දේශපාලන පොර පිටිය දෙස බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇති මොහොතක කිසිවකු නොසිතූ ඛේදවාචකයක් සිකුරාදා (12) අතුරුගිරියෙන් වාර්තා විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක දෙක බල ඝනයට අයත් ඇන්ටොනව් 32 දරන ගුවන් යානය සිකුරාදා උදෑසන හයට පමණ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයෙන් පිටත් වූයේ රත්මලානට යෑමටය. අතර මග දී මෙහෙයුම් මැදිරියට හදිසි පණිවුඩයක් ලැබිණි. ප‍්‍රධාන ගුවන් නියමු ස්කොට්ලන්ඞ් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එම්. අබේවර්ධන මහතා කීවේ දර්ශන පථය අපහැදිලි බවයි. ඉන් මද වේලාවකින් යානය රේඩාර් පද්ධතියෙන් නොපෙනී ගියේය.
හෝකන්දර කැතරින් පාර්ක් නිවාස සංකීර්ණය අසල රබර් වත්තකට අද උදෑසන 6.20ට පමණ එම ගුවන් යානය කඩා වැටිණි. ඒ වන විට යානයේ පස් දෙනෙක් ගමන් කළහ. ඔවුන්ගෙන් ප‍්‍රධාන නියමුවා ඇතුළු හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බටයෙක් බරපතළ පිළිස්සුම් තුවාල ලැබීය. ඔහු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
ප‍්‍රධාන ගුවන් නියමු ස්කොඞ්රන්ඞ් ලීඩර් ජේ. එම්.ඩබ්ලිව්.එම්. අබේවර්ධන, සහායක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒ.ඒ.ටී.ඞී අමරතුංග, බලපන්ති සැරයන් එම්.ඩබ්ලිව්.එල් ප‍්‍රියන්ත, කෝප‍්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.එල් විජේරත්න නිලධාරීහු අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
නායක ගුවන් භට ඞී.කේ.එන් චතුරංග තද බල පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
මහ හඬක් නංවමින් යානය කඩා වැටීමත් සමඟ ගිනි ගත්තේය. ඒ සමඟම අසල්වාසීහු දුව එන්නට වූහ. පොලිසිය එන විට විනාඩි පහළවක් විස්සක් ගත වී තිබිණි. පැය භාගයක් යද්දී මහා ජනගඟක් එතැනට ගලා ඇවිත් තිබිණි. පොලිසිය එන්නට පෙර අසල්වාසීහු බේසම්වලින් වතුර අරගෙන ගොස් ගින්න නිවා දමන්නට උත්සාහ කළහ. ගින්න යන අතරතුර බේරා ගන්නැයි කෑ ගසන හඩක් ඇසී ඔහු බේරා ගත් නමුත් ඒ වන විටත් දැඩි පිළිස්සුම් තුවාල සිදුවී තිබිණි.
ප‍්‍රදේශය පුරා දැඩි මීදුමක් තිබුණු අතර මීදුම නිසා ඉදිරිය නොපෙනීම අනතුර සිදුවන්නට මුල්වී යැයි ගුවන් හමුදා ආරංචි කියයි. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කළේය.
එ.එන්.32 වර්ගයේ මෙම ගුවන් යානයේ පුද්ගලයන් 40 දෙනෙකුට ගමන් කළ හැකිය. යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ජින් 2ක් සහිත මෙම යානය 1996 දී රුසියාවෙන් මිලට ගෙන ඇත. වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන හතර හමාරකි.
මීට පෙර 1986 මාර්තු 25 දින ඉන්දියන් ගුවන් සේවයට අයත් ඇන්ටනොව් 32 යානයක් ඉන්දියන් සාගරයට වැටී විනාශ වු බව වාර්තා විය. යානයේ මගීන් 4ක් සහ කාර්ය මණ්ඩල 3 දෙනෙක් සිටි බවත් එහි සුන් බුන් හෝ හමුවී නැති බව වාර්ථා විය.
1996 ජනාවාරි 8 ඇන්ටනොව් 32 සෙයිරා හි වෙළද පොළකට කඩා වැටී ගුවන් මගීන් 237 මිය ගොස් ඇත. කාර්ය මණ්ඩලය 6 දෙනෙකු බේරී ඇති බවත් අධික ලෙස බර පැටවීම අනතුරට හේතුව බවත් වාර්තා වෙයි. 1998 මාර්තු 28 පේරු රජයේ ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යානයක් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශය රැුගෙන යද්දී මුඩුක්කු නගරයකට කඩා වැටී ඇත. මගීන් 21 කාර්ය මණ්ඩලය 5 බේරී ඇති බවත් ගොඩබිම සිටි පුද්ගලයකු මරුමුවට පත් වී ඇති බවත්ය. අධික ලෙස බර පැටවීම අනතුරට හේතුවයි.
2009 ජුනි 10 ඉන්දියන් ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32ක් මගීන් 13යි පිටත් වෙලා කෙටි වෙලාවක් තුළදී කඩන් වැටී ඇති අරුනාචල් ප‍්‍රදේශයට කඩන් වැටී 13 දෙනෙක් මිය ගොස් ඇත. චීන දේශ සීමාවේදී අනතුර සිදු වී ඇත.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ‍්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ‍්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ‍්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීදුම වසාගත් ඇන්ටනොව් යානයේ ඛේදවාචකය