ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටිය දී අකුරළ මුහුද තීරයේ දී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් නව දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ පුවත අප පුවත්පතේ නොබෝදා පළ වූයේය.
මෙරට හෙරොයින් ජාවාරමේ යෙදීම හේතුවෙන් 8 දෙනකුට එකවර දඬුවම් නියම වූ ප්‍රථම වතාවත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් වරද පිළිගත් ප්‍රථම අවස්ථාවත් මෙය බව පෙනී යයි. එම නිසා ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව විශේෂ තැනක ලා සැලකිය හැකි වේ. හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක් නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.
මීට පෙර පේදුරුතුඩුව හා කන්කසන්තුරේ අතර ශ්‍රී ලංකාවට අයත් ජාත්‍යන්තර මුහුදේ 2019 අප්‍රේල් 21 වැනිදා, හෙරොයින් කිලෝ 196 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග වූයේ ය. හෙරොයින්වලට අදාල නඩු කඩිනමින් විභාග කිරීම උදෙසා , එම විනිසුරු මඩුල්ල පත්කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබිණි. කෙසේ වුවද පැමිණිල්ල දෙදරා තිබීමේ දෝෂය මත එම නඩුවේ, විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. එම අත්අඩංගුවට ගැනීමට අදාළ විමර්ශනය සිදු කළ ආකාරය පිළිබඳව විනිසුරු මඩුල්ල මවිතය පළකොට තිබිණි.
මුහුදු මාර්ග වලට යාව පවතින අප රටේ පිහිටීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොමදව ප්‍රයෝජන ගන්නා අයුරු එම අත්අඩංගුවට ගැනීම් වලින් පෙනේ.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හඳුන්වන අප රට ජාත්‍යන්තර වෙළඳාමට අතිශය හිතකර ස්ථානයක පිහිටා ඇත. එහෙත් ආර්ථිකය වර්ධනය කිරීම ආදී සුබදායි කටයුතු උදෙසා එම පිහිටීමෙන් වාසි ලබා ගැනීමට අප තවමත් සමත් වී නැත. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නම් ශ්‍රී ලංකාවේ පිහිටීමෙන් අගේට වාසි ලබාගෙන තිබේ. මෙම පුවතට අදාළ නාවික යාත්‍රාව අකුරළ මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමත්, 2019 දී සිදු කළ ඉහත සඳහන් හෙරොයින් අත්අඩංගුවට ගැනීමත් ඊට හොඳ සාක්ෂියකි.
මත්ද්‍රව්‍ය වෙළඳාම ගජරාමෙට සිදුවන ලාඕසය තායිලන්තය බුරුමය යන රටවලට අප රට වෙත එන මුහුදු මාර්ග නැගෙනහිර පැත්තෙන් විවෘතය. අනෙක් අතට ඇෆ්ගනිස්තානය ඉරානය හා පකිස්තානය යන මත්ද්‍රව්‍ය වෙළඳාම සරුවට සිදුවන රටවලට අප රට බටහිරින් විවෘතය. පිහිටීම හේතුකොටගෙන වාසනාව පෑදීමට මත්තෙන්, ඒ හේතුවෙන් අපට අවාසනාව පෑදීම මහත් අභාග්‍යයකි.
1829 දී වතුකර ද්‍රවිඩ ජනයාගේ පරිහරණය පිණිස මෙරටට අබිං ගෙන ආ නිසා, සිරිලක අබිං වගාකිරීම එවකට ආණ්ඩුකාරයා විසින් දිරිමත් කරනු ලැබීය. 1867 වන විට අබිං කෑම මෙරට සමාජ ප්‍රශ්නයක් වූ බැවින්, 1867 අංක් 119 දරන කංසා පනත පනවන ලදී.
කෙසේ වුවද 1978 විවෘත ආර්ථිකය හරහා ආනයන අපනයන නීති ලිහිල් කිරීමත් පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට හවුල් වීමට අවසර ලැබීමත් සිදු වූ වාතාවරණයක මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වේගවත් විය. 1986 අප්‍රේල් මැයි වනවිට ඩොලර් මිලියන 40 ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකිකයන් 80 දෙනකු අත්අඩංගුවට පත්වීමේ පුවත යුරෝපා මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය ශ්‍රී ලංකාවට වාර්තා කර තිබිණි.
1991 සිට 2018 වර්ෂය දක්වා අවුරුදු විසිහතක් තුළ අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් ප්‍රමාණයම 2018 වර්ෂයේ දී අත්අඩංගුවට ගෙන තිබීමෙන් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වෙළඳාමේ, වර්ධනය කෙතරම් වීද යන්න පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් වූ ආකාරය එයින් පැහැදිලිය.
මත්ද්‍රව්‍ය උවදුරට වැඩිපුරම ගොදුරුව සිටින්නේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණයෝය. තරුණියන් ඊට ඇබ්බැහි වීමද මෑත කාලයේ වැඩි වී තිබේ. මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇත්තේ ශ්‍රමය වැය කළ හැකි, ශ්‍රම බලකායට අයත් ජනයා බව පැහැදිලිය . පාසල් සිසුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගත යුතු කාලය දැන් උදා වී තිබේ.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්‍රව්‍ය හොර පාරෙන් රටට ඒම බරපතළ ප්‍රශ්නයක්
sam Saturday, 28 October 2023 06:57 AM
පාසල් සිසුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගත යුතු කාලය දැන් උදා වී බොහෝ කලය එසේ වුවත් එවැන්නක් සිදුනොවීම බරපතල ගැටලුවකි. පාසල් දරුවන් මත් ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීම අඩුකර ගැනීමට ක්‍රම කිහිපයකට කළ හැකිවේ.