IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මගුල්දා නෑනා පැහැරගෙන ගිය නරුම මස්සිනා

SLMA 03

දුහුල් ඇඳුමින් සැරසී සිටි මනාලිය පැහැරගෙන යටියන්තොට හරහා වරාවල හන්දියට පැමිණ නැවතත් අගුරුවැල්ලටද පැමිණ ගල්පාත මාර්ගය ඔස්සේ මනාලියගේ නැන්දා කෙනෙකුට අයත් නිවෙසකට ගෙන ගොස් බලහත්කාරයෙන් රැයක් ඇය දූෂණයකර ඇති බව පොලිසිය කියයි.

dh

 

පතිනිය මනාලියකවී ජය සක්හඬ මංගල අස්ඨක හඬ මැද්දේ පෝරු මස්ථකාරූඪවී දෑතැගිලි පටලවා ගැමිකුල සිරිතට යුග දිවියට පිවිස නෑසියන් හිතවතුන් ගේ නොමද ආශිර්වාදය ඇතිව මධු සමය ගත කිරීමට පිය මනින්නේ මොන තරම් සුන්දර බලාපොරොත්තු හද ගැබ තුළ පුරවාගෙනද?


අතිනත ගත් සිය පෙම්බරාගේ උණුසුම පහස ලබමින් ඔවුනොවුන්ට වෙන්වූ රස ලොවක මිහිරියාව විඳීම නව යුවලගේ එකම අපේක්ෂාවයි.


යුවතිපති දෙදෙනාගේ ජීවිතයේ අතිශය සුන්දරතම දිනය මධු සමය ගතකරන මුල්ම රාති‍්‍රය වන්නේය.


නමුත් ජීවිතයේ එක්වරක් පමණක් විඳීමට ලැබෙන ඒ සුන්දර මිහිරියාව රසය කිසියම් හෝ හේතුවක් කාරණයක් නිසා අහිමිව යන්නේ නම් යුවතිපතින්ට එයින් ඇතිවන වේදනාව මේ යැයි කියා නිමකළ නොහැකිවනු ඇත.


මනාලිය සමග මධු සමය ගත කරන්න හෝටලයට ගිය මුල්ම දවසේ සල්ලාලයකු ඇය පැහැරගෙන ගොස් ලිංගික අතවර කළහොත් ඇතිවන වේදනාව කෙසේනම් ඉවසා සිටින්නද?


ඒ වේදනාව කොතෙක්ද යන්න කියා කීමට දන්නේ එවැනි තත්ත්වයකට පත්වූ යුවතිපතීන් දෙදෙනාට පමණි.


සමහරවිට හද පැලී මිය යන්නට තරම් ඒ වේදනාව හේතුවිය හැකිය.


ජීවිතයේ සුන්දරම දවස මනාලිය සමග ගත කිරීමට නොලැබුණහොත් ඒ සුන්දරත්වය සදාකාලික කඳුළක් බවට පත්කළ යුවතිපතින් දෙදෙනෙකුගේ සෝබර කතාව අවසානයේ කෙළවර වූයේ ඒ සල්ලාල වැඬේ කළ පුද්ගලයාට වසර 9 ක කාලයක් සිර ගෙදර තැපීමට සිදුවීමෙන් පසුවය.


එපමණක් නොව මනාලියට වන්දි ගෙවීමටද  ඒ  සල්ලාලයාට සිදුවිය.


ජීවිතයේ සුන්දරම දිනයේ සිදුවූ අසුන්දරම සිද්ධියකට මුහුණපෑ මනාල යුවළකගේ කතාව මෙසේ පෙළගස්වන්නෙමු.


සර් මම අද කසාද බැන්දේ. මධු සමය ගත කරන්න මනාලියත් එක්ක කහටගස්තැන්නේ සංචාරක හෝටලයකට ගියා. හෝටලයේ අංක 1 කාමරයේ අපි දෙන්නා ඉද්දි මනාලියගේ මස්සිනා ඇවිත් අපි දෙදෙනාව ති‍්‍රවිල් එකක දමාගෙන ගිහින් අතරමගදි මාව බස්සවා මනාලිය අරගෙන ගියා. අනේ එයාට මොනයම් කරදරයක් කරයිද කියා දන්නේ නැහැ.


රුවන්වැල්ල පොලිසියට මහ ? දුව ආ තරුණයෙක් එහි සිටින නිලධාරීන්ට කිව්වේ දෑසේ කඳුළු පුරවාගෙනය.


මේ පැමිණිල්ල මනාලයා විසින් පොලිසියට කළේ මීට වසර 13කට පමණ කලින්ය. ඒ කියන්නේ 2002 ජනවාරි මාසයේ 30 වැනිදාය.


රුවන්වැල්ල පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලබා දැන් කන්තලේ ප‍්‍රදේශයේ රාජකාරි කරන රොහාන් පේ‍්‍රමරත්න මහතාය.


රොහාන් පේ‍්‍රමරත්න මහතා වහාම කි‍්‍රයත්මක විය. මධු සමය ගත කිරීමට ගොස් සිටියදී පැහැරගෙන ගිය මනාලිය හා ඇය පැහැරගත් මස්සිනා සෙවීමට පොලිස් කණ්ඩායමක් සමග සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ.


පැහැරගෙන ගිය මනාලිය සොයාගත් නමුත් මනාලියගේ මස්සිනා විසින් ඇය දූෂණය කර තිබූ අතර පසුව මස්සිනාද පොලිස් අත්අඩංගුවට පත්විය.


සිය පතිවත සල්ලාලයෙකුට පුද කිරීමට සිදුවීමේ වේදනාව ඉවසාගත නොහැකිව ඇය ඉකිගසා හඬන්නට වූවාය.


මනාලයා සිය මනාලියගේ දුක තුනී කිරීමට උත්සාහ කරමින් සිටියේය.


පොලිසිය මනාලියගෙන් ප‍්‍රශ්න කළේ සිද්ධ වෙච්චදේ දැන ගැනීමටය.


මම මෙයාව කසාද බැන්දේ මගේ මව්පියන්ගේ යෝජනාවකටයි. ඒ අනුව අපි දෙන්නා නීත්‍යානුකූලව කසා බැන්දා. ඊට පස්සේ අපි දෙන්නා මධු සමය ගත කරන්න කහටගස්තැන්න ප‍්‍රදේශයේ තියන සංචාරක හෝටලයකට ගියා. හෝටලයේ පළමුවැනි කාමරයේ අපි දෙන්න රෑ ඉද්දී දොරට ගහන ශබ්දයක් ඇසුනා. සැමියා දොර ඇරලා බැලූවාම අමුත්තෙක් හමුවීමට පැමිණ සිටින බව හෝටල් සේවකයා අපට දැනුම් දුන්නා. ඔහු මගේ අක්කා බැඳලා ඉන්න මහත්තයා කියා දැන ගත් නිසා එන්න කියා පැවසුවා යැයි මනාලිය පැවසුවාය.


මනමාලිය තවදුරටත් තමන් මුහුණදුන් අවාසනාවන්ත සිද්ධිය ගැන පොලිස් නිලධාරීන් සමග විස්තර කරමින් මෙසේද පවසා ඇති බව දැන ගැනීමට ඇත.
ඇයි හදිසියේ අපව සොයාගෙන ආවේ කියා ඇසුවා. මස්සිනා කිව්වා ඔයාගේ නංගිටයි දරුවන්ටයි එයාගේ මහත්තයා හොඳටම ගහලා නංගිට හොඳටම අමාරුයි කියා. කරවනැල්ල ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා ඉන්නේ කියා අපි දෙන්නටම ඉස්පිරිතාලෙට යන්න එන්න කියා කතා කළා. දැන් එන්න බැහැ  හෙට උදේට එන්නම් කියා කිව්වා. නැහැ ඔයාගේ නංගිට හොඳටම අමාරුයි. ඒ හින්දයි මම දැන්ම ආවේ කියා. ඒ නිසා මමයි සැමියයි නංගිව බලන්න යන්න තීරණය කළා. මම ඒ වෙලාවේ දුහුල් නයිටියක් ඇඳගෙන හිටියේ. එයට උඩින් හවුස් කෝට් එක ඇඳගත්තා. පසුව මස්සිනා පැමිණ සිටි ත‍්‍රිරෝද රථයට නැග්ගා.


කරවනැල්ල රෝහලට යමින් සිටියදී ති‍්‍රරෝද රථය නතර කරන්න කියා මස්සිනා රියදුරාට කිව්වා. හෝටලයක් ළඟයි ත‍්‍රිවිල් එක නතර කළේ. ඉස්පිරිතාලයේ ඉන්න නංගිට කන්න දෙන්න ආප්ප අරන් එන්න කියා මස්සිනා සැමියාට පැවසුවා. සැමියා ති‍්‍රවිල් එකෙන් බැහැලා ආප්ප ගේන්න හෝටලයකට ගියා. එතකොට ති‍්‍රවිල් එකේ රියදුරාට මස්සිනා කිව්වා අපි යමු කියා. මස්සිනා මාව පැහැරගෙන යන බව තේරුම් ගියා. ඒ නිසා මාව බේරාගන්න කියා කෑ ගැසුවා.
දුහුල් ඇඳුමින් සැරසී සිටි මනාලිය පැහැරගෙන යටියන්තොට හරහා වරාවල හන්දියට පැමිණ නැවතත් අගුරුවැල්ලටද පැමිණ ගල්පාත මාර්ගය ඔස්සේ මනාලියගේ නැන්දා කෙනෙකුට අයත් නිවෙසකට ගෙන ගොස් බලහත්කාරයෙන් රැයක් ඇය රෑෂණයකර ඇති බව පොලිසිය කියයි.


පොලිසිය පවසන ආකාරයට විවාහයට සතියකට දෙකකට පමණ කලින් මධු සමය ගත කිරීමට යාමට හෝටලයක් බැලීමට යාමට මනාලයා හා මනාලිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සමග සැකකාර මස්සිනාද ගොස් ඇත.


මනමාලයා පොලිසියට ප‍්‍රකාශයක් කරමින් පවසා ඇතැයි කියන්නේ මෙවැනි කතාවකි.


මධු සමය ගත කරන්න අපි දෙන්නා හෝටලයට ආවා. බිරියගේ නංගිට හොඳටම අමාරුයි කියා එයාගේ මස්සිනා කිව්ව නිසයි අපි රෝහලට යන්න පිටත්වුණේ. මේ ගමන යන්න බිරියගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පසුව යන්න තීරණය කළා. ආප්ප ගන්න  ඕනෑ කිව්ව නිසා මම ති‍්‍රවිල් එකෙන් බැහැලා ගියා. බිරියගේ මස්සිනා කරන්නේ බොරුවක් බව නිකමටවත් හිතුනේ නැහැ. මෙහෙම දෙයක් කරයි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. ආප්ප අරන් ඇවිත් බලද්දී ති‍්‍රවිල් එක නතර කරපු තැන තිබුණේ නැහැ. ති‍්‍රවිල් එකේ අංකය මට හොඳට මතක තිබුණා. ඒ හින්දා මම වෙනත් ති‍්‍රවිල් එකක නැගලා අර ති‍්‍රවිල් එක හොයාගෙන ගියා. යටියන්තොට පොලිස් මාර්ග බාධකයේ ඉන්න නිලධාරීන්ගෙන් එහි අංකය කියා ති‍්‍රවිල් එකක් ගියා දැක්කද කියා ඇසුවා. ඔවුන් එවැනි ති‍්‍රවිල් එකක් දැක්කේ නැහැ කියා පැවසුවා. බිරිය හා මස්සිනා ගිය ති‍්‍රවිල් එක ආගිය අතක් සොයා ගැනීමට නොහැකිවුණ නිසා මම මේ ගැන රුවන්වැල්ල පොලිසියට ගොස් පැමිණිලි කළා.


රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික නඩු විභාගයක් පැවැත්වීමෙන් පසු සැකකරුට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කිරීමෙන් පසු කෑගල්ල මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනිණි.


කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා සැකකරුට මනාලිය පැහැරගෙන යාමේ වරදට වසර දෙකක්ද දූෂණය කිරීමේ වරදට වසර 7 සිර දඬුවමක්ද නියමකර එය එක්වර ගෙවීයන ලෙසටද කි‍්‍රයාත්මක කිරීමටද නියෝග කරනු ලැබීය.


අගතියට පත් පැමිණිලිකාර මනමාලියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද රුපියල් 7,500 ක දඩ මුදලක් ගෙවීමටද මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා නියෝග කළේය.


වන්දි මුදල නොගෙවන්නේ නම් මාස හයක (06) සිර දඬුවමක්ද දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අතිරේක මාස 6ක සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කර ඇත.


නඩු තීන්දුව ලබාදුන්නේ මෙම සිද්ධියට වසර 13ක පමණ කාලයකට පසුවය.


චූදිත විත්තිකරු අධිකරණයේදී කියා සිටියේ පැමිණිලිකාර මනාලියගේ කැමැත්ත මත තමා මෙවැනි දෙයක් කිරීමට පෙළඹුන බවය.


රුවන්වැල්ල පොලිසියේ එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්‍ෂක නිමල් පොලිස් සැරයන් ජයරත්න (30769), සැරයන් සුනිල් (46640) යන මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් දමයන්ති (2121) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත.


විත්තිය වෙනුවෙන් නීතිඥ හරිත සේනානායක මහතාද පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ජයකි වෑගොඩපොල මහත්මියද පෙනී සිටියහ.

m

 



අදහස් (0)

මගුල්දා නෑනා පැහැරගෙන ගිය නරුම මස්සිනා

එ්ශාන් Wednesday, 17 June 2015 04:03 AM

පාරා, අපිට පාඨකයන් විදියට අදහස් ලියන්න පුළුවන් මෙතන පල උන විස්තර අනුව විතරයි. ඒ විස්තර වලින් කියවෙන දේවල් අනුව තමන්ට හිතෙන දේ තමයි මේ කට්ටිය ලියල තියෙන්නේ. මේ ලියවිලා තියන විස්තර අනුව පැහැරගෙන යාමේදී මනමාලිය අහල පහල අයට ඇහෙන්න කෑගැසුවේ නැද්ද කියන එක මටත් හිතෙනවා. (නදී)

:       0       0

සුසිරි Wednesday, 17 June 2015 04:07 AM

අම්මෝ මේක අහල මාව සීතල වුනා. අපේ නෝනාගේ නංගි බඳින්නේ මේ මාසේ අන්තිමට. ජෝඩුව හෝටලේට ඇරලවන වැඩේ භාර දුන්නේ මට. අදම මම නැන්දම්මට කියනවා මට මගුල් ගෙදර වෙන වගකීමක් භාර දෙන්න කියලා. ඔය හනිමුන් හෝටල් අස්සේ ජෝඩු ඇරලවන්න කියල හරි ගිහින් නැති කුණු ගොඩවල් වැටෙන්න ඉඩ තිබෙනවා. (නදී)

:       0       0

රුක්ෂාන් Wednesday, 17 June 2015 12:19 PM

ජෙමා, 119 නැහැ කියමුකෝ. එතකොට මේ බවලතියට 2001 දී කටක් තිබිලා නැද්ද මහ පාරේ බලෙන් අරගෙන යනකොට පාරේ යන අයට ඇහෙන්න කෑගහන්න (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 17 June 2015 04:12 AM

මේ චෝදනාව ඔප්පු කරන්න හේතු වූ සාක්කි මොනවාදැයි මාධ්‍යයට දුන්නා නම් වටිනවා. එහෙම නැතිව අසම්පුර්ණ කතාවක් නිසා තමයි මේ ඕනෑම කෙනෙකුට මේක අසාමාන්‍ය සිදුවීමක් ලෙස හැඟෙන්නේ. විශේෂයෙන් මග තොට මිනිස්සුන්ගෙන් වසන් කරගෙන, මේ පැහැර ගැනීමට විරෝධය පාන මනමාලිය ත්‍රි විල් එකකින් පැහැරගෙන ගියේ කොහොමද යන්න හෙළි කරන්න (බ)

:       0       0

ෂේන් Tuesday, 07 July 2015 12:33 PM

එම මනාල යුවලට ඇති වූ කම්පනය හා මානසික වැටීම ඔවැනි සුළු දඩුවමක් දීමෙන් නිම කල හැකිද. මොහුට අරාබි නීතියෙන් දඩුවම් දුන්න නම් හැමෝටම හොද පාඩමක් වනු ඇත. (ර)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 16 June 2015 09:48 AM

අසාමාන්‍ය කතාවක්. මේ පුද්ගලයාට මෙහෙම් කරන්න තිබුන උවමනාව කුමක්ද..? ඇරත් මගුල් දවසෙම. හෙළි නොවූ රහසක් තිබෙන හැඩයි. (ර)

:       0       0

ගාර්ධි Friday, 19 June 2015 06:59 AM

මනමාලයා ගැන හිතාගන්න පුළුවන්. එ්කට අපි.(නදී)

:       0       0

ජෙමා Wednesday, 17 June 2015 08:34 AM

බිමල්, 2001 කොහෙද හලෝ 119? (ස)

:       0       0

ලෙස්ලි ජයවර්ධණ Wednesday, 17 June 2015 01:56 AM

මෙයාට දඩුවම් දෙන්න අවුරුදු 13ක් පොල් ගෑවද ? (නදී)

:       0       0

චතු Tuesday, 16 June 2015 01:23 PM

නුවර එළියේ වසන්ත , මොකද්ද දන්නවද රහස වනචර කම, ඊරිසියාව සහ මෝඩකම (බ)

:       0       0

බිමල් Wednesday, 17 June 2015 02:25 AM

මේක අසාමාන්‍ය තත්වයක්. පැහැරගෙන යනකොට මනාලිය කෑගැසුවේ නැත්තේ ඇයි? අරන් ගිය නැන්දාගේ ගෙදර කවුරුවත් හිටියේ නැද්ද? කවුරුවත් නිවැසියන් හිටියේ නැත්නම් එහි ඇතුළුවෙන්න මස්සිනාට යතුරු ලැබුනේ කොහොමද? මෙතන මාධ්‍යයට නොදුන් සැඟවුණ තොරතුරු තිබෙන හැඩයි. කණගාටුයි. මෙහි මනාලිය ගැන වැරදි වැටහීමක් ඇතිවීමට පවා ඉඩ තිබෙනවා. ඒ මොකද ඇගේ සහයක් නැතුව මේ දේවල් සිදුවෙන්න බැහැ. බෙරිහන් දී කෑගැසුවා නම් මඟතොට ඉන්න මිනිස්සු හරි 119 ට කතා කරලා කියාවි (නි)

:       0       0

කිරන් Thursday, 18 June 2015 02:08 AM

අසාමාන්‍ය කතාවක්. දෙපැත්තටම 50% ගානෙ දාලා හිතන්න පුළුවන්. (නි)

:       0       0

ඉන්දික Tuesday, 16 June 2015 01:51 PM

කරුණාකරලා මේ ගැන යළිත් පරීක්ෂණයක් කළා නම් තමා හොඳ. මෙතන මොකක්දෝ සැඟවුණු රහසක් තිබෙනවා වරදකරු මස්සිනා සහ මනමාලි අතර. (නි)

:       0       0

පාරා Wednesday, 17 June 2015 03:07 AM

මෙතන දාල තියෙන විස්තරේ විතරක් කියවල සමහරු විකාර අදහස් ලියලා. ඔයාල හිතනවද මෙතන සිදු වුනු සියල්ල, එකක් නෑර සටහන් වෙලා ඇති කියලා. අවරුදු 13ක් තිස්සේ විභාග කරලා තීන්දුව දීලා තියෙන්නේ. ඔයාලට නම් මේක කියවන්න විනාඩි 5ක් වත් ගිහින් නැතුව ඇති. එයාල දැන් ඔක්කොම අමතක කරලා දරුවෝ එක්ක හොඳින් ඉන්නවා ඇති. විකාර අදහස් දාලා ආයේ ප්‍රශ්න ඇති කරන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 252 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 321 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 182 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 8629 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 193 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1319 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 820 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 379 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 535 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site