IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මංගල නම් වූ රාජ්‍යතාන්ත්‍රිකයා

 

මංගල සමරවීර නම් මානව හිතවාදියාගේ ජීවිතයෙන් යමක් ඉගෙනීමටත් ඔහුගේ මතවාද, ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් දියුණු ජාතියක් බවට පත්කරලීමට කෙසේ උපයෝගී කර ගන්නේද යන්න කල්පනා කර බැලීමටත් ඔහු දිවංගත වී තෙමසක් සපිරීම අනුස්මරණය කරන මේ මොහොත වඩාත් සුදුසුම අවස්ථාව වන්නේය. විදුලි සංදේශ සහ මූල්‍ය අංශයට ඔහු දැක්වූ දායකත්වය අනුස්මරණීය වුවද ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු ඉටුකළ කාර්ය භාරය ශ්‍රී ලංකාව සැබෑ ස්වාධීන සමෘද්ධිමත් ජාතියක් බවට පත්කරලීමට ඊටත් වඩා නව මංපෙත් හෙළි කරන්නක් විය. 

ජාතියක විදේශ ප්‍රතිපත්තිය එම ජාතියේ ඕනෑ එපාකම් මූලික වශයෙන් පිළිබිඹු කරන්නකි. එහෙත් එම කාලයේ අන්තර්ජාතික කටයුතුවලට අනුරූපව එහි යථාවත් ලෙස ගතික ස්වභාවයක් තිබිය යුතුය. මේ අර්ථයෙන් ගත් කල පුරාණයේ පටන් ශ්‍රී ලාංකීය නායකයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාව පෙරදිග මධ්‍යයේ පිහිටා  ඇති බව තේරුම් ගෙන අන්තර්ජාතික සබඳතා නමැති රළු මුහුදේ අති දක්ෂ ලෙස යාත්‍රා කරමින් වඩාත් සාර්ථක අයුරින් අසල්වැසියන් සමග ගනුදෙනු කළෝය.

මංගල සමරවීර ශ්‍රී ලංකාවේ සිටි එවැනි දේශපාලන නායකයෙකි. මගේ අදහසේ හැටියට ඔහු අන්තර්ජාතික කටයුතුවලට ප්‍රවේශ වූයේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් විශේෂයෙන් විදේශ ප්‍රතිපත්තියමත පිහිටා කළමනාකරණය කළ ආකාරය සහ සාර්ථක ලෙස පිරිස් මෙහෙයුම් කළ ආකාරය ඒ හා සමාන අයුරින් ප්‍රතිබිම්බනය කරමිනි. 

ශ්‍රී ලංකාවේ ඈත දකුණේ හැදී වැඩුණු ඔහු තරුණ වියේදීම අති සාර්ථක ලෙස ජාත්‍යන්තරයට නිරාවරණය වී හිඳ ඔහු විදේශ අමාත්‍ය ධුරය වැළඳ ගත්තේ දියේ ලූ මසකු මෙනි. 

රාජ්‍ය තාන්ත්‍රික ලක්ෂ්මන් කදිරගාමර් සේම වඩාත් අසීරු අවස්ථාවල තම ප්‍රතිවාදීන් ඉදිරියේ ඔහු සුහුරු ලෙස උත්සාහය අත්නොහරිමින් කටයුතු කළේය. ප්‍රතිවාදියා ඉදිරියේ කළහකාරී නොවූ ඔහු බුද්ධිමත්ව විහිලුවෙන් තහළුවෙන් කරුණාවෙන් හිතහොඳින් අවංකව හා සහේතුක ලෙස කරුණු විග්‍රහ කරමින් දෙදෙනාටම සමව ජයගත හැකි මගක් සොයා ගියේය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල පදිංචි ශ්‍රී ලාංකීය ප්‍රජාව බුක්තිවිඳින දේශපාලන ආභාසයන් එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට ඒවායේ බලපෑම ඇතිවන අයුරින් ඔහු මුළුමනින්ම වටහාගෙන උන්නේය. 

යථාවාදී තථාකාරී ලෙස ක්‍රියා කරමින් ජාත්‍යන්තරයේ ගෞරවයත්, පිළිගැනීමත් විශ්වාසවන්ත සංවාදකයකු ලෙස දිනාගත් ඔහු සාර්ථක ප්‍රතිඵල සහතික ලෙසම නෙළා ගත හැකි ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූයේය. 

අවාසනාවකට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයකු ලෙස ගත කළේ ඉතා කෙටි ධුර කාලයකි. එහි ප්‍රතිඵලය වූයේ අමාත්‍යාංශය තුළ සිය දැක්මත් ජයග්‍රහණක් දැඩියේ සංස්ථාපනය කොට ආයතනික පරිහානිය නවතාලිය හැකි තරම් දේශපාලන අවකාශයක් බුක්ති විඳින්නට ඔහුට ඉඩ නොලැබීමයි. 

මංගල සමරවීර නිතරම හොඳින් පොතපත කියවා සෑම දෙයක් ගැනම දැනුවත්ව සිටියේය. අන්තර්ජාතික කටයුතු පිළිබඳව මහාර්ඝ දැනුමක් ලබා තිබුණද ඔහු නිතරම ඒ පිළිබඳ විශේෂඥ දැනුවත් භාවයෙන් පදම් වූ අයගේ උපදෙස් හොඳින් පිළිගෙන ඔවුන්ගේ විශේෂ දැනුමත් අත්දැකීමත් භාවිතයට ගත්තේය. එසේම නිසි වෙලාවට නිසි උපාය මාර්ගය තෝරා ගන්නටද ඔහු ලක්ෂ්මන් කදිරගාමර් මෙන් වඩාත් බුද්ධිමත් වූයේය. 

තමා සමග හවුලේ කටයුතු කළ දේශපාලනඥයන්ගේ සෑහෙන තරම් වූ බලපෑම් මැද ධුරය ආරක්ෂා කර ගැනීමේ ලැදියාවෙන් පසුවූ රාජ්‍ය නිලධාරීන්ද සමග විදේශ කටයුතුවල ප්‍රවීණත්වය ලැබූ නිලධාරීන් ඔහු යොදවා ගත්තේ තම තමන්ගේ දක්ෂතාවටත් ඥානයටත් ගැළපෙන කාර්යයන් ඒ ඒ අයට පවරමිනි. 

විදේශ කටයුතුවලට අදාළ කළමනා සම්පාදනය කළ කාලය තුළ මංගල සමරවීර සුවිශේෂ ජයග්‍රහණ කිහිපයක්ද ලැබුවේය. තීරණාත්මක ලෙස ආර්ථික උනන්තියක් ලැබීමට බලපෑ ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහනය යුරෝපා සංගමය වෙතින් නැවත දිනා ගැනීම ඉන් එකකි. ශ්‍රී ලංකාවේ සාමාජීය හා මානව හිමිකම් ප්‍රතිපත්තීන් එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියට ළංකරමින් ඒ සඳහා බිම් මට්ටමේ කළ යුතු කාර්ය රාශියක් තිබූ නිසා එය අතිශය දුෂ්කර කාර්යභාරයක් වූයේය. 

අතීතයේදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ස්වෙච්ඡාවෙන්ම අත්සන් කොට තිබූ නිසා ශ්‍රී ලංකාව ඒ සඳහා කැපවී සිටියද එම කාර්යය ක්‍රියාත්මක නොවී කලක් ඇදි ඇදී තිබුණේය. 

එසේම 2015 ජනවාරියේ බිහිවූ නව රජයෙන් දින සියයේ වැඩ සටහන තුළ මානව හිමිකම් කටයුතු මංගල සමරවීර හට භාර කළ විට ඔහු දැඩි කැපවීමෙන් යුතුව එම කාර්ය ඉටු කළේය. ශ්‍රී ලංකාවේ අතීතය ගැන දන්නා නිසා රජයෙන් දෙන පොරොන්දු ලෙහෙසියෙන් විශ්වාස කිරීමට සූදානම් නොවූ අන්තර්ජාතික සංවාදකයන් සමග සාර්ථකව කටයුතු කරන්නට ඔහුට හැකි වූයේය. අවංකව කැපවීමෙන් යුතුව දේශීය සහ ජාත්‍යන්තරය යන සෑම පාර්ශ්ව සමගම කටයුතුවල නියැළෙමින් විශ්වාසනීය ලෙස සියලු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත රාමුව තුළ නිසි අන්තර්ජාතික විශේෂඥ සහායද ලබාගෙන දේශීය වශයෙන් වගකියන ආයතනික හා නීතිමය රාමුවක් තුළ කටයුතු කළ හැකි බව ඔහු සියල්ලන්ට ඒත්තු ගැන්වූයේය. 

මෙකී ප්‍රවේශයේ අරමුණ වූයේ ජිනීවා සහ නිව් යෝක්වලින් ඉවත්ව මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවටම නැගුණ චෝදනාවලට අදාළ විමර්ශන කටයුතු ශ්‍රී ලංකා භූමිය තුළම සිදු කිරීමයි. 

මෙසේ මෙරටදී කරන්නට සැලසුම් කරගත් විශේෂ ප්‍රවේශය ඔස්සේ බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකා අධිකරණ ක්‍රමය කෙරෙහි ඇති අන්තර්ජාතික පිළිගැනීම නැවත ඇතිවීම පමණක් නොව  ශ්‍රී ලංකාවේ යුද ගැටුම් සමයේ වැරදි ක්‍රියා කළ බවට චෝදනා එල්ල වූවන්ට සාක්ෂි මත පිහිටා ඒවා සත්‍යයද යන්න සොයා බලා සාධාරණත්වය ඉටුකළ බව තහවුරු කොට අන්තර්ජාතික පිළිගැනීමක්ද ගොඩනැගීමය.

මෙම ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදා අන්තර්ජාතික වශයෙන් ලබා තිබූ කීර්තිය හා ගෞරවය යළි ස්ථාපිත කරගත හැකිව තිබිණි. ඒ මගින් තව දුරටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක පැවරුම් වැනි අන්තර්ජාතික කටයුතුවල නියැළීමේ අවස්ථාවද උදාවිය හැකිව තිබිණි. නාවික, ගුවන් සහ පාබල හමුදාවන්ගේ ගරුත්වයට චෝදනා ගැන විශ්වාසදායී විමර්ශනයක් සිදු නොකිරීමෙන් සිදුවූ කැළල මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ යළි ස්ථාපිත කරගත හැකිව තිබිණි. මංගල ආරක්ෂක සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුර නොදැරුවද ආරක්ෂක අංශයේ සහ පොලිසියේ කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතා හඳුනාගනු ලැබ රට තුළ අභ්‍යන්තර වශයෙන් එම කටයුතු කළ යුතු බව ඒත්තු ගන්වන්නට උපරිම අන්දමින් උත්සාහ කළේය. 

මෙම වැදගත් කාර්ය භාර ගැනීම වැදගත් වූයේ ආරක්ෂක හමුදාවල සහ පොලිසියේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සංවර්ධනයේ සහ ආර්ථික උන්නතියද උදෙසාය. 

වර්තමානයේ සිදු කරන්නට බල කෙරෙන ආර්ථික හා සමාජීය කර්තව්‍යයන් සමග එකට පෙළගැසෙන ආකාරයෙන් විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයන් නැවත සකස් කිරීමේ අවශ්‍යතාව මංගල වටහාගෙන සිටියේය. අතීතයේ පටන් පවත්වාගෙන ආ ප්‍රබල විදෙස් හා ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ පුරාණයේ සිට ශ්‍රී ලංකාවට කේන්ද්‍රස්ථානයක් ලෙස හිමිව තිබූ ස්ථානය ශක්තිමත් කරනු වස් එය විශේෂයෙන් කළ යුතු වූයේය.

ඒ උදෙසා බොහෝ සෙයින් පුද්ගල අන්තර් සම්බන්ධතා අප සමග පවත්වා ගන්නා රටවල සහ එක්සත් ජනපදය වැනි ප්‍රධාන ආනයන වෙළඳපොළ ඇති බටහිර රටවල් සමගද පවතින ශ්‍රී ලාංකීය සම්බන්ධතා ඔහු යළිත් නිසි පරිදි සකස් කළේය. ආයෝජන ඇදගනු සඳහාත් වඩාත් තුළිත වෙළඳ කටයුතු උදෙසාත් අපගේ දිවයිනේ ආර්ථික සමෘද්ධිමත් භාවය හා භෞතික ආරක්ෂාව සැලසෙන උපාය මාර්ග වර්ධනය කිරීම උදෙසාත් සියලු හවුල් ජාතීන් සමග බහු පාර්ශ්වීය සම්බන්ධතා ඇතිකර ගැනීමේ අදහස ඔහු වඩාත් අගය කළේය. 

සැබෑ ලෙස අනාගතයේ ඉන්නා මිනිසකු වූත් ස්වභාවයෙන් සහ පරිඥානයෙන් ඉතා ලැදි මානව හිතවාදියකු වූත් මංගල සමරවීර ශ්‍රී ලංකාව කෙටි කාල රාමුවක් තුළ නවීන සංවර්ධිත රටක් බවට පත් කිරීම උදෙසා නිතරම කාලයට ඉදිරියෙන් කල්පනාව මෙහෙයවා කැපවීමෙන් කටයුතු කළේය. මෙම වෑයමේදී නවීන ශ්‍රී ලංකාවේ අනන්‍යතාව නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට උරුම වූ බහු සංස්කෘතික මුහුණුවරින් සහ සංවර්ධිත ලෝකයේ නූතන සමාජ ආර්ථික මුහුණුවරින් එම අනන්‍යතාව පෝෂණය කරන්නට ඔහු උනන්දු වූයේය. 

සමාජ වගකීම උසුලන සාර්ථක රටක් බිහි කිරීම උදෙසා අත්‍යවශ්‍ය මූලයන් ලෙස ඔහු නිශ්චිතව හඳුනාගෙන තිබුණු පුද්ගල නිදහස අයිතීන් හා ගරුත්වය මෙන්ම නීතිමය පාලනයක් සියලුම ආකාරයෙන් සමාජ ජීවිතයක ඇති වගවීම යන කාරණාවලටත් ඔහු මහත් ගෞරවයක් දැක්වූයේය. 

ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධනයට පාත්‍ර වූ ප්‍රජාතන්ත්‍රීය රටක් බවට පත්කරලීම උදෙසා මංගල සමරවීරගේ දර්ශනයෙනුත් මතවාදයන්ගෙනුත් ඉදිරි කාලය තුළ බාල පරම්පරාවන් ආභාෂයක් ආවේශ්‍යයක් ලබන බව මට විශ්වාසය. 
ඔහු අනුස්මරණය කොට පිදිය හැකි හොඳම උපහාරය එයයි. 

ප්‍රසාද් කාරියවසම් විසිනි 

2021/11/23 Daily FT පත්‍රයේ පළවූ Mangala Samaraweera the diplomat  ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ



අදහස් (3)

මංගල නම් වූ රාජ්‍යතාන්ත්‍රිකයා

Royfedricks Friday, 03 December 2021 03:11 AM

ඔහු නිර්භයව ඉතාමත් බුද්ධිමත්ව නොපැකිලව තමන් නිවැරැදි යැයි සිතූදේ සැමවිටම පැවසුවේය.

:       1       7

dusnthayaggahavita Friday, 03 December 2021 05:45 AM

මාතර ජනතාව වෙනුවෙන් අසිමිත වැඩකළ නායකයෙක් දූෂණයට, ජාතිවාදයට හඬක් නැගූ නායකයෙක් නැවත අප අතරේ උපදින්න..

:       2       10

nimal Saturday, 04 December 2021 07:30 PM

මංගල රාජ්‍යතාන්ත්‍රිකයකු වූයේ නම් ඔහුට එම අවස්ථාව ලැබුනේ යහපාලන රජය යටතේය...

:       1       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3480 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12377 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 597 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 961 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1045 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 503 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site