IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මැණික් ගඟේ ගහගෙන ගිය නුවන් කුලසේකර ගැන

වරෙක ඔහු ලෝකයේ හොඳම පන්දු යවන්නා විය. ඒ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. දේහධාරී පෙනුමකින් යුතු නොවුවද නුවන් කුලසේකර යනු එලෙස ශ්‍රී ලාංකීය ක‍්‍රිකට්  ක‍්‍රීඩාවට දායාද වූ අපුරු දක්ෂයෙකි. ඥානාන්විතව මඳ වේගපන්දු යවන ක‍්‍රීඩකයකු  ලෙස ප‍්‍රකට නුවන් වෙතින් පසුගිය කාලයේදී ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලැබුණු දායකත්වය ඉහළය. පන්දු යැවීමට අමතරව පිතිකරණයෙන් ද දස්කම් පාන නුවන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් තොරව බාහිර සමාජයේ ප‍්‍රකටව සිටින්නේ වඩාත් නිහතමානී පුද්ගලයකු ලෙසිනි.

09-Rasa-P8-09
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉහළට යන තරමට හිස උදුම්මා නොගත් මේ නිහතමානී ක‍්‍රීඩකයාගේ ජීවිතය පුරාවට බැඳී ඇති තවත් බොහෝ දේ ගැන හෙළිකිරීමට අපි නුවන්ගේ මව වන නන්දා ගමගේ මාතාවට සහ නුවන්ගේ ආදරණීය බිරිඳ දිනුෂා සංජීවනීට ඇරියුම් කළෙමු.


01 පවුලේ විස්තර ගැන මුලින්ම සඳහනක් කළොත්?
පවුලේ මමයි, මහත්තයයි පුතාලා දෙන්නයි දුවයි. ලොකු පුතා කෝසල, දෙවැනි පුතා තමයි නුවන්. දුව නිරෝෂා මේධාංගනී බාලයා.


01 නුවන් කුඩා කාලයේදී කොහොම චරිතයක් වුණාද?
හරිම අහිංසක දරුවෙක්.


01 ඒ අහිංසකකමට හේතු වෙච්ච දේවල් මොනවද?
එයා කවුරුවත් විහිළු කරන ඒවා ගණන්ගත්තෙ නැහැ. කා එක්කවත් රණ්ඩුවට ගියෙත් නැහැ.


01 නුවන් කියලා නම දාන්න විශේෂ හේතුවක් තිබුණද?
කේන්දර බලපුවාම ලැබුණු අක්ෂර අනුව ඒ නම දැම්මේ මැදට. එයාගෙ සම්පූර්ණ නම දිනේෂ් නුවන් කුලසේකර.


01 මෙයා ජනප‍්‍රිය චරිතයක් වන බව හඳහනේ ලියැවිලා තිබුණද?
ඒ කෙසේ වෙතත් ටිකක් අපලයි කියලා නම් ලියැවිලා තිබුණා.


01 අපල දුරුවෙන්න මොනවද කළේ?
අපි ඉතින් බෝධිපූජා එහෙම පැවැත්වූවා.


01 ඒ අපල කාලයේදී මුහුණදීපු සිදුවීමක් එහෙම මතකද?
දවසක් අපේ පවුලේ කට්ටිය සහ අසල්වැසි හිතවතුන් එක්ක කතරගම ගියා. මෙයා පොඩි නිසා බේසමක් එහෙම අපි ගෙනිච්චා. එයාව ඒකෙ බස්සවලා අපි මැණික් ගෙඟ් නාමින් සිටියදී මෙයා ගහගෙන ගියා. මට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මම හයියෙන් කෑගැහුවා. අපේ නඩයේ හිටපු අසල්වැසි නන්දෙ මල්ලි වහාම දියට පැනලා දිවිපරදුවට තියලා මෙයාව බේරාගත්තා.


01 ඒ හැර තවත් සිදුවීම්වලට මුහුණදුන්නද?
ආයේ දවසක්දා මෙයාලා සෙල්ලම් කරමින් සිටියදී බෙලෙක්කයට රතිඤ්ඤයක් දාලා පත්තුකළාම ඒක ගිහින් කඬේකට වැටිලා එහි වීදුරු බිඳිලා තිබුණා. එතකොට මෙයා ටිකක් ලොකුයි. ඒත් බයට හැංගිලා හිටියා.

 

09-Rasa-P8-13


01 නුවන් තාත්තාට ගොඩාක් බයද?
තාත්තා පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කළේ. මෙයා දඟ වැඩ කළ ළමයෙක් නොවෙයි. ඒ හන්දා තාත්තාගෙන් බැණුම් අහලා ගුටිකාලා නැහැ.


01 අයියයි, නංගියි එක්ක එකතුද?
හරි එකතුයි.

09-Rasa-P8-11
01 ඔබ හිතුවද මේ පුතා කවදාහරි ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ලෝකප‍්‍රකට වේවි කියලා?
හීනෙකින්වත් හිතුවෙ නැහැ. මා හිතන්නෙ එයා මේ ආත්්මෙ කරන පින් සහ ගිය ආත්මෙ කළ පින් නිසා එහෙම වෙන්න ඇති.


01 මොනවද කරන පිං අතේ වැඩ?
පංසල්වලට හරියට උදව් කරනවා. අනුරාධපුරයෙ එහෙම යන්න හරි ආසයි. ගිහින් දන්සලක් එහෙම දෙන්නත් කැමතියි. හැබැයි ඒවා ලෝකෙට ප‍්‍රකාශ කරගෙන කරන්නෙ නැහැ. දානයට ශීලයට හරිම ලැදියි. නෑදැයින්ටත් හැකි විදියට උදව් කරනවා.


01 නුවන් ක‍්‍රිකට් පොත් එකතුකළා කියන්නේ ඒක ඇත්තද?
ඒ දවස්වල ක‍්‍රිකට් තරු පිංතූර එකතුකළා. ඒවා යොදාගෙන පොතක් හැදුවා. එයා එය කළේ හරිම ආසාවෙන්.  ඕනෑම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ වාගේම විස්තර දැනගෙන හිටියා. කුඩා කාලයේ ඉඳලාම මෙයා කැමති වුණෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටයි.

 


 

දිනුෂා සංජීවනී (නුවන්ගේ බිරිඳ)

nuwan02
01 නුවන්ගේ පළමු හමුව ඔබට මතකද?
එතකොට අපි පාසල් යන කාලයේදී කානිවල් එකක් තිබුණා. මේ කානිවල් එක බලන්න මෙයත් ඇවිත් හිටියා.


01 ඒ කියන්නෙ මෙය පාසල් කාලයේ පේ‍්‍රමයක්ද?
එහෙම නැහැ. ඒත් අපේ පවුල් දෙකේ වැඩිහිටියන් දැනහඳුනාගෙන සිටියා. ඒ දැනහැදිනීම මත මෙයා එදා මා එක්ක කතාකළා.


01 පේ‍්‍රමයක් හටගත්තෙ?
උසස් පෙළ අමතර පංති යන කාලයේදී එයා ක‍්‍රිකට් පුහුණුවට ගියා. ඒ හමුව තමයි පසුව ආදරයකට පෙරැළුනේ.


01 ආදරවන්තයන් හැටියට ගෙවල්වලට හොරෙන් ෆිල්ම් එහෙම බලන්න ගියා කියලා ආරංචියි?
අපෝ නැහැ. අපේ පවුල් දෙකේ වැඩිහිටියන් දන්නාහඳුනන අය නිසා සීමාබිඳගෙන කිසිවක් කළේ නැහැ. අපි හැඟීම්වලට ලොල්වෙලා ආදරය කරන්න පටන්ගත්තෙ නැහැ. එයා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන හිතුවා. මම අධ්‍යාපනය ගැන හිතුවා. විශ්වාස කරන්න මේ දක්වා අප දෙන්නා චිත‍්‍රපටයක්  නරඹන්න ගිහින් නැහැ.


01 ඔහු විවාහ කර ගත්තාම ඔබට ඔහු ගැන හිතුනේ කොහොමද?
ලොකු ආඩම්බරකමක් දැනුණා.


01 අද සැමියා ගැන ඔබ හිතන්නෙ කොහොමද?
කාටවත් ඒ වගේ හොඳ සැමියෙක් නැහැ කියලා මා හිතනවා.


01 ඒකට හේතුව?
හොඳ  ඉවසීමක් තියෙන්නෙ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ නොපිරිහෙලා ඉටු කරනවා. ආත්මාර්ථකාමී නැහැ.

 

09-Rasa-P8-12

09-Rasa-P8-10


01 කේන්ති යනවද?
නුවන්ට කේන්ති යන්නෙ නැහැ. හැබැයි මට නම් කේන්ති යනවා.


01 රසිකාවියන් ඔහු එක්ක කතා කරද්දී ඔබට ඊර්ෂ්‍යාවක් එනවද?
ඒ ගැන මා හිතන්නෙ නැහැ. හැමෝටම එහෙම වෙන්න බැහැනෙ. මිනිසුන්ගෙ ආදරය ලැබීමත් පිනක්.


01 සංචාරයකට යන විට ඔහු මොනවද ඔබට කියලා යන්නෙ?
පරිස්සමින් ඉන්න කියලා කියනවා. එයා මාව තනිකරලා යන්න කැමැති නැහැ. කොහොම හරි මාවත් එක්කගෙන යන්න බලනවා. ඒත් පුතාලා දෙන්නා පොඩි නිසා බැරිවෙන අවස්ථා තිබුණා.


01 සංචාරයක් ගිහින් එනකොට ඔබට තෑගි ගෙනැත් දෙනවද?
අපොයි ඔව්. එකක් දෙකක් නොවෙයි ගොඩාක් දේ ගෙනැත්  දෙනවා.


01 ඒ විදියට විශේෂයෙන් ගෙනැත් දුන්න දෙයක් තියෙනවද?
අපි දෙන්නගෙ ඡායාරූපයක් ලස්සනට මුද්‍රණය කරලා තියෙන සමරුවක් හදලා ගෙනැත් දුන්නා.


01 එයාගෙ නිහතමානීකමට හේතුව හැටියට ඔබ දකින්නේ?
ඉවසීමයි. කවුරු මොන දේ කිව්වත් ඉවසනවා. ඒ වගේම කලබල නොවී කල්පනාකාරීව තමයි හැම දෙයක්ම කරන්නේ.


01 එයාට කෑම ටික ඔබම හදලා දෙන්න  ඕනෑද?
 එහෙම විශේෂයක් නැහැ. උයලා දෙන  ඕනෑම දෙයක් කනවා. ගමේ කෑමවලට, මැල්ලූම්වලට හරි ආසයි.


01 නිදහසේ ගෙදර සිටින වෙලාවට මොන වගේ දේවල්ද කරන්න කැමති?
එක්කෝ නිදාගන්නවා. නැතිනම් පුතාලා දෙන්නා එක්ක සෙල්ලම් කරනවා.


01 එයාලට කවි සිංදු එහෙමත් කියලා දෙනවා කියලා ආරංචියි?
මම කියන ඒවා අහගෙන ඉඳලා එයා කියනවා. හැබැයි එකම එක සිංදුවක් තමයි කියන්නේ. ඒක හරි ලස්සනට කියනවා.


01 මොකක්ද ඒ ගීතය?
”මා බාල කාලේ”


01 නුවන් වැඩිපුර කැමති කාගේ ගීත අහන්නද?
කසුන් කල්හාරගෙ ගීතවලට හරි ආසයි. රේඩියෝ එකේ යන  විහිළු කතා වගේම පැරණි ගීත අහන්නත් කැමතියි.


01 කණ්ඩායමට ඇතුළත් නොවුනාම ඔහුගේ හැසිරිම මොන වගේද?
ඒක ඔලූවට ගන්නෙ නැහැ. ලැබුණොත් ගහනවා. නැත්නම් එනදේට මුහුණදෙනවා. උපේක්ෂාවෙන් සියල්ල විඳදරා ගන්න කෙනෙක්.


01   බිරිඳක ලෙස ඔබ ඔහු වෙතින් දකින ඉහළම ගුණාංගය.
ඉවසීම සහ කරුණාවන්තකම. ඔහු ඇත්තටම හොඳ පුද්ගලයෙක්.

 

kalina-sandun-gamage



අදහස් (0)

මැණික් ගඟේ ගහගෙන ගිය නුවන් කුලසේකර ගැන

මංජු Tuesday, 12 August 2014 11:56 AM

හැම ගැහැණියක්ම මේ විදියට තමන්ගේ ස්වාමියා ගැන හිතනවා නම් කොච්චර ‍හොඳද? (නි)

:       0       0

කුමාර් Tuesday, 12 August 2014 12:19 PM

ඇත්තටම නුවන්ගේ පෙනුමත් හරිම අහිංසකයි. ඔබට ජයෙන් ජය වේවා සොයුර. (නදී)

:       0       0

අජිත් Tuesday, 19 August 2014 11:52 AM

හොද නිහතමානී ක්‍රීඩකයෙක් කියලා නම් සෙල්ලම් කරනවිට පෙනෙනවා. ඔබට ජය! (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 August 2014 08:51 AM

නුවන්ගේ හැසිරීම තරඟ කරන වෙලාවටත් බොහොම හොදයි. ඒ වගේම එයාගේ දක්ෂතාත් ඉතාම හොදයි. ඒ නිසාම අපිත් එයාට හරිම කැමති. ඔබට ඉතාම හොද අනාගතයක් ප්‍රර්ථනා කරනවා. (අ)

:       0       0

දයා අළහකෝන් Wednesday, 13 August 2014 11:49 AM

හොඳ බිරියක් සහ සැමියෙක් (නි)

:       0       0

බණ්ඩාර Thursday, 14 August 2014 03:22 AM

මගෙ යාළුවෙක් ඉන්නවා නුවන් කුලසේකරලගෙ ගෙවල් ළඟ. ඒ පැත්තට කියන්නෙ මම හිතන්නෙ රන්පොකුණගම. මට යාළුවා කියලා තියනවා  නුවන් කුලසේකරයි ගෙදර කට්ටියයි කොච්චර නිහතමානීද කියලා. පිට රට ටුවර් එකක් යනකොට අහල පහල ඉන්න කට්ටිය පොලොස් ගෙඩි උඋස්සන් එනවළු නුවන් කුලසේකරට හදලා අරන් යන්න. නියම නිහතමානී මහත්මා ගති තියන කොල්ලෙක්. ඇත්තටම අගේ කරන්න වටිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 70 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 57 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 26 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 64 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 37 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 552 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site