‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් හොරණ නව ටයර් කම්හලක් ඉදි කෙරේ.‘
මේ වැකිය කණට හුරු වැකියන් වූයේ ජනවාරි මස මුල් සතියේ ය. මාධ්‍ය ක්ෂේත්‍රයේද එය අවධානය දිනූ පුවතක් විය. එහෙත් සති තුනකට පමණ පසු ඇසෙන්නට වූයේ ‘ටයර් කම්හලේ අයිතිකරු ගැන අගමැතිවරයා දැන ගත්තේ එදා උදේ. ජනාධිපතිවරයා මේකට විරුද්ධයි.‘ වැනි අදහස්ය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක ආයෝජනයකින් හොරණ ගෝනපොළ ටයර් කම්හලක් ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කර ගැනීමට සහ පහසුකම් සැලසීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමැති මලික් සමරවික්‍රම මහතා ය. එම්ඕඩීඑස්අයිටී/3/සීඒබී/16/8 අංකයෙන් ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකාවෙන් ඉල්ලා තිබුණේ පෞද්ගලික ඉඩමක් වෙන් කරවා ගැනීම සඳහා අනුමැතියයි. ජනාධිපතිවරයා ඒ සඳහා සිය නිරීක්ෂණ යොදා තිබුණු අතර කම්හලට පහසුකම් සැපයීමේ යෝජනාව 2016 ජුනි 16 වැනි දා අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය. පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම ආයෝජන මණ්ඩලයෙන් නතර කැරිණි.
ටයර් කම්හලේ ඉඩම සකසන අයුරු. ඡායාරූපය සන්ඩේ ටයිම්ස් |
ශ්‍රී ලංකාවේ රේඩියල් සහ ඝන ටයර් කම්හලක් ඉදි කිරීම සඳහා ඉදිරිපත් වී සිටින ආයෝජකයකුට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස බව කියමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යළිත් වරක් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් 2016 ඔක්තෝබර දෙවැනි දා ඉදිරිපත් කළ අතර 2016 ඔක්තෝබර 18 වැනි දා එය අනුමත විය. ආයෝජකයාට ලබා දෙන බදු සහන ගැන ද එහි සඳහන්ව තබිණි.
වසර හතරක් ඇතුළත ඇමෙරිකා ඩොලර් මිලියන 75ක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවමින්, දේශීය රැකියා අවස්ථා 1000කට වැඩි ප්‍රමාණයක් ලැබෙන එම කම්හලේ සම්පූර්ණ නිෂ්පාදනයෙන් සියයට 60ක් අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් හොරණ ඉඩමෙන් අක්කර 100ක් මෙම ආයෝජනය සඳහා ලබා දී මට තීරණය වූ අතර එහි ආයෝජකයා වූයේ නන්දන ලොකුවිතාන මහතාය.
නන්දන ලොකුවිතාන මහතා කාලයක් කතාබහට ලක්වූ චරිතයකි.
ඩුබායිහි පිහිටි මැරියට් හෝටලයේ හිමිකරු ද ලොකුවිතාන මහතාම බව කියති.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේදී විපක්ෂය චෝදනා කළේ රාජපක්ෂවරුන් කළු සල්ලි යොදවා එම හෝටලය ඉදි කර ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පරාජය ලැබීමෙන් පසු රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කීවේ බුබායි මැරියට් හෝලටය හා තමන් අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ රජයේ මාධ්‍යය වාර්තා කර තිබූ පරිදි නන්දන ලොකුවිතාන මහතා කැබිතිගොල්ලෑව මැදවච්චියේ උපන් අයෙකි. ලොකුවිතාන මහතාගේ පියා විදුහල්පතිවරයෙක් විය.
පිහිඹියගොල්ලෑව පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව හොරණට අවුත් ජනාධිපති විද්‍යාලයයේ නම වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ බවත්, පසුව අනුරාධපුර නිවත්තකචේතිය විදුහලෙන් සාමාන්‍ය පෙළද, අනුරාධපුර මැදි විදුහලෙන් උසස් පෙළද සමත් වූ බව එම එම පුවත්පත වාර්තා කර තබිණි.
ලොකුවිතාන මහතා ඩුබායි රැකියාවකට ගොස් ඇත්තේ 1989 වසරේදී ය.
ලංකා වානේ සංස්ථාවේ (ලංවා) සභාපතිවරයා වන්නේද ලොකුවිතාන මහතාය. 2016 වසරේ අන්තර් ජාතික ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ එකතුව විසින් ප්‍රසිද්ධ කරන ලද පැනමා පත්‍රිකාවල ද නන්දන ලොකුවිතාන මහතාගේ නම සඳහන් විය.
අගමැතිවරයා සහ නන්දන ලොකුවිතාන මහතා (ඡායාරූපය ඉසංක සුනිමල්) |
කෙසේ වෙතත් කැබිනට් අනුමැති ඇතිව ඉඩම් වෙන් කැරුණු ටයර් කම්හල සඳහා මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වූයේ පසුගිය ජනවාරි පස් වැනි දාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේ ඉදිරපෙළ අගමැතිවරයාගේ අසුනට පසෙකින් අසුනක් ලොකුවිතාන මහතාට වෙන් කර තිබිණි. රවී කරුණානායක, මලික් සමරවික්‍රම, නවීන් දිසානායක, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර ඇතුළු මැතිඇමැතිවරු රැසක් එම උත්සවයට එක්ව සිටියහ. ටයර් කම්හලේ වැඩකටයුතු සිදු වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මගපෙන්වීම පරිදි බව රජයේ මාධ්‍ය ඒ දිනවල වාර්තා කර තිබිණි.
රිජිට් ටයර් පෞද්ගලික සමාගම නමින් එම කම්හල ආරම්භ කිරීමට යෝජිතව තිබිණි.
ටයර් නිෂිපාදනයට අමතරව ස්වභාවික රබර් සඳහා අගය එකතු කිරීම පෙරදැරිකරගත් වෙනත් අංශ කිහිපයක් ද ස්ථාපිත කිරීමට රිජිඩ් ටයර් සමාගම බලාපොරොත්තුව සිටියේය. මේ අතර එක් අංශයක් වන්නේ ජාත්‍යන්තර කැනීම් කර්මාන්තයේ භාවිත වන අධික බරකට ඔරොත්තු දිය හැකි ඉහල ශක්තියකින් යුතු අධිපීඩන Conveyor Belts නිෂ්පාදනයයි. එමෙන්ම තෙල් ආකර ආශ්‍රිතව විශාල ඉල්ලූමක් ඇති අධිපීඩන හයිඩ්‍රොලික් පයිප්ප නිෂ්පාදනයටද සැලසුම් සකස් කර තිබිණි.
ගැටළුව මතුවුණේ කම්හලට මුල්ගල තබා සතියකින් දෙකකින් පමණය.
සාමාන්‍ය ක්‍රමවේදයඅනුව සිදු කළා නම් අක්කර සියයක් සඳහා නැවත නොගෙවන අත්තිකාරම රුපියල් 451,470,000කි. වාර්ෂික ගාස්තුව රුපියල් 63,732,515කි. මෙම ටයර් කම්හලේ ගනුදෙනුව සිදුවී ඇති ආකාරයට (තක්සේරුකරුගේ තක්සේරු අනුව) වාර්ෂික ගාස්තුව රුපියල් 10,000කි. එනම් සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය නොකිරීම නිසා වාර්ෂිකව අහිමිවන මුදල රුපියල් 63722515කි. |
මෙම සමාගමට වසර 12ක බදු සහන කාලයක් ලබා දීමට තීරණය වී තිබිණි. ඒ නිසා ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොවීය. වසර 12කින් පසු සාමාන්‍ය අනුපාතයට වඩා අඩුවෙන් සියයට 15ක අනුපාතයකට බදු ගෙවිය යුතු විය. එවැනි සහනයක් ලබා දීමට ආයෝජන මණ්ඩලයට බලයක් නොතිබිණි.
ටයර් කම්හල සඳහා එම ඉඩමට මිල නියම කර තිබුණේ ආයෝජන මණ්ඩල ඇස්තමේන්තු අනුව නොව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු අනුවය. රජයේ ප්‍රධාන තක්සේරුකරු එම භූමිය තක්සේරු කර තිබුණේ රුපියල් 170,825,000 කට ය. එම මුදල එකවර ගෙවීමට ආයෝජකයා කැමති වී තිබිණි. ඉඩම සඳහා රුපියල් 10,000ක වාර්ෂික ගාස්තුවක් ද රජයේ තක්සේරු කරු නියම කර තිබිනි.
ඒ අනුව අක්කරයක තක්සේරුව රුපියල් 1,708,250කි. වාර්ෂික ගාස්තුව අක්කරයක් සඳහා රුපියල් 100කි. ඉඩම ලබා දෙන්නේ දීර්ඝ කාලීන බදු පදනම යටතේය.
ආයෝජන මණ්ඩලයේ ඉඩම් ලබා දීමේදී අනුගමනය කරනුයේ ආයෝජන මණ්ඩලයේ පරාමිතීන් වුවද මෙම ආයෝජනය සඳහා එය යම් තරමකට වෙනස් වී තිබිණි.
හොරණ ආයෝජන කලාපයේ ඉඩම් ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ක්‍රමවේදය වන්නේ අක්කරයක් සඳහා නැවත නොගෙනවන අත්තිකාරම් මුදල රුපියල් 4,514,700.00 සහ අක්කරයක් සඳහා වාර්ෂික ගාස්තුව රුපියල් 637325.15 ක් ලෙසය.
සාමාන්‍ය ක්‍රමවේදයඅනුව සිදු කළා නම් අක්කර සියයක් සඳහා නැවත නොගෙවන අත්තිකාරම රුපියල් 451,470,000කි. වාර්ෂික ගාස්තුව රුපියල් 63,732,515කි. මෙම ටයර් කම්හලේ ගනුදෙනුව සිදුවී ඇති ආකාරයට (තක්සේරුකරුගේ තක්සේරු අනුව) වාර්ෂික ගාස්තුව රුපියල් 10,000කි. එනම් සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය නොකිරීම නිසා වාර්ෂිකව අහිමිවන මුදල රුපියල් 63722515කි.
කම්හල බදුදීම සම්බන්ධයෙන් වූ දේශපාලන විරෝධතාවය මුලින්ම ප්‍රසිද්ධිය එළියට ආවේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා දුන් පිළිතුරුත් සමගය. හොරණ ටයර් කම්හල සඳහා ඉඩමක් දී ඇත්තේ අක්කරයක් රුපියල් 100ක් බැගින් වන පරිදි බව ඇමැතිවරයා කීවේය. මෙහි ආයෝජකයා කවුරුන්දැයි අගමැති දැනගත්තේ මුල්ගල තැබීමට යන දිනයේ උදෑසන බව ද ඔහු සඳහන් කළේය.
ඒ සමගම මේ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ සංවර්ධන උපාය මර්ග සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කීවේ දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශ අසත්‍ය බවයි.
මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ගැන කල් තබා ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුම්වත් කළ බව ද මලික් සමරවික්‍රම මහතා අවධාරණය කළේය.
මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කැරුණු නිවේදනයේ මෙසේද සඳහන් විය.
‘‘මීට අදාළව එනම් පිළිවෙළින් ඉඩම හඳුනාගැනීම හා ව්‍යාපෘතියට ලබා දෙන සහන හා අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශ ඉදිරිපත් කරන ලද අතර මීට අමතරව ආර්ථික කළමනාකරණ සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනු කමිටු රැස්වීම්වල අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරත් සාකච්ඡා කෙරුණු අතර අදාළ අනුමැතීන්ද ලබා දී ඇත.‘‘
සමරවික්‍රම මහතා සිය නිවේදනය අවසන් කර ඇත්තේ මෙසේය.
‘‘ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල අක්කරයක් සඳහා වසරකට ඉන්දියානු රුපියල් එකක් පමණක් අයකරනු ලැබේ. ආයෝජනය සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමේදී රටට ලැබෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සලකා බලා එම ව්‍යාපෘතිය අනුමත කිරීම මිස, ආයෝජකයන්ගේ දේශපාලන සම්බන්ධතා නොසැලකේ.‘‘
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර මේ සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇති බව ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟම කතා කරද්දී පෙනී ගියේය.
තරිඳු ජයවර්ධන සහ හර්ෂණ තුෂාර සිල්වා
(ටයර් කම්හල ඉදිකළ පසු දිස්වන අයුරු - ග්‍රැෆික් සිතුවම අන්තර්ජාලයෙනි)
(ඉඩම සකස් කරන අයුරු - ඡායාරූපය සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි)
(කම්හලට මුල්ගල තැබූ දා -ඡායාරූපය ඉසංක සුනිමල්)
(මුල් ගල තැබීමේ උත්සවයට පැමිණි ආරාධිතයන් - ඡායාරූපය ඉසංක සුනිමල්)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැති ඇමති මත ගැටෙන හොරණ ටයර් කම්හලේ කතාව
දිලිප් Saturday, 11 February 2017 05:03 AM
ඔහුට එ්ක කරන්න දෙන්න (නි)
ලක්ෂිත පැරිසිය Sunday, 12 February 2017 11:38 AM
අනේ මෙහෙම මිනිස්සු...! යමක් කළොත් දේශපාලනය එතැනට (නි)
මහේස් හොරණ Tuesday, 14 February 2017 02:48 PM
අපේ සුන්දර ගම ඉවරයි සල්ලි නිසා අපි අපේ වටිනා පරිසරය නැති කර ගන්නවා (අ)
විල්සන් Wednesday, 15 February 2017 06:37 AM
හැමදේටම දේශපාලනය ගාවාගත්තොත් රටට දියුණුවක් නැහැ (නි)
දමයන්ති Friday, 10 February 2017 08:39 PM
කොහොමහරි ලොකු වැඩක් ශ්‍රී ලංකිකයෙකුට කළ හැකිනම් එයට රජයේ අනුග්‍රහය දියයුතුයි (නි)
කරු Monday, 13 February 2017 03:43 AM
බුලත් විටි කඩයක් දාන මිනිහත් එක දාන්නේ ලාබයක් .ගන්න. ඒවගේම තමයි මේ ටයර් කර්මාන්ත ශාලාවත් ..මම දන්නා විදියට ලංකාවේ දේශපාලකයෝ කවදාවත් ජනතාවට හොදක් වෙන දෙයක් කරලා නැහැ ..මෙතන හොඳ ගැහිල්ලක් ඇති. නිකන් මිනිහෙක්ට ජීවත් වෙන්න පර්චස් 10 ක් මේ වගේ ගානකට ගන්න බැරි එකට ආණ්ඩුවට ප්‍රතිලාභ නැති නිසාද? ලංකාව කරන්න ඕනා මේ පරිසර දූෂක කර්මාන්ත ශාලා වැද්ද නොගෙන විදේශිකයන්ටත් අධ්‍යාපනය මුදලට ලබා දෙන විශ්ව විද්‍යාල පිහිටුවා ශ්‍රී ලංකාව දැනුමේ සහ අධ්‍යාපනයේ විශ්ව මධ්‍යස්ථානයක් කිරීමයි ..(අ)