IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මගේ ගෙදරට එස්.ටී.එෆ්. එව්වේ ඔය දේශපාලකතුමා

මීගමුවේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් ඉකුත් සති දෙකේ අපි ලිපි කීපයක් පළ කෙරුවෙමු. ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා එහිදී අප සමග කියා සිටියේ ඒවා ගෝඞ් ෆාදර්ගේ වැඩ බවය.
මේ ගෝඞ් ෆාදර් ඔබද? බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා මහතාගෙන් ඒ පිළිබඳ විමසමු.



good-father
 

01ඔබ දේශපාලනයට ආවේ කොයි කාලේද?
1993 තමයි මා දේශපාලනයට ආවේ. 1997 පළාත් පාලන මැතිවරණය සඳහා මීගමුව මහා නගර සභාවට තරග වැදුණා. ඒකෙන් මීගමුවේ දෙවැනි වැඩිම මනාප ගත්තා. 2000 දී ආනන්ද මුණසිංහ හිටපු නගරාධිපති පාර්ලිමෙන්තු මන්ත‍්‍රී කෙනෙකු විදියට පත්වුණාට පස්සේ මං නගරාධිපති වුණා. නැවත 2001 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේදී ලංකාවේ වැඩිම මනාප ප‍්‍රතිශතය අරගෙන මා විපක්ෂ නායක වෙනවා. 2004 දී පළාත් සභා ඡුන්දයට ඉදිරිපත් වී ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පස්වැනි ස්ථානයට එනවා. නැවත පක්ෂයේ ඉල්ලීම අනුව 2006 පළාත් සභාවෙන් ඉවත් වී මීගමුවට තරග වැද නගරාධිපති වෙනවා. නැවත 2009 දී පළාත් සභාවට තරග වැද දෙවැනි තැනට වැඩිම මනාප අරගෙන පළාත් සභා ඇමැතිවරයෙක් වෙනවා. ඉන්පසු 2014 පළාත් සභා මැතිවරණයෙන් ගම්පහ දෙවැනි වැඩිම මනාප අරගෙන ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා.


01ඔබ නියෝජනය කරන පක්ෂයෙන් ඔබට තනතුරක් දුන්නේ නැද්ද?
23-Nimal-Lansaමා ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරයා.


01මීගමුවේ කප්පම් ගැනීම් වැඩි වෙලා කියා චෝදනා තියෙනවා. මීගමුවේ කප්පම් ගන්න ගෝඞ් ෆාදර් ඔබද?
මා  දැක්කොත් හිතයි ගෝඞ් ෆාදර් කවුද කියලා. මං තරුණ දේශපාලනඥයෙක්. මීගමුවේ ජනතාව මා ගැන හොඳට දන්නවා. එන්න එන්න මට ඡුන්ද වැඩි වුණා. කුණු ගඳ ගහන මීගමුව නගරය ඉතා ලස්සන නගරයක් කළේ මා කියන එක මීගමු ජනතාව දන්නවා. ඒ නිසා තමයි ඡුන්ද හාර දහසෙන් පටන් අරගෙන ඡන්ද එක් ලක්ෂ ගාණක් එනකම් ආවේ. ගෝඞ් ෆාදර් නම ඇහුවාම අපට බයත් හිතුනා. ලජ්ජත් හිතුනා ඇයි මෙහෙම කියන්නේ කියා.


01නමුත් මීගමුවට එන බොහෝ දෙනකුගෙන් කප්පම් ගන්නවා කියා චෝදනාවක් තියෙනවා. කවුද ඒක කරන්නේ?
ලංකාවේ වැඩිම සංචාරකයන් එන්නේ මීගමුවට. වැඩිම සංචාරකයන් සඳහා කාමර අලෙවි කරන්නේ මීගමුවේ. ලංකාවේ වැඩිම අයෝජකයන් එන්න කැමති මීගමුවට. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මීගමුවට එන අයට කරදරයක් බයක් සැකක් නැතිව තමන්ගේ ව්‍යාපාර කරන්න අවශ්‍ය පහසුකම් තියෙන නිසා තමයි මීගමුවට විවිධ පිරිස් එන්නේ. මීගමුව කියන්නේ මා ආදරේ කරන තැනක්. මීගමුවේ කප්පම් ගන්නා, වෙනත් ව්‍යාපාර කරන අය ඉන්නවා නම් ඒ සියලූ දෙනා අල්ලන්න කියන එක සීයට සීයක් මා කියනවා. මොකද මා නෙමේ මීගමුවේ සංවිධායක. සංවිධායකතුමා වෙන කෙනෙක්. එතුමා කියන මීගමුවේ වෙනවා කියන දේවල් මා දකින්නේ නෑ. සෑම ආසනයකම විවිධ ප‍්‍රශ්න තියෙනවා. ඔය චෝදනා කරන කෙනා මීගමුවේ නීත්‍යානුකූල සංවිධායක නිසා එහෙම දේවල් වෙනවා නම් එතුමා වගකිව යුතුයි. මා වගකිව යුතු නෑ. එතුමාට පුළුවන් ඒ බව නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට කියන්න.


01මීගමුවේ තියෙන වාහන නැවැතුම් පොළවල්වල ටිකට් කඩන්නේ ඔබේ ඥාතියෙක්ද?
මීගමුවේ මොන රථගාලෙද කිව්ව නම් මට කියන්න පුළුවන්.


01මාළු වෙළෙද පොළ තියෙන තැනින් කවුද ගන්නේ?
මීගමුව පුංචි රෝමය කියලයි කියන්නේ. එදා ඉඳලා අපේ තාත්තල ඉපදෙන්න පෙර ඉඳලා ධීවර කාර්මිකයෝ සහ එම කර්මාන්තයේ නියුතු පිරිස්වල ආදායමෙන් කොටසක් යන්නේ   දේවස්ථාන වලටයි. මේ සියලූ භූමි අයිති දේවස්ථානවලට. මාළු වෙළෙද පොළ අයිති ප‍්‍රදේශයත් දේවස්ථානයට අයිතියි. ඒවා අදාළ ක‍්‍රමවේදයන්ට තමයි දී තිබෙන්නේ. එහි කවුරුන් හෝ ගන්නවා නම් මගෙන් නෙමෙයි අහන්න  ඕනැ. එය මට අදාළ කාරණයක් නෙමෙයි.


01වෙරළ උද්‍යානයේ රථගාල්වල ටිකට් කඩන්නේ කවුද?
වෙරළ උද්‍යානය ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. එය බදු දී තිබෙන්නේ නගර සභාවෙන්. අවුරුද්දක් පතා ටෙන්ඩර් කැඳවනවා. මීගමුවේ සියයට හැට පහක් හැත්තෑවක් මගේ ඡන්ද දායකයන් ඉන්නේ. කවුරුන් හරි එය පාලනය කළ යුතුයි.


01මීගමුවේ දවස ගානේ සම්බාහන මධ්‍යස්ථාන හා ගණිකා නිවාස වැඩි වෙනවා නේද?
මං පිළිගන්නේ නෑ. මීගමුව කියන්නේ සංචාරකයන් එන තැනක්. ඒ හෝටල්වල ලෝකයම පිළිගත් ආයුර්වේද සම්බාහන ඇති. නීති විරෝධී දේවල් තියෙනවා නම් අපි පොලිසියට උපදෙස් දෙනවා උදව් කරනවා මේවා අල්ලන්න. මං පැහැදිලිව කියන්න  ඕනෑ සංවිධායක තුමාගේ බෑනා තමයි ගෙස්ට් හවුස් කරන්නේ. සංවිධායක තුමාගේ පුතා තමයි හෝටල් කරන්නේ. අපි නෙමේ කරන්නේ.


01කුඩු ව්‍යාපාරයට සම්බන්ධ දේශපාලනඥයන්ගේ නම් අතර ඔබේ නමත් ඉහළින් කියැවෙනවා නේද?
ඕකත් ඔය මේ අයගේ වැඩක් තමයි. ඔය සංවිධායකතුමා එස්.ටී.එෆ්. කියලා අපේ ගෙදරට පැන්නුවා, අපේ ගෙදර බට් වාහන තියෙනවා කියලා. එස්ටීඑෆ් එකේ 180ක් කුමන්ත‍්‍රණය කර මගේ ගෙදරට පැනලා මගේ ඉඩ කඩම් නවයකට ගිහින් බැලූවා.   අනිත් දවසේ ඔප්පු කළා පොලිස්පතිතුමා වෙනුවෙන් මාධ්‍ය ප‍්‍රකාශක කතා කරලා කිව්වා අපි නිමල් ලන්සගේ ගෙදරට ගියේ මත් කුඩු බලන්න නෙමේ, බට් වාහන පරීක්ෂා කරන්න කියලා. නමුත් එක වාහනයක් තිබුණේ නෑ. මේකට සමාව ඉල්ලනවා කියලත් කිව්වා. මා ඇවිත් හම්බවෙලත් කිව්වා. ඒක එතැනින් අපි ඉවර කළා. නමුත් මේ කුහක, අවස්ථාවාදී දේශපාලනඥයන් තමන්ට බලය ලබා ගන්න බැරිව ඉන්න දේශපාලනඥයන් මගේ ජනප‍්‍රියත්වය වැඩි නිසා මා කපන්න මේවා කරනවා කියන එක මං දන්නවා. මමත් පැහැදිලිවම නීති වීරෝධි වැඩ වලට විරුද්ධයි. කිසිම නීති වීරෝධි දෙයක් කරලා නෑ. එච්චර හොඳට මීගමුවේ ජීවත්වෙන නිසා තමයි මීගමුවේ ජනතාව මට ආදරේ.


01එස්ටීඑෆ් එකෙන් මෙතරම් විශාල පිරිසක් එනවා නම් ඉහළ බලධාරීන්ගේ අවසරයක් නැතුව එන්න බැහැනේ. අඩු ගානේ ආරක්ෂක ප‍්‍රධානීන් දැනුම්වත් කරන්නේ නැතිව ද ඔවුන් අවේ? ඔබ කියන විදියට දේශපාලනඥයාගේ කීමට ද විශේෂ කාර්ය බලකාය  අවේ?
කාගේ දැනුම්වත් කිරීමක් උඩ ආවද කියන එක මා දන්නේ නෑ. මට විශාල අසාධාරණයක් කළා. ඒකට පොලිසිය මගෙන් සමාව ගත්තා. මේ ඉන්න සංවිධායක මා වට්ටන්න කරන වැඩක් ද කියන එක ගැන මට සැකයක් තිබුණා.


01පහුවදා ජනාධිපතිතුමා ඔබේ නිවසට ආවේ ඔබෙන් සමාව ගන්නද?
නෑ නෑ. ජනාධිපති සමාව ගන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාට තේරුණා කවුරුහරි මැදිහත් කරුවෙක් සම්බන්ධ වෙලා මට විශාල අසාධාරණයක් කළා කියන එක. ඒ වෙලාවේ මා මානසික පීඩනයකට පත්වෙලා හිටියේ. මා කිසිම නීති විරෝධි ව්‍යාපාරයක් කරන්නේ නෑ කියලා පිළිඅරගෙන ජනාධිපතිතුමා ඒ brifවෙලාවේ මගේ නිවසට ආපු එක ලොකු ශක්තියක් වුණා. මොකද ජනාධිපති කුඩු කාරයෙක්ගේ ගෙදර එන්නේ නැහැනේ.


01මීගමුව ආසන සංවිධායක හා ඔබ අතර ගැටුමක් තියාගෙන මීගමුව සංවර්ධනය කරන්න බැහැ නේද?
මීගමුව සංවර්ධනය කළා කිව්වා නම් ජනතාව දන්නවා මං තරම් මීගමුවට වැඩ කළ වෙන කිසි කෙනෙක් නෑ කියන එක. අද ලංකාවේ තියෙන ලස්සනම බස් නැවැතුම් පොළ මං හැදුවේ. මීගමුවේ තියෙන පාරවල් සියල්ලක් මං හැදුවේ. මං මීගමුවට ආදරෙයි. මීගමුවේ ජනතාව මට ආදරෙයි. ඔය කියන සමහර දේශපාලනඥයන් මීගමුවට බම්බුවක්වත් කරලා නෑ. අසූ ගණන්වල ඉඳලා ඉන්න සංවිධායකට මා අභියෝග කරනවා එතුමා මීගමුවේ සංවර්ධනයට කළ එකම දෙයක් හෝ කියන්න කියා. මීගමුවේ කළපුව විනාශ කරන්නේ ඔහුගේ ගෝලයන්. මීගමුවේ කප්පන් ගන්නේ ඔහුගේ ගෝලයන්. මීගමුවේ හෝටල් බලෙන් අයිති කරගෙන තියෙන්නේ එතුමාගේ ගෝලයන්. මීගමුවේ තිබුණු වටිනාම රජයේ ඉඩම විකුණලා සල්ලි නොදී කප්පමක් විදියට තියාගෙන ඉන්නේ එතුමාගේ ගෝලයන්. එය මා පැහැදිළිව කියනවා.


01පළාත් සභා ඡන්දය වෙනුවෙන් රුපියල් කෝටි නවයක් වියදම් කරන්න ඔබට කොහෙන්ද සල්ලි?
නෑ ඒක අමූලික බොරු. මට කෝටි දහයක් තියෙනවා නම්  ඕකට වියදම් කරනවායැ. මීගමුවේ හෝටල් හිමියෝ, ව්‍යාපාරිකයෝ මගේ හිතවත්තු. ඒ එක එක්කෙනා මට උදව් කළා. පෝස්ටර් ගහලා දුන්නා. කටවුට් ගහලා දුන්නා. කෝටි දහයක් තිබුණොත් අපට ඡුන්ද ව්‍යාපාර හය හතක් කරන්න පුළුවන්.


01එහෙනම් ඔබේ ඡන්ද ව්‍යාපාරයට කියක් වියදම් වුණාද?
මට ලක්ෂ 150 වඩා ගිහින් නෑ. ඒ සියල්ල මගේ නෑදෑ හිතවතුන්ගේ මුදල්. මගෙන් සත පහක් ගිහින් නෑ.


01ඡන්දෙ කාලේ ඔබ නීති විරෝධි ලෙස ගරාජ් අංක තියෙන වාහන පාවිච්චි කළා නේද?
නෑ. මගේ ඡුන්ද ව්‍යාපාර තුළ දවසට රැුස්වීම් 16 විතර කරනවා. ඒවා ඉවර වෙලා මගේ වාහනේ පිටිපස්සෙන් තවත් වාහන එනවා. ඉතින් ඒවා මට බලා ගන්න විදියක් නෑ. මේවා මාධ්‍යයේ ගියොත් හරි, කවුරු හරි කිව්වොත් හරි තමයි අපිත් දැන ගන්නේ. අපි වාහනයට නැග්ග ගමන් යනවනේ.


01මෙවර බස්නාහිර ඡන්දය ගණන් කරද්දි ගම්පහ ඇතැම් පැතිවල ඡුන්ද ප‍්‍රතිඵල දෙන්න ප‍්‍රමාද වුණා. සමහර දේශපාලනඥයන් හොරට මානප දාගත් බවට චෝදනාවක් තිබුණා නේද?
මේ මැතිවරණ ක‍්‍රමය තුළ නම් එහෙම කරන්න විදියක් නෑ. එහෙම චෝදනා කරනවා නම් පරාජය භාර ගන්න බැරිව කරන චෝදනාවක් විදියටයි මා දකින්නේ. මේ රාජ්‍ය නිලධාරින් ඉතා අවංකව රාජකාරි කරනවා.


01මීගමුවේ කවුරුහරි දේශපාලනඥයෙක් මෙහෙම නීති විරෝධි දේවල් කරනවා නම් ඇයි පොලිසිය බලාගෙන ඉන්නේ?
මීගමුවේ වැලි කපපු එක මාධ්‍යයෙත් ගියා. මීගමුවේ ගොඩක් දේවල් මාධ්‍යයේ ගියා. දේශපාලන බලය තුළ ව්‍යාපාරිකයන් පොලිසියට පැමිණිලි කරන්නේ නෑ. ආණ්ඩුවට පවරාගත් ඉඩම් සම්බන්ධයෙන් මා අල්ලස් කොමිසමට ගිහින් පැමිණිලි කරනවා. මං එතුමාට අභියෝග කරනවා මට මොනයම් හෝ චෝදනාවක් තියෙනවනම් ඔප්පු කරන්න කියලා.


01මීගමුවේ දැන් කුඩුවලට අමතරව ගංජත් ව්‍යාප්ත වෙලා නේද?
මේක මීගමුවට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. ලංකාව පුරාම විවිධ පුද්ගලයන් විවිධ දේවල් කරනවා. පසුගිය ටිකේ කුඩු ඇල්ලූවාට මීගමුවේ ඇල්ලූවේ නැහැනේ. මීගමුවේ මොනයම් දෙයක් හරි වෙනවා නම් අපි නවත්වනවා. ඔය කියන සංවිධායකට කරන්න බැරිනම් වෙන තැනක් ඉල්ලන් යන්න කියන්න මේක මට දීලා. මං මේක සුරපුරයක් කරලා පෙන්වන්නම්.


01මේ ගැටුම නිසා කටුනායක ටැක්සිකරුවන් අසරණ වෙලා නේද?
ටැක්සි කට්ටියට අසාධාරණකම් කරන්නේ එයානේ. අද ටැක්සි ව්‍යාපාරය එතුමාගේ අතට අරගෙන. එයාගේ කවුන්ටරයෙන් කරන්න පුළුවන් වාහන ප‍්‍රමාණයට වැඩියෙන් කරනවා. කටුනායක කවුද කප්පම් ගන්නේ, කවුද බලහත්කාරකම් කරන්නේ කියා ඇහුවනම් ඔවුන් කියයි. ටැක්සි රියදුරු මහත්වරු  හත්සීයක් අටසීයක් විරුද්ධයි මේවට. ටැක්සි රියදුරන්ගෙන් ඇහුවනම් කියයි කවුද අසාධාරණකම් කරන්නේ කියලා. මම පැහැදිළිව කෙළින් කියන්නේ. මම වැරදි වැඩ කර නැහැ. අපට චෝදනා කරන සංවිධායකවරු භීෂණ කාලේ ලංකාවේ හිටියේ නැහැ. රටින් ගිහින් නැවත ලංකාවට ඇවිත් අද මීගමුවේ මහා කෝටිපතියො වෙලා තියෙනවා. පුතාට හෝටල් තියෙන්නේ කොහොමද? බෑනට ගෙස්ට් හවුස් තියෙන්නේ කොහොමද කියා මං අහනවා. මීගමුවේ  අරක්කු විකුණන්නේ කවුද කියා අපි දන්නවා. මට වයින් ස්ටෝර්ස් නැහැ. රෑ නවයෙන් පස්සේ ඇරලා තියෙන වයින් ස්ටෝර්ස් කාගෙද කියා හැමෝම දන්නවා.


01නිමල් ලන්සාගේ දේශපාලන ජීවිතයේ එකම හතුරා ඔබ  ඔය කියන ආසන සංවිධායක ද?
මගේ හතුරෙක් විදිහට මා දකින්නේ නෑ. ඔහු හරි ප‍්‍රසිද්ධයි කුමන්ත‍්‍රණය කරන්න. මම එහෙම නෑ. මං කියන්න  ඕනැ දේ මූණටම කියනවා. ඔය පත්තරවලට මොන සාකච්ඡා දුන්නත් එතුමා මා දැක්ක ගමන් හොදට හිනා වෙනවා. මං ඉන්න තැන මොනවත් කියන්නේ නෑ.

 

bri-01


01ඉතින් මේ ආණ්ඩුව එක එක්කෙනා කියන කේලම් පිළිගන්නවාද?
එතුමා කියන දේ හෝ මං කියන දේ පිළිගන්නේ නෑ. ජනාධිපතිතුමාට ප‍්‍රායෝගික බුද්ධියක් තියෙනවානේ. මම නම් කාටවත් කේළම් කියන්න යන්නේ නෑ. ඒක ජනාධිපතිතුමත් දන්නවා.


01ඊළඟ ඡන්දෙදි ඔබ පාර්ලිමේන්තුවට ඉල්ලනවද?
ඒකනේ ඔය සමහරුන්ට අමාරු වෙලා තියෙන්නේ. අවුරුදු හතරක් බුදියගෙන ඉඳලා අද මේ මඩ ගහන  ව්‍යාපාරයක් කරන්නේ. පහුගිය අවුරුදු හතරට මීගමුවට කළ එකම සේවාවක් හෝ කියන්න කියා මා අභියෝග කරනවා.  ටැක්සි කවුන්ටරේ තියෙනවා කියන එක හැමෝම දන්නවා.


01මීගමුව ගැන අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
මීගමුව ලස්සන කිරීම,  සංවර්ධනය කිරීම සියයට සීයක් වගකීම තියෙන්නේ මට. මම තමයි මීගමුවට ආදරේ, මීගමුවට වැඩ කළ එකම පුද්ගලයා. ඒකට කවුරුත් අත දාන්නේ නෑ. ලබන මැතිවරණයේ එතුමා ගෙදර යන ගමන් තමයි ඉන්නේ.  එතුමාට ඡුන්ද විසි පන්දහසක් ගන්න බෑ. මං අභියෝග දෙකක් කරනවා. එකක් මා සමග ඡන්දයට ඉල්ලලා මා ගන්න මනාප සංඛ්‍යාවෙන් සියයට  පනහක් ගන්න කියන එක. අනික මීගමුවෙන් මං ගන්න ඡුන්දවලින් සියයට පනහක් ගන්න කියන එක.  ඕනෑම තැනක මා සමග විවාදයකට එන ලෙසත් අභියෝග කරනවා.

 

kalina-01-futter



අදහස් (0)

මගේ ගෙදරට එස්.ටී.එෆ්. එව්වේ ඔය දේශපාලකතුමා

ප්‍රියන්ත Friday, 05 September 2014 08:22 PM

මෙතන අදහස් දාන අය හැමෝම දන්නවා ඇත්ත. නමුත් කරන්න දෙයක් නැහැ අපිට, උඩ බලාගෙන ඉන්නවා ඇරෙන්න (නි)

:       0       0

ලෙස්ලි Monday, 25 August 2014 08:19 PM

මන්ත්‍රීවරු දෙදෙනෙක් ගැටෙන විට ඔවුන්ගේ ඇතුළාන්තය ගැන ජනතාවට දැනගන්න පුලුවන් (නි)

:       0       0

නාලක Monday, 25 August 2014 10:17 AM

අනේ පව්! (දී)

:       0       0

අචිනි Thursday, 04 September 2014 09:33 AM

මමත් පාසල් ගියේ මීගමුවේ. මෙතුමලගේ පව්ලේ උදවිය ගැන අපිනම් බොහොම දන්නවා. මීගමුවේ බස් නැවතුමේදී ගැහැණු ළමයකුට හිරිහැර කරපු මෙතුමාගේ ගෝලයකුට බැනපු පොලිසියේ කෙනෙකුට ඊට පස්සේ මෙයාලගේ කට්ටිය ජීප් එකකින් ඇවිත් ප්‍රසිද්දියේම වේවැලකින් ගැහැව්වා මට මතකයි. ඉතින් කොහෙද මෙයාල මීගමුවේ නීතිය රජකරවන්නේ. (නදී)

:       0       0

රජින්ද Thursday, 28 August 2014 01:30 PM

මෙයාගේ වැඩ .කිඩ ගැන කතාකරන්න ගත්තොත් ශ්‍රී ලංකා දේශපාලනය විතරක් නොවේ ලෝක දේශපාලනයත් එපා වෙනවා. ඒ නිසා ලංකාවට මේ වගේ කට්ටිය ඉන්නකන් හරි යන්නේ නැති බව විතරක් කියන්නම්. (අ)

:       0       0

අපොන්සු Monday, 25 August 2014 10:35 AM

එක එක්කෙනාට වැරදි කියලා වැඩක් වෙන්නෙ නැහැ (නි)

:       0       0

අකලංක ප්‍රනාන්දු Wednesday, 27 August 2014 06:03 AM

අනේ මිනිසුනේ..මොන ලෝකෙද හොරෙක් වැරදි පිළිගත්තේ පුවත් සාකච්ඡාවකදී? (අ)

:       0       0

හ.සෆෙර්දීන් Tuesday, 26 August 2014 10:19 AM

ලක්ෂ 150 ක්, එතකොට පළාත් සභා අමෙතිගේ පඩිය කීයද ? (දී)

:       0       0

කමල් Tuesday, 26 August 2014 06:59 PM

හොරකම දැනගෙන නොදැන වාගේ ඉන්නේත් හොරු නේද? (නි)

:       0       0

සේන Wednesday, 27 August 2014 06:23 AM

මෙතුමා කියනවා "පසුගිය කාලේ මීගමුවේ කුඩු ඇල්ලුවේ නැහැ" කියලා එහෙම වුණේ මොකද කියන එකයි අපි කාටත් තියෙන ප්‍රශ්නය. (අ)

:       0       0

හ සෆෙර්දීන් Tuesday, 26 August 2014 10:21 AM

ලක්ෂ 150 ක්, එතකොට පළාත් සභා ඇමතිගේ පඩිය කීයද ? (නදී)

:       0       0

මහේෂ්‍ Tuesday, 09 September 2014 01:11 AM

බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රොහාන් සෞදි Wednesday, 27 August 2014 08:03 AM

මෙතුමා කියන තරමටම සුදු නැහැ. මිගමුවේ කෙනෙක් හැටියට සත්‍ය අපි දන්නවා. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 29 August 2014 08:31 AM

ඔබතුමා කියන පරිදි ඔබතුමාගේ පක්ෂේ මිගමු සංවිධායක හොරෙක් නම් ඔබතුමාට එම හොරකම් නවත්තන බැරි නම් , ඉදිරියටත් ඔබගේ පක්ෂයට චන්දය දීමෙන් මේ ප්‍රශ්නය නොවිසදේ ,මිගමු ජනතාවට තිබෙන එකම විසදුම වෙන පක්ෂයකට චන්දය දීමය (නදී)

:       0       0

අජිත් Monday, 25 August 2014 02:08 PM

බොහොම හොදයි. ගොඩක් විස්තර දැනගත්ත. අපි දන්නේ නැහැ කව්රු ඇත්ත කියනවද කියල. පේන හැටියටනම් මෙතුමා සදරනෛ වගේ.(අ)

:       0       0

අචිනි Tuesday, 26 August 2014 01:28 PM

මමත් මීගමුවේ මේ දෙන්නගේම වැඩ අපි දන්නවා. (නදී)

:       0       0

ඩි සිල්වා බර්ලින් Thursday, 28 August 2014 08:31 PM

ඔබතුමගේ කතාවෙන් පැහැදිලි වෙනවා ඔබතුම මාර්ග , බස් නැවතුම් පොළවල් හදල මිගමුව දියුනු කරන කොට අර සංවිධායක සහ බෑනා සහ පුතා මේ ඔක්කොම නීති විරෝධී වැඩ කරමින් මිගමුව වනසනවා ,මට තිබෙන ප්‍රශ්නය ඔබතුම මේ ගැන සියලුදේම දන්නවා නම් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් තිබෙනවා නම් මේවා වලක්වන්න ක්‍රියා නොකරන්නේ මොකද කියන එක ? අනේ මහත්තයෝ ඔය කතා විසවස කරන්න කොන්ඩෙ බැඳපු චීනෙක් වත් නොරෝචෝලේ පැත්තෙන් වත් හොයා ගන්න එක (අ)

:       0       0

සඳු Monday, 25 August 2014 03:19 PM

ඔය තරමටම තමන් සාධාරණ සහ නිවැරදි කෙනෙක් නම් මොකද වැරදි දේවල් වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ නොකරන්නේ ? වගකිවයුතු ඇමතිවරයෙක් ලෙස.. .(අ)

:       0       0

සත්‍යයා Monday, 25 August 2014 03:32 PM

"මට ලක්ෂ 150 වඩා ගිහින් නෑ. ඒ සියල්ල මගේ නෑදෑ හිතවතුන්ගේ මුදල්. මගෙන් සත පහක් ගිහින් නෑ......." මම අදනේ දන්නේ හිඟන්නොත් දේශපාලනයට ඇවිත් සාර්ථක වෙලා ඉන්නවා කියල. ඇතැම් අය සල්ලි අල්ලන්නේ නැහැ අකැපයි කියල. හැබැයි ගිණුම්ව ල තියෙන ප්‍රමාණය ඒ ගොල්ලෝ දන්නෙත් නැහැ.(අ)

:       0       0

ඇසළ Wednesday, 27 August 2014 03:52 AM

සේරම එකයි. රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරන දේශපාලුවෝ අපිට ආදරේට තමයි දේශපාලනය කරන්නේ. අනේ පවු. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 27 August 2014 09:42 AM

ඉතාලියේත් වැඩිපුරම ඉන්නේ මීගමුවේ සහ වෙන්නප්පුවේ අය. ඒ අය කියන කතා ඇසුවාම මේ අයට වෙනම අපායවල් හදන්න වෙයි. (අ)

:       0       0

ප්‍රියන්ත Monday, 25 August 2014 04:38 PM

අනේ අපි අපටම තලාගමු අර මොකෙන්ද ?(අ)

:       0       0

අශේන් Tuesday, 26 August 2014 08:00 AM

"මගේ ඉඩකඩම් නවයකට පොලිසිය ගිහින් බැලුව " ඒවත් යාලුවෝ අරන් දුන්න ඉඩම් වෙන්ඩ ඇති නේද ? (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 28 August 2014 10:40 AM

මෙතුමා ගැන සහ ගෝල බාලයෝ ගැන මීගමුවේ ඉන්න අයගෙන් හොඳට අපි අහල තියෙනවා. (ස)

:       0       0

කමල් Sunday, 07 September 2014 08:02 AM

මේවා ගැන පාලකයෝ ඇස් කණ් පියාගෙන ඉන්නේ ඇයි කියලා දන්න කෙනෙක් කියලා දෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5023 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 693 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1266 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site