IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මීගලෑවේ පැහැරගත් දරුවා සොයාගත්තේ මෙහෙමයි

09-page16-S2-1

ගල්ගමුව-මීගලෑව ගිරිතලන කටුගම්පලගම නිවසක පදිංචිව සිටි දිනිදු යශේන් නමැති සුරතලා පැහැරගෙන ගිය කප්පම් කල්ලිය අල්ලා ගැනීම සඳහා රහස් පොලිසිය නූතන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්තේ ඒ මගින් කල්ලියේ අයෙක් ගැන හෝ යම් හෝඩුවාවක් ලබා ගැනීමටය.
දරුවා පැහැරගත් කල්ලිය රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී තිබුණත් දුරකතන අංක රහස් පොලිස් නිලධාරින් අතට පත් කිරීමට මුලින්ම යශේන්ගේ පියා, මව හා සීයා කැමැත්තක් දැක්වූයේම නැත.

රහස් පොලිස් නිලධාරින් ද යශේන්ගේ මව, පියා හා සීයා සමග කතාබස්කර කරුණු පහදාදීමෙන් පසු ජංගම දුරකතන අංක දෙකක් ලබා දී ඇත.
ඒ දරුවා මුදාහැරීම සඳහා කෝටියක කප්පමක් ඉල්ලා දරුවාගේ සීයා වන ආරියරත්න මුදලාලිට කතා කිරීමට යොදාගත් ජංගම දුරකතන අංක දෙකය.
මෙම අංක දෙක පෞද්ගලික ජංගම දුරකතන සමාගම් දෙකකට අයත් වූ ඒවා විය.

09-page16-S2-3ගල්ගමුව - මීගලෑව ප‍්‍රදේශයට ගොස් සිටි විශේෂ රහස් පොලිස් කණ්ඩායම් දෙක මේ ජංගම දුරකතන අංක දෙක රහස් පොලිස් මූලස්ථානය වෙත එවා තිබුණේ නූතන තාක්ෂණය යොදාගනිමින් ජංගම දුරකතන ජාල විශ්ලේෂණයක් කිරීමටය.

ඉමි අංකය ඔස්සේ කරන ලද තාක්ෂණික පරීක්ෂණයේ දී පෙනී ගියේ මීට පෙර සිම් පත් පහක් පමණ මෙම ඩුවෙල්සිම් ජංගම දුරකතනයට යොදා ඇති බවය.

මේවායින් කතා කර ඇති අයගේ වතගොත සොයා බැලීමේදී එක්තරා ජංගම දුරකතන සමාගමකින් නිකුත් කර ඇති සිම් එකකින් තවත් ජංගම දුරකතන සමාගමක් නිකුත් කරන සිම් එකකට කතා කර ඇති බව හෙළි වී තිබේ.

ඒ අංකය හිමි තැනැත්තාගේ නම හා ඔහු පදිංචිව සිටින ඉසව්ව කඩිනමින් සොයා ගැනීමට රහස් පොලිස් නිලධාරින්ට හැකි වී ඇත්තේ අදාළ දුරකතන සමාගමෙන් ලැබුණු උපරිම සහාය නිසාය.

මේ ජංගම දුරකතන අංකය හිමිකරුවා ගල්ගමුව ගුරුපොත ප‍්‍රදේශයේ පදිංචි සංජීව විජේකෝන් (21) නමැති තරුණයෙක් විය.

ජංගම දුරකතන සමාගම් දෙකක සහාය ඇතිව මේ කප්පම් කල්ලියේ අයකුගේ වතගොත හෙළි කර ගැනීමේ සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලැබුවේ රහස් පොලිසියේ පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය, සහකාර පොලිස් අධිකාරි කේ.පී.එල්. ගීතාල් සහ පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා යන මහත්වරුන් විසිනි.

රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්. රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ මේ සුවිශේෂී කටයුතු සිදුවිණි.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, වයඹ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් අලහකෝන්, සහකාර පොලිස් අධිකාරිවරුන් වන සමන් දිසානායක, උපුල් චන්දන අබේසිංහ, එච්.එම්.පී. හේරත් යන මහත්වරුන් ද මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.පී. ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් මහින්දගේ නිවසට ගොස් මුලින්ම පරීක්ෂණ පවත්වනු ලැබූහ.

රහස්් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් සමග මීගලෑව ප‍්‍රදේශය බලා පිටත්ව ගියේ පසුගිය 31 වැනිදාය.

රහස් පොලිසියේ සමූහ මංකොල්ලකෑම විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා, පොලිස් පරීක්ෂක විජේතුංග, උප පොලිස් පරීක්ෂකවරුන් වන පී.එච්.ඞී. උපාලි සහ එච්.ජී.බී. අමරවංශ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් ද දරුවා පැහැරගෙන යාමේ කල්ලිය අල්ලා ගැනීමේ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වූහ.

රහස් පොලිසියේ පොලිස් සැරයන් කේ.ඩබ්ලිව්. නිශාන්ත (31118), පොලිස් කොස්තාපල්වරුන් වන බී.ජී.කේ. කන්නංගර (35021), පී.ජී.සී. කුමාර (439), චින්තක (85006), එල්.ජේ.එච්.කේ. ජයසුන්දර (73358) සහ රියදුරු කොස්තාපල් සමරවීර (1705) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වූ අනෙක් නිලධාරිහූ වෙති.

රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා මීගලෑව බලා ගියේ මේ පරීක්ෂණ කටයුතු ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයවීම සඳහාය.

09-page16-S2-2මීගලෑව ප‍්‍රදේශයට ගොස් සිටි රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා, සංජීව විජේකෝන් ගැන තොරතුරු ලබාදුන් පසු රහස් පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්කර යවා ඇත්තේ ගල්ගමුව ගුරුතොට ප‍්‍රදේශයටය.
ගුරුතොට ප‍්‍රදේශයේ පිහිටි නිවස පසුගිය 1 වැනි දා රාත‍්‍රියේ වැටලූ රහස් පොලිස් කණ්ඩායම එම නිවසේ සිටි සංජීව විජේකෝන් නමැති තරුණයා අල්ලා ගෙන ඇත.

අත්අඩංගුවටගත් විජේකෝන්ගෙන් ප‍්‍රශ්න කර දරුවා සඟවා ගෙන සිටින ස්ථානය ගැන පමණක් නොව කප්පම් කල්ලියේ සෙසු තිදෙනා ගැන ද විස්තර රහස් පොලිස් කණ්ඩායම දැනගෙන තිබේ. ඉක්මනට කතා කරල කියපං කප්පම් සල්ලි ඔක්කොම ටික ලැබුණා. දරුවා රිලිස් කරන්න කියා. රහස් පොලිස් නිලධාරින් විජේකෝන්ට පැවසූවේය.

විජේකෝන් ඒ බව ඔහු අතේ තිබූ ජංගම දුරකතනයෙන් කතා කර කල්ලියේ සෙසු සගයන්ට දැනුම්දුන්නේ රහස් පොලිසියේ නියෝගයට අවනත වෙමිනි.
පුංචි පැටියෝ ඔන්න ඔය ගෙදර උඹේ අප්පච්චි ඉන්නවා. ගිහින් කතා කරන්න. පරිස්සමෙන් යන්න පුතේ. පුංචි යශේන්ව යතුරුපැදියෙන් බිමට බස්සවා කප්පම්කරුවන් පවසා ඇත.

පොඩි එකා අප්පච්චියේ අප්පච්චියේ කියමින් කප්පම්කරුවන් පෙන්වා ගිය ගෙදරට ගියේ කළුවරේය. ඒ පසුගිය සිකුරාදා රෑ 7.45ට පමණය.
දරුවා අතහැර දමාගොස් තිබුනේ ගල්ගමුව ඇඹෝගම ප‍්‍රදේශයේය.

ගෙදර උදවිය පැහැරගත් දරුවා හමු වූ බව දුරකතනයෙන් කතා කර පවසා ඇත්තේ ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රූපානන්ද මහතාටය.

දරුවා අතහැර පලා යමින් සිටි කප්පම් කල්ලියේ තිදෙනා රහස් පොලිස් කණ්ඩායම අල්ලා ගත්තේ ඔවුන් ගමන් කළ යතුරුපැදිය ද සමගය.

ගල්ගමුවේ අකරගල්ල පදිංචි මංජුල සඳකැළුම් (32), කුලියාපිටියේ පදිංචි චතුරංග සම්පත් (27) සහ දිනේෂ් ප‍්‍රියසාද් (23) නමැත්තෝ වෙති.
දරුවා පැහැරගෙන යාමේ මහ මොලකරු මංජුල සඳකැළුම් නමැත්තාය.

මාස 8ක පමණ දරුවෙක් ද සිටින මංජුල, චතුරංග, දිනේෂ් හා විජේකෝන් කාලයක සිට ගජ මිතුරෝය.
දිනේෂ් පින්තාරුකරුවෙක් වන අතර අනෙක් තිදෙනා කුලී වැඩ කර ජීවිකාව ගෙන යන අය වෙති.

මම හඳුනන කෙනෙක් ඉන්නවා. එයා මට දවසක් කිව්වා ආරි මුදලාලිගේ දෙවැනි දුව කසාද බඳින්න කැමතියි. පුළුවන් නම් ඒ ගෙදරට ගිහින් මගේ විවාහ යෝජනාව කරන්න කියා. මම ආරි මුදලාලි හම්බ වෙන්න ගිහින් මගේ මිතුරාගේ යෝජනාව ඉදිරිපත් කළා. ආරි මුදලාලි කිව්වා දුව ගුරුවරයකුට බන්දලා දෙන්න සේරම ලැහැස්ති කරලා තියෙන්නේ කියා. දෑවැද්දට කෝටියක් සල්ලි දෙන බවත් මට ඔහු කිව්වා. අන්න ඒ වෙලාවේ තමා මුදලාලිගේ දුවට දෑවැද්ද වශයෙන් දෙන්න යන කෝටියේ සල්ලි ගන්න විදිහක් කල්පනා කළේ යැයි සඳකැළුම් නමැති සැකකරු රහස් පොලිසියට පාපොච්චාරණය කරමින් පවසා ඇත.

සඳකැළුම් නමැත්තා මේ බව ඔහුගේ ගජ මිතුරන් තිදෙනාට පවසා ඔවුන් ද ඒ සඳහා එකඟකරගෙන මේ වැඬේ ප්ලෑන්කර ඇති බව රහස් පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

රහස් පොලිස් නිලධාරියෙක්
ඊට පස්සේ මොකද කළේ?
 

සැකකරුවෙක්
කුරුණෑගල නගරයට ගිහින් පේමන්ට් එකෙන් රුපියල් 100ට විතර තියෙන පිහි හතරක් මිලදී ගත්තා. ග්ලවුස් ගත්තා. ඊට පස්සෙ තමා වැඬේට බැස්සේ.
 

රහස් පොලිස් නිලධාරියෙක්
පොඩි එකා පැහැරගෙන තමුන්ලා කොහොමද අරන් ගියේ?


සැකකරු
මාසයකට රුපියල් 20,000ක කුලියට ගෙයක් ගත්තා. මේ ගෙදර කුලියට ගත්තේ මේ වැඬේටමයි. වී මෝලක සේවකයන් කට්ටියකට නවාතැන් දෙන්න කියා බොරුවක් කියා ගෙදර අයිතිකාරයන්ට කිව්වා.


රහස් පොලිස් නිලධාරියෙක්.
පැහැරගෙන ආපු ළමයාට කරදර හිරිහැර කළාද? කන්න බොන්න දුන්නාද?


සැකකරු
අනේ සර් පොඩි එකාට කිසි කරදරයක් හිරිහැරයක් කළේ නැහැ. හොඳට කන්න බොන්න දුන්නා. බත්, නූඞ්ල්ස් දුන්නා. පැකට්කරපු කිරි, ටොෆි, චොකලට් පවා අරගෙන ඇවිත් දුන්නා. ළමයාට වැඩිපුර කන්න දුන්නා. බලෙන් වගෙත් කෑම කවපු අවස්ථා තිබුණා. එහෙම වැඩිපුර කන්න දුන්නේ බඩ කට හොඳට පිරුණාම නින්ද යන නිසා. අපිත් එක්ක හිටිය දවස් ටිකේ ළමයා වැඩිපුරම හිටියේ නිදාගෙනයි.

අපි ළමයාට සෙල්ලම් බඩු පවා ගෙනත් දුන්නා. ළමයා ඒ සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කළා. අපි ළඟ ඉන්නකම් හැඬුවේ නැහැ. ගෙදර යන්න  ඕනෑ කිව්වෙත් නැහැ. අළුත් ඇඳුම් අරගෙන ඇවිත් දුන්නා. හැමදාම දවල්ට පොඩි එකාව නෑව්වා. මළපහ කළාම සෝදා පිරිසිදු කළා. ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්නා. මෙට්ටයක් බිමට දමා නිදාගන්න සැලැසුවා. අලූත් රෙදි ගෙනවිත් නිදාගත්තාම පෙරෙව්වා. මදුරුවෙක්වත් කන්න දුන්නේ නැහැ යැයි ද සැකකරුවන් හතර දෙනා රහස් පොලිස් නිලධාරින්ගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් පවසා ඇතැයි ද දැන ගැනීමට ඇත.

රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර සහ පොලිස් පරීක්ෂක ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා යන මහත්වරුන් ප‍්‍රධාන රහස් පොලිස් කණ්ඩායම තවදුරටත් මොවුන් තිදෙනාගෙන් ප‍්‍රශ්න කර තිබේ.

අලූත්ම අලූත් ඇඳුම් කට්ටල හතරක් අපි යශේන් බබාට අරන් දුන්නා. හැමදාම නාවලා පිරිසිදු කර ඒ ඇඳුම් අන්දවා අලූතෙන්ම මෙට්ටයක්, පෙරවීමට බෙඞ් ෂීට් එහෙමත් සල්ලිවලට ගත්තා. ඒ ගල්ගමුව නගරයේ රෙදි කඩයකින්.

මුල්ම දවසේ දී අප්පච්චි, අම්මා, සීයා  ඕනෑ කියා හැඬුවා. පස්සේ චූටි බබෝ ඔයා කන්න කැමති මොනවද  ඕනෑම එකක් අරන් දෙන්නම් කිය කියා අපි තුන් දෙනාම වටවෙලා හිස පිරිමැද්දා. පොඩි එකාට හොඳටම නින්ද ගියා. ඉල්ලන හැම දෙයක්ම ලැබුණු නිසා මුල් දවසේ විතරයි පොඞ්ඩක් හැඬුවේ. ඊට පස්සේ අපත් එක්ක හොඳට යාළු වුණා. පුතාගේ අප්පච්චියි, අම්මයි, සීයයි ගමනක් ගිහින් එනකම් අපි ළඟ තියාගන්න කියා කිව්වා කියා පොඩි එකාට කිව්වා. සමහර දාට රෑට නින්ද යනකම් පවන් ගැහැව්වා.

සැකකරුවන් තිදෙනා රහස් පොලිස් නිලධාරින්ට පාපොච්චාරණයක් කරමින් පවසා ඇති බව දැන ගැනීමට ඇත.
මාරුවෙන් මාරුවට එක් අයෙක් ළමයා බලා ගැනීමට සිටිය දී අනෙක් අය කුලී වැඩ වලට ගොස් ඇති අතර මේ ගැන පත්තර හා රූපවාහිනී වල කියැවෙන ප‍්‍රවෘත්ති බලමින් සෝදිසියෙන් සිට ඇති බව සැකකරුවන් රහස් පොලිස් නිලධාරින්ට පවසා ඇත.

මෙම සැකකරුවන් ලඟ තිබූ සිම් කාඞ් හතක් සොයාගත්තා. ඉන් එකක් පිටකොටුවේ නාටාමි කෙනෙක්ගේ නමට අරන් තියෙන්නේ. මෙවා මිල දී ගෙන තියෙන්නේ කුරුණෑගල ප‍්‍රදේශයේ අලෙවි නියෝජිතයකුගෙන්. මොහුට එරෙහිවත් අප නීතිය ක‍්‍රියාත්මක කරනවා යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් පැළඳි මුහුණු ආවරණ, අත්මේස්, තියුණු පිහි හතරක් හා යතුරුපැදි දෙකක් ද මොවුන්ගෙන් හෙළිකරගත් තොරතුරු මත සොයා ගත්තා යැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

සැකකරුවෝ තිදෙනාම රිමාන්ඞ් බාරයේ පසුවෙති.

 

1



අදහස් (0)

මීගලෑවේ පැහැරගත් දරුවා සොයාගත්තේ මෙහෙමයි

මිලාන් Friday, 15 August 2014 05:55 AM

අරාබියේ නීති මේ වගේ අයට දෙන්න ඕනා. හොරකම් කරොත් අත කපන්න. ගෑනු දූෂකයන්ව එල්ලලා මරන්න ඕනා. මේ වගේ දෙක තුනක් දඩුවම් දුන්නා නම් අනිත් අය නිකම්ම හැදේවි. (නදී)

:       0       0

ප්‍රිය Saturday, 16 August 2014 06:37 AM

අනේ කවදද ලංකාව ශ්‍රී ලංකාවක් කරන්නේ, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 45 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 38 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 17 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 43 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 23 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 540 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 573 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site