මහනුවර නගරය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවන විවිධ වංචනික ක්‍රියාවන් කොල්ලකෑම් හා පැහැරගෙන යාම් මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වන විට ඇතැම් වංචනිකයන් ඉතා කූඨ ලෙස තම ක්‍රියාදාමයන් වෙනස් කර ගනිමින්, ඉතාමත් සූක්ෂම අයුරින් විවිධ කොල්ලකෑම් සංවිධානාත්මකව සිදුකරගෙන යයි.
එවන් සූක්ෂම කොල්ලකෑමක නවතම තොරතුරු අනාවරණය කරගන්නට ගිනිගත්හේන සහ මහනුවර පොලිසිවලට හැකිවූයේ මහනුවරින් ආරම්භ වූ අලුත්ම කොල්ල කල්ලියක් විසින් සිදුකරන ලද නවතම ක්‍රමයේ කොල්ලකෑමක් සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් නිසාය.
මෙම අලුත් කොල්ල කල්ලියේ ගොදුරු බවට පත්ව සිටිනුයේ තරුණ වැන්දඹු කතුන් සහ විවාහ වීමේ නිසි වයස පසුකර සිටින තරුණියන්ය.
මෙම නවතම කොල්ල කල්ලිය තම කොල්ලකෑම් සඳහා යොදාගනු ලැබුවේ පුවත්පත්වල මංගල දැන්වීම් පිටුව බවට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
බොහෝ අහිංසක කාන්තාවන්, තරුණියන් මෙම කූඨ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන්නේ ඔවුන්වත් නොසිතනා ආකාරයටය. මෙම කල්ලියට කාන්තාවන්ගේ ද සහය ලැබීම තවත් පුදුම සහගත කාරණයක් වන්නේය.
සිය ජීවිතයට සහකරුවකු සොයා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන තරුණියන්, තරුණ කතුන් හා වැන්දඹුවන් කොටුකර ගැනීමට පුවත්පත් මංගල දැන්වීම් පළ කරන කල්ලිය ඔවුන්ගේ සහායට කාන්තාවක් හෝ තරුණියක් ද යොදා ගනී.
මෙම කල්ලියේ ප්‍රථම ගොදුර වූයේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණ වැන්දඹුවකි. ඇය මෙම කල්ලියේ ගොදුර බවට පත්වූයේ ලංකාවේ ජනප්‍රිය දෙමළ පුවත්පතක පළ කර තිබූ මංගල දැන්වීමක් හා එහි සඳහන් කර තිබූ ජංගම දුරකථන අංකය නිසාය.
තරුණ වැන්දඹුවක් වූ අනීතා නම් වූ මෙම කාන්තාව තම ජීවිතයේ හුදෙකලාව අවසන් කරගෙන තම දුකේදී හා සැපේදී තමා සමග ජීවන මගෙහි ගමන් කිරීමට සහෘදවත් සැමියකු සොයා ගැනීමේ අපේක්ෂාවෙන් නිතර පසුවූවාය. නිතර නිතර පුවත්පත්වල මංගල දැන්වීම් කෙරෙහි ද ඇය අවධානය යොමු කළාය.
ලංකාවේ ප්‍රසිද්ධ දමිළ පුවත්පතක මංගල යෝජනා පිටුවෙහි පළ කර තිබූ මංගල දැන්වීමකට ඇස යොමු කළ ඇය එහි සඳහන් කර තිබූ ජංගම දුරකථන අංකයට කථා කර මංගල දැන්වීම් පළ කළ අය පිළිබඳව විස්තර සොයා බැලුවාය.
ජංගම දුරකථනයෙන් පිළිතුරු ලැබිණි. පිළිතුරු දුන් පුද්ගලයා ඉතා ප්‍රේමාන්විත අන්දමට තමන්ට ඇමතූ කාන්තාවට පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර දුරකථන සංවාදය දින කීපයක් පැවතිණි.
අවසානයේ මහනුවර ප්‍රදේශයේ සිට දුරකථනයෙන් කල්මුණේ තරුණ කතට ඇමතූ පුද්ගලයා ඇයව විවාහ කර ගැනීමට කැමැත්ත පළකොට ඇය වෙත තම අදහස ඉදිරිපත් කර තිබේ.
තනිකඩ ජීවිතයක් ගෙවූ මෙම තරුණ කත දුරකථනයෙන් හාද වූ පුද්ගලයා සමග කථාබහ කොට ඔහුගේ ඇරියුම පරිදි කල්මුණේ සිට මහනුවරට ඒමට තීරණය කළාය.
රටේ වත්මන් සමාජ තත්ත්වය රටතොට සිදුවන විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන් පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ මෙම තරුණ කත තමා විවාහ කරගන්නට එකඟ වූ පුද්ගලයා පැවසූ සියල්ල විශ්වාස කළාය.
තමා හමුවීමට පැමිණෙන විට සියලු රන් ආභරණවලින් සැරසී නුවරට පැමිණෙන ලෙස ද එලෙස නුවරට පැමිණ තමන් සමග තම සොයුරියගේ නිවසට ගොස් සොයුරියගේ පවුලේ ඥාතීන් සමග ද කථාබහ කළ යුතු බව ද වංචනිකයා කල්මුණේ අනීතාට පවසා තිබේ.
තමන් සමග විවාහ වන පුද්ගලයා දැක බලා ගැනීමටත් ඔහුගේ පවුලේ ඥාතීන් හමුවීමටත් හිතේ තිබූ ආශාව නිසාම අනීතා නම් වූ මෙම අහිංසක කාන්තාව තමන් බසයෙන් නුවරට එන බව තමාට මංගල ඇරියුම කළ පුද්ගලයාට දුරකථනයෙන් දැනුම් දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා සියලු රන් ආභරණ ද රැගෙන ඇය කල්මුණෙන් මහනුවරට ඒම සඳහා බසයකට ගොඩ වී මහනුවර බලා පැමිණියාය.
මහනුවර නගරයට පැමිණ තමාට දුන් ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත් අනීතා තමා විවාහ කරගන්නා පුද්ගලයාට කථා කළාය. ඔහු ඇගේ ජංගම දුරකථනයට පිළිතුරු දී තමන් තම සොයුරිය ද සමග මහනුවර ගුඞ්ෂෙඞ් බස්රථ ගාලට ත්‍රිරෝද රියකින් පැමිණ සිටින බැව් දැනුම් දුන්නේය.
මහනුවරට පැමිණි කල්මුණේ තරුණ කාන්තාව ත්‍රිරෝද රියකින් තවත් තරුණ කතක් සමග පැමිණ සිටි පුද්ගලයා හඳුනාගෙන ඔහු සමග කථාබහක යෙදී ඔහුගේ නැගණිය ද සමග ඇගේ නිවසට යාම සඳහා ඔවුන් දෙදෙනා පැමිණි ත්‍රිරෝද රියට ගොඩවූවාය. මහනුවර ප්‍රදේශය පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් තමන්ගේ බස කථා කරන නිසාමත් තමන් විවාහ කරගන්නට එකඟ වූ පුද්ගලයා නිසාත් අනීතා ඔවුන් සමග කුළුපගවී ත්‍රිරෝද රියේ නැගී නුවර නගරයෙන් පිටව ගමන් කළාය.
ත්‍රිරෝද රියේ ගමන් කරන අතරමගදී එහි සිටි පුද්ගලයාත්, කාන්තාවත් ඇයට පහර දී තර්ජනය කර ඇය සතුව තිබූ සියලු රන් බඩු ඇගෙන් පැහැර ගනු ලැබීය. පහර පිට පහර වැදීමත් ගමනේදී ඇති වූ තෙහෙට්ටුවත් මරණ බියත් නිසාම අනීතා නම් වූ ඒ අහිංසක කාන්තාව ත්‍රිරෝද රිය තුළදීම සිහිසුන් වූවාය.
කොල්ලකරු සහ ඔහුගේ සහායිකාව සිහිසුන් වූ තරුණ කත ත්‍රිරෝද රියෙන් පිටතට ඇද දමා මහමග පාළු ස්ථානයට දමා ඇගේ රන් බඩු ද කොල්ලකා පැමිණි ත්‍රිරෝද රියෙන්ම පලාගොස් තිබිණි.
තමන්ට සිහි ලැබී වටපිට බලන විට ඇයට සිදුවී තිබෙන සියල්ල වැටහී ගියාය.
ආධාර ඉල්ලා හඬ නගන විට අවට මිනිසුන් කීපදෙනකු විසින් ඇය වත්තන් කරගෙන ඇගෙන් සියලු තොරතුරු විමසා ඇයව ප්‍රදේශයේ පොලිසියට යොමු කරනු ලැබීය. එම ප්‍රදේශය ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයට අයත්ව තිබිණි.
ගිනිගත්හේන පොලිසියේ නිලධාරීහු මෙම කාන්තාවගෙන් සියලු තොරතුරු ලබාගෙන ඇයව රෝහල් ගතකිරීමට පියවර ගත්හ.
නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබාගත් ඇය පොලිසියට තමන් මුහුණ දුන් සියලු තොරතුරු හෙළි කළාය. ඇගේ තොරතුරු අනුව ඇය කොල්ලකරුවන්ට හසුවී වාසනාවකට මෙන් සිය ජීවිතය බේරාගත් බව පොලිසිය ඇයට පැවැසීය.
රන්බඩු අහිමි වුව ද සිවපාලන් අනීතා නමැති මෙම තරුණ කාන්තාවට ජීවත්වීමට වරම් තිබූ නිසා ඇයගේ ජීවිතය බේරා ගත හැකි විය. කොල්ලකරුවන් පලා ගොසිනි. ඔවුන්ගේ නම් ගම් ඇය නොදනී, දුටුවොත් පමණක් ඔවුන් හඳුනාගත හැකි බව ඇය පොලිසියට පැවසුවාය.
අහිංසක තරුණ කතට සිදු වූ අකරතැබ්බයේ සියලු තොරතුරු ගිනිගත්හේන පොලිසිය මහනුවර පොලිස් මූලස්ථානයට යොමු කළේ ඇය වංචනික මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවූයේ මහනුවර නගරයේදී නිසාය.
ඉතා සංවිධානාත්මක මෙම කොල්ල කල්ලියට කාන්තාවක් ද සම්බන්ධ වූ බවට පොලිසියට තොරතුරු ලබාගත හැකිවූයේ ඔවුන්ගේ ගොදුරක් බවට පත්වූ කල්මුණේ කාන්තාවගෙන් ලබාගත් තොරතුරු නිසාය.
දෙමළ ජාතිකයන් වූ මෙම කොල්ලකරු සහ ඔහුට සහාය වූ කොල්ලකාරිය මහනුවර ප්‍රදේශයට හා ගිනිගත්හේන ප්‍රදේශයට මනා සබඳතාවයක් ඇති බවට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන මහනුවර පොලිස් මූලස්ථානයේ අපරාධ අංශය පවසයි.
බොහෝ කාන්තාවන් තරුණියන් වංචනිකයන්ගේ ප්‍රයෝගකාරී ක්‍රියාවන්ට තම දේපළ මෙන්ම වටිනා ජීවිත ද අහිමිකරගන්නා යුගයක මෙවැනි කපටීන්ට හසු නොවන්නැයි පොලිසිය ජනතාවගෙන් ද ඉල්ලීමක් කරයි.
මහනුවර නගරය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම අපූරු මංකොල්ල කල්ලියේ සහායිකාව වූ කාන්තාව ද මීට පෙරත් මෙවැනි කොල්ලකෑම්වලට සහාය දෙන තැනැත්තියක බව පොලිසිය සැක පහළ කරයි.
මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොළ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත දැනට මෙම මංකොල්ල කල්ලිය අල්ලා ගැනීම සඳහා මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පො.ප. නිපුණ දෙහිගම, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පො.ප. එස්.ඩී.ඒ. ෆාරුක් යන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මංගල දැන්වීමෙන් කාන්තාවන් කොල්ලකෑ කල්ලිය
නිරාන් Sunday, 12 June 2016 02:49 PM
මෙවැනි අපරාධ ගොඩක් වළක්වා ගන්න පුළුවන් පුවත්පත් දැන්වීම් දාන පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් කොපියක් පුවත්පත් ආයතන අනිවාර්ය කළානම් හරි (බ)
ඒ එචි ලිලාරත්න ද සිල්වා Monday, 07 January 2019 07:29 AM
මම වයස 53ක පිරිමි කෙනෙකි. වැන්දඹු අයෙකි. නිවසක් ඇති 45 ත් 50 ත් අතර කෙනෙක් සොයමි. බින්න බැහීම සඳහා වැන්දඹු කෙනෙක් නම් ඉතාහොඳයි.
Chandrasn Monday, 01 April 2019 06:26 AM
විවාහය