විදේශිකයකු විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලියන ලද හරවත්ම සහ විශිෂ්ටතම කෘතිය ලෙස අදටත් පිළිගැනෙන්නේ, රොබට් නොක්ස් විසින් ලියන ලද An Historical Relation of the Island of Ceylon හෙවත් “ලංකාද්වීපය පිළිබඳ ඵෙතිහාසික විස්තරය” නමැති ග්‍රන්ථයයි. මහනුවර රාජධානි සමයේ සිරකරුවකු ලෙස දහනව වසරක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි රොබට් නොක්ස් මෙරට අතීත ජන ජීවිතය අළලා ලියන ලද මෙම ග්‍රන්ථය අපූර්ව ඉතිහාස ග්‍රන්ථයක් මෙන්ම අතීත හෙළයන්ගේ රසමුසු තැන් හෙළිකරන මෙරට ජන ජීවිතයේ කැටපතක් බඳුය.
එදා රොබට් නොක්ස් ලංකාද්වීපයේ සිරකරුවකු ලෙස කල් ගත නොකරන්නට අපගේ අතීත ජන දිවියේ බොහෝ තොරතුරු අදටත් අප්‍රකට වන්නට ඉඩ තිබුණි. නාවිකයකු ලෙස 1660 අප්‍රේල් මස 04 දින අහම්බෙන් මෙරටට පැමිණෙන රොබට් නොක්ස් සිංහල රජුන්ගේ සිරකරුවකු බවට පත්වනුයේ, අතීත කොට්ටියාරම හෙවත් වත්මන් ත්‍රිකුණාමලයේ “මූතුර් ” හිදීය. තමාත් තම පියාත් ඇතුළු පිරිස එදා සිංහල රජුන්ගේ සිරකරුවෙකු බවට පත්වන්නේ, මූතුර් ප්‍රදේශයේ වෙරළාසන්නව පිහිටි සියඹලා ගසක් යටදී බව රොබට් නොක්ස් ඔහු විසින් රචිත “ලංකාද්විපය පිළිබද ඵෙතිහාසික විස්තරය” නැමැති ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
රොබට් නොක්ස් එදා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී තිබූ එකී ඵෙතිහාසික සියඹලා ගස අදටත් මූතුර් නොක්ස් පාරේ නිරුපද්‍රිතව පිහිටා ඇති අතර, එය මේ වන විට මෙරට පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වෘක්ෂයන් අතරින් දෙවන වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පමණක් බව විශ්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි රංජිත් සැම්සන් මහතා කියා සිටී.
යුද ගැටුම් පැවති සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කළ ඊ. එළිලන් ත්‍රිකුණාමලය එල්ටීටීඊ කාර්යාලයේ පැවති රැස්වීමකදී සිය සාමාජිකයන් අමතා කියා සිටියේ, ත්‍රිකුණාමලය මැක්හේෂියර් ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි ඵෙතිහාසික බෝ ගස් හතර සහ මූතුර් පිහිටා ඇති රොබට් නොක්ස් සියඹලා ගස කිසිදු හේතුවක් මත විනාශ නොකරන ලෙසයි. ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ, දකුණේ ජනයා මෙම ස්ථාන නැරඹීමට වීසා රැගෙන පැමිණෙන කාලය වැඩි ඈතක නොවන බවයි.
පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මූතුර් අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට මූතුර් ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පිළිගැනීමේ කථාව කළ නීතිඥ ඉල්ලියාස් මුබාරිස් මහතා මූතුර් ප්‍රදේශයේ ඵෙතිහාසික වටිනාකම පිළිබඳව සහ මෙම සියඹලාගස ගැන විශේෂ සඳහනක් කළේය.
ජනාධිපතිතුමාද එම කථාව ඉතා ඕනෑනමින් අසා සිටිනු දක්නට ලැබුණි.
“වයිට් මෑන්ස්ටි්‍ර” නමින් ප්‍රකට මෙම ඵෙතිහාසික සියඹලා ගස මූතුර් නොක්ස් පාරේ මූතුර් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට තිබෙනු දැකිය හැකිය. 1979 දී හමා ගිය මහා සුළි සුළගින් මෙහි තිබූ මුල් සියඹලා ගස ඉදිරී වැටුණු බවත්, වත්මන් ශාඛය පසුව එයින් හටගත් අනු ශාකය බවත් ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
මේ වන විට එය කිසිදු වගකිව යුතු ආයතනයක් මගින් සංරක්ෂණය කර නැතත්, මෙහි වටිනාකම පිළිබද අවබෝධයක් ඇති ප්‍රදේශවාසීන් එය ආරක්ෂා කරන බවක් දැකිය හැකිය.
රොබට් නොක්ස් නාවික වෙළෙන්දකු වු සිය පියා සමග මධ්‍යධරණි මුහුදේ වෙළෙඳාම සඳහා ලන්ඩන් නුවරින් පිටත් වන්නේ, 1657 ජනවාරි 21 දිනයි. ඒ “ඈන්” නැමැති නෞකාවෙනි. මේ තමා ඉතා සතුටින් පිටත්ව යන්නේ, තම ජීවිතයේ පළමු හා අවසාන නාවික ගමන බව ඔහු එදා සිහිනෙන්වත් නොසිතන්නට ඇත. පුරා වසර දහනවයකුත් මාස හයකුත් දින දහ හතරක් ලංකාවේ සිරකරුවකු ලෙස සිය යෞවනය ගෙවන්නට රොබට් නොක්ස්ට ඉඩ සලසන්නේ, මෙම දෛවෝපගත මුහුදු ගමනයි.
වසරක් පුරා කාලයක් ඉන්දියාවේ වරායෙන් වරායට වෙළඳාමේ යෙදෙන ඈන් නෞකාව පෙරළා ලන්ඩන් නුවර කරා ගමන් කරද්දී මහා චණ්ඩ මාරුතයකට හසුවන අතර, ඊට ගොදුරු වූ නෞකා කිහිපයක්ම බෙංගාල බොක්කේදී මුහුදුබත් වන්නේය.
කල්වේලා තියා අනතුර වටහා ගන්නා ඈන් නෞකාවේ කපිතාන් වු රොබට් නොක්ස්ගේ පියා මහ කුඹ ගස කපා දැමීමට අණකල බැවින් ඈන් නෞකාවට ඒ අවාසනාවන්ත ඉරණමෙන් ගැලවීමට හැකි වේ.
කෙසේ නමුත්, මහ කුඹ ගසක් නොමැතිව තව දුරටත් සාගර තරණය කළ නොහැකි බැවින් ඒ සඳහා සුදුසු ගසක් සොයා නෞකාව ලංකාද්වීපයේ කොට්ටියාරම් වරායට සේන්දු වන්නේ, ෆෝර්ට් සැන්ට් ජෝර්ජ් හි බි්‍රතාන්‍ය වෙළෙඳ නියෝජිත තෝමස් චෙම්බර්ස්ගේ නියෝගයකට අනුව වෙළෙදාම සඳහා රැගෙන එන ලද රෙදිපිලි තොගයක් ද සමගිනි.
නෞකාව වරායේ රඳවා ගොඩ බිමට බට ඈන් නෞකාවේ නාවිකයනට මෙම රටේ මිනිසුන් තරමක් කුලෑටි ලජ්ජාසහගත මෙන්ම තමන් කෙරෙහි අවිස්වාසයෙන් යුතුව බලන පිරිසක් ලෙස පෙනී ගියද, සති තුනක පමණ කාලයක් ගත වෙද්දී එම තත්ත්වය මගහැරී යන බවක් පෙනුණි.
කොට්ටියාරම් වරායේ නෞකාව නැංගුරම්ලා ඔවුනට සිතුණු සිතුණු ඕනෑම මොහොතක නෞකාවේ සිට ගොඩබිමට පැමිණීමටත්, ගම් මැද්දේ ඇවිද යාමටත් ඔවුහු පුරුදු වූහ. කෙටි කලකින් වැසියන් ඔවුන් සමග මිත්‍ර වන අතර, තම රටට පැමිණි ආගන්තුකයන් සාදරයෙන් පිළි ගැනුණු බවත්, ඔවුනට කිසිදු අවහිරයක් හෝ බාධාවක් හෝ සිදු නොවන බවත්ය. ප්‍රදේශය භාර පාලක නිලධාරියාගේ දැනුම් දීම ඔවුන්ගේ චිත්තප්‍රීතිය වැඩි කරවීය.
කෙසේ වෙතත්, මෙම පිරිසගේ පැමිණීම පිළිබඳ සැක උපදවා ගන්නා කන්ද උඩරට රජතුමා, පිරිසක් සමග දිසාවේ කෙනෙකු කොට්ටියාරමට එවීමට කටයුතු කරන්නේය. වෙරළට පැමිණි දිසාවේ රටේ රජතුමන්ගේ හස්නයක් රැගෙන පාලක නිලධාරියකු පැමිණ සිටින බවත් එය බාර ගැනීමට නෞකා_වේ කපිතාන්ට ගොඩබිමට පැමිණෙන ලෙසත් පණිවිඩකරුවකු අත නෞකාවට පණිවිඩයක් යැවීමට කටයුතු කරන්නේය. රජුගේ දූතයා සාදරයෙන් පිළිගත් බවට ලකුණක් වශයෙන් කාලතුවක්කු වෙඩි මුරයක් පැවැත්වීමට ද කපිතාන් රොබට් නොක්ස් කටයුතු කරන්නේය.
දිසාවේගේ ඇරියුම පිළිගත් කපිතාන් රොබට් නොක්ස් දිසාවේ මුණ ගැසීමට වෙළඳ නෞකාවේ නායකයා වූ ජෝන් ලව්ලන්ඞ් හා තම පුත් රොබට් නොක්ස් ගොඩබිමට පිටත් කර හරින්නේය. ගොඩබිමට පැමිණෙන පිරිස සාදරයෙන් පිළි ගන්නා දිසාවේ සියලු වංහුං අසා කොපමණ කාලයක් තම රටේ විසීමට අදහස් කරන්නේදැයි විමසා සිටින්නේය.
ඉංග්‍රීසීන් වන තමන් දින තිහ හතළිහකට වඩා මෙරට නොරැඳෙන බවත්, එතෙක් මෙරට වෙළෙඳ නැව් තොට සමග වෙළඳ කටයුතුවල නිරතවීමට රජතුමාගේ අවසරය පතන බවත් එහිදී ඔවුන් විසින් දිසාවේට දැනුම් දෙන ලදී. ස්වකීය විජිතයට ඉංග්‍රීසීන්ගේ පැමිණීම රජතුමා සාදරයෙන් අනුමත කරන බව දැනුම් දෙන දිසාව, ආගන්තුකයනට අවශ්‍ය කෙරෙන ඕනෑම උපකාරයක් හෝ කාර්යක් හෝ වේ නම්, එය වහා ඉටුකර දෙන ලෙස රජතුමා තමනට අණකළ බවද දිසාවේ කියයි. එසේ වුවද, රජතුමා නෞකාවේ කපිතාන් තැනට භාරදීම සඳහා ලබා දුන් රාජකීය හස්න රාජ නියෝගයට අනුව නැවේ කපිතාන් වෙතම බාරදිය යුතු බව දිසාවේ පිරිසට ප්‍රකාශ කරන්නේය.
මෙම හමුව වෙරළේ සිට සැතපුම් දහසයක් පමණ දුරකින් සිදුවෙන බැවින්, නෞකාවේ කපිතාන්වරයා ලෙස ඔහුට එපමණ දුරක් නැව තනිකොට පැමිණිය නොහැකි බවත්, දිසාවේ වෙරළ සමීපයට ඒමට කාරුණික වන්නේ නම් කපිතාන් වෙරළට පැමිණෙනු ඇතැයි පිරිස දිසාවේට කාරුණිකව ප්‍රකාශ කරන්නේය. එය පිළි ගන්නා දිසාවේ එදින රාත්‍රී තමන් සමග නැවතී, පසු දින උදෑසන තමා සමග වෙරළට යෑමට පිරිසට ආරාධනා කර තිබේ.
දිසාවේ විසින් කරන ලද පළමු ඉල්ලීමම ප්‍රතික්ෂේප කිරීම නුසුදුසු බව සිතන පිරිස එය පිළිගෙන එදින රාත්‍රී දිසාවේ සමග රැය ගතකිරීමට කැමැත්ත පළ කර සිටී. එදින රාත්‍රී පිරිස නැවතී සිටින නිවසට දිසාව ප්‍රධාන කපිතාන්වරුන් දෙදෙනකු අත පණිවිඩයක් එවමින් කියා සිටින්නේ, නැව් නායකයාට තමා විසින් රාත්‍රියේ පඬුරක් යවනු ලැබීමට කටයුතු කරන බැවින් අවශ්‍යතාවක් ඇත්නම්, තම පණිවිඩකරු අත නෞකාවට හසුනක් යැවිය හැකි බවයි.
දිසාවේගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් සැක සංකා උපද්දවාගෙන සිටි පිරිස එම අවස්ථාව උපයෝගි කර ගනිමින් නෞකාවට හසුනක් යවමින් පුත් රොබට් නොක්ස් කපිතාන් රොබට් නොක්ස්ට කියා සිටින්නේ, කිසිම හේතුවක් මත තමන් නැවට පැමිණ දෑසින් දකින තෙක් කිසිවෙකුත් නෞකාවෙන් පිටතට නොපැමිණෙන ලෙසයි.
පසු දින උදෑසන නැව් නායකයාට පිළිගන්වනු පිණිස ගවයන්ගෙන් හා පලතුරුවලින් සමන්විත පඬුරක් දිසාව විසින් වෙරළට එවනු ලැබීය. පඬුරු රැගත් පණිවිඩකරුවෝ නෞකාවට ගොස් එය කපිතාන්වරයාට පිළිගන්වා කියා සිටින්නේ, රජතුමාගේ හස්න කපිතාන්වරයා අතටම පිළි ගැන්විය යුතු බැවින් කපිතාන්වරයා වෙරළට පැමිණෙනු ඇතැයි දිසාව බලාපොරොත්තු වන බවයි. ගොඩබිමට පැමිණි නාවික පිරිස ද දිසාව සමග වෙරළට පැමිණෙන බව හසුනෙහි වැඩි දුරටත් සඳහන් කරයි.
දිසාවගේ හසුන පිළිබද අල්පමාත්‍රයක් හෝ සැක උපදවා නොගන්නා නෞකාධිපතිවරයා සගයන් හත්දෙනකු සමග ඔහුගේ ඔරුවේ නැගී වෙරළට පැමිණ දිසාව පැමිණෙන තෙක් වෙරළ ආසන්නයේ පිහිටි සියඹලා ගසක් යටට වී හිඳින්නේය. මෙසේ ඔවුන් සියඹලා ගස යටට වී සිටින අතරතුර ඔවුන්ට නොහැඟෙන සේ දේශීය යුද භටයෝ පැමිණ ඔවුන් වට කර ගත්හ. එම භටයෝ නැව් නායකයා හා ඔහුගේ සගයන් හත් දෙනා අල්ලා ගෙන කරත්තයක නංවා ගෙන දිසාව සිටි තැනට ගෙන යන අතර, එහිදී ඔවුනට කිසිදු තාඩන පීඩනයක් හෝ කොල්ලකෑමක් සිදු නොකරන්නේය.
මේ කිසිවත් නොදත් නෞකාවේ සෙස්සෝද කුඹයක් කපා ගැනීමට වෙරළට පැමිණෙන අතර, ඔවුන්ද රාජ පුරුෂයන්ගේ ග්‍රහණයට හසු වන්නේය. තරමක් දරදඬු මිනිසුන්වූ එම නාවිකයන් එක වරම යටත් නොවන බැවින් රාජ පුරුෂයන්ගේ තාඩන පීඩනවලට ලක්වන අතර, පසුව රැහැනින් බැඳ රට මධ්‍යයට ගෙන යනු ලබන්නේය.
නෞව්කාවේ පිරිස් කාණ්ඩ දෙකක් සේ තබා ගැනීමට කටයුතු කරන සිංහල නිලධාරීන් කිසි විටකත් ඔවුන් එකිනෙකා හමුනොවන අන්දමින් තැබීමට ක්‍රියා කරන්නේය. නෞකාධිපති වූ තම පියා රඳවා සිටි නිවසෙහි සුදු උඩු වියන් බැඳ තිබූ බවත්, එය මේ රටේ ආගන්තුක සත්කාරයේ පිළිබිඹුවක් බවත් රොබට් නොක්ස් සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, පසුව අත්අඩංගුවට පත් පිරිස රඳවා සිටි නිවසට උඩුවියන් නොවීය.
රොබට් නොක්ස් පියපුතු දෙපළත් නාවිකයන් දහසය දෙනාත්, ඔරු දෙකත් අත්අඩංගුවට ගත් දිසාවගේ ඊළග අරමුණ වූයේ, නෞකාව හා ඉතිරි පිරිස සිය භාරයට ගැනීමයි. එහිදී දිසාව නැව සිය භාරයට ගැනීමට මෙබඳු උපක්‍රමයක් යොදන්නේය. හෙතෙම කපිතාන්වරයාට ඉතා කාරුණිකව කථා කොට, නුඹලා මෙහි රඳවා තබා ගෙන සිටීමේ අදහස වෙනකක් නොව, එංගලන්තයේ මහ රජුට හස්නක් හා පඬුරු පාක්කුඩම් යැවීමට කන්ද උඩරට රජුට අවශ්‍ය බවත්, එය සූදානම් වන තෙක් මෙහි සැනසිල්ලේ ආගන්තුක සත්කාර විඳිමින් සිටිය හැකි බවත් කියා සිටින්නේය. අනතුරුව දිසාව මෙසේ ද කියන්නේය.
නෞකාව නැව් බොක්කේ නැංගුරම්ලා තැබීම භයානකයි. ඕලන්දකාරයන් යම් හෙයකින් නෞකාව දුටුවහොත්, ඔවුන් එය ගිනි තැබීමට ඉඩ තිබෙනවා. එනිසා නැව ගංමෝය ඔස්සේ රට තුළට ගෙන ඒම වඩා හොදයි.” යනුවෙන් කියන්නේය.
තමන්ද රවටා අත්අඩංගුවට ගෙන නැවද තම භාරයට ගැනීමට ගන්නා උත්සාහය වටහා ගන්නා කපිතාන් රොබට් නොක්ස්, ඊට අකමැත්ත එළිපිට නොදක්වා දිසාවේට කියා සිටින්නේ, නෞකාවේ කපිතාන් වන තමාගේ ලිඛිත නියෝගයක් නොමැතිව නෞකාව කිසිදු හේතුවක් මත ගංමෝයට නොපැමිණෙන බවයි. වෙරළට එනු වෙනුවට රටින් පිටව යෑම සිදුවිය හැකි බවද කියා සිටියේය.
ඒ අනුව කපිතාන්ගේ ලිපියක්ද රැගෙන පිරිසෙන් දෙදෙනකු ඔරුවකින් නෞකාව වෙත පිටත් කර හරියි. කපිතාන් රොබට් නොක්ස් එහිදී උපදෙස් දෙනුයේ, කිසිවෙකුත් නැවත ගොඩ බිමට නොපැමිණෙන ලෙසත්, ඔරුව පදවාගෙන පැමිණෙන ඉන්දියානුවන් දෙදෙනාද ඔවුන් භාරයේ තබා ගන්නා ලෙසත්ය. කියූ අන්දමින්ම එය එසේ සිදුවුණි. ඔරුවෙන් එකෙකුද හෝ නැවත නොපැමිනුණි. මෙයින් දැඩි කෝපයට පත්, දිසාව ඔවුන් පෙරළා නොපැමිණීමට හේතු දක්වන ලෙස කපිතාන්ට අණ කරන්නේය. තමා නැව් කපිතාන්වරයා වුවද, සත්‍ය වශයෙන්ම තමා දැන් සිරකරුවකු බැවින් තම අන පිළිගැනීමට නෞකාවේ නාවිකයන් අකමැතිවීම ඊට හේතුව බව හෙතෙම පෙන්වා දෙන්නේය.
අනතුරුව නෞකාව ගංමෝයට රැගෙන එන ලෙස කපිතාන්වරයාගේ පුත් රොබට් නොක්ස් නැවට පිටත්කර හරින ලෙසත්, යම් හෙයකින් ඔහුද පෙර අන්දමින් නොපැමිණියහොත්, ඊට නැවි නායකයා ලෙස වගකිව යුතු බවත් අවධාරණයෙන් කියා සිටියේය. ඊට එකඟවූ කපිතාන් රොබට් නොක්ස් සිය පුත්‍ර රොබට් නොක්ස් නැවට පිටත් කර හරින්නේය. එහෙත් ඒ නැව රට තුළට ගෙන ඒමට නොවේ. ඊට ප්‍රති විරුද්ධ කාර්යකටය.
ජීවිත ආරක්ෂාව තකා නෞකාවේ තුවක්කු සූදානම් කොට සිටින ලෙසත්, අවි ආයුධ ඇතිව මිස ජීවිතයට ආශා ඇති කිසිවෙකු වෙරළට නොපැමිණිය යුතු බවත් නෞකාවේ සහකාර නිලධාරියා වූ ජෝන් බර්පෝඞ්ට දන්වන ලෙස එහිදී සිය පුත් රොබට් නොක්ස් වෙත කපිතාන් රොබට් නොක්ස් රහසින් අණ දෙන්නේය. කෙසේ නමුදු තම පියා සිරකරුවෙකු ලෙස අතහැර දමා සිය ජීවිතය ගලවා ගෙන සිය රට යෑම දේවාධිකරණයේදී වැරදිකරුවෙකු විය හැකි බැවින් නැවත පෙරලා එන බවට සිය පුතු සපථ කර ගැනීමටද මෙහිදී කපිතාන් රොබට් නොක්ස් කටයුතු කරන්නේය.
තම පියාගේ අත්සන සහිත හස්න ද රැගෙන නෞකාවට යන රොබට් නොක්ස් පෙරළා ගොඩබිමට පැමිණෙන්නේ, සහකාර නිලධාරියා වූ ජෝන් බර්පෝඞ් ඇතුලු නෞකාවේ සියළු නාවිකයන්ගේ අත්සන් සහිත ලිපියක්ද රැගෙනය. එම ලිපියෙන් කියවෙන්නේ, සිරකරුවෙකු වී සිටින නෞකාධිපතියාගේ උපදෙස් නෞකාව පිළිනොපදින බවත්, නැවේ හා නාවිකයන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගත හැකි බවත්ය.
එම හස්න ලැබීමෙන් පසු නෞකාව ගොඩබීමට රැගෙන එන ලෙස දිසාව තවදුරටත් කපිතාන් රොබට් නොක්ස්ට කරදර නොකරන්නේය. රජතුමාගෙන් නියෝගයක් ලද වහාම නිදහස් කරන බව කියමින් තවත් පුරා දෙමසක්ම සියලු සත්කාර ඇප උපස්ථාන මධ්‍යයෙහි මෙම පිරිස මූතුර් ප්‍රදේශයට නුදුරු නගරයක රඳවා ගෙන සිටින්නේය.
කපිතාන් රොබට් නොක්ස් ඇතුළු දහසය දෙනාගේ නිදහස්වීම සැකසහිත වූ බැවින් ඊට මාස කිහිපයකට පසුව ජෝන් බර්පෝඞ්ගේ නායකත්වයෙන් ඈන් නෞකාව පෝටෝ නෝචෝ බලා යාත්‍රා කෙරෙන්නේ, කපිතාන් රොබට් නොක්ස්, පුත්‍ර රොබට් නොක්ස් ඇතුළු පිරිස ලංකාද්වීපයේ සදාකාලික සිරකරුවන් බවට පත් කරමිනි.
කන්ද උඩරට රජුන්ගේ උපදෙස් මත මෙම පිරිස පසුව මහනුවර වෙත ගෙන එන අතර, එහිදී උණ රෝගය වැලඳීමෙන් කපිතාන් රොබට් නොක්ස් 1661 පෙබරවාරි 09 දින බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ දී මිය යන්නේය. කෙසේ වෙතත්, පුත්‍ර රොබට් නොක්ස් සිරකරුවෙකු ලෙස මෙරට වසර දහනවයකුත් මාස එකකුත් දින විසිහතක් ගෙවා අවසානයේ, හොර රහසේ මල්වතු ඔය හරහා අරිප්පුව වෙත ගොස් එතනින් කොළඹට පැමිණ නැවත නිදහස් මිනිසෙකු සේ 1679 ඔක්තොබර් මස 18 වන දින සිය රට වෙත යන්නේය.
රොබට් නොක්ස් අත්අඩංගුවට පත් වු මූතුර් සියඹලා ගස වර්තමානයේ __ඓතිහාසික වෘක්ෂයක් ලෙස විරාජමානව මූතුර් නොක්ස් පාරේ නැගී සිටියි. මූතුර් ප්‍රාදේශීය සභාව විසින් ඒ වටා ඉදිකර ඇති බැම්මක් හැරෙන්නට එය සංරක්ෂණය කිරීම කෙරෙහි කිසිදු වගකිව යුතු ආයතනයක අවධානය ඊට යොමු වී නැති බව නීතිඥ ඉල්ලියාස් මුබාරිස් මහතා කියා සිටී.
“මේක ඓතිහාසික වෘක්ෂයක්. මේ වෘක්ෂය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි. ජනාධිපතිතුමා, වත්මන් පරිසර ඇමතිවරයා නිසා එතුමා මේ පිළිබද අවධානය යොමු කරනවා නම් වඩාත් හොදයි.”
තම සේවා කාලය තුළදී මෙම ඓතිහාසික වෘක්ෂය සංරක්ෂණය කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සහ ගත්තද, එකල තම ආයතනයේ පැවති සම්පත් හිඟකම ඊට හරස් වූ බව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හිටපු පුරාවිද්‍යා නිලධාරියෙකු වූ රංජිත් සැම්සන් මහතා කියා සිටියේය.
“වසර සියයකට වඩා පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයක් ලෙස නම් කළ හැකියි. මෙම ස්ථානය සංරක්ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්.” රංජිත් සැම්සන් මහතා කියා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුතූර් වෙරළේදී රොබට් නොක්ස් ඇල්ලූ තැන තවමත් ඉතිරිව ඇති සියඹලා ගස...
සෑම් Friday, 19 August 2016 08:21 AM
සුළි සුළඟ නිසා මේ සියඹලා ගස කඩා වැටුනා නම් ඒ 1978 දී මිසක් 1979 දී නොවෙයි . (අ)
රවින්ද්‍ර ප්‍රනාන්දු Sunday, 24 January 2021 05:20 AM
මෙවැනි පෞරාණික දේ ගැන පලකරන ලිපි තුළින් කුඩා දරුවන්ගේ මනස වර්ධනය වේ. ඒ තුළින් උගත්, නැණවත් දරුවන් රැසක් අපේ ඉදිරි ශ්‍රී ලාංකික අනාගතයට දායාද කළ හැකිය. මෙවැනි පුරාතන දේ ගැන සඳහන් ලිපි ලේඛන තව දුරටත් පලකරන ලෙසත් මා කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම ආයතනය තව දුරටත් දියුණු වී රටට වැඩදායි ඉදිරි අනාගතයට මෙවැනි කරුණු තවතවත් ලබාදෙමින් දියුණුවෙන් දියුණුව උදා වේවා යැයි මගේ එකම පැතුමයි.