IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මගේ බලාපොරොත්තුව රට වෙනුවෙන් රොකට්ටුවක් හැදීමයි

   ROCKET_P3  

 

ලොව බොහෝ දියුණු රටවල් අභ්‍යවකාශය ජයගැනීමට වෙහෙසෙන යුගයක අපේ රට තවමත් සිටින්නේ ඒ ගැන සිතීමටවත් නොහැකි පහළ මට්ටමකය.
ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගැනීමට නොහැකිව ඒ ගැන සිහින මවද්දී කිසිවකුගේ උදව්වකින් තොරව ශ්‍රී ලංකා නාමය අභ්‍යවකාශයට රැගෙන යාමට වෙරදරන අපේ රටේ දක්ෂ තරුණයකු පිළිබඳ තොරතුරු මේ දිනවල අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතී.

 

SLMA-3.qxd
මේ අපූරු තරුණයා නමින් තිවංක නෙරන්ජන් දිසානායකය. ඔහු මාවතගම වැලිකුඹුරේ පදිංචිකරුවෙකි. ඔහු පසුගිය දිනෙක මුහුණු පොතේ තම පිටුව හරහා තම නව නිර්මාණය පිළිබඳව විස්තරයක් සහ ඡායාරූප පළකර තිබුණි.


“මගේ අලුත් රොකට් එක හදලා ඉවරයි. වචනයකින් හරි උදව්කරපු ඔක්කෝටම ගොඩාක් ස්තුතියි.” යනුවෙන් එහි සඳහන්කර ඇත. ශ්‍රී ලංකාව අභ්‍යවකාශයට ගෙනයාම සඳහා තනිවම වෙහෙසෙන මේ ලාබාල තරුණයා මේ වනවිට මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටියි.


මේ වනවිට රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක්ම සිදුකර ඇති තිවංක ඔහු නිපදවා ඇති නවතම රොකට්ටුව .''SKY Touch 01 Rocket Hathor Aerospace'' ලෙස නම්කර ඇත. තිවංක එම රොකට්ටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයද පින්තාරු කර ඇත.


පසුගිය 2013 වසරේදී තම රොකට් ව්‍යාපෘතිය පර්යේෂණ මට්ටමෙන් ඇරැඹූ තිවංක එම වසරේ සිට මේ දක්වා අවස්ථා දෙකකදීම තමන් නිෂ්පාදනය කළ රොකට්ටු සාර්ථකව ගුවන්ගත කර තිබීම විශේෂත්වයකි.


ඔහුගේ පළමු නිර්මාණය ්Air Touch 01 Rocket නමින් 2014-04-18 වැනි දිනද, දෙවැන්න ්Air Touch 02 Rocket ලෙස 2015-05-04 වැනි දිනද තෙවැන්න Air Touch 03 Rocket නමින් 2015-07-05 වැනි දිනද සාර්ථකව අත්හදා බලා තිබේ. මාවතගම පිහිටි තිවංකගේ ගෙවත්තේ සහ ප්‍රදේශයේ කුඹුරු යායකදී මෙම රොකට්ටු ගුවන්ගතකර තිබේ.


තිවංකගේ අලුත්ම රොකට්ටුවේ බර කිලෝග්‍රෑම් 100 කි. උස අඩි 15 කි. එහි විෂ්කම්භය අඩි එකකි. තනි එන්ජිමකින් ක්‍රියාත්මක වන මෙය කිලෝමීටර් 18 ක 20 ක පමණ දුරකට ගුවන්ගත කිරීමේ හැකියාවක් පවතින බව තිවංක විශ්වාස කරයි. එසේම මෙය පැයට කිලෝමීටර් 800 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකිවන පරිදි සැලසුම්කර ඇත. රොකට්ටුව සිරස්ව ගුවන්ගත කිරීම සිදුකෙරෙන අතර එය දුරස්ථ පාලකයක් මගින් සිදුකෙරෙනු ඇත.

 

6

ගුවන්ගත කළ රොකට්ටුව
 


තිවංක මේ වනවිට ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ (German Tec) බල විදුලි ඉංජිනේරු අංශයේ සිවුවැනි (අවසාන) වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. කුරුණෑගල වයඹ රාජකීය විදුහලේ වානිජ අංශයෙන් උසස් පෙළ හදාරා අවසන් කර තිවංක 2012 වසරේදී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඇතුළත් වී තිබේ.ඔහුගේ මුහුණු පොත් වෙබ් අඩවිය පිරික්සූ විට එහි බොහෝවිට අන්තර්ගතවූයේ ගුවන්යානා, අභ්‍යවකාශ යානා තාක්ෂණය, නවීන යුද අවි වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ පින්තූරය. වෙනත් තරුණයින් තම මුහුණු පොතේ පිටු විවිධ විප්‍රකාර සහ විහිළු තහළු වලින් පුරවත්දී තිවංක ඊට හාත්පසින්ම වෙනස්ව ඔහුගේ සිතෙහි හටගත් සිහිනයක් සැබෑකර ගැනීමට උපකාරීවන්නාවූ පින්තූර සහ දත්ත වලින් පුරවා තිබෙනු දැකිය හැකිය.


තිවංක ඔහුගේ නිර්මාණය ගැන විස්තර කළේ මෙසේය.


“පාසලෙන් ඉවත්වුණාට පසුව මම කෙළින්ම ගියේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට. උසස්පෙළ වාණිජ හැදෑරුවාට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ගිහින් කාර්මික පාඨමාලාවක් හැදෑරීම මට ප්‍රශ්නයක් වුණේ නැහැ.”


“මම එහිදී බල විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරනවා. නමුත් මම මේ කරගෙන යන රොකට් තාක්ෂණය කිසිම ලෙසකින්වත් බල විදුලි ඉංජිනේරු විද්‍යා විෂයයට සම්බන්ධ නැහැ. ලංකාවේ කිසිම තැනක රොකට් ගැන තාක්ෂණ උගන්වන්නේ නැහැ. ඒ ගැන දැනුම තියෙන අයත් නැහැ. ඒ නිසා මට මේ තාක්ෂණය ගැන තනියම ඉගෙනගන්න සිද්ධවුණා.”


“මම පුංචි කාලයේ ඉඳලාම රොකට්, ප්ලේන්, හෙලිකොප්ටර් වාගේ උඩයන දේවල්වලට හරිම ආසයි. මේ නිසා මම ඒ වාගේ දේවල් මට අතට අහුවෙන දේවල්වලින් හදන්න උත්සාහ කළා. හැබැයි රොකට් කියන දේ කවුරුවත් සෙල්ලම් බඩුවකටවත් හදලා තිබුණේ නැහැ. මේ නිසාම මට අවශ්‍යවුණා ඒකම කොහොම හරි හදලා බලන්න.”


“මේ නිසා මම පාසල් යන කාලේ ඉඳලාම රොකට්ටුවක් හදන්න උත්සාහ කළත් හරිගියේ නැහැ. ඊට පසුව මම රොකට් හැදීම නවත්තලා දැම්මා. නමුත් ජර්මානු කාර්මික ආයතනයට ආවාම මට ආයේම රොකට්ටුවක් හැදීමේ අදහස, ආශාව ඇතිවුණා. මුල් අවුරුද්දේ අසාර්ථක වුණත් 2014, 2015 වර්ෂවලදී මගේ උත්සාහය සාර්ථක වුණා. මේ කාලයේදී පර්යේෂණාත්මක මට්ටමෙන් මම හදාපු රොකට් සාර්ථක වුණා.”


“මේ රටේ රොකට් නැහැ වගේම රොකට් හදාපු අය හිටියෙත් නැහැ. ඒ නිසා මට ඒ ගැන අවශ්‍ය දැනුම ලබාගන්න නාසා, අයිඑස්ආර්ඕ කියන ලෝකයේ රොකට් ගැන ප්‍රසිද්ධ ආයතනවලින් යවාපු රොකට්ටුවල විස්තර සොයාගෙන ඒවායේ දත්තවලට අනුව මගේ රොකට් නිර්මාණය කළා. අහල පහල තියෙන යකඩ කෑලි හොයාගෙන මම කොහොම හරි මගේ නිර්මාණය කරගෙන ගියා. කොහොම හරි මම රොකට් හැදුවා.”


“මේ රොකට් හදන්න ඇත්තටම මට සෑහෙන මුදලක් වියදම් වුණා. මට පුහුණුව ලබන කාලයේදී ආයතනයෙන් ලබාදෙන දීමනාවෙනුයි, ගෙදරින් මට එවන මුදල්වලින් කොටසකුයි ඉතිරි කරගෙන කොහොම හරි මගේ වැඬේ සාර්ථකව කරගෙන ගියා. අම්මා තාත්තා හැර මේ සඳහා මට පිට කවුරුවත් මුදලින් උදවු කරලා නැහැ. ඒවගේම දැනුමෙන් උදවු කරලාත් නැහැ. අන්තිමට නිර්මාණය කරපු රොකට්ටුවට මට රුපියල් ලක්ෂයක් විතර වියදම් වුණා.”


“රොකට්ටුවල බලය හා වේගය නියම තාක්ෂණයට අනුව මම නිර්මාණය කළා. හැබැයි මට තිබුණු මුදල් තත්ත්වය අනුව රොකට්ටු නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සිදුකළා. එකක් හදලා ඉවරවෙලා ඊළඟ එකට සල්ලි එකතුකරලා ඒ විදිහට තමයි මගේ ව්‍යාපෘතිය කරගෙන ගියේ. මේ සඳහා මම කාටවත්ම කරදර කරලා නැහැ.”


“සාමාන්‍යයෙන් රොකට්ටුවක් කක්ෂගත කිරීමට නම් අඩුම ගානේ කිලෝමීටර් 200 ක් 300 ක් පමණ ඉහළට යායුතුයි. මම තවම කරන්නේ පර්යේෂණ මට්ටමේ ගුවන් ගතකිරීමක් පමණයි. පළමුවැනි රොකට්ටුව උඩ ගියේම නැහැ. දෙවැනි එක අඩි හයක් පමණ උඩ ගියා. අන්තිමට යවාපු එක කිලෝමීටර් එකහමාරක් පමණ උඩට ගියා. හැබැයි අලුතින්ම හදලා තියෙන එක කිලෝමීටර් 18 ත් 20 ත් පමණ උඩ යයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” “සාමාන්‍යයෙන් ලෝකයේ රොකට් යැවීමට ප්‍රධාන වශයෙන් තාක්ෂණ ක්‍රම තුනක් භාවිතා කරනවා. පළමු ක්‍රමය ද්‍රව ඉන්ධන භාවිතයෙන් රොකට්ටුවක් අහසට යැවීම, ඊළඟ එක තමයි ඝන ඉන්ධන භාවිතය. තුන්වැනි ක්‍රමය තමයි ඝන සහ ද්‍රව දෙකම එකතු කර හයිබි්‍රඞ් ක්‍රමයට රොකට්ටු යැවීම. බහුලවම භාවිතාවන ක්‍රමය ඝන ඉන්ධන භාවිතා කරන එන්ජිමකින් රොකට් යැවීම. ඒ ක්‍රමය තමයි මගේ රොකට්වලටත් යොදාගත්තේ.”


“මම තවම කරගෙන යන්නේ පර්යේෂණයක් නිසා රොකට් එකින් එක නිර්මාණය කරලා ඒවායින් ලබාගන්නා දත්ත හා සාර්ථක අසාර්ථකභාවය අනුව තමයි මම ඊළඟ රොකට්ටුව නිර්මාණය කරන්නේ. ඒ නිසා උඩයන රොකට් එක ඉබේම පොළොවට වැටීමයි මට අවශ්‍ය වී තිබෙන්නේ. එහිදී රොකට්ටුවේ ඉහළ යාම වගේම පතිතවීමේ සාර්ථකත්වය මට අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙනවා.”


“මේකේ ශබ්දය කිලෝමීටර් ගාණක් දුරට ඇසී තිබෙනවා. ඒවගේම රොකට්ටුව ගුවන්ගත කිරීමේදී තුන්වැනි එකට වඩා අලුත් එකේ දුම්වළල්ල අඩි 30 ක් දුරට පැතිර යයි කියලා මම විශ්වාස කරනවා.” යැයිද තිවංක තම නිර්මාණයේ කටයුතු පැහැදිලි කරමින් පැවසීය.


තිවංක නිර්මාණය කළ සිවුවැනි රොකට්ටුව ගුවන්ගත කිරීමේදී එය බොහෝදුරකට ඉහළ යාවි යැයි විශ්වාස කෙරෙන බැවින් ඒ සඳහා රජයෙන් අවශ්‍ය ගුවනේ අවසරය ලබාගැනීම සඳහා තිවංක මේ දිනවල කටයුතු කරමින් සිටියි.


“මගේ අනාගත එකම බලාපොරොත්තුව රොකට් හැදීම පමණයි. මට පුළුවන් වුණොත් මගේ රට වෙනුවෙන් සාර්ථක රොකට්ටුවක් හදන්න මම ඒක කොහොම හරි කරනවා. ඒ සඳහා මට මේ රටෙන් උදවු උපකාර නොලැබුණොත් වෙන රටකට ගිහින් හරි මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්නවා.”
“මගේ දෙමාපියන්ගෙන් මේ සඳහා ලැබුණු සහයෝගය නම් උපරිමයි. ඒ සහාය මට නොලැබුණා නම් මට මේ තරම් දුරක් සාර්ථකව මේ වැඬේ කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මොන ප්‍රශ්නයක් ආවත් මේ වැඬේ නතර නොකර ඉස්සරහට කරගෙන යන්න කියන දිරිගැන්වීම සහ ආශිර්වාදය තමයි මගේ අම්මයි, තාත්තායි මට නිතරම ලබා දුන්නේ. මගේ එකම සහෝදරයාත් මේ සඳහා මට ගොඩාක් උදවු කළා. මේ සහාය විස්තර කරන්න මට වචන නැහැ” ඔහු හැඟීම්බරව පැවසීය.


ලොව බොහෝ දියුණු රටවල් රොකට් තාක්ෂණයෙන් ඉදිරියට යාමට වෙහෙසෙන යුගයක පසුගිය කාලයේදී අපේ රටෙන්ද එවැනි රොකට්ටුවක් ගුවන්ගත කිරීමට යන බවට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නද අවසානයේදී එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට පත්විය. ඒ සඳහා යැයි කියමින් රටේ මුදල් කොපමණ වැය කළාදැයි නොදනිමු.


එවැනි කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබමින් වුවද රට ගැන සිතා අභ්‍යවකාශය ජය ගැනීමට වෙරදරන මේ දක්ෂ තරුණයාට අතදී ඔහුගෙන් රටට සේවයක් ලබාගැනීම නව රජයේ බලධාරීන්ගේ වගකීම වනු ඇත. එසේ නොවුවහොත් අපට හිමි මේ සම්පතින් වෙනත් රටක් ප්‍රයෝජන ගනු නියතය.

m



අදහස් (0)

මගේ බලාපොරොත්තුව රට වෙනුවෙන් රොකට්ටුවක් හැදීමයි

චතුර Tuesday, 16 February 2016 04:31 PM

ගසක් හැදෙන්නේ ටිකෙන් ටික. එකට සෑහෙන කාලයක් යනවා. හැබැයි දවසක ඒ ගස ගොඩක් අයට සෙවණ දෙනවා. දිලීපලා වගේ අයට එක තේරුම් ගන්න ගොඩක් අමාරුයි. තිවංක මල්ලි ඔයාට ජය. (නි)

:       0       0

අතුල Monday, 15 February 2016 01:17 PM

ඔබ ජය පතමි! (අ)

:       0       0

රේණුක Tuesday, 16 February 2016 06:26 AM

ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

සංජීව Saturday, 20 February 2016 10:07 AM

ජය වේවා! මමත් ආසයි රොකට් හදන්න (නි)

:       0       0

කමල් Monday, 15 February 2016 01:13 PM

රෝහිත චූටි බේබි තරහ වෙයිද මන්දා? තිවංක ඔබට ජයම වේවා ! (අ)

:       0       0

තිස්ස Thursday, 18 February 2016 03:05 AM

අර අරයා යවපු එක කොහෙද දැන්? (නි)

:       0       0

දිලිප් Monday, 15 February 2016 01:44 PM

තරහවෙන්න එපා මේකේ අලුත් දෙයක් නැනේ ලෝකේ ඕනෑතරම් රෝකොට් යවනවනේ එකේ කොපියක් මෙහෙ හදනෙකෙ තේරුම නෑ (අ)

:       1       2

මහින්ද Tuesday, 16 February 2016 07:02 AM

මමත් කැමතියි ඔබට උදව් කරන්න. මමත් බලාහිටියේ මේ වගේ දේවල් ලංකාවෙත් වෙන්න ඕනෑ කියලා. ඔබට දීර්ඝ ගමනක් යන්න සුබ පතනවා (නි)

:       1       0

පිටිගල මිලානෝ Tuesday, 16 February 2016 11:59 PM

අර අපේ අහවල් එක්කෙනා හමුවුණා නම් කියලා දෙයි කොහොමද රොකට් අරින්නේ කියලා. චීනය පවා ඔහුගෙන් උපදෙස් ගත්තලු අර සිංහ කොඩිය ගහපු චන්ද්‍රිකාව යවන්න. (නි)

:       0       0

අසේල Thursday, 18 February 2016 11:31 AM

බොහෝම හොද නිර්මාණයක් (හේ)

:       0       0

නිල්මිණි-ජපානය Sunday, 21 February 2016 08:15 AM

රොකට් ගැන වැඩ කරන ශ්‍රී ලකිකයෝ නැත්තේ නැහැ. නාසා ආයතනය වෙනුවෙන් ඇමෙරිකාවේ පෙන්සල්වෙනියා විශ්විද්‍යාලයේ ක්‍රියාත්මක ජෙට් ප්‍රචාලන අංශයේ ඉන්නේ ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්. රොකට් තාක්ෂනය ගැන වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ ලෝකේ විවිධ රටවල පර්යේෂණ ආයතන වල ඉන්නවා. ඔබ කැමති නම් ඔවුන්ගෙන් තාක්ෂණික දැනුම/පර්යේෂණ අරමුදල් ලබාගන්න කරමවේදයන් ගැන දැනුම ඉල්ලා බලන්න. ඒ වගේම පර්යේෂණ අරමුදල් ලබාගන්නවා නම් ඔබට ඔබේ අධ්‍යාපන ආයතනය වෙතට ලබාගෙන එහි නිත්ය උපදේශනයෙක් හරහා ලබා ගැනීමයි නීත්‍යානුකුලව පහසු. (ර)

:       0       0

ඥාණතිලක Tuesday, 23 February 2016 01:16 AM

ඔබ මේ ගැන රජයේ උදව් ඉල්ලන්න (බ)

:       0       0

චතුරි Monday, 15 February 2016 02:52 PM

ප්‍රබු ගේ පුතාට. විභාග පාස් කරවන්න. කෝටි ගණන් වියදම් කරලා මහජන තවගේ මුදල් වලින් දැන් මුනත් බෙරී කරගෙන. හිරේ තපිනවා , මෙන්න නියම දරුවෝ ඕනෑම දෙයක් ඉගෙනගන්නේ තව කෙනෙක්. කරනවා බලන්. ඉදලා. මේ තිබෙන. අදහස්. වලට සැලෙන්න. එපා. ජාතියේ. හැටි (බ)

:       0       0

සේන Saturday, 20 February 2016 01:55 PM

මම හිතන්නේ මේ තරුණයාට ක්‍රමවත් අධ්‍යාපනයක් ලබාදුන්නොත් රටට වැඩක් වෙයි. (නි)

:       0       0

සමන් වසන්ත Wednesday, 17 February 2016 09:32 AM

දිලිප් ලෝකේ ඕන තරම් රොකට් යැව්වත් අපේ රටේ යවන්නැති එකනේ වැඩේ. තාක්‍ෂණය අළුත් නොවෙන්න පුළුවන්. නමුත් ඒ තාක්ෂණය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම හිතන තරම් ලේසි නැහැ. මේ තරුණයා කොච්චර බාධක වලට මුහුණ දෙන්න ඇද්ද? පොඩි ගැටලුවක් පවා විසදීමට මාස ගණනක් වෙහෙසෙන්න ඇති. එහෙම උත්සාහයන් වලදී තමයි අළුත් තාක්ෂණය බිහිවෙන්නේ. තිවංක සොයුර, ඔබට ජයෙන් ජය! (ර)

:       0       0

චින්තන Monday, 15 February 2016 03:30 PM

මම හිතන්නේ ,ඔයා රොකට් 1 ක ඉන්දන වලින් තොර විදුලි බලයෙන් ගුවන් ගත කරන්න පුලුනන්ද කියල මොකද නසා ආයතනය දැන් ඉන්දන වලින් තොර රොකට් හදන්න බලනවා ,පුලුවන්නම් ඉන්දන වලින් තොර විදුලි බලයෙන් ගුවන් කරන්න .හෙටම නසා ආයතනය ගෙදරට කතාකරල ඔයාව ගෙන්න ගන්නවා . මම චින්තන මලයාසියාවේ 6001125834824 (කෞ)

:       0       0

ඉරෝෂ් Friday, 19 February 2016 09:11 PM

ඔබට ජය! (නි)

:       0       0

කමල් Monday, 15 February 2016 04:16 PM

දිලිිප් ඔයා ඉපදුන ගමන් ඇවිද්දද තිවංක ඔබට ජය (බ)

:       0       0

වෝල්ටර් Monday, 15 February 2016 11:39 AM

ඔබගේ උත්සාහය සාර්ථක වේවා ..!! (බ)

:       0       0

ඉන්දික Thursday, 18 February 2016 10:33 AM

මෙතන කොමෙන්ට් දාන්නේ දේශපාලන කන්නාඩි දාගත්තු සෙට් එකක්. එයාලට ඕන හැමදේම තමන්ගේ දේශපාලන අදහසට එකතු වෙන්න මිසක් දියුණුවක් අගයන්න නෙමෙයි. රටේ තාක්ෂනය පසු බැසපු එක අරුමයක් නෙමෙයි. (බ)

:       0       0

හේමන්ත ධර්මප්‍රිය Wednesday, 17 February 2016 11:01 AM

රටකට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් මේ වගේ අයව රැක ගන්න ඒක පවතින ආණ්ඩුවේ වගකීම. මම ඔබට සුබ පතනවා තිවංක. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3216 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 367 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1010 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site