IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මීගමු වෙරළේ කප්පම් කාරයෝ

MIGAMU-WERALA-06

MIGAMU-WERALA-02

මීගමුව යනු ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රධාන නගරයකි. මුහුදට මායිම් පිහිටි මීගමුව වෙත විවිධ කටයුතු සඳහා දිනකට ඇදී එන පිරිස විශාලය. ඒ අතර මාළු මිලදී ගැනීමට එන්නෝ සහ මීගමු වෙරෙළේ සුන්දරත්වය විඳීමට එන්නෝ ද වෙති.

සුන්දර මීගමුව අසුන්දර වන වැඩ ගැන ද විටින් විට  ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. මේ ඒ ගැන කළ සොයා බැලීමකි.

පෙම්සුව විඳින්නට මීගමු මුහුදු තීරණයට එන්නෝ බොහෝය. ඒ අතර ටියුෂන් යන ළමයින් මෙන්ම ඇඟළුම් කම්හල්වල සේවය කරණ තරුණ තරුණයෝ ද බොහෝය. මීගමු වෙරළට පෙම්සුව විඳින්නට යන්නන් කෙතරම් අපහසුතාවන්ට මුහුණ දෙන්නේද යන්න දන්නේ ඔවුහුම පමණි. දැන් කියන්නට යන්නේ ඉන් කතා කිහිපයක් පමණි.

පෙම්වතුන්ගෙන් කප්පම් ගන්නෝ මීගමුවේ  ඕනෑ තරම්ය. රුපියල් දහයේ සිට පන්සියය, දහස දක්වා ඔවුහු කප්පම් කති. වෙරළේ කොහේ හෝ තැනකට ගොස් කුඩයක් යට හෝ බෝට්ටු කඳක් උඩ හෝ පඳුරක් අසළ මුමුණමින් සිටින යුවළක් අසලට යන කප්පම් කරුවෝ ඔවුහු බිය කරති. මුදල් අල්ලති. කර කියා ගැනීමට දෙයක් නැති තැන ඉල්ලන ගණන නැතත් තියෙන ගණනක් දීමට ඔවුනට සිදු වේ. ඇතැම් විට මුදල් නොදී සිටීමට උත්සාහ කරන යුවළක් ඇතොත් පිහියක් පෙන්වා බිය ගන්වන්නට ද කප්පම්කරුවෝ පසුබට නොවෙති.

 

MIGAMU-WERALA-04

පෙම්වතිය සමඟ මීගමු වෙරළට ගිය අවස්ථාවක මුහුණ දීමට වූ අත්දැකීමක් විස්තර කළේ උඩුගම්පොළ තරුණයෙකි.

.මීගමු වෙරළට අපි ගියේ වැරදි දේකට නෙමෙයි. කතා කරන්න ගියේ. අපි අනිත් අය වගේ වැරැදි විදියට හිටියෙත් නැහැ. එතැන ගොඩක් අය ගැවසෙන තැනක්. අපි සිමින්ති බැම්මක වාඩි වෙලයි හිටියේ. ටික වෙලාවකින් දෙන්නෙක් ආවා. ඇවිත් අපි ඉස්සරට හිට ගත්තා. එයාලා වයස අවුරුදු 20----x25 අතර වගේ කට්ටිය.

උඹලට ලව් කරන්න නෙමෙයි මෙතන තියෙන්නේ කියලා රුපියල් දෙසීයක් ඉල්ලූවා. මං කිව්වා සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ ගනින් පර්ස් එක කිව්වා. මං කිව්වා පර්ස් එක ගන්න දෙයක් නැහැ අපි ගාව සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ එක්කෙනෙක් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. එතකොට මගේ ගැනු ළමයා හොඳටම බය වුණා. එය ළඟ සල්ලි තිබිලා එයා රුපියල් දෙසීයක් දෙන්න හැදුවා. මං ඒක නැවැත්තුවා. ඒත් එයාලා ඒක ඇදල අරගත්තා. ඉන් පස්සේ වචනයක්වත් කිව්වේ නැහැ. යන්න ගියා. මගේ ගෑනු ළමයා ඉන් පස්සේ ඒ පැත්තට යන්න බෑ කියනවා. එයා හොඳට බය වෙලා..

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල රඹුටං විකුණන වෙළෙන්දාගෙනුත් රුපියල් සියයක කප්පමක් ගන්නා මීට සති දෙකකට පමණ පෙර ද මාධ්‍ය වාර්තා පළ විය. මීගමුව ද ඊට දෙවැනි නැත. පෙර සඳහන් කළාක් මෙන් අත්දැකීම් ඇති කිහිප දෙනකුගෙන්ම කප්පම් ගන්නා පුද්ගලයන් ගැන විමසූ විට හෙළි වනුයේ එකම පිරිසක් මෙය සිදු කරනා බවයි. ඔවුන් කාගේ කවුද යන්න මේ ලිපිය අවසන් වන විට හොඳ හැටි පැහැදිලි වනු ඇත.

මේ තවත් තරුණයකුගේ අත්දැකීමකි. ඔහු ද ගම්පහට නුදුරු පෙදෙසක උසස් පෙළ කරන පාසල් සිසුවෙකි.  ඔහු ටියුෂන් පන්ති නොයා පෙම්වතිය සමග පෙම් සුව විඳින්නට ගොස් ඇත්තේ මීගමුවටය.

.මීගමුවේ තියෙනවා ගොඩක් අය යන වෙරළක්. ඒකට කියන්නේ බ‍්‍රවුන්ස් බීච් කියලා. අපි එතනට නෙමේ ගියේ. අපි ගියේ වෙන තැනකට. පඳුරක් ළඟ තමයි අපි හිටියේ. ටික වෙලාවක් ඉන්දි දෙන්නෙක් ආවා. ඇවිත් අනවශ්‍ය විහිළු කළා. මගේ ගෑනු ළමයගේ අතින් ඇල්ලූවා. එයා  අත ගසා දැම්මා. ඒ එක්කම අර අතින් අල්ලපු කෙනාගේ අතින් මං අල්ල ගත්තා. අනිත් කෙනා ළඟ පිහියක් තිබිලා ඇදලා ගත්තා. එයා කිව්වා නටන්න හදන්න එපා කියලා. මගෙන් රුපියල් පන්සීයක් ඉල්ලූවා. නැත්නම් කෙල්ලව  ඕන කිව්වා.

මෙතනට ඇවිත් එක එක ඒවා කරනවා කියලා කට්ටිව ගෙන්නන්න පුළුවන් කිව්වා. නැත්නම් කෙල්ලට මොනවා හරි කරන්න පුළුවන් කිව්වා. ඒ දෙකෙන් එකක් නොකරන්න නම් රුපියල් 500ක් ඉල්ලූවා. අපිට කර ගන්න දෙයක් නැතිව ගියා. මං ගාව තිබුණේ රුපියල් තුන්සිය පනහයි. ගෙදර යන්නත් එක්ක තිබුණේ එච්චරයි. ගෑනු ළමයා ගාව දෙසීයක් තිබුණා. එයාගෙන් සීයකුයි මගෙන් දෙසීයකුයි අරගෙන රුපියල් තුන්සීයක් දුන්නා. ඉන් පස්සේ සද්ධයක්වත් නැතුව ගියා. අපි එතැනින් ආවා..

MIGAMU-WERALA-05

මීගමු වෙරළට ගිය පෙම්වතුන් බොහෝ දෙනකුට මෙවැනි අත්දැකීම්  ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. ඒ පෙම්වතුන්ගෙන් කප්පම් කන කතා වයි. පෙම්වතුන් බිය කර පෙම්වතියනට අතවර කරන කතා ද  ඕනෑ තරම්ය. නමුත් බොහෝ දෙනෙක් එවැනි සිද්ධිය කියන්නට මැලිකමක් දක්වති.

වෙරලේ පෙම්වතියන් සමග යන වැඩි මනක් තරුණයන් එහි යන්නේ ගෙවල්වලට හොරෙනි. ටියුෂන් යන මුවාවෙන් හෝ වෙනත් දෙයකට යන මුවාවෙන් යන ඔවුහු වෙරළේ සිටියදී යම් සිද්ධියකට මුහුණ දුන් විට පොලිසියට හෝ වෙනත් අයකුට කියන්නට මැලි වන්නේ තමන් ගිය හොර ගමන ගැන හෙළි වන නිසාය. ඒ බව දත් කම්පම්කරුවෝ සහ කාමාතුරයෝ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට බියක් නොදක්වති.

මුහුදු වෙරළේ සිටින මානසික අසහක කාරයන් ගැන මෙවැනි කතා ද නිරන්තරයෙන් අසන්නට ලැබේ.

.ගොඩක් වෙලාවට සමහර පෙම්වතුන් මිනිස්සු නිතර ගැවසෙන්නේ නැති තැන්වලට යනවා. ඒ වගේ තැන්වලදි තමයි ගොඩක් ගැටලූ වෙන්නේ. එක එක මානසික ලෙඞ්ඩු මේ පැතිවල ඉන්නවා. මීගමු වෙරළේ හැන්දෑවට ගිහින් පැත්තකට වෙලා හෙරෙන් බලා හිටියොත් දකින්න පුළුවන්වෙයි මේ මානසික ලෙඞ්ඩුන්. සමරු ඉන්නවා ජෝඩු දිහා බලාගෙන විවිධ වින්දනයන් ලබන අය. තවත් සමහරු කොහොම හරි වීඩියෝ කර ගන්න හදනවා. තවත් අය පෙම්වතුන් මොනවා හෝ කරද්දි මැද්දට පැනලා අමුතු සතුටක් ලබනවා. මේවගේ දේවල්  ඕනෑ තරම් තියෙනවා..

කප්පම්කරුවන්ට හා කාමාතුරයන්ට ලැබෙන දේශපාලන රැුකවරණ ගැන කතා ද මීගමුවේ ඇත.

.මේ කප්පම්කාරයන් මෙහෙයවන්නේ සමහර දේශපාලනඥයන්ගේ හිතවතුන්. එයාලටත් ගාණක් යනවා. එකම සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඒක හොඳින් බලන්න පුළුවන්. .

මීගමු වෙරළේ ඡුායාරූප ගනිමින් ඇවිද යන සුදු ජාතිකයකු කීවේ මෙවැනි කතාවකි.

.මම ඡායාරූප ශිල්පියෙක්. ලංකාවේ මිනිස්සු ගොඩන් මිත‍්‍රශීලී. මං මේ වෙරළට කිහිප වරක් ඇවිත් තියෙනවා. ඉතා සුළු පිරිසක් ඉන්නවා මුදල් ඉල්ලන. ඔවුන් ළඟට ඇවිත් මිත‍්‍රශීලීව කතා කරලා සල්ලි ඉල්ලනවා. තවත් සමහරු අපි ළඟ තියෙන කැමරා වගේ ආම්පන්න උදුරගන්න හදනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් තමයි ඉන්නේ..

මීගමුවේ කප්පම්කරුවෝ විදේශිකයන් බිය ගන්වා මුදල් පැහැර ගනිති. ඔවුන්ගේ ආම්පන්න පැහැර ගනිති. විශේෂත්වය වන්නේ පෙර සඳහන් කළ පරිදි එකම පිරිසක් මේවා සිදු කිරීමයි. වෙරළට එන්නන් දෙස ඔවුන් ඇස ගසා සිටින්නේ උකුස්සන් මෙනි.

කප්පමට අමතරව කප්පමට සාධාරණත්වයක් ආරෝපනය කරමින් කරන මුදල් ගැරීම් ද  ඕනෑ තරම්ය. ඒ විවිධ අය දම්මවා ටිකට් අලෙවි කරවීමයි. විවිධ හේතු දක්වමින් මුද්‍රණය කළ ටිකට්පත් බලහත්කාරයෙන් ඇෙඟ් ගසමින් මුදල් එකතු කරනු බොහෝ විට දකින්නට ලැබේ. ඔවුන් වැඩිපුරම යන්නේ පෙම්වතුන් අසළටය. එසේ නැතිනම් විදේශිකයන් අසළටය.

දේශපාලන හයියෙන් වෙළඳාම් කරන කළු කඩ මුදලාලිලා නිසා ද සුන්දරත්වය විඳින්න යන්නෝ අපහසුතාවට පත් වෙති. ඇතැම් තැන්වල ආහාර පාන විකුණන්නේ එකට එකක් මිල වැඩි කරය. ඒ මුදලින් කොටස් යන්නේ කප්පම්කාරයන්ට බව කවුරුත් දන්නා රහසකි. බොහෝ කඩවල ඇති ප‍්‍රමිතිය ගැනද ගැටලූවකි. නමුත් මෙතෙක් කිසිවකු ඒවා පරීක්ෂා කළ බවක් නම් අසා නැත. කපුටන් වසන කෑම බීම නැවත වරක් වෙරළට පැමිණෙන්නන්ට විකුණති.  විටෙක රුපියල් දහයට විකුණන වඩයක් තවත් විටක එතැනින්ම රුපියල් 20ට හෝ 25ට විකුණති.
 

MIGAMU-WERALA-01

මුලින් මිල ඇසූ විට රුපියල් 10යැයි කියන වඩයක් එවැනි 10ක් පමණ මිලදී ගත්විට එකට එකක් මිල වැඩිය.  වෙළන්දන් සමග තර්ක විතර්ක කිරීම භයානක නිසා කියන ගාන ගෙවා කරබාගෙන යාම මිස වෙරළට එන්නන්ට වෙන කර කියා ගත දෙයක් නැත.

මේ එක පැත්තක් පමණි. ඊළඟට දිග හැරෙන්නේ තවත් පැතිකඩකි.

කප්පම්කරුවන් මෙන්ම තවත් හම්බ කරන පිරිසක් ඇත. ඒ ගණිකා ඇසුර පතා එන්නන් සඳහා කාමර කුලියට දෙන්නෝය. .කාමර. යැයි කීවත් බොහෝ ඒ ඒසී සහිත හොඳ ඇඳන් මෙට්ට සහිත ඒවා නොවේ. වැඩිමනක් ඇත්තේ ළෑලි වලින් ඇටවූ කාමරය.

පන්ති මග හැර වෙරළට එන තරුණ දරුවනට මෙන්ම ගණිකා පහස පතා එන්නන්ටද මේ කාමර විවෘතය. ඒ සඳහා අය කරන මිල ගණන්ද බොහෝ වෙනස්ය.

බොහෝ විට පාසල් යන වයසේ උදවියට කාමරයක් දෙන්නේ රුපියල් 300 සිට 700 දක්වා මිල ගණන් වලටය. ඇතුළු වෙද්දී මුදල ගෙවා ඇතුළු විය යුතුය. ඒ ගැන ප‍්‍රදේශවාසියකු විස්තර කළේ මෙසේය.

.පොඩි පොඩි ලෑලි කාමර තියෙන තැන් තමයි වැඩිපුර තියෙන්නේ. අනිත් තැනුත් තියෙනවා. වැඩියෙන් තියෙන්නේ මේවා. පොලිසියෙන් එහෙම වැඩිය එන්නේ නෑ. සමහර පොලිසියේ අය මේ ගැන දන්නවා. දේශපාලනය හරි මුදල් හරි නිසා එයාලා එන්නේ නෑ. පන්ති  කට් කරලා එන ළමයි මේවට යන්නේ.

ඒ කාමරවල කිසිම පහසුකමක් නැහැ. රුපියල් තුන් හාර සීයට කාමර ගන්නවා. සමහර තැන් තියෙනවා කාමර දෙක තුනක් තියෙනවා. ඒවා වෙන් වෙන්නේ පොඩි ලෑල්ලකින් විතරයි. ඇතුළට කට්ටිය ගිහාම එළියට වෙලා ඔත්තු බලනවා අයිති කාරයෝ. මෙයලා දවසකට රුපියල් පන් හය දාහක් හොයනවා. සෙනසුරාදා ඉරිදා දවස්වලට තමයි වැඩි.

අනිත් එක මේ හරියට ගාමන්ඞ් යන සමහර ළමයින්ව දාලා තියෙනවා. අර කප්පම් ගන්න අයම තමයි එයාලාව හැන්ඞ්ල් කරන්නේ. කවරු හරි ගනුදෙනුකාරයෙක් ආවහම එයාලා යන්නෙත් අර කාමරයකටම තමයි. කාමරයේ බිල ගෙවන්නේ පිරිමියා. එයා ගෑනිගේ ගාස්තුවත් ගෙවන්න  ඕනෑ. මේවා ප‍්‍රසිද්ධ රහස්. පන්ති යන පිරිමි ළමයිනුත් එනවා ගෑනු හොයාගෙන..

මීගමුගේ විවිධ ජාවාරම් අතර මෙයද එක් ජාවාරමකි.  මීගමුවේ හොඳ හැටි හම්බ කරන ත‍්‍රීරෝද රියදුරන් පිරිසක් ද වෙති. තරුණ ජෝඩු කාමරවලට ප‍්‍රවාහනය කරන්නේ ඔවුහුය. බොහෝ විට නියමිත ගාස්තුවට වඩා දෙගුණයක් පමණ ගාණ කියා ගාණ කඩා ගනිති. ඔවුන් අබියස පෙම්වතුන් අසරණය.
ගණිකාවන් ලබා දෙන ත‍්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනකු ගැන ද ප‍්‍රදේශවාසීහු කිහිප දෙනෙක් කරුණු කීහ. ඔවුන් කියනුයේ ගනුදෙනුකරුවන් පැමිණි විට ගණිකාවන් සම්බන්ධ කර ගාණක් කඩා ගන්නා බවයි. වැඩි දෙනකු කියනුවේ මේ ජාවාරම්කරුවන් සමඟ දේශපාලනඥයන්ගේ ගෝලයන් සිටින බවයි.
වෙරළ ආශ‍්‍රිතව සිදුවන කුඩු හා ගංජා ජාවාරම ද ජයටම කෙරී ගෙන යයි. රටේ කොහේ කුඩු හිඟයක් ආවත් මීගමුවේ කුඩු මිල දී ගත හැකි තැන් ඇතැයි බොහෝ දෙනකු කියති. මීගමුවේ රවුමක් යද්දී එය සත්‍ය බව කියන කතා  ඕනෑ තරම් අසන්නට ලැබෙයි. නගරයේ කඩ වලින් කප්පම් ගත් සිද්ධි ද  ඕනෑ තරම්ය.

MIGAMU-WERALA-03
මේ සියලූ දේ පිටුපස එක්තරා දේශපාලනඥයකුගේ ඥාතියකු සිටින බව මීගමුවේ බොහෝ දෙනෙක් දනිති.

මීගමුවේ කුඩු, ගංජා ජාවාරම සහ කඩ වලින් කප්පම් ගන්නා ආකාරය ලබන සතියේ.

 

KALINA_futer_01



අදහස් (0)

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

ප්‍රියන්ත Thursday, 07 August 2014 03:44 PM

මේ කතාව සම්පුර්ණ ඇත්ත නමුත් කුරුත් කතකරන්න යන්නෑ හේතුව මේ කාගේ කවුද කියල හැමෝම දන්නවා (අ)

:       0       0

හසන්ති Saturday, 09 August 2014 07:43 AM

මේ වගේ වසංගත ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)

:       0       0

කමල් Wednesday, 06 August 2014 11:52 AM

මේවා අපේ පොලීසිය දැනගෙන ඉඳලා නැහැ. හොඳ වෙලාවට පත්තරේට දැම්මේ. දැන්නම් ඉතින් ඔක්කොම හරියයි. මොකද දැන් පොලීසිය දැනුවත්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 11 August 2014 05:12 AM

හැමෝම අහන්නේ මීගමුවේ පොලසිය මොකද කරන්නේ කියලා. පොලිසිය මේවා දැක්කත් නොදක්කා වාගේ ඉන්නවා හේතුව මේවා පිටිපස්සේ කව්ද ඉන්නේ කියල පොලිසියත් දන්නවා. පොලිසියේ අයත් ජීවිතේට ආදරේ කරනවා රස්සාවට ආදරේ කරනවා තමන්ගේ දරු පවුල කරන රස්සාවට ආදරේ කරනවා. එ්ක නිසා දැක්කම අපට මොකෝ කියල ඉන්නවා (නදී)

:       0       0

ප්‍රශීන් Saturday, 09 August 2014 10:02 AM

සිවිල් ඇදුමෙන් ගිහින් පොලිසියට පුළුවන් නේද මේවා අල්ලගන්න? (දී)

:       0       0

හසිත් Tuesday, 12 August 2014 11:35 AM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

ටෙරාන් Thursday, 07 August 2014 08:38 PM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

චන්දි Thursday, 07 August 2014 09:10 PM

මීගමුවේ පොලිසිය මොකද කරන්නේ? (නි)

:       0       0

හරිදු Tuesday, 12 August 2014 05:42 AM

මේ වගේ දේවල් හෙළිකළාට ස්තූතියි‍‍‍. නියම වැඩක්‍. (නි)

:       0       0

සුනිල් Saturday, 09 August 2014 12:50 PM

මේවා ඔක්කොම මෙහෙයවන්නේ කවුද කියල මීගමුවෙ කට්ටිය දන්නවා.(අ)

:       0       0

ෂෙහාන් Tuesday, 12 August 2014 06:01 AM

මේ කතා හැම එකක්ම ඇත්ත. මමත් මීගමුවේ. මේ වගේ මානසික අසහනකාරයින් වෙනුවෙන් පියවරක් ගන්න ඕනෑ. පොලිසිය වග කියන්න ඕනෑ මේවාට (නි)

:       0       0

චතුර Saturday, 04 October 2014 12:21 PM

මේ වගේ අයට හොඳක් වෙන්න එපා (නදී)

:       0       0

ශීලා Friday, 08 August 2014 10:35 AM

මට පුදුමාකාර සනීපයක් සතුටක් දැනුනා ලංකාව දමල ගහල චුත වෙන්ට ලැබුන එක ගැන.(නදී)

:       0       0

හසුන් Tuesday, 12 August 2014 03:13 PM

වෙන රටක ලොක්කෝ වැරදි වැඩ කරපු ගමන් පොලිසියට පුළුවන් ඒ කෙනාව අත්අඩංගුවට ගන්න.එත් ලංකාවේ එක වෙනවද නැද්ද කියන එක ගැටලුවක්.(අ)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 August 2014 07:32 AM

රටේ හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් මොකද මේ වෙන්නේ (දිල්)

:       0       0

හේරත් Tuesday, 12 August 2014 07:34 AM

බයවෙන්න එපා. ළඟදීම මේ දේට පියවරක් ගනියි (නි)

:       0       0

දමිත් තරංග Tuesday, 12 August 2014 07:50 AM

ඔවුන්ගේ දරුවන් පොලිස් ආරක්ෂාව යටතේ කම්සැප විඳියි. බදු ගෙවන ජනතාවගේ දරුවෝ මෙලෙස අසරණ වෙති. (නදී)

:       0       0

ඉසුුරු Tuesday, 12 August 2014 07:53 AM

අපි මේ වගේ දූෂිත දේවල් දිහා බලාගෙන ඉදල විතරක් මදි. පොලිසිය පියවරක් ගන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාව මේ වෙනුවෙන් කතා කරන්න ඕනා. අද පාරක යන්න බැරි තරමට ලංකාව දූෂණය වෙලා ඉවරයි. මේ වගේ දේවල් ඉස්සරහට සිද්ධවෙන්න දෙන්නත් නරකයි. අපේම ජනතාව නේද මේ. සල්ලි පස්සේ යන අයට ජීවිතයක් නෑ. (නදී)

:       0       0

රසාධරි Monday, 11 August 2014 09:37 AM

මීගමුවේ විතරක් නෙවෙයි , ගල්කිස්ස බීච් එකෙත් එහෙමයි. පිහියක් පෙන්නලා සල්ලි ගන්නවා (දී).

:       0       0

මීගමු සම්පත් Wednesday, 06 August 2014 05:59 PM

ලෝකය හමුවේ අපට යම් තැනක් තිබේ නම් එය විනාශ කරන්නේ මේ වගේ අය තමා. මොනවා වුණත් හොඳ උත්සාහයක්. අතහරින්න එපා මොවුන් ගැන හොයන එක (නි)

:       0       0

රන්ජිත් Wednesday, 06 August 2014 07:35 PM

මේවා ඔක්කොම කරන්නේ එකම කට්ටියක් (නි)

:       0       0

සුනිල් Tuesday, 12 August 2014 05:27 PM

මීගමුවේ, ගල්කිස්සේ විතරක් නොව, ලංකාවේ පෙම්වතුන් ගැවසෙන අනෙකුත් බොහෝ තැන් වල මේක වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 705 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site