IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මගේ ගුරුදේව එල්මෝ

මෙකල මරණය සුලභය. සමීපතමයකුගේ මරණය සම්බන්ධ පුවතක් නොඅසා ගෙවා දැමූ දවසක් නොමැති තරම්ය. මරණය එතරම්ම සුලභ වූ යුගයක වුවද එක්තරා මරණයක් සම්බන්ධව අනුවේදනීය ආරංචියකින් මම බෙහෙවින් සසලවීමි. මරණයක් සම්බන්ධ ආරංචියකින් මා මෙතරම් සසල වූ අවස්ථාවක් මට මතක නැති තරම්ය. මා හද සසල කළ මරණය සම්බන්ධවූ එපුවත එල්මෝ ගුණරත්න මහතා සම්බන්ධයෙනි. එපුවත මට ලැබුණේ සෙනසුරාදා පෙරවරුවේදීය.

මම අද ‘‘ඉරිදා ලංකාදීප’’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වෙමි. ඒසා දුර බැහැර ගමනක් මට ඒමට හැකිවූයේ එල්මෝ ගුණරත්න මහතා නිසා බව අපමණ කෘතවේදීත්වයෙන් යුතුව පළමුව මෙහි සටහන් කර තබමි. එතුමන්ගේ උපදෙස් හා ආශීර්වාදය නොවන්නට මෙබඳු ගමනක් මට සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබිණි.

මා පුවත්පත් කලාවට සම්බන්ධ වූයේ 1970 දශකයේ අගභාගයේ පමණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ ශ්‍රී ලංකාදීප පුවත්පත හරහාය. පොල්ගහවෙල වැනි කොළඹින් දුර බැහැර පෙදෙසින් පැමිණි අප වැනි පත්තරකාරයන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. නිදහස් මාධ්‍යවේදීන් වූ අපට කර්තෘ මණ්ඩලයට ඇතුල්වීමට පවා අවකාශයක් නොවීය. අප ලියාගෙන පැමිණි ප්‍රවෘත්ති විශේෂාංග පිළිගැනීමේ කවුන්ටරයට ලබාදී යාමට අපට සිදුවිය. ගමෙන් පැමිණි තරුණ පත්තරකාරයන්වූ අපට ඉංග්‍රීසි උගත් ටයිකෝට් පළඳින කොළඹ මහත්වරුන්ගේ පිළිගැනුම එපරිදි විය. එල්මෝ ගුණරත්න නම් කර්තෘවරයා අපට සුවිශේෂී වන්නේ එවන් පසුබිමකය.

සම්පූර්ණ යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි ප්‍රධාන කර්තෘවරයා වූ එල්මෝ ගුණරත්න මහතා ගමෙන් පැමිණි අපට සෙනෙහෙබර පියෙක් විය. දයානුකම්පාවෙන් අප දෙස බැලුවේය. ‘‘කොල්ලට හොඳ අනාගතයක් තියෙනවා. හරි විදියට යන්’’ එතුමා නිතරම කීවේය. දක්ෂයාට තැන දීමට එතුමා පැකිළුනේ නැත. එමෙන්ම දක්ෂයා හඳුනා ගැනීමට වැඩි කාලයක් ගත්තේද නැත. අපට මේසා දුරක් ඒමට හැකි වූයේ ඒ නිසාය. එතුමාගේ මරණය සම්බන්ධයෙන් මගේ සිත මෙතරම්ම සසල වී තිබෙන්නේද එහෙයිනි.

මා ශ්‍රී ලංකාදිපයේ කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීමේදී ද අපූරු සිදුවීමක් විය. ඒ වනවිට ටයිම්ස් ආයතනය රජයේ නිසි බලධාරියකු යටතට පත්කර තිබිණි. මා කර්තෘ මණ්‍ඩලයට බඳවා ගැනීමට නම් ඇමැතිවරයකුගේ ලිපියක් අවශ්‍ය බව එල්මෝ ගුණරත්න මහතා මට පැවසීය. එවැනි කිසිදු කෙනෙකු හඳුනන්නේ නැති බව මම කීවෙමි. සත්‍යම තත්ත්වය එය විය. එහෙත් රජයේ ආයතනයක් වූ ටයිම්ස් ආයතනයට බැඳීමට නම් ඇමැතිවරයකුගේ ලිපියක් අවශ්‍යම විය.

එකල කුරුණෑගල දිසා ඇමැති වශයෙන් සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය. මම ඒ මහතා හමුවී අවශ්‍යතාව සැළකර සිටියෙමි. ඒ මහතා මට ලිපියක් දුන්නේය. ඒ එක් කොන්දේසියකට යටත්වය. එනම් තමන් මෙසේ ලිපියක් දුන් බව පොල්ගහවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රංජන් ජයකොඩි මහතාට කිසිම ලෙසකින් ආරංචි වීමට ඉඩ නොතබන ලෙස දැනුම් දෙමින්ය. මා ටයිම්ස් ආයතනයේ ශ්‍රී ලංකාදීප කර්තෘ මණ්ඩලයට එක් වූයේ ඒ අනුවය.

80 දශකයේ මුල් භාගයේදීම ටයිම්ස් ආයතනය වසා දැමුණි. එම ආයතනයෙන් පළකළ ප්‍රකාශනවල අයිතිය විජය පුවත්පත් ආයතනය නිල වශයෙන් හිමි කර ගත්තේය. එම බැරෑරුම් කටයුත්තේදී එල්මෝ ගුණරත්න මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු  කළේය. අද ලංකාද්වීපයම දිග් විජය කිරීමට සමත් පුවත්පත් ආයතනයක් බවට ලංකාදීපය පත්වී තිබේ. මෙම අතීත සැමරුම් මේ මොහොතේ හිතට බර වැඩිය.

විජය පුවත්පත් සමාගමට සම්බන්ධවීමේ අවශ්‍යතාව මට ඇති විය. ‘ඉතාම දක්ෂයෙක්. මොහු බඳවා ගන්න’ යනුවෙන් විජය පුවත්පත් සමාගමට ලිපියක් එවීමට තරම් එතුමා කාරුණික විය. මගේ පත්තර කලා ජීවිතයේ මහා රූපකායක්, පෞරුෂයක් වුවද ඇතැම් සන්ධ්‍යාවකදී ‘‘මචං දොඹේ’’ යැයි කීමට තරමට එතුමා අපගේ ජීවිතවලට සමිප විය.

විශේෂයෙන් සඳහන් කිරීමට යමක් තිබේ. එතුමාගේ මරණය සම්බන්ධ ප්‍රවෘත්තිය ඇසීමෙන් දෙටු පුත් දමිත ගුණරත්න ද අභාවප්‍රාප්ත වී තිබේ.  දමිතද අප සමග සෑහෙන කලක් පත්තර රස්සාවෙම නිරත විය. අනෙක් පුතු තුෂාර ගුණරත්නද ඉරිදා ලංකාදීපයේ නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් සේවය කළේය.
ජීවිතය යනු හමුවීම් හා වෙන්වීම්ය. හමුවන සියල්ලෝම හදවතේ ලැගුම් නොගනිති. එසේ ලැගුම් ගත් සහෘදයන් වෙන්වීම දරාගත නොහැකිය. එල්මෝ ගුණරත්නයන්ගේ මෙන්ම, දමිත් ගුණරත්නයන්ගේ වෙන්වීම් ඉදිරිපිට අප මෙතරම්ම සසලව සිටින්නේ එහෙයිනි. එහෙත් ජීවිතය මෙයය. අප එයට මුහුණ දිය යුතුය.

සහෘදයෙනි. ඔබලාට නිවන් සුව.

(***)
ආරියනන්ද දොඹගහවත්ත



අදහස් (3)

මගේ ගුරුදේව එල්මෝ

වර්නන් තිසේරා Monday, 30 August 2021 12:31 PM

එල්මෝ ගුණරත්න යනු මහත්මා ගුණයේ “ ගුණ රත්නයකි” අද ශ්‍රී ලංකාව වැනි රටක වර්තමාන මධ්‍යය ලෝකයේ ආත්මයකට සොයාගත් නොහැකි ! මම ද ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ ශ්‍රී ලංකාදීප පුවත්පතට 1984 සම්බන්ද වුන කාලයේ මෙතුමා අප ප්‍රධාන කතුවරයා විය මගේ රැකියාවට බඳවා ගැනීමේ සහ චිත්‍ර ශිල්පියෙක් ලෙස පත්වීමේ ලිපිය අත්සන් කරමින්, මගේ සහතික සහ මා අධ්‍යාපනය අවසන් කළ අනුරාධපුර ශාන්ත ජෝසප් මහා විදුහලේ විදුහල්පතිතුමා මට දුන් චරිත සහතිකය කියවා ඉතාමත් සුහදව “ඔබ වැනි ලාබාල තරුණයින් තමයි මේ පුවත් පත් කලාවේ අනාගතය. උපරිමය නිහතමානිව ඔබේ කාර්යය කරන්න ඒ වගේම ඔබේ පාසල් මාතාවගේ යුතුකම පළමුව රාජකාරිය පළමුව තේමා පථය තුල ඔබ වැඩකරන බව මම විශ්වාසකරනවා” යනුවෙන් පැවසීය.

:       0       3

Demuni Uduwara Monday, 30 August 2021 05:59 PM

ඔබට අතීතය අමතක නැත. එය හොඳ ගුණාත්මක භාවයකි.

:       0       1

W.liyanage Tuesday, 31 August 2021 10:58 AM

නිවන්සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1284 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4675 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 419 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site