මෙරටට පමණක් නොව විදෙස් රටවල ද අවධානය යොමුවූ සුවිශේෂී ජනාධිපතිවරණයත් දැන් අවසන්ය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මෙම මැතිවරණයේ ජය හා පැරදුම සිදු වූයේ කෙසේ ද කියාය. ඊට විවිධ හේතු කියවුණ ද වැඩි අවධානයක් යොමු වූයේ ප්‍රධානම අපේ්ක්ෂකයින් දෙදෙනාට සහාය වූ දෛවඥයින් පිළිබඳවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ ගණනාවක්ම ජය ගැනීමට මග හෙළි කර දුන් රාජකීය දෛවඥයා ලෙස විරුදාවලිය ලත් සුමනදාස අබේගුණවර්ධන මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ ස්ථිර වශයෙන්ම ජය ගන්නා බව කියූ ප්‍රකට දෛවඥයින් ගණනාවකගේ අනාවැකි මෙවර වැරදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහසුවෙන්ම රටේ ජනාධිපති ධුරය හිමි විය.
මහින්ද රාජපක්ෂ මහතාට වසර දහයකටත් වඩා වැඩි කාලයක් රජ කිරීමට බලවත් ග්‍රහ යෝග සකසා දුන් රාජකීය දෛවඥයාට මෙවැනි අතිශය තීරණාත්මක මැතිවරණයක වරදිද්දී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රජවීමට ප්‍රබල නැකැත් විධි සකසා දුන්නේ කවුරුන් ද යන්න කා හටත් පැවැති ප්‍රශ්නාර්ථයක් විය.
ජනාධිපතිවරණයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වූයේ රටේ ජනතාව පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා විස්මයට පත් කරවමින්ය. මහින්ද රාජපක්ෂ මහතා රටේ නායකයා වූ ආකාරයෙන්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ද රටේ නායකයා වීමට ප්‍රබල ග්‍රහ යෝග ඇතැයි ප්‍රකාශ වීමෙන් පසුව ඔහුගේ හඳහන පිළිබඳ විස්තර සෙවීමට බොහෝ දෙනෙකු උත්සුක වූහ.
හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ වූ බුද්ධි අංශවල මූලිකම මෙහෙයුමත් වී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රබල ග්‍රහ යෝග සහිත ඔහුගේ කේන්දරයේ විස්තර සොයා ගැනීමටය. එය රැුක ගැනීම ඔහුගේ පවුලේ සාමාජිකයින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ද පසුගිය දිනවල කියැවිණි.
නමුත් අවසාන මොහොතේ ජයග්‍රහණය තෙක්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ කේන්දරය පිළිබඳ තොරතුරු කා හටත් අතිශය ප්‍රබල රහසක්ව තිබුණි. කිසිවෙකුට ඒ පිළිබඳව සොයා ගැනීමට නොහැකි විය. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ ඔහුට ජය මග විවර කර දුන් රාජකීය දෛවඥයා ද පරාජය කරමින්ය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රබල ජයග්‍රහණයක් ලැබුවේ මුළු රටටම හෙළි නොවූ කේන්දරකරුවෙකුගේ නිවැරැුදි තත්කාලයට අනුවය.
කවුද මේ නව අනාවැකිකරුවා. දැඩි වෙහෙසකින් කළ සොයා බැලීමකින් පසුව ”ඉරිදා ලංකාදීප”ය වෙනුවෙන් අපට මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ජය මග විවර කර දුන් ඒ සුවිශේෂී දෛව්‍යඥයා සොයා ගැනීමට හැකි විය.
විධායක බලයත් සමග නොබියව හැප්පීමට අවශ්‍ය සුවිශේෂී නැකැත් විධි සකසා දුන් මේ නැකැත්කරුවා කවුරුවත් නොව නව ජනාධිපතිවරයා බිහිවූ පුලතිසිපුරවරයේම සංඝනායක හිමිවරයෙකි. උන්වහන්සේ නමින් ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමියන්ය. මේ වන විට 76 වැනි වියෙහි පසු වන දේවානන්ද හිමියන් ඇළහැර බකමූණ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන් ලෙස කටයුතු කරන අතර ගිරිතලේ පුරාණගම ධර්මවිජයාරාම විහාරස්ථානයේ අධිපති හිමි ලෙස වැඩ වාසය කරති.
වලපනේ දී 1938 වසරේ උපත ලබන දේවානන්ද හිමියෝ දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය. ගොවියෙකු වූ උක්කුබණ්ඩා මහතා තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට බෙහෙවින් උත්සුක වූ අයෙකි. පැවැදි දිවියට ඇතුළත්ව සිටි තම දෙවැනි පුතු වත්තේගම ධර්මද්වීප පිරිවෙණට ඇතුළත් කොට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේය. ලියන්ගස්වගුරේ දේවානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් වූ තම දෙවැනි පුතු අධ්‍යාපනයට දක්වන සුවිශේෂී දක්ෂතාව දුටු උක්කුබණ්ඩා මහතා ඔහුට අධ්‍යාපනයෙන් ඉහළට යාමට අවශ්‍ය මංපෙත් විවර කර දුන්නේය.
ඒ අනුව 1956 වසරේ දී මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත්ව එහි දී වසර දහයක පමණ කාලයක් උසස් අධ්‍යාපනය ලැබූ දේවානන්ද හිමියෝ ඉන් අනතුරුව විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පළමු වතාවෙන්ම උසස් සාමාර්ථයක් ලැබූහ. විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් පිටව ගාල්ලේ හීනටිගල විද්‍යාවර්ධන පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති වශයෙන් සේවය කළහ.
පිරිවෙණේ සේවය කරමින් සිටිය දී තම ගුරු හිමියන් වන ලියන්ගස්වගුරේ ධම්මාලෝක හිමියන්ගේ ඉල්ලීමකට අනුව සේවයෙන් ඉවත්ව පැමිණ 1969 වසරේ දී වත්මන් විහාරස්ථානයේ කටයුතු බාර ගත්හ.
ගිරිතලේ විහාරස්ථානයට පැමිණීමට පෙර දේවානන්ද හිමියෝ ගාල්ලේ පිරිවෙණේ සේවය කරමින් සිටිය දී ගාල්ලේ මිහිරිපැන්නේ පදිංචිව සිටි කරිසන් ගුණවර්ධන මහතාගෙන් නක්ෂත්රය පිළිබඳව අංගසම්පූර්ණ දැනුමක් ලබාගෙන තිබුණි. එවකට විශ්‍රාමලත් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ ගුණවර්ධන මහතා අති දක්ෂ නක්ෂත්රකරුවෙකු වුව ද ඔහු ඉන් මුදල් හම්බ කළ අයෙකු නොවීය. තම දැනුම සඳහා නක්ෂත්ර කලාව අධ්‍යයනය කර තිබූ ගුණවර්ධන මහතාගේ එකම ශිෂ්‍යයා වූයේ ද දේවානන්ද හිමියන් පමණි. ගුණවර්ධන මහතා මීට කලකට පෙර අභාවප්‍රාප්ත වූ ප්‍රකට මනෝවෛද්‍ය විශේෂඥවරයෙකු වූ ඞී.වී. හරිශ්චන්ද්‍ර මහතාගේ මවගේ සොයුරා විය.
ගුණවර්ධන මහතාට දරුවෝ එකොළොස් දෙනෙකුම වූහ. ඔවුන්ගෙන් දරුවන් දස දෙනෙකුම වෛද්‍යවරුන් වූ බැවින් ඒ කිසිවෙකු ගුණවර්ධන මහතා ඉතා ආශාවෙන් උගත් නක්ෂත්ර කලාවට යොමුවී නොතිබුණි. මේ නිසාම ගුණවර්ධන මහතා තමා සොයා පැමිණි දේවානන්ද හිමියන්ට තම දරුවකු හා සමානව සලකන්නේ නක්ෂත්රයෙහි ඔහු දැන සිටි රහස් සියල්ලම ගුරු මුෂ්ටියකින් තොරව ලබා දුන්නේය.
ඒ සියල්ලෙන්ම පසුව ගුරු හිමියන්ගේ ඉල්ලීමට අනුව පුලතිසිපුරවරයට පිවිසෙන දේවානන්ද හිමියන්ට රටේ අනාගත නායකයා මුණ ගැසෙන්නේ පොළොන්නරුවේ පිරිවෙණක ආචාර්යවරයෙකු වශයෙන් සේවය කිරීමට ගිය අවස්ථාවේදීය.
මේ මීට වසර 45කට පමණ පෙර සිදුවූ ඒ හමුවීම දේවානන්ද හිමියන්ගේ මතකයේ තිබූ ආකාරයයි.
”මෙතුමා මට හමුවෙන කොට බොහෝම තරුණ වයසේ හිටියේ. ඒ වෙන කොට එයාට අවුරුදු 18ක් 19ක් විතර ඇති. මම සේවය කරපු පිරිවෙණට මෛතී‍්‍රපාල නිතරම ආවා ගියා. ඔහුට අපි කතා කළේ ”මෛතී‍්‍ර” කියලයි. පිරිවෙණේ ස්වාමීන් වහන්සේලා සමග ඔහු බොහෝම හිතවත්ව කටයුතු කළා. ඒ වෙන කොට ඔහු දේශපාලනයට ඇවිල්ලයි හිටියේ. ඒ නිසා නිතරම අපිත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලන කටයුතු ගැන කතා කළා.
”ඒ වයසේදීත් පළාතේ ජනතාව අතර මේ තරුණ මෛතී‍්‍ර බොහෝම ජනපි‍්‍රයයි. දේශපාලනය පමණක් නොවෙයි ගමේ පොදු වැඩ කටයුතුවලදීත් මුල් තැන අරගෙන කටයුතු කරනවා මම දුටුවා. මම ජ්‍යොතිෂය ගැන කටයුතු කරන බව එතුමා දැනගෙන හිටියා. ඒ නිසා කීප වාරයක්ම ඒ කාලයේ දී ඇවිත් මාව හමු වෙලා එතුමාගේ කේන්දරය බලවා ගත්තා. බොහෝම උනන්දුවක් ඒ කාලයේ ඉඳන්ම ජ්‍යොතිෂය ගැන තිබුණා. හැම වැඩක්ම කළේ ජ්‍යොතිෂයට අනුවමයි.”
මෛතී‍්‍රපාල මහත්තයාගේ ඉදිරි දේශපාලනය ගැන ඔබ වහන්සේට කේන්දරය බලන කොට පෙනුණා ද?
”මෛතී‍්‍රපාල මහත්තයා සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී තම පියා වෙනුවෙන් දානයක් පිරිනමනවා. මම දන්නා විදිහට මට මතක ඇති කාලයේ සිටම මම එතුමාගේ ඔය දානමය පුණ්‍යකර්මයට සහභාගි වුණා. මට මතකයි එතුමාට මුලින්ම ඇමැති තනතුරක් ලැබුණු අවස්ථාවේ දී පියා වෙනුවෙන් පිරිනැමූ දානමය පුණ්‍යකර්මයේ දී මම ප්‍රකාශ කළා මේ දානයේ පින් මහිමයෙන් ඔබතුමා වසරින් වසර පියවරෙන් පියවර මේ තනතුරුවලින් ඉහළින් ඉහළටම යන්න ඕනෑය කියලා. ඒ කියාපු විදිහටම මේ වසරේ එතුමා පියාගේ දානය කරන්නේ මේ රටේ නායකයා වෙලා නේද?
”එතුමාගේ කේන්දරය බොහෝම බලවත් කියලා මට පෙනුණා. මම කේන්දරය බලපු මුල් අවදියේ සිටම ඒ බව එතුමාට කියා තිබුණා. දේශපාලනයෙන් පියවරෙන් පියවර ඉහළටම යාමට තරම් කේන්දරය බොහෝම බලවත් බව මම කීවා. එතුමා මා ප්‍රකාශ කළ ඒ සෑම වචනයක්ම ඉතාම ඉහළින් පිළිගත්තා. ඒ වගේම මේ සියලූම විස්තර අපි බොහෝම රහසිගතව තියා ගත්තා.”
ඔබ වහන්සේ ඒ තරම්ම සමීපව ඇසුරු කළා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කලින් පවසලා තිබුණා ද?
”මට හොඳට මතකයි එතුමා ආණ්ඩුවෙන් ඉවත් වීමට හරියටම සතියකට පමණ පෙර ඇවිත් මාව හමු වෙලා කීවා නායක හාමුදුරුවනේ මගේ අදහසක් තියෙනවා ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා. ඒක කීවාම මම පුදුම වුණා. මම ඇසුවා හොඳට හිතලා බලලා ද ඔය වාගේ බරපතළ තීරණයක් ගත්තේ කියලා. එතුමා පැවසුවා හොඳට සිතා බලා තමයි මේ තීරණය ගත්තේ කියලා. ඒ පාර මම කියා සිටියා එක පාරක් නෙවෙයි දහ වාරයක් හිතලා මේ වාගේ වැදගත් තීන්දුවක් ගන්නය කියලා.
”එහෙම කියලා මම මෙන්න මේ ගාථාව එතුමාට කීවා.”
”ආත්ම බුද්ධි සුචංවේදී
ගුරු බුද්ධි විශේෂකං
ස්තී‍්‍ර බුද්ධි විනාශාය
බහු බුද්ධි මරණං භවේ.
ඒ කියන්නේ තමන්ගේ බුද්ධිය තමන්ට සැප ළඟ කර දේය x ගුරුවරයාගේ තීරණය අති විශේෂයි. ගැහැනුන්ගේ තීරණවලටම එළඹුණොත් විනාශ වෙනවාය - එක එක අය කියන විදිහට වැඩ කරන්න ගියොත් මරණය ළඟා වෙනවාය - කියලයි. මේක ඉර්ෂිවරයෙක් කියූ දෙයක්. ඒ නිසා ඔබතුමා ඔය ගත්තු තීරණය වරදින්නේ නැහැ. සිතූ විදිහටම කරගෙන යන්න කියලා මම ආශිර්වාද කළා.”
මෛතී‍්‍රපාල මහත්තයාගේ හඳහන බලන කොට මේ විදිහට අනාගතයේ දී ඔහුට රටේ නායකයා වීමට බලවත් යෝගයක් තිබෙන බව ඔබ වහන්සේට පෙනුණා ද?
”මම ඒ බව හොඳටම දුටුවා. මොකද චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ ඉඳලාම මෛතී‍්‍රපාල මැතිතුමාට අගමැතිකම දෙන්න යනවා කියලා ප්‍රචාරය වෙලා තිබුණා. ඒ කාලයේ දවසක් මාව හමුවීමට ඇවිත් කීවා අපේ හාමුදුරුවනේ ජනාධිපතිතුමිය මට අගමැතිකම දෙනවා කීවා කියලා. මට හෙලිකොප්ටරයක් එවනවා කීවා. නමුත් මම ගියේ නැහැ හාමුදුරුවනේ. මට වඩා ඒ තනතුරට බොහෝම සුදුසු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා නිසා ඒ තනතුර එතුමාට දිය යුතුයි කියා කීවා.
”ඒ වෙන කොටත් මම එතුමාගේ හඳහන හොඳට පරීක්ෂා කරලා බලලයි තිබුණේ. එතුමාගේ හඳහනේ තිබුණා රවි බුධ යෝගයක් එකොළොස් වැනි කොටුවේ. ලග්නය තුලා. මේ විදිහට රවි බුධ යෝගයක් තිබෙනවා නම් ජ්‍යොතිෂයේ කියැවෙනවා තිබෙන කෝටියක් දෝෂ භංග වෙනවා කියලා. පුද්ගලයෙකුගේ හඳහනක එවැනි ප්‍රබල යෝගයක් පිහිටන්නේ බොහෝම කලාතුරකින්. දවසක පෙරවරු 9යි 12යි අතර වේලාවට උපදින අයට බොහෝ විට මේ රවි බුධ යෝගය පිහිටනවා. රවි බුධ සමග අනෙක් කොටුවේ සිකුරා සිටියා. පොඩි අඩුවකට තිබුණේ ගුරු සහ සඳු කියන ග්‍රහයෝ පොඞ්ඩක් පැත්තකට ගිහිල්ලා තිබීමයි. එහෙම වුණාට රවි බුධ යෝගය එතුමාට බොහෝම බලවත් වන ආකාරයට පිහිටලා තිබුණා.
”අපි ජ්‍යොතිර්වේදීන් විදිහට කළ යුත්තේ ඒ යෝගවලට සුදුසු ආකාරයට අවශ්‍ය අලූත් නැකැත් පිහිටුවීමයි. නැකතක් කියන්නේ නැවත ඉපදවීමක්. හොඳ ග්‍රහ යෝග ටිකක් නැකැතට සම්බන්ධ කරගත්තාම එතැන් සිට ඉදිරියට යන්නේ ඒ නැකැතයි. අද හඳහන් බලන සමහරුන්ට තේරුම් ගන්න බැරි ඔය දේම තමයි. මේක ජ්‍යොතිෂයේ පතුලටම කිමිදිලා මතු කරගත යුතුයි. නමුත් අද බොහෝ දෙනෙක් කරන්නේ මතුපිටින් පමණක් අත ගාලා නැකැත් සාදා දීමයි. එය බරපතළ වරදක්. එයින් සිදු කරන්නේ බරපතළ හානියක්.”මෙවැනි බලවත් යෝගයක් තිබෙන බව මම එතුමාට පෙන්වා දුන්නේ 2005 වසරේදීයි. එතකොට එතුමා රජයේ ඇමැතිවරයෙක්. දැන් ඔබතුමාට සෙනසුරු මහ දශාව ලැබුවා. මෙතැන මේ බංකුවේ වාඩි වෙලා හිටියේ. අවුරුදු 19ක්ම මේ මහ දශාව තිබෙන නිසා ඔබතුමා කවදා හරි රජ වෙලා තමයි නවතින්නේ කියලා මම කීවා.
”මම එහෙම කියන කොට එතුමා මහ හයියෙන් සිනහ වුණා. ඊට පස්සේ දවසක මාව හමු වුණ වේලාවක මට කියනවා කොයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු දේ තාම වුණේ නැහැනේ කියලා. විහිළුවට වගේ තමයි එහෙම කීවේ. හැබැයි මට සිතුණා එතුමා බලාපොරොත්තු වුණු විදිහට අගමැතිකම නොලැබී ගියේ මේ රාජ යෝගය හරියටම ඉෂ්ට කරවන්න කියලයි. ඒ නිසාමයි අගමැතිකම පන්නලා එතුමාව ග්‍රහ යෝග බලයෙන් ජනාධිපති පුුටුවට අරගෙන ගියේ.
”අගමැතිකම නොලැබුණා කියලා එතුමා කිසිම අවස්ථාවක කාටවත්ම දොස් පැවරුවේ නැහැ. තනතුරු ලැබෙන කල් බලා සිටියා මිසක තනතුරු පස්සේ ගියේ නැහැ. මම ඒ බව හොඳට දුටුවා. කී වාරයක්ම ප්‍රචාරය වුණාට අගමැතිකම වෙනස් වෙනවාද කියලා. නමුත් ඒ දේ සිද්ධ වුණේම නැහැනේ. ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ මෙතුමාගේ ග්‍රහ බලයේ විදිහට අවශ්‍ය තැන පිහිටුවීම සඳහා විය යුතුයි. ඒ යෝගය මේ පරිවර්තනයට අවශ්‍ය ඉඩකඩ සලසලා තිබුණා විය හැකියි.”
දේවානන්ද හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන සඳහන් කිරීමට ද අමතක නොකළහ.
”මහින්ද රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වුණු දේවල් වුණේ නෑනේ. එතුමාට හදාපු නැකැත්වල කොතැනක හරි වැරදීමක් සිද්ධ වෙලා තියෙන බව මට පේනවා. මට හිතෙන විදිහට හිටපු ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ උඩින් බලලා හදාපු නැකතක් වගෙයි. මම මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාගේ වේලාව හැදුවේ මම දන්නා ශාස්ත්‍රය හැටියට ජ්‍යොතිෂයේ ගැඹුරටම ගිහිල්ලා මම උගත් ජ්‍යොතිෂ රහස් ක්‍රම අනුවයි. ”ශිවාලිඛිත” කියන පොතේ සඳහන් ”රාවණා මුහුර්තිය” අනුවයි මම ඔය නැකැත් සියල්ලම එතුමාට හැදුවේ. යුද්ධයෙන් හා වෛරයෙන් නෂ්ඨ කිරීමට ද, පටලෝ ආදිය මැකීමට ද මේ රාවණා මුහුර්තිය බොහෝම වැදගත් වෙනවා කියලා මේ ශිවාලිඛිත කියන පොතේ සඳහන් වෙනවා. මේ පොත ජ්‍යොතිෂයට අයත් බොහෝම වැදගත් කරුණු රැුසක් සඳහන් පොතක්.
”මේ පොතේ හැටියට නැකැත් හදන්නේ නම් මුල් අකුර එන විදිහටයි මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට මම ගත්තේ නම් දෙකේ මුල් අකුරුවල විදිහටයි. ඒ අනුව සිංහ, කුම්භ, කන්‍යා, මිථුන, මකර යන ලග්නවලට තමෝ ගුණය ඝාතයි කියනවා. මේ පොතේ පෙන්වනවා ගුණ තුනක්. රජෝ ගුණය, තමෝ ගුණය සහ වසෝ ගුණය කියන ගුණ තුන. ඝාතය කියන්නේ නැති කිරීමනේ. ඒ වෙලාව බලය, ශක්තිය නැති වෙනවා. මෛතී‍්‍රපාල මහත්තයාට මේ බලය, ශක්තිය නැති වෙන්නේ තමෝ ගුණය තියෙන වෙලාවට විතරයි. අනෙක් ගුණ දෙකම එයාට හරියනවා.
”නමුත් මම දැකපු ආකාරයට මහින්ද මහත්තයාට එයාටත් තියෙන්නේ ”ම” යන්නෙත් එක තමයි, ”හ” යන්නෙත් එක තමයිනේ. ඒ අකුරුවලට අනුව ලැබෙන සිංහ, තුලා යන ලග්නවලට තමෝ ගුණයයි, රජෝ ගුණයයි දෙකම එතුමාට ඝාතයි. මේ අනුව එතුමා බලය හා ශක්තිය නැති වෙන ගුණ දෙකක්ම බලපාල තිබෙනවා. මට හිතෙන විදිහට එතුමාට නැකැත් හදාපු උදවිය මේ විනාශකාරි යෝග දැකලා නැහැ. ඒ කියන්නේ එතුමාට මේ මැතිවරණයෙන් බලය අහිමි වෙන බව ඔවුන් දැකලා නැහැ. එහෙම නැත්නම් දැනගෙන බයට කීවේ නැද්ද දන්නේ නැහැ.
”මම ඒ යෝග හරියට දැකලා ඒ විදිහට අවශ්‍ය නැකැත් මෛතී‍්‍රපාල මහත්තයාට හදලා දුන්නා. ඒ අනුවම තමයි මම එතුමාට නාමයෝජනා බාර දෙන්න, ඡන්දය දමන්න යන්න, ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්න වගේම ජනාධිපති ලේකම් කාර්යාලයට පය තැබීමට අවශ්‍ය වන්නාවූ සියලූම නැකැත් සාදා දුන්නේ.
”මෙතුමාගේ ලග්නය තුලා නිසාත් තුලා අයිති වෙන්නේ සිකුරු යෝගයට නිසාත් එයාගේ බලය තමයි මම මේ හැම නැකතටම ඇල්ලූවේ. ඒ විදිහට තමයි මුල්ම වැදගත් නැකත වුණු නාමයෝජනා බාර දීමට අවශ්‍ය නැකත හැදුවේ. ඒ සුබ වේලාව තමයි සිකුරු හෝරාව ලබාපු දහවල් 11.09 නාමයෝජනාවලට අත්සන් කරන්නත් එවැනිම වේලාවක් මම හදලා දුන්නා.”
එම කාල වකවානුවේ බොහෝ දෙනෙකු සොයමින් සිටි මෛතී‍්‍රපාල මහතාගේ කේන්දරය ජනාධිපතිවරණය අවසන් වන තෙක් රැුකගත් ආකාරය පිළිබඳව ද දේවානන්ද හිමියෝ මෙසේ විස්තර කළහ.
”අපෝ බොහෝම කරදරයක් වින්දා ඒකට. මේ පළාතේ අය වගේම, පිටිනුත් මට කතා කරලා ඇහුවා මෛතී‍්‍රපාල මහත්තයාගේ කේන්දරය මා ළඟ තිබෙනවා ද කියලා. මම ඒ අයට දුන්නේ එකම එක උත්තරයයි. ඒ උත්තරය තමයි ”නැත” කියන වචනය. අඩුම ගානේ මේ හඳහන මා ළඟම තිබුණා වගේම මෛතී‍්‍රපාල මහත්තයාට අවශ්‍ය සියලූම නැකැත් හදාපු ආකාරයත් දැනගෙන සිටියේත් මමත්, එතුමාත්, තවත් සමීපව හිටිය කීප දෙනෙකුත් පමණයි.
”අඩුම ගානේ හදාපු නැකැත් වේලාවන් ගැන පවා අපි දුරකථනයෙන්වත් කතා කරලා නැහැ. ඒ සෑම දෙයක්ම අපි හුවමාරු කළේ ලිපි මාර්ගයෙන්. ඒ තරමටම මේ කර්තව්‍යය අවසන් වෙන කල් අපි බොහෝම පරෙස්සම් වුණා. මොකද ඒ තරමටම අනතුරක් අපි ඉදිරිපිට තිබුණා.
”මම රූපවාහිනියෙන් දුටුවා ඔය නක්ෂත්රය ගැන කියන එක් පුද්ගලයෙකු කියනවා මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය එයා ළඟ තියෙනවා කියලා. ඒක අමූලික මුසාවක්. ඔය කේන්දරය තිබුණේ මෛතී‍්‍රපාල මැතිතුමා ළඟයි, මා ළඟයි පමණයි. ඔය වාගේ මුසාවාද කීවේ ජනතාව රවට්ටලා, බොරු ප්‍රසිද්ධියක් අරන් ජනතාවගෙන් මුදල් ගසා කන්නයි.
”මේක ඈත අතීතයේ පටන්ම පැවත එන බොහෝම උතුම් ශාස්ත්‍රයක්. මේ වාගේ උතුම් ශාස්ත්‍රයක් ජනතාව රවට්ටලා මුදලට විකුණන එක හරිම නරක වැඩක්. හැබැයි බොරුව හැමදාම රජ කරන්නේ නැහැ. සත්‍ය ජය ගන්නවා. මේ මැතිවරණයෙන් ඒ බව අපූරුවට ඔප්පු වුණා” යැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
”දැන් ඔබවන්සේත් රාජකීය දෛවඥයෙක් නේද...” අපි විමසුවෙමු.
”අනේ මහත්තයෝ මට ඔය රාජකීය තනතුරු අවශ්‍ය නැහැ. මට මේ ඉන්න විදිහ හොඳටම ඇති. රට වෙනුවෙන්, යහපත් මනුෂ්‍යයෙක් වන මෛතී‍්‍රපාල මැතිතුමා වෙනුවෙන් මට පුළුවන් දේ මම කළා එච්චරයි” දේවානන්ද හිමියෝ පැවැසූහ.
”පසුගිය 2005 වසරේ ඉඳන් ඉදිරියට අවුරුදු 19ක් යන කල් ඒ කියන්නේ 2024 අවුරුද්ද වෙන කල් අපේ ජනාධිපතිතුමාට ඉතාම හොඳයි. මම ඒ බව ලියා දුන්නා. එතුමා කීවානේ ජනාධිපතිකමේ ඉන්නේ එක වාරයයි කියලා. ඒ නිසා එතුමාට රටට වැඩ කරන්න ඔය කාලය හොඳටම ප්‍රමාණවත්” යනුවෙන් ද දේවානන්ද හිමියෝ අවසන් වරට අපට පැවැසූහ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෛත්‍රී ස්ථිරවම ජනපතිවන බව කී පොළොන්නරුවේ හිමිනම සොයාගිය ගමන
ජනක ජයසුරිය Tuesday, 03 February 2015 03:52 AM
අනාවැකි කීම යනු තනිකරම කනා පල්ලම් ගැසීමකි. හරි ගිය කෙනා වීරයා වෙනවා. (නදී)
සරත් පියසේන පොතුපිටිය Wednesday, 21 January 2015 07:56 AM
රටට කළ අපරාදය තේරෙන විට පරක්කු වෙලා (නදී)
තිලක් Monday, 02 February 2015 01:47 PM
ජනාධිපතිවරණයේ තීරණයට බලපෑවේ ජනමතය පමණයි. (නි)
සුනිල් කොහොඹිලිවල Thursday, 22 January 2015 05:39 AM
ඔබ වහන්සේට බොහොම පින්(දිල්)
සමන් Wednesday, 21 January 2015 05:14 PM
තව පොඩ්ඩෙන් රටම විනාශ මුඛයට යනවා මේ හාමුදුරුවෝ නොසිටින්න! (නි)
පෙරේරා Wednesday, 21 January 2015 07:01 PM
අපේ රට මේ අගාධයෙන් බේරාගත්තාට ඔබ වහන්සේට බොහොම පින්. ඔබ වහන්සේට නිවන් දකින්න ඔය කළ පිනම ඇති. (නි)
සංජය Wednesday, 21 January 2015 09:25 AM
රටට වෙන දේ ඉදිරියට බලා ගන්න පුළුවන් (දිල්)
ජයන්ති Thursday, 22 January 2015 12:23 PM
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
එඩ්වර්ඩ් Wednesday, 21 January 2015 09:04 PM
වඩා වටින්නේ බුද්ධියයි. සාස්තර නොවේ. (නි)
නුවන් Thursday, 22 January 2015 07:29 AM
වැඩිහිටියෝ කියනවා කසාදයක් බඳිනකොට, ගෙයකට මුල් ගල තියනකොට හොඳ නැකතක් බලල කලහම හිතටත් හොඳයි කියලා. ඒ වගේ මෛත්‍රීපාල මහත්තය නාම යෝජනා බාර දෙන්න නැකතක් බැලුවට කමක් නැහැ. හැබැයි ඔය නැකත් පස්සේ වැඩිපුර ගියොත් ඉතින් මහින්ද මහත්තයට වෙච්ච වැඩේම වෙයි. හොඳ බෞද්ධයෙක් විදියට කර්ම ඵල විශ්වාස කරගෙන යහපත් දේවල් කලොත් වරදින එකක් නැහැ. (නදී)
සුදර්මා Thursday, 22 January 2015 01:03 PM
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැනි ගුණ යහපත් මනුස්සයෙක් මෙවැනි තනතුරකට පත්කිරීමට නුවනින් ක්‍රියා කල ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේ කිරීමට නැණ නුවන වීර්යය පහල වේවායි පතමි. (නදී)
වාසනා Saturday, 24 January 2015 04:47 PM
ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
සෙනෙවි Sunday, 25 January 2015 04:55 PM
ලංකාවේ දැන් නිර්මල බුදු දහමක් නොමැති තරම්.....ස්වාමීන් වහන්සේලා බුදු දහම පැත්තකින් තියලා හින්දු දහමට අනුව වැඩ කරන්නේ. තවමත් අපි ඉන්නේ අවුරුදු දහස් ගණනක් පිටුපසයි... (නි)
ලකී Friday, 30 January 2015 04:01 AM
දැන්වත් ඔය නැකැත් නවත්වමු. අඩුගානේ මාධ්‍යවලට දාන එක හරි (බ)
ප්‍රියන්ති Monday, 26 January 2015 10:44 AM
ඔබවහන්සේට බොහොම පින් . නිදුක් නීරෝගී වේවා. (හේ)
ඩබ්. එම්.කරුණාතිලක Monday, 26 January 2015 05:32 AM
මුළු මහත් රටේම පවත්නා වු යහ පාලනයක් කරගෙන යාමට ගන්තාවු නිර්භය පියවර පිළිබඳ පාද නමස්කාරය පිළිගන්වමි.(හේ)
සමන් පෙරේරා Wednesday, 21 January 2015 11:48 AM
චිරන් ජයතු නව ජනාධිපති තුමනි ඔබතුමා නම් වෙන්න එපා මහා රජ කෙනෙක්.(හේ)
කණිෂ්ක Sunday, 25 January 2015 06:48 PM
හොඳ ලිපියක් (නි)
සුමංගල Sunday, 25 January 2015 03:32 AM
ඡන්දය දුන් හැමෝම කිවුවා මෙහෙම වෙයි කියලා. (නි)
සුරේ Wednesday, 21 January 2015 12:18 PM
අනේ හාමුදුරුවනේ ගොඩක් පින්, නමුත් ඔබවහන්සේ සහ ඔය කියන ශිවාලිඛිත පොත පරිස්සම් කරගන්න. මට කටුගේ සහ කන්ගැට්ට මතක් වෙනවා.(දිල්)
නුවන් Tuesday, 27 January 2015 05:00 AM
අනේ මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ හදලා තියෙන අති සුවිශේෂ නැකත කියලා. එක දවසක් දුන්නහම, ඒ දවසේ හොඳ නැකැත් වේලාවන් කිහිපයක් තියෙනවා. ඉන් එකක් තෝරනවා. එච්චරයි. අනික මට මතක විදියට මහින්ද සහ මෛත්‍රීපාල දෙපළම නාම යෝජනා බාරදෙන්න ගියේ එකම වෙලාවක. එකම නැකතකින් දෙන්නාම නාම යෝජනා දුන්නා. දෙන්නටම එකට දෙන්න බැරි නිසා කවුරුහරි මුලින් බාරදෙන්න ඇති. මැකෝලා එක්කෙනයිනේ ඉන්නේ. මිනිස්සු මහින්ද මහත්තයා දිනෙව්වා නම් අර අනෙක් නැකත්කරු ජගතා වෙන්නේ නැතිවෙයිද? සුනිල් පෙරේරා මහත්තයා තමයි ඕකට නියම උත්තරය කිවුවේ. "නැකැත් බලලා කරපු මඟුල් කැඩිලා යන්නේ ඇයි? හිතුමතේට බැඳපු එවුන් ජොලියේ ඉන්නේ ඇයි ? ග්‍රහයෝ තමයි ඕවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි...." (නි)
සෑම් Thursday, 22 January 2015 10:22 AM
මම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය පැතූ කෙනෙක්. ඉහත පුවතේ සඳහන්වන හිමියන්ගේ නැකත හෝ සුමනදාස රාජකීය දෛවඥයා ගේ නැකත හෝ මේ මැතිවරණයට අදාළ දේවල් නොවේ. එම නැකත් අනුව කටයුතු කළත් නැතත් මේ සිදුවූ දේ වෙනස් වන්නේ නැහැ.(දිල්)
කල්පි Wednesday, 21 January 2015 12:57 PM
සරත් , ඔබත් ලියපු දෙය නැවත හිතා බලනවිට පරක්කු වැඩි වෙලා.(හේ)
තිලකරත්න Friday, 23 January 2015 04:12 AM
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ පතමි! (නි)
ශාන්ති කුමාරි Friday, 23 January 2015 05:04 AM
පිං ඇති සිංහල වීරවරයෙකු ලක් දෙරණට උරුම කර , රටේ ජනපති කරවීමට ඔබ වහන්සේ ගත් තැත අති විශිෂ්ඨයි. එතුමාගේ ජන්ම පත්‍රය අනුව නිවැරදි අනාවැකි පැවසූ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා (නදී)
ප්‍රියා Saturday, 24 January 2015 08:32 AM
එතකොට මෛත්‍රීපාල ජනධිපති උනේ ඡන්දෙන් නෙමෙයි වගේනේ කතාව (නදී)
අමිල Thursday, 22 January 2015 04:09 AM
"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා" - බුද්ධ වචනය තේරුම: නැකැත් බලමින් කළයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද? (නි)