ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් තමන් කරන්නට යන වෙනස්කම් කිහිපයක් පිළිබඳව පසුගියදා විස්තර කළේය. ඒ ඉකුත් 9 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති වෘත්තිකයන් සමඟ වූ රැස්වීමකදීය.
ඒවායින් ඉතා නිශ්චිතව ඔහු කියූ කරුණක් නම් දැනට සිටින 8700 කට වැඩි පළාත් පාලන සභිකයන් ගණන 4000කට අඩු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනසක් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් එම වෙනස්කම් යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවත්, ලබන ජූලි මාසයට පෙර එම කාරක සභාව ඒ පිළිබඳව තීරණයක් නොගතහොත් එම කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
දැනට ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සතු බලතල සහභාපතිවරයා ප්‍රධාන කමිටුවක් වෙතට පවරන බවත් ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර ඒ සඳහා නීති සංශෝධනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දැනට මැතිවරණ දූෂණවලට ප්‍රධාන වශයෙන්ම මනාප ක්‍රමය හේතු වී ඇති හෙයින් එම ක්‍රමය අහෝසි කොට ලැයිස්තු ක්‍රමයක් ගෙන ඒම හා දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම්වලට සීමා නිශ්චය කිරීම ඔහු ඉදිරිපත් කළ තවත් යෝජනා දෙකකි.
මෙම යෝජනාවල ප්‍රයෝගිකත්වය පිළිබඳ ප්‍රශ්න තිබුණද ඒවායේ ප්‍රකාශිත අරමුණුවලට කිසිවකුටත් එරෙහි විය නොහැකිය. කෙසේ වෙතත් මේවාට අදාළ නීති රීති සම්පාදනය කළ හැකි වේද යන්න පැහැදිලි නැත. ඊට හේතුව නම් මෙම යෝජනාවලට ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලැබේද යන්න අවිනිශ්චිත කරුණක් වන නිසාය. දැනටමත් ජනාධිපතිවරයා උනන්දුවක් දක්වන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පොදුජන පෙරමුණ විරෝධය දක්වන්නට පටන්ගෙන තිබේ.
මෙම යෝජනා කිසිවක් අලුත් අදහස් නොවේ. ඔහු යෝජනා කළ දෑ මීට කලින් මේ රටේ පැවැති ක්‍රමයි. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව කලින් පැවැතියේ 4000කට ආසන්නවය. එය දෙගුණයකටත් වඩා වැඩි වූයේ පළාත් පාලන මැතිවරණවලට සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට 2012 දී සමානුපාතික හා කේවල ඡන්ද ක්‍රම දෙකේ මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීම නිසාය.
මනාප ක්‍රමය ක්‍රියාත්මක කළ හැක්කේ සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ වුවද 1978 දී සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන් අලුත මනාප ක්‍රමයක් තිබුණේ නැත. ඒ කාලයේදී මැතිවරණයකදී ඒ ඒ පක්ෂ ලබා ගන්නා ආසන ගණන පමණක් දැනගත හැකිව තිබිණි. එම ආසනවලට තමන්ගේ පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙන් කවුරුන් පත් කරන්නේද යන්න තීරණය කළේ පක්ෂ නායකයාය. එහිදී නායකයාට සමීප නොවන අපේක්ෂකයන් මැතිවරණ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම නිසාත් මුදල් වියදම් කිරීමට අදිමදි කිරීම නිසාත් මනාප ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. මනාප ක්‍රමය වඩාත් දූෂිත වූයේ ඡන්ද පත්‍රිකාවක මනාප එකක් වෙනුවට මනාප තුනක් ලකුණු කිරීමට ඉඩ දීම නිසාය.
මිශ්‍ර මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීමේදී කේවල ක්‍රමය අනුව ඡන්ද කොට්ඨාස පදනමින්ද සමානුපාතික ක්‍රමය අනුව ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකවද මන්ත්‍රීවරු පත් වෙති. දැනට මෙය ක්‍රියාත්මක වන්නේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් පමණි. මෙහිදී මහ නගර සභාවක හෝ නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශය ඡන්ද කොට්ඨාසවලට බෙදා ඒ ඒ පක්ෂවලින් අපේක්ෂකයෝ එම කොට්ඨාසවලට තරග කරති.
ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශයේ එවැනි ඡන්ද කොට්ඨාස 10ක් තිබේ. නම් එම කොට්ඨාස 10ට කුමන හෝ පක්ෂවලින් මන්ත්‍රීවරු දස දෙනෙක් තේරී පත් වෙති. ඉන්පසු මුළු බල ප්‍රදේශයෙන්ම ඒ ඒ පක්ෂ ගත් ඡන්දවල අනුපාතයට තවත් මන්ත්‍රීවරු පිරිසක්ද පත්කරගනු ලැබේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සංඛ්‍යාව 4000 සිට 8000 ඉක්ම වූයේ ඒ අනුවය.
මුලදී කොට්ඨාස මට්ටමෙන් සියයට 40ක් හා අනුපාත ක්‍රමය අනුව සියයට 60ක් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට යෝජිතව තිබිණි. යහපාලන ආණ්ඩුවේ පාලන කාලයේදී අනුපාත ක්‍රමය අනුව පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව සියයට 70 දක්වා වැඩි කෙරිණි. එහෙත් ඒ වනවිට පළාත් පාලන ආයතනවල කොට්ඨාස සංඛ්‍යාව නිශ්චය කරනු ලැබ තිබුණෙන් කොට්ඨාස ක්‍රමයට පත්වන මන්ත්‍රී සංඛ්‍යාව අඩු කළ නොහැකි විය. මේ නිසා අනුපාත ක්‍රමයට පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව තවත් වැඩිවිය.
ජනාධිපතිවරයා ඉරිදා මෙම යෝජනා ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් දැමීමට සැරසෙන බවට විරුද්ධ පක්ෂවලින් විවේචන එල්ල වෙමින් පවතී. පොදුජන පෙරමුණේ නායකයන්ගේ කෙනෙහිලිකම් නිසා එම පෙරමුණෙන් ඉවත්වූ හිටපු ඇමැතිවරයකු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ සංවිධානය වී සිටින නිදහස් ජනතා සභාවේ පිරිසක්ද ඉකුත් බදාදා ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී මේ ප්‍රශ්නය සාකච්ඡා කළහ. එම සාකච්ඡාවෙන් පසු ජනමාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කළ ඔවුහු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බව පැවසූහ.
එදිනම ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කියමින් ආණ්ඩුව යළිත් සීමා නිර්ණය සෙල්ලම කරන්නට යන බව පැවසීය.
ඔහු එමඟින් සඳහන් කරන්නේ ඡන්ද ක්‍රමයේ වෙනසක් කිරීමට ගොස් සීමා නිර්ණය කිරීමේ ප්‍රශ්නයක පැටලීම නිසා 2017 අගදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණ අද දක්වා පැවැත්වීමට නොහැකිව තිබීම ගැනයි.
එහිදී සිදුවූයේ මෙයයි. 2017 සැප්තැම්බර් මාසයේදී එවකට පැවැති යහපාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් සංශෝධන දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. 19 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පළමු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත වූ නිසා එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස නම් කෙරිණි.
එහි ප්‍රධාන අරමුණ වූයේ පළාත් නවයේම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම අනිවාර්ය කිරීමයි. දැන් බොහෝ විට කෙරෙන්නේ විවිධ පළාත් සභා මැතිවරණ විවිධ දිනවල පැවැත්වීමයි. මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු විට එහි පළාත් සභා මැතිවරණ කල් දැමීමට හේතුවන හා පළාත් සභාවල ඇතැම් බලතල නිශේධනය කරන වගන්ති ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ආණ්ඩුව කළේ මූලික අරමුණට හානි නොවන අයුරින් මෙම වගන්ති ඉවත් කිරීම නොව සමස්ත ව්‍යවස්ථා සංශෝධනයම අත්හැර දැමීමයි.
පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පත ඊළඟට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි. එම කෙටුම්පතේ අරමුණ වූයේ පළාත් සභා මැතිවරණවලදී සෑම පක්ෂයක්ම තමන්ගේ අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 30කට කාන්තාවන් නම් කළ යුතුය යන්න අනිවාර්ය කිරීමයි. එකම දිනයේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම මෙන්ම මෙයද කිසිවකුටත් විරද්ධ විය හැකි කරුණක් නොවේ. ඒ පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුව මෙම කෙටුම්පතට ඉදිරිපත් කළ සංශෝධනයක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
එම සංශෝධනය විවාදයට ගැනුණු කෙටුම්පතේ විෂය පථයට ඇතුළත් එකක් නොවීය. මූලික කෙටුම්පත කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා වූවකි. මෙම සංශෝධනය පළාත් සභා මැතිවරණ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා වූවකි. දෙකම පළාත් සභා මැතිවරණවලට අදාළ වුවද මූලික පනත් කෙටුම්පතකට අදාළ නොවන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකෙරේ. විපක්ෂයේ සියලු පක්ෂ මීට එරෙහි වුවද යහපාලන ආණ්ඩුව එම විරෝධතා පිළි ගත්තේ නැත.
මිශ්‍ර මැතිවරණ ක්‍රමයට ඒ වනවිට සෑම පක්ෂයක්ම පාහේ එකඟතාව පළ කොට තිබූ හෙයින් මෙම සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු පක්ෂයක් විරුද්ධ වූයේ නැත. විරුද්ධ පක්ෂවල තර්කය වූයේ මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක්විය යුතු වෙනම කාරණයක් නිසා එය වෙනම කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ යුතු බවයි.
එසේ නොකොට මෙය තවත් කෙටුම්පතක සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තු විවාදයක් මැදදී ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුවේ අරමුණ පළාත් සභා මැතිවරණ කල් දැමීම බව පැහැදිලි විය.
20 වැනි සංශෝධන කෙටුම්පතේ මැතිවරණ කල් දැමීමට හේතු වන වගන්ති ඉවත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කී විට ආණ්ඩුව එම කෙටුම්පත අත්හැර දැමීය. ඊළඟට ආණ්ඩුව කාන්තා නියෝජනය පිළිබඳ පනත් කෙටුම්පතක් තුළට මැතිවරණ ක්‍රම වෙනස් කිරීම පිළිබඳ වගන්ති සමුදායක් සංශෝධනයක් ලෙසින් ඇතුළත් කළේය.
එම වගන්ති වෙනම පනතක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ නම් අනිවාර්යයෙන්ම එයටද යම් යම් සීමා පැනවෙන්නට ඉඩ තිබිණි. මන්දයත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයට යාමේදී පළාත් සභා බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීමට ලක්වන හෙයින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන හෙයිනි. මෙම කෙටුම්පත් ඉදිරිපත් වූ 2017 සැප්තැම්බර් මාසයේදී පළාත් සභා තුනක නිල කාලයද අවසන් වීමට නියමිතව තිබිණි. ඒ අනුව පෙනෙන්නේ ආණ්ඩුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමය පිළිබඳ වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය මඟහැර ඉදිරිපත් කරන්නට අවශ්‍ය වූ බවය. එනම් ආණ්ඩුව පළාත් සභා මැතිවරණ කල් දැමීමේ අරමුණෙන් මෙම කෙටුම්පත් දෙක ඉදිරිපත් කොට ඇත.
ආණ්ඩුවේ අරමුණ ඉටුවිය. පළාත් සභා සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය දැන් සම්මත වූවකි. ඒ අනුව පළාත් සභා බල ප්‍රදේශවල ඡන්ද කොට්ඨාස සමඟ සීමා නිර්ණය කිරීමෙන් තොරව මැතිවරණ පැවැත්විය නොහැකිය. ඒ නිසා එදා කල්ගිය පළාත් සභා මැතිවරණ පසුව කොරෝනා සහ වෙනත් විවිධ කාරණාද හේතුවෙන් පසුගිය වසර පහක් තිස්සේ නොපැවැත්වී තිබේ.
දැන් ජනාධිපතිවරයා යෝජනා කරන ආකාරයට පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩකින් අඩුකිරීම පාර්ලිමේන්තුවේ පනත් සම්මතයකින් පමණක් කළ හැකි නම් එය කිරීමේ වරදක් නැත. එහෙත් මෙය මැතිවරණ කල් දැමීම සඳහා යොදා ගන්නේ නම් එය ඉතාමත් පහත් ක්‍රියාවක් වනු ඇත.
ආණ්ඩුව දැන්ම මැතිවරණයකට මුහුණ දීමට බියවීම තේරුම් ගත හැකි කරුණකි. ආර්ථික අර්බුදය ජනතාවගේ ජීවිත උඩු යටිකුරුකොට තිබේ. බඩු මිල හා ජල, විදුලි, සන්නිවේදන ගාස්තු මධ්‍යම පන්තියටද දරා ගත නොහැකි තරම් ඉහළ ගොස්ය. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වී තිබේ. තරුණ තරුණියන්ගේ සිහින සුන්වී ගොසිනි. දේශප්‍රේමී හැඟීම් ඇවිළවීමෙන් මෙම ප්‍රශ්න යටපත් කළ හැකිවේද යන්න සැක සහිතය.
එක් පැත්තකින් මෙසේ මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට වුවද සූදානම් වේ. මෙය 1982දී රනිල් වික්‍රමසිංහ මහතාද ඇමැතිවරයකු වූ එජාප ආණ්ඩුව මහ මැතිවරණය කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සිහිපත් කරන්නකි.
(*** එම්.එස්.එම්.අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ ක්‍රම වෙනසේ සිහිනය