IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මට විරුද්ධව ප්‍රශ්න අදින්නේ ශ්‍රීලනිපයේ මාතර හිටපු දේශපාලකයෙක්

 g

 

පොලිස්පතිවරයා “සර්” කියමින් යම් කිසිවකුට කතා කරන අන්දම ද “නිලමේ” නමැති අයකු ගැනද එම සංවාදය ඇතුළත් වීඩියෝ පටයේ දැක්විණ. එම නිලමේ කවුද? බොහෝ දෙනාට ප්‍රශ්නයක් වූ එම නිලමේ යනු දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා බව පසුව දැනගත හැකිවිය. මේ ගැන විමසීමට අපි ඩිෂාන් වික්‍රමරත්න මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද ඔහුගේ ජංගම දුරකථනය ද සිද්ධියෙන් දින කීපයකට පසුව සිට විසන්ධිවී පැවතුණි. 


ඒ පිළිබඳව දිගින් දිගටම සෝදිසියෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස එම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාව සමඟ ඇමරිකාවේ සිට සම්බන්ධකර ගැනීමට “ඉරිදා ලංකාදීප”යට හැකියාව ලැබුණේය. මේ ඔහු සමඟ අන්තර් ජාල ඇමතුම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සංවාදයකි. 

 


ප්‍රශ්නය - ඩිෂාන් මහත්තයා කොහෙද ඉන්නේ? පහුගිය සති දෙක තුනේම ජංගම දුරකථනය වැඩ කළෙත් නැහැ. ඒක නිසා අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වුණේ. කරදරයක්වත් වුණාද?
පිළිතුර -
අපෝ නැහැ. මම දැන් ඇමරිකාවේ ඉන්නේ. බිරිඳ හා දරු දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කරන්න පැමිණියා. සෑම වසරකම දෙසැම්බර් මාසයේ අපි ඇමෙරිකාවට එනවා. ඒකයි මගේ ජංගම දුරකථනය වැඩ නොකළේ. ජනවාරි 05 වැනි දින ලංකාවට යළි එනවා.

 


ප්‍රශ්නය - ප්‍රශ්නවලින් බේරෙන්න රට පැන්නා නොවෙයිද?
පිළිතුර -
මට දිවුරලා කියන්න පුළුවන්. මේක මගේ පෞද්ගලික සංචාරයක්. එහෙම පැනලා යන්න තරම් ලොකු ප්‍රශ්නයක් මට ඇත්තෙත් නැහැ. 

 

31-page-10-BA
ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සම්බන්ධතාවය තවම තිබෙනවද?
පිළිතුර -
අපෝ ඔව්. මට එතුමා එක්ක තියෙන්නේ දේශපාලන සම්බන්ධයකට වඩා එහා ගිය සබඳතාවයක්. ඔහු මගේ හිතේ සිටින වීරයෙක්. ඒ තැන ගන්න කාටවත් බැහැ. මහින්ද මහත්තයගේ අම්මයි මගේ තාත්තයි අතර ඥාති සහෝදරත්වයක් තිබෙනවා. ඒ නිසාම මම එතුමට ලැදියි. 

 


ප්‍රශ්නය - දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය සමඟ තිබූ සම්බන්ධතාවය දැන් නතර වෙලාද?
පිළිතුර -
ඒ සම්බන්ධතාවය මම මැරෙනතෙක් නතර වෙන්නේ නැහැ. මගේ ජීවිතය රැඳිලා තිබෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් සමඟයි. විෂ්ණු දෙවියන් ජීවමානයි. අදටත් මම කරන කියන සෑම දෙයක්ම පටන් ගන්නේ විෂ්ණු දෙවියන්ගේ අවසරය ලබා ගෙනයි. විෂ්ණු දේවාලයේ නිලමේ කාමරයට නොගියට උදේ 5.00 වනවිට මම දේවාලයට ගිහින් ආගමික වතාවත්වල නිරත වෙනවා. නලල බිම තියලා වැඳලා ඒ පිං විෂ්ණු දෙවියන්ට හා මගේ නැතිවූ තාත්තාට අනුමෝදන් කරනවා.

 


ප්‍රශ්නය - ඔබ නිලමේ ධුරය දරන සමයේ යම් සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කළා. ඒ ගැන යමක් කීවොත්?
පිළිතුර -
මම මේ දේවාලය භාර ගන්නාවිට රජයේ බැංකු දෙකක රුපියල් මිලියන දෙකක බැංකු අයිරාවක් තිබුණා. ඉස්සෙල්ලම මගේ පෞද්ගලික ගිණුමකින් වැඩ පටන්ගෙන එක බැංකු අයිරාවක් පියවලයි ඉන් පසු වැඩ කොටස පටන් ගත්තේ. දේවාලයේ සංවර්ධන කටයුතු කරන ගමන් මට පුළුවන් වුණා මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා 1543 නමකට මාසිකව ශිෂ්‍යත්ව ලබා දෙන්න. දිස්ත්‍රික්කයේ සියලුම මහන සහ උපසම්පදා පිංකම්වලට දස දහස බැගින් ලබා දුන්නා. භික්ෂූන් වහන්සේලාගේ අපවත්වීම් හා ගිලන් වූ අවස්ථාවල ඉල්ලා සිටින මුදල ගෙවීමට කටයුතු කළා. මාතර මහ රෝහලේ භික්ෂු වාට්ටුව සම්පූර්ණයෙන් නඩත්තු කළා. පෙර පාසල් දරුවන් දෙසීයකට නොමිලයේ ඉගෙන ගන්න පුළුවන් පෙර පාසලක් පටන් ගත්තා. නිවාස නොමැති පවුල්වලට නිවාස තනා දුන්නා. වෙහෙර විහාරස්ථාන දේවාලයේ ආදායමෙන් අලුත්වැඩියා කර දුන්නා. කළන හා ලසඳා කියලා අලින් දෙදෙනෙක් දේවාලයට ලබා ගත්තා. දේවාලය වටා වලා කුළු බැම්ම ඉදිකළා. මේ ආදී ලෙස විශාල සංවර්ධන කටයුතු රැසක් සිදුකළා. 

 


ප්‍රශ්නය - දේවාලය භාරව සිටි කාලයේ ඔබ කළ කී දේ ගැන කිසියම් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ පරීක්ෂණවලට ගියාද? 
පිළිතුර -
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ලක් ගැන පරීක්ෂණයක් පැවැත්වෙනව කරුණු දහතුනක් යටතේ. මම ඒ පරීක්ෂණයට සාර්ථකව පෙනී ඉඳලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන කිසි ප්‍රශ්නයක් මට නැහැ. මම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට විනිවිදව ගනුදෙනු ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ගැටලුවක් ඇත්තෙම නැහැ. 

 


ප්‍රශ්නය - පහුගිය රජය සමයෙදි ඔබ රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ලෙසත් වැඩ කළා නේද?
පිළිතුර -
ඔව්. මම ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. මේක අපේ රටට වටිනා වස්තුවක්. හරියට මෙය පවත්වාගෙන ගියොත් අපේ රටේ තරුණ තරුණියන්ට පිටරට යන්න ඕනෑ නැහැ. ඒ තරමටම ආදායම තිබෙන තැනක්. මම භාර ගන්නකොට කවදාවත් මිලියන 100 කට වඩා මහා භාණ්ඩාගාරයට දීලා නැහැ. ඒත් මම 2010 දි මිලියන 572ක් සහ 2011 දි මිලියන 600ක්ද 2013 දි මිලියන 2025ක්ද ආදීලෙස වැඩකර පෙන්වලා මහා භාණ්ඩාගාරයට උපරිම මුදලක් දෙන්න සමත් වුණා. අන්තිම අවුරුද්දෙදි මිලියන 2225ක් දෙන්න පුළුවන්කම ලැබුණා.

 


ප්‍රශ්නය - ඛනිජ වැලි සංස්ථාවේ වැඩ කිරීම ගැනද ඔබට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙනවා නේද?
පිළිතුර -
ඔව් ඒකත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන්නේ. සභාපති ධුරය දරන කාලයේ හිටපු ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහන දෙකක් ලබාදී තිබුණා. එම වාහන භාර දුන්න නිලධාරියා දැන් මිය ගිහින්. ඒ වාහන අවභාවිතා කළා කියලත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒකත් මට නිවැරැදිකරු කියලා ඉදිරියේදී ඔප්පු කර පෙන්වන්න පුළුවන්. 

 


ප්‍රශ්නය - මේ විදියට පරීක්ෂණ පවත්වන්නෙ ඇයි කියලා ඔබට හිතෙනවද?
පිළිතුර -
දේශපාලන වශයෙන් දඩයම් කරන්න උත්සාහ කරනවා ඇති. ඒත් මේකේ පිටුපස ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේවත් ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්වත් නෙවෙයි. හිටපු ජනාධිපතිතුමා එක්ක ඉන්න කලින් මාතර හිටපු ප්‍රබල ඇමැතිවරයෙක්. ඔහුට බයයි මම කවදක හරි දේශපාලනයට එයි කියලා. ඒ නිසා මට විරුද්ධව කුමන්ත්‍රණ සිදු කරනවා.

 


ප්‍රශ්නය - නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ ඔබගේ සම්බන්ධය කුමක්ද?
පිළිතුර -
හා දැන් මට හිතාගන්න පුළුවන්. මොකද්ද මේ අහන්නේ කියලා.

 


ප්‍රශ්නය - ඇයි ඒ ගැන අහනවට බයද? උත්තර දෙන්න අපහසුද? 
පිළිතුර -
අපෝ නැහැ. මම බය නැහැ. අහන්න මම දන්න ටික කියන්නම්

 


ප්‍රශ්නය - මම කලින් ඇහුවෙ සාගල ඇමැතිතුමා සමඟ තිබෙන සම්බන්ධය කුමක්ද කියලයි.
පිළිතුර -
මම සාගල ඇමැතිතුමාව දන්නේ 2004 ඉඳලයි. සුනාමි ව්‍යසනය වෙන කාලයේ මම මාතර නගරයේ වාහන සේල් එකක් පවත්වාගෙන ගියා. ඒ වෙලාවේ මැරිච්ච අයගේ සිරුරු ගෙන යන්න වාහන සොයා ගන්න බැරිවූ නිසා සාගල ඇමැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා වාහන ටික දෙන්න කියලා. දැනට පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඒ වෙලාවේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිටියේ. ඔහු තමයි මාව සාගල මහත්තයට සම්බන්ධ කර දී තිබුණේ. රියැදුරන් යොදා ගෙන මිනී පටවන්න ගන්න කියලා මම වාහන 29ක් සාගල ඇමැතිතුමාට දුන්නා. එදා සාගල ඇමැතිතුමා තමන්ගේ අත්දෙකෙන් මිනී අරගෙන වාහනවලට පටවනවා මම දැක්කා. එදා ඉඳන් මට ඔහු ගැන පුදුම ගෞරවයක් තිබෙන්නේ. පසුව දැන ගත්තා මට දුරින් ඥාති සම්බන්ධතාවයකුත් තිබෙන බව.

 


ප්‍රශ්නය - එතකොට ඔබට විරුද්ධ පරීක්ෂණවලින් බේරෙන්න සාගල ඇමැතිතුමාට කතා කරලා තිබෙනවද?
පිළිතුර -
කවමදාකවත් නැහැ. මට එහෙම කතා කරලා බේරෙන්න තරම් ලොකු චෝදනාවක් ඇත්තෙත් නැහැ.

 


ප්‍රශ්නය - එතකොට කවුද ඇමැතිතුමාට කතා කළේ? 
පිළිතුර -
මම හිතන විදියට දෙවිනුවර ප්‍රදේශයේ පන්සලක විහාරාධිපති හිමි නමක් දුරකථනයෙන් කතා කරලා. මම හොඳට වැඩ කළා. ඒක නිසා අසාධාරණයක් වෙන්න දෙන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒකයි වෙලා තිබෙන්නේ.

 


ප්‍රශ්නය - පොලිස්පතිතුමාටත් ඒ විදියට කවුරු හරි කතා කරලා තියෙනවද?
පිළිතුර -
මම ඒක නම් හරියට දන්නේ නැහැ. මම නම් කතා කරලා නැහැ. කවදාවත් පොලිස්පතිතුමා මුණ ගැහිලත් නැහැ.

 


ප්‍රශ්නය - මෙහෙම දෙයක් එතකොට වුණේ කොහොමද? 
පිළිතුර -
මම මීට කලින් කීවනේ. මට විරුද්ධව වැඩ කරන දේශපාලකයෙක් ඉන්නවා කියලා. ඔහු තමයි මට වැරැදි පටවන්න උත්සාහ කරන්නේ. මහින්ද මහත්තයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විරසක කරන්නත් ඒ දේශපාලනඥයා ක්‍රියා කළා. මෛත්‍රී මහත්තයා දිණුවට පසු ඔහු ළඟට ගිහින් මාධ්‍ය සම්බන්ධ තනතුරක් ලබාගන්න උත්සාහ කළා. ඒක නොදීපු නිසා යළිත් මහින්ද මහත්තයට එකතුවෙලා වැඩ කරගෙන යනවා. ඒ සිද්ධිය මම දෙවිනුවර දේවාලයට පොල් ගැසීමට පැමිණි ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට කීවා කියලා ඔහු මා සමඟ අමනාපයි. ඒ නිසා විවිධාකාරයෙන් පහර දෙනවා. මේ දුරකථන සිද්ධිය අම්පාරේ සන්ධාන දේශපාලකයකුට කියලා පාර්ලිමේන්තුවෙදි අස්සවන්නෙත් ඔහු කියලයි. එහෙම නැතිව යූඑන්පියවත් ජේවීපීයවත් නෙවෙයි.

 


ප්‍රශ්නය - ඉතිං ඒ දේශපාලඥයා කවුද? 
පිළිතුර -
වෙලාව ආවම මම කියන්නම්. ඔහුගේ කූඨ ක්‍රියාවන් ඉදිරියේදි සාක්ෂි සහිතව මම හෙළිදරව් කර පෙන්වන්නම්. එදාට මම ඔහු කවුද කියලා කියන්නම්.

 


ප්‍රශ්නය - එම සිද්ධියෙන් පසු ඔබ සාගල ඇමැතිතුමාට කතා කළාද?
පිළිතුර -
ඔව් මම දුරකතනයෙන් ඇමතුමක් අරගෙන මම නිසා ඔහු අපහසුතාවයට පත්වීම ගැන සමාව ඉල්ලා සිටියා. මම නිසා සර්ට ලොකු ප්‍රශ්නයක් වුණා නේද කියලත් කීවා. එවිට සාගල ඇමැතිතුමා මට කීවා, ඔයා දේවාලයට වැඩ කළ කෙනෙක්. ඕවා ගණන් ගන්න එපා. ඔයා මට කිසිම බලපෑමක් කළේ නැහැනේ. මොනව හරි අසාධාරණයක් වෙනවනම් කියන්න කියලා.

 


ප්‍රශ්නය - සාගල ඇමැතිතුමාගේ මාතර සම්බන්ධීකරණ ලේකම් සුරංග කොඩිතුවක්කු මහතාත් ඔබගේ මිතුරෙක් නේද?
පිළිතුර -
ඔව්. මම ඔහුව පාසල් යන කාලේ ඉඳන් හඳුනනවා. ඇමැතිතුමා සම්බන්ධ කර ගන්න අපහසු වෙලාවට ඔහුගෙනුත් දුරකථන අංකය ඉල්ලාගෙන කතා කරනවා.

 


ප්‍රශ්නය - ඒ හැර වෙන ඩීල් එකක් තියෙනවද? 
පිළිතුර -
කිසිම ඩීල් එකක් නැහැ. ඩීල් එක තිබුණේ 2004 දි සුනාමි වෙලාවේ උදව් කරපු එක විතරයි. ඒ හැර වෙන ඩීල් නැහැ. 

 


ප්‍රශ්නය - අනාගතයේදි දේශපාලනයට ඔබ එකතු වෙනවද?
පිළිතුර -
අපෝ නැහැ. දේශපාලනය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම ව්‍යාපාරිකයෙක්. දේශපාලකයෙක් නෙවෙයි.

 


ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහත්තයා අත හැරලා එක්සත් ජාතික පක්ෂයට එකතුවෙන්න කවුරු හරි ආරාධනය කළොත්?
පිළිතුර -
අපෝ මම මහින්ද මහත්තයා අතහැරලා කවදාවත් යන්නේ නැහැ. මම එහෙම දේශපාලනයක් කරන්නෙත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ වේවා ජනතා විමුක්ති පෙරමුණේ වේවා ඒ හැම කෙනාම මගේ යහළුවන්. මම ඒ යාළුකම පවත්වාගෙන යනවා. ඒකට දේශපාලනය අවශ්‍ය නැහැ.

 


ප්‍රශ්නය - ඔබ බස්නායක නිලමේ තනතුර දරන කාලයේ ප්‍රධාන කපු මහතා සමඟ ද්වන්ධ සටනක නිරත වුණා. කපු-නිලමේ සටන තවම තිබෙනවද? 
පිළිතුර -
දේවාලයේ සංවර්ධනය වෙනුවෙන් යම් යම් ක්‍රියා මාර්ග ගනිද්දි ප්‍රශ්න ඇති වුණා. ඒත් මගේ හිතේ නම් කිසිම තරහක් නැහැ. එතුමා යම් යම් දේවල් කරනවා. ඒත් මට ප්‍රශ්නයක් නැහැ.

 


ප්‍රශ්නය - අවසන් වශයෙන් කියනවද පොලිස්පතිතුමාට අර ඇමතුම දුන්නේ කවුද කියලා?
පිළිතුර -
මම ඒක හරියට දන්නේ නැහැ. මම වෙනුවෙන් මගේ හොඳ කියලා හිමිනමක් සාගල ඇමැතිතුමාට කතා කරලා තිබෙනවා. එච්චරයි මම දන්නේ. ඒ ඇමතුම ලැබිලා තිබෙන්නෙත් මම උසාවියේ නඩුවකට පෙනී සිටිද්ධියි. එච්චරයි මම දන්නේ.

m



අදහස් (0)

මට විරුද්ධව ප්‍රශ්න අදින්නේ ශ්‍රීලනිපයේ මාතර හිටපු දේශපාලකයෙක්

සෙනරත් යාපා Tuesday, 03 January 2017 06:06 PM

අපි දන්නවා ඔබ වැරදි කරලා නැහැ. මම දන්නවා ඒ වගේම අපේ හිතත් දන්නවා. බුදු සරණයි! (නි)

:       0       0

මැටිපහන Tuesday, 03 January 2017 11:26 AM

හරි හරි හැමෝම බබාලා, ඉතා පිරිසිදු කට්ටිය. අපි තමයි වැරදි. ඒකත් එහෙමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 269 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 71 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 780 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 70 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site