මාදන් යනු අපේ සංස්කෘතියට නුපුරුදු නමක් නොවුවද එය අපේ පලතුරු ගැන කතා කරන හැමවිටම ඉදිරියට එන නමකි. එමෙන්ම සංගීත සාහිත්‍යයේද නොමදව ඇසෙන නමකි.
ග්‍රාමීය වශයෙන් එකළ බහුළ වශයෙන් කැලෑවල තිබූ මාදන් අද වන විට ක්‍රමයෙන් සොයා ගත නොහැකි පලතුරක් බවට පත්වෙමින් තිබේ. ප්‍රධානතම කාරණාව මාදන් කෙරේ බොහෝ දෙනා සැලකිල්ලක් නොදැක්වීමයි. එදා කුඩා දරුවන් බොහෝසේ ප්‍රිය කළ මෙම පළතුරු පිළිබඳව අද බොහෝ දරුවන් දන්නේත් නැත.
ප්‍රායෝගිකව දැක ගැනීමට විරල මාදන් අද වෙළඳපෙළෙන් මිළදී ගැනීමටද නොහැකිය.
එසේ වුවත් මාදන් පළතුර පිළබඳව විශේෂ අවධානයක් යොමුකරන සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කෘෂි අපනයන අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය කපිල දිසානායක මහතා මාදං යනු ඖෂධීය මෙන්ම පෝෂණීය අගයෙන් ඉහළ පළතුරක් ලෙස හඳුන්වයි.
වෙළඳපොලේ මෙම පළතුර මිළදී ගැනීමට සොයාගැනීමත් අසීරුය. එහෙත් අගෝස්තු, සැප්තැම්බර් මාසවල වියලි කළාපයේ සමහර ප්‍රදේශයන්හි, විශේෂයෙන් කල්පිටිය, මඩකලපුව, මුලතිව් වැනි ප්‍රදේශයන්හි පාර දෙපස සුලු වශෙයන් වෙළදුන් විසින් මාදන් විකුණනු දැක ගත හැකිය.
කොළඹ නගරයේත් තැන් කිහිපයක මාදං විකුණනු දැකිය හැකි නමුත් ඒ මාදං බවත්, ශ්‍රී ලංකාවේ දේශීය පළතුරු අතර ඖෂධීය මෙන්ම පෝෂණීය අගයෙන් ඉහළ පළතුරක් බවත් නොදන්නා බොහෝ දෙනෙක් මාදං දෙස නොබලාම යන්න යති.
මාදන් ගස් නැති වී ගොස් නැත. වියලි කලාපයේත්, වියලි අතරමැදි කලාපවලත් පමණක් නොව, කොළඹ 7 මාවත් දෙපසත් මාදං ගස් තිබේ. කොළඹ නගරයේ හදවත බඳු විහාර මහා දේවි උද්‍යානය වටාත් මාදං ගස් කිහිපයක්ම තිබේ. එහෙත් ඒ ගැන කිසිවෙක් අවධානය යොමු නොකරති.
මාදං ස්වාභාවයෙන් හැදෙන ගස් අතර බහුල ගසකි. නමුත් වෙළද පොළේ මාදන් පළතුරක් ලෙස දැක ගැනීම උගහටය. ඒය ඌන භාවිත පළතුරක් ලෙස සැලකෙයි. විද්‍යාත්මකව Syzigium cumini ලෙස හදුන්වන අතර, විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වයි. ජම්බෝලන් යන්න බහුලව භාවිත වන තවත් නමකි.
දම් පාට පළතුරක් වන මාදන් ගෙඩිය ප්‍රමාණයෙන් කුඩාය. ගසේ පොකුරු වශෙයන් සෑදෙන ඉදුණු මාදන් පොකුරක් මිදි පොකුරකට සමාන වෙයි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මාදන් විවිධ ප්‍රමාණවලින් යුක්තය. දළ වශයෙන් 15 මි.මි. ක් පමණ වන මාදන් ගෙඩියක් මඩකළපුව හෝ කල්පිටිය ප්‍රදේශවල 20 මි.මි. දක්වා විශාල වේ. එහෙත් මි. මී. 13 පමණ කුඩා ප්‍රමාණයේ මාදං ද බොහෝ ප්‍රදේශවලින් හමුවේ.
මාදන් ඉන්දියාවේ ඉතා බහුලව භාවිත වන ඖෂධීය ශාකයකි. මාදං ගසේ කොළ මෙන්ම පොතුද ශ්‍රී ලංකාවේ අයුර්වේද ඖෂධයක් ලෙස භාවිතයට ගනී.
මාදන් ආයුර්වේදයේ භාවිත වන හොද ඖෂධ ශාකයකි.
ඉන්දියාවේ මාදන් ගසේ විවිධ කොටස් භාවිතයෙන් විවිධ රෝග සඳහා ආර්ථික වශයෙන් නිෂ්පාදිත ඖෂධ වෙලඳපොලේ ලබාගැනීමට හැකිය. මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ප්‍රසිද්ධය. පළතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් මධුමේහය පාලනය කර ගත හැක.
ග්‍රාමීය ප්‍රදේශවල, විශේෂයෙන් කල්පිටිය ප්‍රදේශයේ, මෙම මාදන් ඵලය බීජත් සමග හොඳින් වියලා කුඩු කර කෝපි මෙන් රත් කර උණු වතුර සමග මිශ්‍ර කර පානයක් ලෙස භාවිතයට ගනී. එයින් මධුමේහය අඩුවන බව ඔවුන් කියති. මාදං ඵලය පමණක් නොව එම ගස්වල කඳේ පොත්ත ද තම්බා එම වතුර මධුමේහය පාලනයට ඖෂධීය පානයක් ලෙස ගන්නා බව කියතත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ආයුර්වේද වෛද්‍යවරයකුගෙන්ම ලබාගෙන මිස භාවිතා නොකළ යුතුය.
මේ සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවයක් ඇත.
මධු මේහය පමණක් නොව වෙනත් බොහෝ රෝගී තත්වයන් සඳහා ද මාදන් හොඳ ඖෂධයකි. මේ දක්වා කරන ලද පර්යේෂණයකට අනුව සමහර බහුලව ඇති පිළිකා සෛල අඩපන කිරීමට ද මාදං සමත් වන බව සොයාගෙන ඇති අතර තව දුරටත් පර්යේෂණ සඳහා දොරටු විවෘතව ඇත. ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක පර්යේ ෂණ වලට අනුව මාදන් ඵලෙය් ප්‍රති ඔක්සිකාරක ගුණයන් හොඳින් පවතින බව තහවරු කළ හැකිය. එමෙන්ම ඵලෙය් මාංශලයට වඩා අධිකව ප්‍රති ඔක්සිකාරක ගුණයක් පවතින්නේ බීජයේය. මෙම ප්‍රති ඔක්සිකාරක ගුණ පිළිකා කාරක ඇතිවීම වැලැක්වීමට වැදගත් වේ. පර්යේෂණ වලින් පෙනෙන කරුණක් වන්නේ මාදං වල මෙම ගුණය විවිධ ප්‍රදේශවල ඇති ගස්වල විවිධත්වයක් පවතින බවයි.
මීට අමතරව හෘද සහ අක්මා රෝග සඳහා මාදං ගසේ පත්‍ර සාරය ඖෂධයක් ලෙස පාවිච්චි කළ හැකි බව ඉන්දියානු පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී ඇත. තවත් පර්යේෂකයින් කිහිප දෙනෙක් මාදන් වල ප්‍රති එච්.අයි.වී. ගුණයන් පවා ඇති බව පෙන්වා ඇති අතර මේවා තවමත් පර්යේෂණ මට්ටෙම් පවතී. තවද රුධිර කොලෙස්ටර්රෝල් මට්ටම පාලනයටත්, රුධිර සීනි මට්ටම නිසි පරිධි යාමනයටත් ආදි ලෙස විවිධ වූ රෝග ගණනාවකට මාදං ඔසුවකි. මෙලෙස සැලකීමේදී පෙනී යන්නේ මාදං අනුභවය හැම අතින්ම ශරීරයට හිත කර බවය. තවද මෙය ආර්ථික වශයෙන්ද වාසි ලබා ගත හැකි ශාකයකි.
මාදං ගෙඩියේ වර්ණය ක්‍රිෂ්ණ දෙවියන්ගේ සමෙ වර්ණය ට සමාන බව සැලකෙන හෙයින් ඉන්දියාවේ සමහර ප්‍රදේශයන් හි දිව්‍යමය වටිනාකමක් දී ඇති අතර ක්‍රිෂ්ණා දෙවියන් පිදීමට මෙම පලතුරු භාවිත කරයි. මාදං ගස ලවන සහිත වැලි පසක මඩ සහිත පසක වෙනත් නිසරු පසක යන සෑම පාංශු පරිසරයකම හොඳින් වර්ධනය වන හෙයින් භූමි අලංකරන සහ වන වගා ව්‍යාපෘති සඳහා සාර්ථක ගසක් ලෙසද හඳුන්වා දිය හැකිය. තවද ගසේ කඳ ජලයට තරමක ප්‍රතිරෝධයක් දක්වන හෙයින් දිරාපත් වීමේ ප්‍රවනතාවය අඩුය. මේ හෙයින් කාර්මික කටයුතු සඳහා සුදුසු ලී වර්ගයකි. ගසේ පත්‍ර සතුන්ට දිය හැකි පෝෂ්‍ය දායක ආහාරයකි.
ලංකාව පුරා කරන ලද අධ්‍යනයන්ට අනුව මාදං ගසේ ප්‍රදේශ අනුව විශාල වෙනස්කම් දැකිය හැකි අතර හොඳ පලතුරක් ලෙසත් ඖෂධීය ශාකයක් ලෙසත් දියුණු කර වෙළඳපොළට ගෙන ඒමට හැකි හොඳම විභවයක් ඇති ගසක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙවැනි අප අතර පවතින සම්පත් නැතිවී යාමට ඉඩනොදී නිසි පර්යේෂණ හරහා උසස් ප්‍රභේද නිෂ්පාදනයටත් දැනට පවතින ස්වාභාවික ගස් වලින් ලැබෙන පලතුරු භාවිතයෙන් විවිධ කල් තබා ගත හැකි ආහාර සහ ඖෂධ නිෂ්පාදනය තුලින් මාදං පළතුරේ අගය ජනතාව අතර ප්‍රචලිත වීමට හැරීමෙන් ඌන භාවිත තත්වයෙන් මුදවා ආර්ථිකව වැදගත් ගසක් බවට පත් කර ගත හැකි බව ආචාර්ය කපිල දිසානායක මහතා පෙන්වා දෙයි..
(සටහන - බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මතකයෙන් ගිලිහී යන මාදං
Kavinda Tuesday, 21 July 2020 03:13 PM
මාලිගාවත්ත විශ්‍රාම වැටුප් කාර්යාලය අසල හා මාලිගාවත්ත පොලිසියට ගොඩ වන ස්ථානයේ මාදං ගස් ඇත...
ඩප්පියා Thursday, 23 July 2020 11:58 AM
අපෝ එතන තියෙන මාදන් කන්න එපා. වෙන ලෙඩක් හැදෙයි. අපි නොදන්නා තැනක් නොවෙයි එතන.
Kumar (Gulf) Tuesday, 21 July 2020 03:36 PM
අරාබි ගල්ෆ් රටවල මේ ගස හොඳට වැවෙනවා. ඒත් පලතුක් ලෙස පාකිස්තානයෙන් එන කිලෝවක් ලංකා මුදලින් රුපියල් 1500පමණට සුපර් මාර්කට් වල විකුණනවා.
පූජා Wednesday, 22 July 2020 08:20 AM
මේ, මා දන් පොකුර දකිද්දී, සුනිල් සාන්තයන් ගැයූ පැරණි, ඉතාමත් සුමිහිරි ගීතයක් මගේ මතකය අවදි කලා... අපි චූටිම චූටි කාළේ අසා රස විඳපු ඒ ගීතය "බෝවිටියා දන් " නම් විය... දැනුත් එහි රසය බිඳකුදු අඩු නොවේ... මාදන් මෙන්ම මෙවැනි පැරණි ගීතයන් අද කාලයේ අසන්නට දකින්නට නොලැබීම කණගාටුවට කරුනකි.
අනා Friday, 24 July 2020 04:48 AM
අපි අගෝස්තු පාසල් නිවාඩු කාලේ ඉන්නේ දං ගස්වල තමයි. අපේ පළාතේ කියන්නේ දඹ කියලා.