වස්ගමුව වනෝද්‍යානයේ කඩතොළු වී ගිය මාර්ගය ඔස්සේ රුක්ෂාන් ජයවර්ධන මහතාගේ ඩිෆෙන්ඩර් රථය ක‍්‍රමයෙන් ඉදිරියට ඇදෙමින් තිබිණි. ඔහු සමග තවත් සමීප හිතවතකු වූවේය. ජර්මන් ජාතිකයකු වුව ද ලංකාවේ හැදුණු වැඩුණු, ලංකාවේම අධ්‍යාපනය ලැබූ සෙබැස්තියන් නම් මේ මිතුරා මෙවැනි ගමන් වලට මහත් ආශාවක් දැක්වූවේය.
ඒ නිසාම වස්ගමුවේ ගත කරන්නට තීරණය කළ රාතී‍්‍ර පහෙන් තුනකට වස්ගමුවේ වවුල් ඇබේ බංගලාව වෙන් කැරුණේ රුක්ෂාන් නමටය. අනෙක් දින දෙක සෙබස්තියන්ගේ නමට වෙන්කැරුණි.
ග`ග අයිනේ පිහිටා ඇති වවුල් ඇබේ බංගලාව පිහිටි පරිසරය සැබැවින්ම චමත්කාර ජනක දසුන් මවා පාන ස්ථානයකි. එහි ගිය පළමු දවසේ දෙදෙනා කිසිම ස්ථානයක ඇවිදින්නට ගියේ නැත. ගෙන ගිය කළමණා සූදානම් කිරීමටත් දෙන්නා අතර සතුටු සාමීචි කතා බහටත් පළමු දිනය ගෙවී ගියේය.
පසුදා උදෑසනම වන වැදී සතුන් සොයා යාම මොවුන් දෙදෙනාගේ අරමුණ වූවේය.
පසු දින හිිමිදිරි පාන්දර දෙදෙනා ගමන යාමට පිටත් වූහ දවසම වනාන්තරයේ ඒ මේ අත ගමන් කළ ද ඔවුන්ට දක්නට ලැබුණේ අලි රංචු කිහිපයක් පමණි. ඉද හිට පියඹා යන කුරුල්ලෙකුගේ ශබ්දය උස්ව නැගී යයි. වෙනත් කිසිදු සතෙක් දැකගන්නට නොහැකි වූ බව රුක්ෂාන් සිහිපත් කරයි.
සවස යළි ඔවුන් බංගලාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පෙර ගමන් කළ මාර්ගයේම යළිත් පැමිණෙමින් සිටියහ. ඔවුන් පසුකරමින් සිටින්නේ මනාව වැඞී ගිය ශාක සහිත පරිසරයකි. මෙහි විශේෂත්වයක් තිබේ. බැලූ බැලූ සෑම තැනකම පෙනෙන්නේ වගුරු සහිත පරිසරයකි. එහි එක් කෙළවරක කුඩා තණ පිටියකි. මේ ස්ථානයේ අලි දෙදෙනකු එකිනෙකා සමග කෑ ගසමින් සිටියි. එය කලාතුරකින් දැකිය හැකි ආකාරයේ දර්ශනයකි. අලි දෙදෙනා සිටින තණ පිටියට පසෙකින් ඇත්තේ විශාල ගල් කන්දකි. මේ තණ පිටිය ඔස්සේ මාර්ගයක් වැටී තිබේ. පිට්ටනිය අයිනෙන් ගොස් හමුවන ගල්කන්ද පිටුපස ඇති කපොල්ලක් වැනි ස්ථානයක් ඔස්සේ මාර්ගය වැටී ඇත. එම මාර්ගය වගුරු සහිතය.
‘‘ අපි අලි දෙදෙනා දැක්කම හිතුවා මේ තණ පිටිය පැත්තට යා යුතුයි කියලා. ඒ නිසා අපි හැරෙව්වා. ටිකක් ඉස්සරහට යනකොට පේනවා ඉදිරියෙන් තියෙන කපොල්ලෙන් එහා පැත්තට ගියොත් අපිට වෙනත් විශාල තණ පිටියක් දක්නට ලැබෙන බව. මේක අමුතු පිහිටීමක්. අපි සමග සිට වනජීවී නියාමක මහතාත් කීවා මේ මාර්ගයේ යා හැකි බව. ’’
කෑ ගසමින් සිටින අලි දෙදෙනා ද පසුකොට රුක්ෂාන් සෙමෙන් සෙමෙන් සිය රථය ධාවනය කරයි. කපොලූ සහිත ස්ථානයේ ඇත්තේ වගුරු ස්වභාවයකි. රුක්ෂාන් එම ස්ථානයෙන් සිය රථය ධාවනය කරවීමට යම් අකමැත්තක් දැක්වුව ද වනජීවී නියාමකයාගේ අදහස වූයේ නිරුපද්ධිතව එම මාර්ගයේ ගමන් කළ හැකි බවයි.
ජීප් රථය අලි දෙදෙනා පසුකැර ගියේය. දැන් ටිකෙන් ටික කපොල්ල අසළට ලං වෙමින් සිටියි. තරමක් උස්වූ ස්ථානයකින් ජීප් රථය ගැනීමට රුක්ෂාන් උත්සාහ ගැනීමත් සමගම එය හිරවූවේය. පසුපස රෝදය වගුරු සහිත ස්ථානයේ හිරවී ගියේය. වෙනදා මෙන් ජීප් රථය ඉදිරියට ධාවනය කරවීමට රුක්ෂාන් ගන්නා උත්සාහයයත් සමගම ජීප් රථයේ රෝද තව තවත් මඬේ හිරවෙමින් තිබේ. ජීප් රථය සෙළවිය නොහැකි තරමටම මඬේ එරී ගියේය. කරන්නට කිසික් නැත. කුඩා තණ පිටියේ සිට විශාල තණ පිටිය දක්වා යා හැකි එකම මාර්ගය මේ පටු කපොල්ලයි.
‘‘ එහා පැත්තේ විශාල තණ පිටියේ අලි රංචු කිහිපයක්ම ඉන්නවා. තැන තැන සිටින මේ අලි රංචු නිදහසේ තණ උලා කන ආකාරය අපිට පෙනෙනවා. ඒ සමගම මට ඇහුණා පිටුපසින් අලියෙක් ඉතා සමීපව කෑ ගසනවා. මම පිටුපස බලන විට තමයි පෙනුනේ මෙතෙක් වේලා එකිනෙකා කෑ ගසා ගනිමින් සිටි අලි දෙදෙනා අපි ළගටම ඇවිත්. ඒ දෙදෙනාට වුවමනාව තියෙන්නේ අපිව පසුකැර යාම. නමුත් එය කළ නොහැකියි. අපේ ජීප් එක කපොල්ලේ හිරවෙලා නිසා අලි දෙන්නට එහා පැත්තට යා නොහැකිව තිබෙනවා. ඒ දෙන්නා දැන් කෑ ගසමින් නොසන්සුන් ආකාරයට ඉන්නවා. අපිට කරකියා ගන්න දෙයක් නැහැ. කොයි මොහොතක හෝ අලි දෙන්නා අපිට පහර දෙන්නත් පුළුවන්. දැන් ඉකමණින්ම අඳුර වැටෙනවා මොනවා කරන්න ද කියා හිතා ගන්නවත් බැහැ. මම එන්ජිම නතර කරලා නිසොල්මන්ව සිටියා. අලි දෙන්නා දිගින් දිගටම මෙතැනින් යන්න ඉල්ලනවා.
ස්වල්ප මොහොතකින් නැවතත් එන්ජිම පණ ගැන්වූ රුක්ෂාන් සිය සගයන් ද සමග එක්ව රථයේ නලාව නාද කරමින් හැකි හයියෙන් කෑ ගැසුවේය. මේ කෑ ගැසීමත් සමග විශ්මිතව ඒ දෙස බලා සිටි අලි දෙදෙනා සෙමෙන් සෙමෙන් එතැනින් ඉවත්ව වනයට වැදී නොපෙනී ගියේය.
වනජීවී ඡුායාරූප ගැනීම සිය විනෝදාංශය පමණක් නොව වෘත්තිය ද කැරගත් රුක්ෂාන් සිය ජීප් රථය ඕනෑම වනාන්තරයක දුෂ්කර වූ ගමනකට ඔරොත්තු දෙන ආකාරයෙන් සාදාගෙන තිබේ. යම් ගමනක් පිටත් වීමට පෙර එය ගරාජයට යොමු කොට අවශ්‍ය අලූත්වැඩියා කටයුතු කිරීම රුක්ෂාන්ගේ සිරිතයි. එහෙත් මෙවර ඔහු කරදරයක පැටලී තිබේ. වගුරු ස්වරූපයක් ගන්නා මේ පරිසරය හරහා ජීප් රථ මාර්ගයක් වැටී ඇතත් එම මාර්ගයේ ඇති එරෙන සුළු ස්වභාවය මේ ජීප් රථය අතරමග නතර කිරීමට සමත්වූයේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.
හිරු බැස යමින් තිබේ. හාත් පස අඳුර රජයන්නට පටන් ගෙන ඇත. සියළු දෙනා එක්ව ජීප් රථය තල්ලූ කිරීමට උත්සාහ ගත්ත ද ඒ සියල්ල ව්‍යර්ථ වූවේය. ගන්නා සෑම උත්සාහයකම ප‍්‍රතිඵලය වන්නේ ජීප් රියේ රෝද තව තවත් මඬේ එරී යාමයි.
‘‘ අපිට කරන්න දෙයක් නැහැ. අන්තිමේදී තීරණය කළා ජීප් රිය මේ විදියට තියලා අත්‍යවශයම බඩු ටිකත් අරගෙන කොහොම හැරි රෑ වෙන්න ඉස්සෙල්ලා බංගලාවට යා ගන්න ඕන කියලා. අපි කැමරා ටික විතරක් අරගෙන වේගයෙන් ඇවිද්දොත් ගොඩක් රෑ වෙන්න ඉස්සෙල්ලා උද්‍යාන භාරකරුගේ කාර්යාලයට යා ගන්න පුළුවන් වේවි. නමුත් අපිට ගැටළු කිහිපයක් තිබුණා. දැන් මේ වෙනකොට තණ පිට්ටනිය පුරාම අලි ඉන්නවා. මේ අලි දරුණුයි. එයාලට වාහන එතරම් පුරුදුත් නැහැ. කොහොමත් අප සමග සිටි වනජීවී නියාමක වරයාත් අලින්ට විශාල භියක් දක්වන බව පෙනුනා. යම් තැනක අලි හිටියොත් එයා ඒ අලි මග ඇරලා තමයි යමු කියන්නේ. කොහොම වුණත් අපි වාහනය අගුලූ දාලා පයින්ම යන්න පිටත්වුණා. අලියෙක් ආවොත් කරන්න තියෙන එකම දේ දුවගෙන ගිහින් ගහකට නගින එක. නමුත් මේ දෙදෙනාම ඒ ගැන භියෙන් හිටියා. පයින්ම යන්න පිටත් වුණත් මගේ මිතුරාත් නියාමක වරයාත් කන් කෙදිරි ගානවා. ඔවුන් දෙදෙනා සමග ආපසු යාම ප‍්‍රායෝගික නැහැ කියා මට තේරුණා ඒ නිසා මම කළේ පයින් යන ගමන අතහැර දැම්මා. මම යෝජනා කළා නැවත ජීප් රථයට ගිහින් එළි වෙනකම් එහෙමම ඉදලා පසුව උදව් ඉල්ලමු කියලා. මේ යෝජනාවට ඒ දෙන්නා එකග වුණා. ඒ නිසා අපි නැවත ජීප් රථයට ඇවිත් ඒක ඇතුළට වැදුණා.
![]() |
රුක්ෂාන් ජයවර්ධන |
මේ අතරේ ප‍්‍රධාන මාර්ගයේ වෙනත් වාහනයක් එන ශබ්දයකුත් ඇහුණා. අපි සමග සිටි වනජීවී නියාමක කිව්ව උද්‍යානයේ භාර කරුගේ වාහනය වෙන්න ඇති එන්නේ කියා. අපි මේ දක්වාම නොපැමිණි නිසා හොයන්න එනවා ඇති කියලත් කිව්වා. දැන් අපි ඉන්නේ අතුරු මාර්ගයක හිරවෙලා. පුළුවන් තරම් හයියෙන් රථයේ නලාව නාද කළා. නමුත් ඒ වාහනය අපේ පැත්තට ආවේ නැහැ. එයාලට අපේ ශබ්දය ඇසෙන්නට නැතිව ඇති. පසෙකින් තිිබෙන කල් කන්දට අපේ හෝන් ශබ්දය ආවරණය වෙනවා. ඒ නිසා තමයි අපිව ඒ වාහනයට ඇහෙන්න නැතුව ඇත්තේ. ’’ රුක්ෂාන් කීවේය.
කෑලි කැපිය හැකි අඳුර හාත් පස වෙලා ගත්තේය. රුක්ෂාන් ඇතුළු තිදෙනා මහා වනාන්තරයේ අලි සිය ගණනක් රැස්ව සිටින තණ පිටියේ රාතී‍්‍ර ගත කරන්නට තීරණය කැර සිටියහ. මෙය කිසියම් මොහොතක වැරදී යාමෙන් අලින්ගේ ප‍්‍රහාරයක් එල්ලවිය හැකි බව ද රුක්ෂාන් දැන සිටියේය. සතුන්ටම වෙන්වූ වනෝද්‍යානයේ කිසිදු රැකවරණයක් නොමැතිව එරී ගිය වාහනයක් තුළ රාති‍්‍රය ගතකිරීම යනු බිහිසුණු අත්දැකීමකි.
ලබන සතියේ : වනෝද්‍යානය මැදින් උදව් ඉල්ලා ගිය බිහිසුණු පා ගමන
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඩේ එරුණු ජීප්රියේ ගෙවූ රාත්‍රිය
චමි Monday, 29 July 2013 09:48 AM
දැන් අපි මේකේ හෙඩින් එක වස්ගමුවේ දින හතරක් කියල වෙනස් කර ගමු... (දී)
රූපවතී Tuesday, 30 July 2013 09:54 PM
බලන්න ආසයි මේ ඡායාරූප.. හරිම ලස්සන පරිසරය. වල් අලි. ඉතාමත් දැකුම්කළු දර්ශන. ඇත්තටම අප මේ කියවන දකින රූප රාමුවක් අපි වෙතට පත් කරන්න ඒ කැමරාකරුවා මොන කැපකිරීමක් කරන්නේද ? කියා මට හැගුන වාර අනන්තයි මේ ලිපිය කියවීමෙන් පසු ... ඔබ කොහේ කොතැනක කෙසේ අතරමං වුවද , ලංකාදීපය කරන සේවය අසරණ ජනතාවට ... ඒ අසරණයින් ඔබ සැමට දෙන පින්වල බෙලෙන්, ඔබ නිතැතින් ආරක්ෂා වනු ඇත. ඒ දෙවියන් ඔබ සමගින් බැවිනි. ඒ පින් වල බල මහිමයම වනු ඇත. ඔබට ලස්සන අර්ථවත් දේ පාටක අපවෙත නැවත නැවතත් ගෙනදීමට ශක්තිය වාසනාව ලැබේවා! ඔබට සදා ජය ..! සියලු දෙවි රැකවරනයි ! (නි)
රොෂාන් සංජීව කමාර Wednesday, 31 July 2013 01:47 AM
මහත්තයට සීයාගේ අයගේන්මනේ කරදර වෙන්නේ .(අ)
නිමල් ජයසිංහ Wednesday, 31 July 2013 08:17 AM
වනයේ සුන්දරත්වය දකින්නෝ වනයට පෙම් බදිති.ඔවුන් සුන්දර හදවත් ඇත්තෝ වෙති.රුක්ෂාන්ගේ අත්දැකීම විරල ගණයට වැටෙන්නකි. (නි)