මේ ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතිරිව ඇත්තේ, දියවන්නාවේ වන සත්ව රක්ෂිතයේ ඉදිකෙරුණු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මිස ජනතාව තෝරා පත් කළ පාර්ලිමේන්තුවක් නොවේ. විශිෂ්ට ගණයේ ගොඩනැගිල්ලක් වූ පමණින් එය “පාර්ලිමේන්තුව” වන්නේ නැත. පාර්ලිමේන්තුව යනු, සම්මත, සම්ප්‍රදාය දීර්ඝ කාලයක සිට අනුගමනය කරන්නාවූ ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු පරිච්ඡේදයේ 03 වන ව්‍යවස්ථාවට අනුව නැතිනම් යටත්ව, කිසි විටෙක සම්මුතිවලට යටත් කළ නොහැකි සහ අන් සතු කළ නොහැකි “ජනතා පරමාධිපත්‍යය” නියෝජනය කිරීමට ජනතාව විසින් පත් කළ ව්‍යවස්ථා සභාවකි. ඒ සභාව එවැනි සම්මත, සම්ප්‍රදාය රකින්නේත් නැතිනම්, පිළිපැදිය යුතු ස්ථාවර නියෝග පිළිපදින්නේත් නැතිනම්, ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේත් නැතිනම්, මේ පිරිස් කොතැන කෙසේ රැස් වුණද ඔවුන්ගේ ඒ සභා රැස්වීම් පාර්ලිමේන්තු රැස්වීම් වන්නේ නැත.
විශේෂ පොලිස් ආරක්ෂාව සමඟින් පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වීමට කතානායකවරයා උත්සාහ ගැනීමම, හේතු කවරක් වූවත් ඔහුට මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී කතානායකවරයකු ලෙස කිසිදු පිළිගැනීමක් නැතැයි ඔහුම පිළිගැනීමකි. “පිළිගැනීම හා විශ්වාසය” මත තබාගත යුතු අධිකාරය වෙනුවට පොලිස් ආරක්ෂාව ආදේශ කර ගැනීමෙන් පාර්ලිමේන්තු කටයුතු කළ නොහැකි බව, ප්‍රජාතන්ත්‍රවාදයේ බාලාංශ දැනුමකි. කතානායකගේ ඒ තීන්දුව එනිසාම මෙය තවදුරටත් ජනතාව තෝරා පත් කළ ජනතාවගේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය නොවන බව ඔප්පු කරන්නකි. එය එසේ අවධාරණය කර අපි ඉතිරිය කතා කරමු.
රටක් ලෝකයක් බලා සිටියදී කිසිදු ලජ්ජාවක්, විනයක්, සදාචාරයක් නැතිව හැසිරෙන මේ පිරිසගෙන් යළි යළිත් ස්ථාවර ආණ්ඩු පාලනයක් වෙනුවෙන් බටහිර ප්‍රධාන රාජ්‍ය කිහිපය උත්තර බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික වගකීමට පිටතින් රටේ අභ්‍යන්තර දේශපාලනයට අතපොවමින්ය. මෙතෙක් ආදේශකයන් හරහා කටයුතු කළ ඔවුහු මෙවර විවෘතවම මේ රටේ අභ්‍යන්තර දේශපාලන තීන්දුවලට අතපොවන්නාහ. ජනතාව ජනතාවගේ කැමැත්ත මත පත්කර ගන්නා අලුත් ආණ්ඩුවක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට නොගැළපෙනු ඇතැයි ඔවුන් දැඩි ලෙස විශ්වාස කරන හෙයින් ඔවුන් කිසිදු අවදානමක් දැරීමට සූදානම් නැති බැව් ඉන් කියන්නකි. මේ අර්බුදය ආරම්භයේදීම කතානායකවරයා, තමා පළමුව එ.ජා. පාක්ෂිකයකු බවත් තමා කතානායක වූයේ එ.ජා.පයේ තීන්දුවක් අනුව බවත් එබැවින් ඒ දේශපාලන වගකීම වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි තීන්දු කිරීමට පෙළඹුණෙත් මේ බටහිර රාජ්‍යවල තානාපතිවරුන් කිහිප දෙනාගේ මැදිහත්වීමත් සමඟය. පාක්ෂික බැඳීම් හා තම පක්ෂයේ නායකත්වය මේ බටහිර රාජ්‍ය සමඟ පවත්වා ගන්නා දේශපාලන හා ආර්ථික සම්බන්ධකම් පැත්තකින් තබා කතානායක අසුනේ ස්වාධීනත්වය හා ගරුත්වය රැකීමට කරු ජයසූරිය සමත් වූවා නම්, මෙය මෙතරම් දුගඳ හමන පල් වළක් නොවනු ඇත.
පටු දේශපාලන හේතු මත ගැට ගැසෙන මෙවැනි ව්‍යවස්ථාමය අර්බුද හමුවේ මුහුකුරා ගිය දේශපාලන පරිචයක් හා අත්දැකීම් සම්භාරයක් තිබූ කතානායකවරයකු වූවා නම්, ඔහු හෝ ඇය කරනු ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත, තම නිල නිවසෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් සමග සම්මුතියකට එළැඹීමේ සාකච්ඡා ඉවසීමක් ඇතිව ආරම්භ කිරීමය. “ඉවසීමක් ඇතිව” යැයි අවධාරණය කළ යුත්තේ ජනාධිපති විසින් පාර්ලිමේන්තුව කල් තැබීම ඔහු සතු ව්‍යවස්ථානුකූල බලයක් මත කෙරුණු හෙයින් එය අධිකරණයේදී අභියෝග කළ නොහැක්කක් වන නිසාම නොවේ. එය නිශ්චිතවම දේශපාලන තීන්දුවක් මත හැදූ ව්‍යවස්ථාමය අර්බුදයක් වන හෙයිනි. එනිසා එය විසඳා ගැනීමට දේශපාලන එකඟත්වයක් ලබා ගත යුතුව තිබූයෙනි. ඒ එකඟත්වය ලබා ගත හැකි වන්නේ සියලු කඹ ඇදිලි මැද කතානායකවරයා මේ අර්බුදයට ඉහළින් සිට ගන්නා ස්වාධීන පුද්ගලයකු ලෙස මන්ත්‍රීවරුන් අතර පමණක් නොව, සමාජය හමුවේත් දිනා ගන්නා විශ්වාසය සමඟින්ය. එවැන්නකට කතානායකවරයා ලෙස කරු ජයසූරිය සූදානම් නොවීය. ඔහුගේ පක්ෂග්‍රාහී ස්ථාවරය සමඟ ගනු ලැබූ සියලු පියවර විසින් විනාශකාරී මහා අර්බුදයක් ඇති කළද, ඔහු එක් පාර්ශ්වයක අද වීරයෙකි. ආදර්ශමත් පරමාදර්ශී චරිතයකි. අනෙක් පාර්ශ්වයට ඔහු මහා ද්‍රෝහියෙකි. ඒ කෙසේ වෙතත් ඔහු සැබවින්ම පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතැන් සිට අමතක නොවන කතානායකවරයෙකි.
එක් එක් පාර්ශ්ව තමන්ගේ විරෝධය අනුව එවැනි ලේබල් ඇලවූ පමණින් මේ සංකීර්ණ අර්බුදයට විසඳුම් ලබාගත නොහැක. මෙය ව්‍යවස්ථාමය අර්බුදයකට පෙර දේශපාලන අර්බුදයකි. මෙය ජනාධිපති සිරිසේනගේ දේශපාලනය හා එ.ජා.පයේ වික්‍රමසිංහ දේශපාලනය අතර ගැටුමෙහි පෞද්ගලික ප්‍රකාශනයකි. මේ අර්බුදයට මුල පුරන්නේ වික්‍රමසිංහ ආණ්ඩුව මගින් විවෘත ආර්ථිකය කඩිනම් “විදේශීයකරණයකට” ලක් කිරීමේදී ජනාධිපති සිරිසේන තමන්ගේ සිංහල බෞද්ධ ජාතිකත්ව පදනම තහවුරු කර ගැනීමට දරන උත්සාහය හමුවේය. එය දැන් ඔහුගේ අනන්‍යතාවට ඉමහත් වටිනාකමක් ඇත්තේ යැයි ඔහු සිතන්නේය. තමන් ඉදිරිපත් වූ පළමු හා අවසන් ජනාධිපතිවරණය පසුගිය 2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණය යැයි ජනතාව අමතා කියූ බැව් අමතකව ඇති බැවින් ඊළඟ ජනාධිපතිවරණයට සූදානම්වීමේදී වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත්ව සිංහල බෞද්ධ රූපයක් හදා ගැනීමට ජනාධිපති සිරිසේන මේ දේශපාලන පියවර ගනු ලැබීය. ඔහු පළමුව කරු ජයසූරිය හා දෙවනුව සජිත් ප්‍රේමදාස තෝරා ගනු ලබන්නේ ද ඒ දෙපළගේ සිංහල බෞද්ධ පෙනුමෙන් වික්‍රමසිංහගේ ගෝලීය නව ලිබරල් දේශපාලනයෙන් මෙන් අවාසියක් නොවනු ඇතැයි වූ කල්පනාවෙනි. එහෙත් ඔවුන්ගේ සිංහල බෞද්ධ පෙනුම පැළවී ඇත්තේ මේ විවෘත ආර්ථිකයෙහිය. විදේශ ආයෝජන සමගින් පමණක් අත්කර ගත හැකි ආර්ථික වර්ධනයක් ගැන තබන්නා වූ විශ්වාසය තුළය. එනිසා ඔවුන්ට වික්‍රමසිංහගේ ආර්ථික පිළිවෙත සමඟ, ජනාධිපති සිරිසේනට මෙන් රණ්ඩුවක් නොමැත.
පළමු හා දෙවන තේරීම් සඳහා ජනාධිපති සිරිසේන උත්සාහ ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලනය ගැන පැහැදිලි අවබෝධයක් නැතිවය. ඔහුට අවශ්‍ය වූයේ ඔහුව ජනාධිපති ලෙස තෝරා පත් කළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ හැකි ආණ්ඩුවක් වෙනුවෙන් ඔහු තීන්දු ගත්තේ යැයි පෙනී සිටීමටය. එහෙත් ඒ තේරීම් දෙකම අහිමි වූ තැන ඔහු තම සිංහල බෞද්ධ පදනම වෙනුවෙන් තීන්දු ගැනීමට බල කෙරුණේ ඔහු සමඟ ඉන්නා ශ්‍රී.ල.නි.ප සුළුතරයට ඊළඟ මැතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ තීරණාත්මක දේශපාලන සාධකයක් වන බැවින්ය. ඔහුට ඒ වෙනුවෙන් අවසන් වශයෙන් ගැනීමට සිදුවූ දේශපාලන තීන්දුව ව්‍යවස්ථා රාමුව තුළ හිර කිරීමකින් තොරව ගත නොහැකි වූවකි. එනිසා ඔහු 2015 ජනවාරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය පරිදි මන්ත්‍රී ආසන 43ක් තිබූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බහුතරයක් ඇතැයි විශ්වාස කළ අයුරුම, මෙවරද මහින්ද රාජපක්ෂ පත් කිරීම සඳහා ව්‍යවස්ථාමය වගන්ති සොයා ගත්තේය.
එවැනි පියවර සතු ව්‍යවස්ථානුකූල බව හෝ එවැනි බලයක් නොමැති බව අධිකරණය හමුවේ සති ගණන් තර්ක කළ හැකිය. අධිකරණය එම තීන්දු තීරණ ව්‍යවස්ථානුකූල නොවන්නේ යැයි තීන්දු කිරීමටද ඉඩ ඇත. එහෙත් ඉන් ලබා ගත හැක්කේ ව්‍යවස්ථාමය ආරවුල සඳහා පැහැදිලි කිරීම් මිස, දේශපාලන ආරවුලට විසඳුම් නොවේ. මේ දේශපාලන ආරවුල විසඳීමත් එතරම් පහසු නැත. මෙහි ඇත්තේ දෙපාර්ශ්වයම විවෘතව ඉදිරිපත් නොකරන මූලික දේශපාලන ප්‍රතිවිරෝධයක්ද නොවන බල පොරයකි. ඉදිරි අවුරුද්ද ඇතුළත විසඳා ගත යුතු දේශපාලන බලය පිළිබඳ පෞද්ගලික ගැටුමකි. එය මැතිවරණයකින් විසඳා ගැනීමට අවහිර කෙරෙන්නේ බටහිර බලවතුන්ට මැතිවරණයකින් ලැබෙන්නාවූ තීරණය ඔවුන්ට ගැළපෙන තීරණයක් නොවනු ඇතැයි ඇති බරපතළ සැකය නිසාවෙනි. එය එ.ජා.ප නායකත්වයේද තක්සේරුව ලෙස තිබෙන්නකි. එනිසා ඔවුන්ද ජනතාවගේ කැමැත්ත උරගා බැලීමට සූදානම් නැත.
මේ බල ගැටුමේදී ප්‍රජාතන්ත්‍රවාදය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බටහිර බලවතුන් පාරම් බෑවාට ඔවුන්ටද එවැන්නක ඇත්ත වැදගත්කමක් නැත. ඔවුන්ට එහි වැදගත්කම ඇත්තේ එය ඔවුන්ගේ තීරණ සඳහා යොදාගත හැකි ප්‍රමාණයට ය. කොළඹ ඉහළ මැද පන්තිය බෙරිහන් දෙන්නේද ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව බේරා ගැනීම සඳහා නොවේ. තමන්ගේ සුඛෝපභෝගී ජීවන පැවැත්ම ආණ්ඩු මාරුවකින් අඩාල වේ යැයි ඇති බියෙනි. ඔවුන්ගේ විසඳුම් යෝජනා මගින් මේ පාර්ලිමේන්තුවට යළි සුජාතබවක් ලබා දිය නොහැක. එනිසා එය සතු ප්‍රජාතන්ත්‍රවාදයක්ද නැත. එ්වගේම මේ දෙගොල්ලන්ගේ පිරිසිදුකම ඒ කිසිවකු ප්‍රශ්න කරන්නේ ද නැත. මේ දෙගොල්ලන්ගේ දේශපාලනයේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම ගැන ඇති හොඳම සහතිකය නම්, ඩොලර් කෝටි ගණන් හොරකම් කළේ යැයි රාජපක්ෂ යුගයේ දූෂණ හා වංචා විභාග කිරීමට අල්ලස් හා දූෂණ කොමිසම තිබියදී අගමැති වික්‍රමසිංහ එක් විශේෂ පොලිස් පරීක්ෂණ ඒකකයක්ද, ජනාධිපති සිරිසේන තවත් කොමිසමක්ද පත්කර වසර 03 කුත් මාස 08ට වැඩි කලක් ගත වූ පසු, පසුගිය දින පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහ බැංකු බැඳුම්කරය ගැන පමණක් නොව, තවත් බොහෝ දූෂණ ඇතැයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට චෝදනා කිරීමය. ඒ අතර මහජන දේපළ වන විද්‍යුත් සංඛ්‍යාත පරාස රහසිගතව විකිණීමේ බරපතළ චෝදනා සම්බන්ධව ජනාධිපති සිරිසේනටද ඇඟිලි දිගු කෙරෙන්නේය.
මෙය අලි බබා සහ හොරු 225ක කතාවකි. සමාජයේ මුල් බැසගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ හා සම්මත ද සමාජ වටිනාකම් ද සමාජ වගකීම් බාර ගැනීමක් ද නොමැති අපගේ වැනි රටවල විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි මෙය නිතැතින්ම දිග හැරෙන බල පොරයකි. මෙය කොළඹ මැද පාන්තික විශේෂඥයන් වරද පටවන ජනාධිපති ධුරයේ හා අනුපාත මැතිවරණ ක්‍රමයේ දෝෂයක් නොවන බැව් ඔප්පුකර පෙන්වන්නේ අසල්වැසි ඉන්දියාවය. මෙවැනි විධායක ජනාධිපති ධුරයක්ද මෙවැනි අනුපාත මනාප ඡන්ද ක්‍රමයක්ද නැති ඉන්දියාවේ හිමාලයානු උස දූෂණවලට විරුද්ධව අන්න හසාරේලා ලක්ෂ ගණනින් පාරට පැමිණියේ ඇයි දැයි ඔවුන් අසන්නේත් නැත. කියන්නේත් නැත. ඉන්දියාවේ තත්ත්වය මෙවැනිය. ඔවුන්ගේ තෝරා පත් කළ ලොක් සභා මන්ත්‍රීවරුන් 543න් 228ට එරෙහි තවමත් අවසන් නොවුණු අපරාධ නඩු ඇත. ප්‍රාන්ත සභා මන්ත්‍රීවරුන් 1,537 ටද එවැනිම අපරාධ නඩු ඇත. එවැනි අපරාධ අතර මිනීමැරීම්, මිනී මැරීමට තැත් කිරීම්, ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, ආගමික හා වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා වැනි බරපතළ අපරාධ චෝදනා ඇත. එවැනි වූ ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 543 කින් 442ක් ක්‍රෝරෝපතීන් ය. 2009 පත් වූ පාර්ලිමේන්තුවේ සිටියේ එවැනි ධනකුවේරයන් 300 කි. එවැනි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වර්තමාන පාර්ලිමේන්තුවේ සියයට 75ක් උපාධි හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලැබූවෝය.
උගතුන්ගේ පාර්ලිමේන්තුවකින් විසඳුම් සොයන අයට ඒ වැදගත් පිළිතුරකි.
අපට අවුරුදු 10ට පමණ පසු විවෘත වෙළඳපොළ ආර්ථිකය බාර ගත් ඉන්දියාවේ තත්ත්වය එවැනිය. බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින වැනි අනෙක් අසල්වැසි රටවලද විවෘත වෙළඳපොළ ආර්ථිකය සමඟ රටේ කේන්දරය ලියැවෙන්නේ එලෙසින්මය. අපට මේ මොහොතේ එනමුත් විසඳුම් නැතිව හෙටක් ගැන කතා කළ නොහැකිය. එහෙත් වැදගත් ලෙස රැස් වී, වැදගත් තීන්දු ගැනීමට නොහැකි කිසිදු සුජාතබවක් ඉතිරිව නැති මේ පාර්ලිමේන්තුවට තව කලක් වගකීම් බාර දීම මහා අනුවණ කමකි. තාවකාලිකව හෝ යම් ශීලාචාරකමක් සහිත නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට ජනතාව වහා ඉල්ලා සිටිය යුතුව ඇත. මේ අං පටලවා ගැනීම නතර කරගත හැක්කේද එමගින්ය. ඒ සමඟ විවෘත වෙළඳපොළ ආර්ථිකයට විකල්ප ජාතික සංවර්ධනයක් ගැන සමාජ කතිකාවන් ආරම්භ කරගත යුතුව ඇත. ඒ සඳහා මාධ්‍ය සතු බරපතළ වගකීමක් ඇත. පෞද්ගලික ව්‍යාපාර ලෙස ලාභ ලබන මාධ්‍ය හා සමාජ වගකීම් ඉටු කිරීම අතර තිබිය යුතු සම්මුතියෙහි සමාජ වගකීම් සඳහා අඩු ලන්සුවක් තිබිය නොහැකිය. මහජන දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත භාවිත කරන්නා වූ ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා එය විශේෂිතය.
මේ “බල පොරය” ගැන සාකච්ඡාව එහි වරදකරුවන් සෙවීමටත් ඔවුන්ට නැවත වරක් ඡන්දය නොදෙන්නට යැයි කීමටත් සීමා නොකරගත යුත්තේද එය අත්‍යවශ්‍ය ඊළඟ සාකච්ඡාවන් මගහරින බැවිනි. අත්‍යවශ්‍ය වන්නේ මෙතැනට තාවකාලික විසඳුමක් සොයා ගෙන පැරණි ගමන යාම නොවන හෙයිනි.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිසබේට නින්දාකරන මන්ත්‍රීවරු