්දරම වෙරළ තීරය තානායම ඉදිරියෙන් දිස් වූ බැවිනි. එපමණක් ද නොව කාමර 23කින් සමන්විත වූ තානායම එවකට රටේ පිහිටි අලංකාර මාලිගයක් බඳු විය. ඊටත් අමතරව ජාත්‍යන්තර තත්ත්වයේ උසස් හා ප්‍රනීත ආහාර පිසීමට හැකි දක්ෂ සූපවේදියා සිටියේද මීගමුව තානායමේය. ඔහු බී.ජේ.එම්. රොඩි්‍රගු මහතාය.


රාජකීය යුවළ නිදහස් උළෙලට දින දෙකකට කලින් මෙරටට පැමිණීම නිසා දින දෙකම රැඳී සිටියේ මීගමුව තානායමේය. උත්සවය අවසන් වී තවත් දිනක් දෙකක් යුවළ එහි රැඳී සිටියහ. 1948 පෙබරවාරි 12 දින අගමැති ඩී.එස්. සේනානායක මහතා විසින් රාජකීය යුවළට භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. අගමැතිවරයාට අමතරව අමාත්‍ය මණ්ඩලය හා ප්‍රභූහූ ගණනාවක් එම භෝජන සංග්‍රහයට පැමිණ සිටියහ.


සූපවේදී බී.ජේ.එම්. රොඩි්‍රගූ මහතා විසින් පිළියෙල කෙරුණු එම භෝජන සංග්‍රහයට විශේෂ ආහාර වර්ග කිහිපයක්ද එකතු කර තිබිණි. තැම්බූ එළවළු, තම්බන ලද තෝර පෙති, පොකිරිස්සන්, ඉස්සන් හා දැල්ලන්ද ඒ අතර විය. මයෝනිස් සෝස්, අන්නාසි සහ -ග්රේප් ෆෲට්” වලින් ද කෑම මේසය අලංකාර වී තිබිණි. පුඩින් වර්ග හා කෝපි බීමද කෑම මේසය තවත් රසවත් කළේය. සමස්තයක් ලෙස ගත් කල එම ආහාර වේල හඳුන්වාදිය හැක්කේ මුහුදු මාළු කෑම වේලක් වශයෙනි. භෝජන සංග්‍රහය අවසානයේදී ග්ලෝස්ටර් ආදිපාදවරයා හෝටලයේ තබා ඇති සමරු පොතෙහි සටහන් තබා ඇත්තේ එම ආහාර වේල මගින් තම රසනහර පිනා ගිය බවය.


-මීපුර” වෙරළ ලෙස හැඳින් වූ මීගමුව වෙරළ තීරය ඉතා අලංකාර ලෙස තානායමේ උඩුමහලට දිස් විය. යුවළ නවාතැන් ගත්තේ ද මුහුද හොඳින් පෙනෙන ඉහළ මහලයේ කාමරයක් තුළය. මීගමු වෙරළ තීරයේ අසිරිය තානායමේ සිට පමණක් විඳ ගැනීම අසීරු වූ රාජකීය යුවළ මුහුදු තීරයට ගොස් වෙරළ පාගමින් විනෝද වූහ.


පසුව 1954 වසරේදී මෙරට පැමිණි බි්‍රතාන්‍ය මහරැජිණ ද නවාතැන් ගැනීමට තෝරා ගත්තේ මීගමුව තානායම වූ අතර මෙම හෝටලය නවාතැන් ගැනීමට ඉතාමත් අලංකාර එකක් බව ආදිපාදවරයා සහ ආර්යාව මහරැජිනට සැලකර ඇති බවද කියැවේ. තානායමේ අලංකාර දැවමය තරප්පු පෙළ නැගීමෙන් පසුව පළමුව හමුවන අංක 07 දරණ කාමරයේ එළිසබත් මහරැජිණ නවාතැන් ගත් බව කියැවේ.

 

2

 


මීගමුව තානායමේ නවාතැන් ගන්නට පැමිණි රාජකීය අමුත්තන් පිළිබඳව විස්තර දැනගත හැක්කේ එහි තබා තිබූ අමුත්තන්ගේ සටහන් යෙදා ඇති පොත පරිශීලනය කිරීමෙනි. 1948 සිට 1964 දක්වා මීගමුව තානායමේ භාරකරු ලෙස ක්‍රියා කළ බී.ජේ.එම්. රොඩි්‍රගූ මහතා සතුව මෙම පොත තිබූ අතර එය දැන් තිබෙන්නේ රොඩි්‍රගූ මහතාගේ ඥාති පුත්‍රයකු වන නිමල් රොඩි්‍රගූ මහතා සතුවය.


එම පොතේ සටහන් කර ඇති තොරතුරු වලට අනුව නවසීලන්තයේ පීටර් ප්‍රේයර් මහතාත්, අගමැති ඩී.එස්. සේනානායක මහතාත් 1948 පෙබරවාරි 15 දින සටහන් තබා තිබේ. අමුත්තන් 96 දෙනකු සටහන් කර ඇති මෙම පොතේ 1950.09.15 දින සටහනක් යොදමින් එවකට පළාත් පාලන පිළිබඳ ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ලියා ඇත්තේ මෙම හෝටලය ලොව පළමු පෙළ හෝටලයක් බවය. මෙම තානායම පිළිබඳවත් එහි සත්කාර පිළිබඳවත් තමා ඉහළින්ම සතුටුවන බවත් බණ්ඩාරනායක මහතා සටහන් කර තිබේ. හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතා 1954 දෙසැම්බර් 31 දින සටහනක් යොදමින් කියා ඇත්තේ තමා එදින හොඳ විනෝදකාමී දවසක් ගත කළ බවයි. සර් ඔලිවර් ගුණතිලක මහතා 1955 නොවැම්බර් 12 දින ද, එවකට පොලිස්පතිවරයා වු ඔස්මන්ඞ් සිල්වා මහතා 1956 අගෝස්තු 23 දිනත් සමරු සටහන් යොදමින් කියා ඇත්තේ මීගමුව තානායම රටට ඇති අගනා සම්පතක් බවය.


මෙරට ආණ්ඩුකාරවරයා ලෙස සෝල්බරි සාමි මීගමුව තානායමේ එක් රැයක් ගතකිරීමෙන් පසුව 1954 පෙබරවාරි 02 දින සමරු පොතෙහි සටහන් කර ඇත්තේ තවත් වරක් මෙහි එන්නට ලැබීම පිළිබඳව සතුටු වන බවය. මෙම තානායමේ ආහාර ගැනීමට හැකි වීම තමා ලද හොඳ අවස්ථාවක් බවද සෝල්බරි සාමිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.


අගමැති සර් ජෝන් කොතලාවල මහතා 1953 ජූනි 12 දින සටහනක් යොදමින් පවසා තිබෙන්නේ ඉතාම හොඳ නවාතැනක සිට ඉතාම හොඳ ආහාර පාන ලබා ගැනීමට හැකි වූ බවය. එහි ගත කළ තමාට කිසිම වරදක් හෝ අඩුපාඩුවක් හෝ සොයාගන්නට නොහැකි වූ බවද සර් ජෝන් මහතා අමුත්තන්ගේ පොතට ඇතුළත් කර තිබිණි.


නේපාලයේ රජු සහ බිසව 1957 මාර්තු 20 දින තානායමේ නැවතී සිටි අතර ඔවුන්ද ඉතාමත් සතුටට පත්ව අමුත්තන්ගේ පොතෙහි දිගු විස්තරයක් සටහන් කර ඇත. ප්‍රීතිජනක පැය කිහිපයක් එහි ගත කළ බවද රජු සහ බිසව වෙනවෙනම සඳහන් කර තිබිණි. 1962 නොවැම්බර් 30 දින අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අමුත්තන්ගේ පොතෙහි සටහනක් යොදා ඇති අතර 1953 ඔක්තෝබර් 18 දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා දෙවන වරටද මෙහි සටහන් තබා තිබේ.30_RASA_P_5


ඔස්ටි්‍රයාවේ රජකුමරු 1956 ඔක්තෝබර් 21 දිනත්, අමාත්‍ය සී.පී. ද සිල්වා, මහානාම සමරවීර, කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන යන මහත්වරුන් කණ්ඩායමක් ලෙස විනෝදවීමට මීගමුවට ගිය අවස්ථාවේ මෙම අමුත්තන්ගේ පොතෙහි සටහන් තබා තිබෙනු දක්නට ලැබෙයි. ඔවුහූ මීගමුව තානායම මෙන්ම එහි සේවක මණ්ඩලයද නොමඳ පැසසුමට ලක් කර තිබුණි. මීට අමතරව වරාය ඇමති එස්. නඬේසන්, සර් ඇල්බට් එෆ්. පීරිස්, මුදල් ඇමති ස්ටැන්ලි සොයිසා, කම්කරු නායක ඊ.ඒ. ගුණසිංහ, පී.බී.ජී. කළුගල්ල, මෛත්‍රීපාල සේනානායක, පීටර් කෙනමන්, ජයවීර කුරුප්පු, ටී.බී. ඉලංගරත්න, ටී.බී. සුබසිංහ යන ඇමතිවරු මුහුදේ දිය නා විනෝද වීම සඳහා මීගමුව තානායමට ගොස් එහි ආහාර සමග නවාතැන් ගැනීමෙන් අනතුරුව වෙන් වෙන් වශයෙන් සටහන් තබා ඇත්තාහ.


ගුණපාල මලලසේකර, රොබට් සේනානායක, දෙහිවල සත්ත්ව උද්‍යානයේ නිර්මාතෘ මේජර් වයිමන්, ඇමරිකානු තානාපති (1957) මැක්ස්වල් ග්ලක්, ඉංගීසි ආණ්ඩුකාරවයකු වූ ස්ටැන්ලි ගවනර් යන අයගේ ද සටහන් මීගමුව තානායම් අමුත්තන්ගේ පොතෙහි සඳහන්ය. ආර්.ජී. සේනානායක, ඊ.ඒ. නුගවෙල, ඊ.එල්. සේනානායක, රිචඞ් අලුවිහාරේ මැති ඇමතිවරුන්ගේත්, තවත් දෙස් විදෙස් බොහෝ ප්‍රභූන්ගේ සටහන්ද මීගමුව තානායම වෙනුවෙන් ලියැවී තිබේ.
1950 දශකයේදී මීගමුව තානායම පිළිබඳව විස්තර ඇතුළත් කරමින් නීතිවේදියකු වන මැකෙන්සි පෙරේරා මහතා ලියා ඇති -අපේ කාලයේ ප්‍රභූවරු” නමැති ඉංග්‍රීසි භාෂාවෙන් රචිත පොතෙහි මීගමුව තානායම පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත්ය. ශ්‍රී ලංකාව ලෝක සිතියමට එක් කරන්නට පවා මීගමුව තානායම ඉවහල් වූ බවද එම ග්‍රන්ථයේ සඳහන්ය. 


මීගමුව තානායම රටේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද කොතරම් ප්‍රසිද්ධ වූවාද කිවහොත් කොළඹ නගරයේ පිහිටි උසස් හෝටලවලට වඩා ඉල්ලුමක් තිබිණි. එහෙත් තානායම තුළ තිබුණේ කාමර 23ක් පමණි. විශේෂයෙන්ම තානායම සතුව අශ්වයෝ සිටියහ. ප්‍රභූවරුන් කළේ අශ්වයන් මත ගොස් මීගමුව වෙරළ තීරයේ සුන්දරත්වය විඳගැනීමය. අශ්වයන් ගාල් කර තබන ලද ඉස්තාලයද අදත් තානායම ඉදිරිපසින් දක්නට ඇත.

30-Rasa-p05-7
කෙසේ වෙතත්, බි්‍රතාන්‍ය මහරැජිණගේ සිට ලොව රටවල නායකයන්ට රජවරුන්ට නවාතැන් සැපයූ මීගමුව තානායමට අද අත්ව ඇති ඉරණම ඉතාමත්ම කනගාටුදායකය. මෙරට සුන්දරම වෙරළ තීරය වූ මීගමුවේ මී පුර වෙරළ තීරය අද මෙරට ඇති දුර්ගන්ධයෙන් යුතු හා අපිරිසිදුම වෙරළ බවට පත්ව ඇත්තේ මීගමුව පාලනය කළ හා පාලනය කරන දේශපාලකයින්ගේ ක්‍රියාකලාපය අනුවය.


තම දේශපාලන හෙංචයියන්ට කරවල වේළන්නටත් අනවසර නිවාස හා වෙළඳසැල් ඉදි කරගන්නටත් පසුගිය කාලයේදී දේශපාලකයෝ මුහුදු වෙරළ ලබාදුන්හ. ඒ තමාගේ ඡන්ද ගොඩ ගැන සිතාය. 


අධික ලෙස දුර්ගන්ධය පැතුරුණු මීගමුව තානායම අසලටවත් යන්නට දේශීය සංචාරකයකු හෝ කැමැති නැත. වැරදීමකින් හෝ තානායම අසලට හෝ වෙරළ තීරයට ගිය අයකුට සිදුවන්නේ නහය වසාගෙන වෙනතකට ගොස් වමනය කිරීම පමණි.


වර්තමානයේදී නාගරික සංවර්ධන අධිකාරිය සතු මීගමුව තානායම වාර්ෂික බදු පදනම මත පුද්ගලික අංශයට පවරා දී තිබේ. වත්මන් පාලකයා වන විජිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ තානායමට එන්නට දේශීය හා විදේශීය සංචාරකයන් ආසාවෙන් සිටියද අසල වෙරළ තීරයේ කරවල වේළීම හා මාළු අපද්‍රව්‍ය දැමීම නිසා ඇතිවන අධික දුර්ගන්ධය නිසා කිසිදු සංචාරකයකු එන්නට අකමැති බවය.


තම පුද්ගලික මුදල් යොදා තානායම හා අවට සංවර්ධනය කිරීමට තමා සූදානම් වූවත්, අදාළ ගැටලුව නිසා එය කළ නොහැකි බවද විජිත ප්‍රනාන්දු මහතා කීවේය.

m



අදහස් (0)

මීගමු තානායමේදී මහ රැජිණට පොකිරිස්සන් එක්ක කෑම වේලක්

චන්ද්‍ර වීරසිංහ Tuesday, 02 August 2016 11:22 PM

සංජය, කරුණාකර ඔයා හොංකොං වල කොන්වෙලාම ඉන්න. ඔයා ඉගෙනගත්තේ ලංකාවේ සල්ලි දීලද? ඔයා බෙහෙත් ගත්තේ සල්ලි දීලද? ඔයාගේ නෑදෑ පරපුර ඒවා කළේ සල්ලි දීලද? සාක්කුවට කීයක්හරි වැටුනම ලෝකය ජය ගත්තා කියලා හිතන්න එපා. (නි)

:       1       0

පහන් Friday, 05 August 2016 12:55 PM

සුද්දෝ එන්න කලින් තමයි අපි සිගිරි ගල මුදුනට නල මගින් වතුර ගෙනිච්චේ .යෝධ අැල සැතපුමට අගලක් වෙන්න බැවුම තිබ්බේ .වැව් මහා කල නිර්මාණ කලේ .රේල් පාර හැදුවයි කියල්ල සුද්දට වදින්න ඕනේ නැහැ .කඩුගන්නවෙන් පහලට හබරණ කැලේ අලි අපු පාරට කැප්ටන් ඩෝසන් තාර දැම්ම .අපෙන් හොරකම් කරගෙන ගිය දේවල් අපහු දෙන්න කියන්න .සීගිරියේ සෝපානයේ තිබුණු වස්තුව කොච්චරක් ද ?බෙල් මහත්තය ඒවා හොරකම් කලා.ජපානේ /කොරියාව ඊශ්‍රායලය එහෙම දියුණු උනේ සුද්දෝ හින්දද ? (අ)

:       2       0

රසික Monday, 08 August 2016 10:42 AM

පහන් මහත්තය කියන්නෙ ඉතා ඈත අතීතයේ තිබිල නැතිවෙලා ගිය දේවල් ගැනයි. පුළුවන්නම් කියන්න පුළුවන්ද සුද්දො මේ රට අල්ලගන්න ආසන්න කාලෙදි අපේ රටේ තිබුණු දියුණුව ගැනත් විස්තරයක්...(බ)

:       1       0

අජිත් Sunday, 07 August 2016 01:13 PM

හොද ලිපියක්.(හේ)

:       0       1

සුපුන් Wednesday, 03 August 2016 01:59 AM

චන්ද්‍ර වීරසිංහ මහතාණෙනි, සංජය මහතාගේ අදහසේ අන්තර්ගතය ගැන ගැඹුරින් සිතාබලන්න. රටේ නිමක් නැති ප්‍රශ්න, දේශපාලන නොමනාකම්, ගැසිලි, පරිසර විනාශය, අල්ලස්, මැරවැඩ ආදී අනේක ප්‍රශ්න වලට පිළිතුරක් පෙනෙන මානේ නැත. නිදහස නොලැබුණා නම් අපි මිටවඩා ඉදිරියෙන් නොවේද (නි)

:       0       1

පාල Wednesday, 03 August 2016 02:08 AM

චන්ද්‍ර වීරසිංහ, නිදහස ලැබුනා කියලා අපට වුණ සෙතක් නැත. මකන කෑල්ල පවා පිටින් ගෙනවිත් නිවහල් ජාතියක් ගැන කියමින් මහා බත් පිඟානක් ගිලදමා සුද්දන්ට තවත් බැන බැන පුරාජේරු වැයීමට වඩා සුද්දන් යටතේ හෝ පෞඪව ඉඳීම වටින්නේ නැද්ද? (නි)

:       0       0

සෝමේ Friday, 05 August 2016 08:15 PM

සුද්දෝ නාවා නම් තාමත් අපේ රටේ කුල භේදය තිබෙනවා (නි)

:       0       0

සංජය Tuesday, 02 August 2016 02:07 PM

අපරාදේ නිදහස හම්බුනේ. නැත්නම් හොංකොං වගේ රටක් වෙන්න තිබුණා අපිටත් හොර බොරු නැති නිදහස ලැබිලා දැන් මොනවද ලැබුණේ (බ)

:       0       0

පරණ ව්තාණ Wednesday, 03 August 2016 03:11 AM

චන්ද්‍ර වීරසිංහ මහත්මයෝ.. සක්කුවලට සල්ලි නිකම් වැටෙන්නෙ නැහැ. හුගක් මහන්සි වෙන්න ඕන. වෙන රටකට ගිහිල්ල එහෙන් සල්ලි ලංකාවට එවන එකත් ලෝකය ජයගත්ත වගෙ තමයි. ලංකාවෙන් ඉගෙන ගෙන ලංකවෙන් බෙහෙත් එහෙම අරගෙන දෑන් කියන්න බලන්න ලංකාවට මොනවද කරල තියෙන්නෙ කියලා. (ර)

:       0       0

සුදී Thursday, 04 August 2016 04:13 PM

ඔය චන්ද්‍ර වීරසිංහ කියල ප්‍රතිචාර දක්වන්නේ කාන්තාවක්.ගැහැණුන්ගේ මොලේ හැඳි මිටේ දිගයි කියනවානේ ඔය කෙනා කටුස්සා පාට මාරු කරනවා වාගෙයි.වගකීමෙන් මා මෙය කියන්නේ.(රේ)

:       0       0

පෙරේරා Wednesday, 03 August 2016 03:16 AM

පාල.. ඔයගෙ කතාව හරියටම හරි... මමත් කරන්න පුලුවන් හෑම දෙයක්ම කරා.. ඒත් ගොඩ දාගන්න බෑරිවුනා.. මිනිස්සු කම්මැලි. කුහකයි.. හරියට ඊර්ශ්‍යයි (බ)

:       0       0

සුදන්ත Wednesday, 03 August 2016 03:24 AM

අපි ඔය ලංකාව අත ඈරල දැම්මේ ඔකේ ඉන්න පන්ඩිත මෝඩ මිනිස්සු එක්ක කිසි දෙයක් කරන්න බැරි නිසා. ජාතීන් 3ක් එක දිගට වෙන ජාතීන් විසින් අල්ල ගත්ත ආසියාවෙ තියෙන එකම රට ඕක. හැබැයි මෝඩ පුරාජෙරුවනම් ඉහටත් උඩින්. (බ)

:       0       0

චතුරි Tuesday, 02 August 2016 02:42 PM

පුදුමයි මේ ගොඩනැගිල්ල ඉතිරිවුණ එක. පසුගිය ආණ්ඩුව කාලේ රටේ වටිනා සම්පත් අත් පත් කර ගත්තා කරවල වේලපු නිසා හොඳට. ගියා (බ)

:       0       0

රොහාන් Thursday, 04 August 2016 09:28 AM

අප කුඩාකල මෙම තානායම අවට ඉතාමත් විශාල රමණිය වෙරල තිරයක් සහ පාරක් තිබුණා දැන් එ්පාර නැහැ මුහුදට සෝදාගෙනේ ගිහින් කොටුව පිට්ටනියේ සිට මුහුදට සැහෙන දුරක් වැල්ලේ අැවිදගෙන යන්න ඕනේ දැන් කෝ ඒවා (බ)

:       0       0

සමන් Wednesday, 03 August 2016 03:32 AM

මිනිස්සු දුක් විදින කාලේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1513 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 255 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 900 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 79 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 228 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38887 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site